දකුනු ආසියාවේ වායු දූෂන අර්බුදය, වාර්ෂිකව දැවැන්ත ගබසා වීම් ප්‍රමානයකට හේතු වන බව හෙලිවේ

[පහත පල  කෙරෙන්නේ 2021 පෙබරවාරි 12  දින Air pollution crisis in South Asia causing massive loss of pregnancies  යන මැයෙන් පල කෙරුනු  ලිපියේ  සිංහල පරිවර්තනයයි.]

චීනයේ පිකින් විශ්ව විද්‍යාලය හා ඇමරිකාවේ කොනෙක්ටිකට් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් වසින් සිදු කල පර්යේෂනයක් මගින් [1], දකුනු ආසියාවේ සිදු වන ගබ්සා වීම් සෑම 15කටම එකක් වායු දුෂනය හා බැඳුනු සෞඛ්‍ය ගැටලු නිසා සිදුවන බව හෙලිවී තිබේ. ඉන්දියාවේ, පකිස්තානයේ  හා බංග්ලාදේශයේ කාන්තාවන් 34,000 කට අධික පිරිසකගේ ගබ්සා වීම් පිලිබඳ වාර්තා විශ්ලේෂනය කල මේ අධ්‍යන වාර්තාව, බහු-ක්ෂේත්‍ර වෛද්‍ය විද්‍යාත්මක සඟරාවක් වන "ලන්සෙට් ප්ලැනටරි හෙල්ත්" සඟරාවේ ජනවාරි කලාපයේ පලවිය.

අධ්‍යනය සඳහා පර්යේෂකයන් යොදාගෙන ඇත්තේ එක්සත් ජනපද රජය මගින් ලොව පුරා සිදු කරන “ජනවිකාශන හා සෞඛ්‍ය සමීක්ෂනය” (Demographic and Health Surveys) මගින් 2000-2016 කාලය සඳහා එක්රැස් කර ඇති දත්ත මාලාවයි. ගනිතමය පරිඝනක ආකෘතියක් යොදා ගනිමින්, ඔවුන් මේ රටවල් තුනෙන් තෝරා ගත් මවුවරුන්, ගර්බිනි කාලය තුල වායු දුෂනයට නිරාවරනය වී ඇති ප්‍රමානය හා ගබ්සා වීමි අතර ඇති සහසම්බන්ධතාව විශ්ලේෂනය කර ඇත.

දිල්ලියේ අධික වායු දූෂනය, 2017 (පින්තුරය: විකි පිඩියා)

මෙහිදී විද්‍යාඥයින් විසින් වායු දුෂනයේ ප්‍රධාන දර්ශකය ලෙස යොදා ගැනුනේ, වාතයේ මයික්‍රෝන 2.5ට වඩා කුඩා "ඝන අංශු" වල සාන්ද්‍රනයයි. PM2.5 ලෙස පොදුවේ හඳුන්වන, වාතයේ මුසු වී ඇති මේ ඉතා කුඩා අංශු වලට ශ්වසන මාර්ගයේ ගැඹුරට ගමන් කර දරුනු ශ්‍රවනාබාධ හා හෘදය රෝග ඇති කල හැක.

වාතයේ ඝන මීටරයකට PM2.5 අංශු මයික්‍රෝ ග්‍රැම 40 ක්ට වඩා වැඩි සාන්ද්‍රනයක් ඇති විට එය [සෞඛ්‍ය] අනාරක්ෂිත තත්වයක් ලෙස සලකනු ලබයි. මෙම කුඩා අංශු සාමාන්‍යයෙන් ජනනය වන්නේ, රථවාහන දුම්, දර හා අනිකුත් කාබනික ද්‍රව්‍ය දහනය, ඉදිකිරීම් කරමාන්තය හා දුෂනකාරී කර්මාන්ත වලිනි. මෙහිදී අධ්‍යන කරන ලද ගබ්සාවීම් වලට හේතුවූ ප්‍රධාන සාධාකය වායු දූූෂනය බව තහවුරු කර ගැනීමට, අනෙකුත් බාහිර සාධක වල බලපෑම ඉවත් කිරීම සඳහා පර්යේෂකයන් විසින් ඉතා විස්තීරන විශ්ලේෂන හා සංඛ්‍යානමය ක්‍රමවේදයන් යොදා ගෙන තබිනි.

තම විශ්ලේෂනය මත පදනම්ව පර්යේෂකයන් ගනනය කලේ "වාතය ඝන මීටරයකට PM2.5 අංශු මයික්‍රෝ ග්‍රැම 40 වැඩි වායු දුෂන තත්වයකට නිරාවරනය වීම නිසා, දකුනු ආසියා කලාපය තුල 2000-2016 කාලය තුල වසරකට ගබ්සා වීම් 349,681ක් සිදුවී ඇති බවයි. මෙය කලාපයේ සමස්ත ගබ්සාවීම් ප්‍රමානයෙන් සියයට 7.1 කි."

මේ පරිමානයේ අධ්‍යනයකදී පැනනගින පර්යේෂන ක්‍රමවේදයන්ගේ සිමා නිසා, මෙම ගනනය කිරීම් වල යම් අවිනිශ්චිතතා පැවතිය හැකි බව පර්යේෂකයන් ප්‍රකාශ කලත්, එමගින් දෙන පනිවුඩය පැහැදිලිය. දකුනු ආසියාවේ ධනවාදය එහි ඉදිරි පරම්පරාවන්ගෙන් ජීවත්වීමේ අයිතියද උදුරා ගනිමින් සිටී!

අධ්‍යනය පෙන්වා දෙන්නේ ගබසා වීම් වලින් අතිබහුතරයක් (සියයට 77ක්) ඉන්දියාවෙන් වාර්තා වනා බවයි. මෙය අහඹුවක් නොවේ. ලෝකයේ වායු දූූෂනය අධික නගර 30න් 21ක්ම දැන් ඇත්තේ ඉන්දියාවේය.

2019 ශීත ඍතුවේදී, ලෝකයේ එතෙක් වාර්තා වී ඇති දරුනතම වායු දුෂන සිදුවීමක් ඉන්දියාවේ දිල්ලි අග නගරයෙන් වාර්තා විය. PM2.5 අගයන් ඝන මීටරයකට මයික්‍රෝ ග්‍රැම 500 ඉක්මවා ගිය අතර, මෙය නිර්දේශිත ආරක්‍ෂිත අගයට වඩා දහ ගුනයකටත් වැඩි ප්‍රමානයකි. සමහර නිවහන් ප්‍රදේශවල, වායු දුෂනය කොතරම් ඉහල විද යත්, එය මැන ගැනීමට නොහැකිව මිනුම් උපකරන ක්‍රියා විරහිත විය.

දස දහස් ගනනක් ශ්වසනබාධ වලට ගොදුරුු වී ඇති අතර, එයින් මිය ගිය ගනන අදටත් නිශ්චිත නැත. මේ තත්වය යටතේ, සියලු පාසල් දින ගනනකට වසා දැමුනි. අංශු වලින් ඇතිවන ඝන මිදුම නිසා, ගුවන් යාන 30 කට අධික ප්‍රමානයක්, දිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපොලට බාගත නොහැකිව හරවා යැවින. දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්ට තත්වය විස්තර කිරීමට සිදුවූූයේ "මෙය ගෑස් කාමරයක ජීවත් වෙනවා හා සමානයි" යනුවෙනි.

2018-2019 "දිල්ලි ආර්ථික සමීක්ෂන" [2] වාර්තාව සඳහන් කලේ, PM2.5 අංශු වලට අමතරව, සල්ෆර් ඩයොක්සයිඩ් හා නයිට්‍රස් ඔක්සයිඩ් ආදී උපද්‍රවකාරී වායුන්ද නිර්දේශිත අගයන් ඉක්මවායන ප්‍රමානවලින් දිල්ලි ප්‍රදේශයේ වාතයේ අඩංගු වන බවයි. පසුගිය දශකය තුල පමනක් වාතය තුල මෙම වායුන්ගේ සාන්ද්‍රනය පිලිවෙලින් දෙගුනයකින් හා පස් ගුනයකින් ඉහල නැග ඇත.

දිල්ලිය, පට්නාව හා අහමදාබාදය වැනි දරුනුතම වායු දුෂනය වාර්තා වන නගර පිහිටා ඇත්තේ, ඉන්දියාවේ උතුරු දිග තැන්නේය. හිමාල කඳුවලින් ශීත ඍතුවේදී ගලා එන ඉහල ආද්‍රතාවක් ඇති සිසිල් වාතය මගින් එම ප්‍රදේශ වල ඝන මීදුමක් ඇති කරයි. දුෂන කාරී ඝන අංශු (PM2.5 වැනි) මිදුම සමග මුසු වීමෙන්, "ස්මොග්" (smog) නමින් හඳුන්වන සෞඛ්‍යට අතිශයින් අහිතකර මිශ්‍රනයක් බවට හැරේ.

සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් ආයතනය (Institute for Health Metrics and Evaluation) මගින් 2013 පලකල "ලෝක සෞඛ්‍ය වාර්තාව" මගින් හෙලි කෙරුනේ වායු දුෂනය ඉන්දියාවේ මරන වලට තුඩුදෙන පස්වැනි ප්‍රමුක හේතුව බවයි. 2017 වනවිට ඉන්දියාවේ වාර්ෂික මුලු මරන සංඛ්‍යාවෙන්ය සියයට 17.5ක් වායු ූෂනය ආශ්‍රිත රෝග තත්වයන්ට යම් අයුරකින් සම්බන්ධිත විය.

මේ මහා පාරිසරික ව්‍යසනයේ ප්‍රධාන පහරට ලක්වන්නේ ග්‍රාමීය හා නාගරික දුගින්ය. අධ්‍යයන පෙන්වා දෙන්නේ, ගබ්සා වීම් වලින් පිඩා විඳි මවු වරුන්ගෙන් සියයට 40ක්, දරිද්‍රතාවේ පිලිබිඹුවක් වන "රක්ත හීනතාවෙන්" (ලේ අඩුකමින්) පෙලෙන බවයි. මන්ද පෝෂනය, දීර්ඝ වැඩ මුර නිසා ඇති වෙහෙස හා දුර්වලකම, හා සෞඛ්‍ය බරපැන දැරීමට නොහැකි වීම ආදී හේතු මගින්, දුගීන් වායු දූෂනය ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු වලට ගොදුරු වීමේ අවදානම වඩාත් වැඩි කරයි. මෙවන විටත් දකුනු ආසියාවේ සිය දහස් ගනනකට ජීවිත අහිමි කර ඇති, කොවිඩ්-19 වසංගතය නිසා සිදුවන මරන, දුගී ජනතාව අතර ඇති වායු දූෂනය ආශ්‍රිත ශ්වසනාබාධ නිසා වඩාත් ඉහල ගොස් ඇති බව වෛද්‍ය වරු වාර්තා කරති.

උතුරු ඉන්දියාවේ ඇති භයානක වායු දූෂන තත්වයේ වගකීම, දුගී ගැමියන් මත පටවා, එය සිදුවන්නේ ඔවුන් තම ගොවි බිම් වල ශීත ඍතුවේදී සිදුකරන කෘෂිකාර්මික අපද්‍රව්‍ය ගිනි තැබීම නිසා යයි යන ව්‍යාජ විශ්ලේෂනයක් ගොඩ නැගෙමින් ඇත. පිදුරු හෝ රොට ආදී කෘෂි කාර්මික අපද්‍රව්‍ය මහා පරිමානයෙන් ගිනි තැබීම වායු දුෂනයට හේතු කාරක වන බවට සැකයක් නැත. නමුත් ඉන්දියාවේ දැවැන්ත වායු දුෂන අර්බුදයට ප්‍රධාන හේතුව එය යයි කීම අමුලික බොරුවකි.

"අර්බන් එමිෂන්ස් ඉන්ෆෝ" (Urban Emissions Info) [3] නම් ආයතනය මගින් සිදුකර ඇති අධ්‍යනයකින් හෙළි වන්නේ, කෘෂිකාර්මික අපද්‍රව්‍යද ඇතුළුව සියලුම ඓන්ද්‍රීය ද්‍රව්‍ය (උදා: දර, දහයියා, ගොම වැනි ඉන්ධන) දහනය හේතු කාරක වන්නේ, ඉන්දියාවේ වාර්ෂිකව මානව ක්‍රියාකාරකම් මගින් වාතයට කෙරෙන PM2.5 අංශු ප්‍රමානයෙන් සියයට 20-35 අතර ප්‍රමානයකට පමනක් බවයි. මේ හා සසදන විට වාහන වල දුමාරය, කර්මාන්ත ශාලා හා ඉදිකිරීම් කටයුතු සියයට 65 ක ප්‍රතිශතයකට හේතු කාරක වේ.

ඉන්දියාවේ හා අනෙකුත් දකුනු ආසියාතික රටවල වායු දුෂන අර්බුදය, දශක ගනනක අවිධිමත් කාර්මික හා නාගරික වර්ධනයත් දුර්වල පාරිසරික ආරක්ෂන නියාමනයත් සුලු හා මධ්‍යපරිමාන කෘෂිකර්මයට පාරිසරිකව තිරසාර භාවිතයන් ඇතුලත් කරගැනීමේ නොහැකියාවත් නිසා ඇති වන්නකි. හා සැලසුම් විරහිත ආර්ථික වර්ධනය මගින් මිලියන ගනන් ජනතාව යෝධ නගරවලට කාලකන්නි ජීවන තත්වයන් යටතේ ගාල් කරනු ලැබීමෙන් මේ සාධක තවත් නරක අතට යවා ඇත. මීට අමරතරව, ක්‍රමවත් නියාමනයක් නැති සිමෙන්ති කම්හල් හා ගල් අඟුරු බලාගාර වැනි මහා කර්මාන්ත මගින්, දුෂන කාරක අංශු හා වායුන් ටොන් දහස් ගනනින් දිනපතා වායු ගෝලයට මුදා හැරේ.

වායු දූෂනය යනු නොවිසඳිය හැකි ප්‍රයත්නයක්  නොවේ. විශේෂයෙන්ම කුඩා අංශු මගින් සිදුවන දූෂනය, රථවාහන වල විමෝචන නිසිලෙස නියාමන කිරිම, ඉදිකිරීම කටයුතු වලදී නිවැරදී දුහුවිලි පාලන ක්‍රමවේදයන් භාවිත කිරීම හා කර්මාන්ත වලින් පිටවන වායුන් නිසිලෙස පිරිපහදු කිරීම ආදිය මගින් ඉතා පහසුවෙන් පාලනය කරගත හැක. පිදුරු වැනි කෘෂි කාර්මික අපද්‍රව්‍ය, නිකරුනේ පුළුස්සා නොදමා, කොම්පෝස්ට් සෑදීම, ඉන්ධනයක් ලෙස භාවිත කිරීම හා තිරසාර ඉදිකිරීම් කටයුතු සඳහා භාවිත කිරීම ආදී පලදායි විකල්පයන්ට යෙදවිය හැක.

නමුත්, වායු දුෂනය පාලනය කිරීමට අත්‍යාවශ්‍ය සම්පත් හැකි ඉක්මනින් යොදවමින්, නුපන් දරුවන් ඇතුලු මිලියන ගනනකගේ ජීවිත බේරා ගැනීමේ මොනම උවමනාවක් වත් දකුනු ආසියාවේ පාලක පන්තින්ට නැත. ඒ වෙනුවට ඔවුන් සැරසෙන්නේ, පරිසර ආරක්ෂනය හා කම්කරු අයිතිවාසිකම් ආදියට ඇති අවම නෛතික ආරක්ෂාවන්ද ඉවත් කොට, ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනය සඳහා වඩාත්ම තරඟකාරී ලාභ ශ්‍රම තටාකයක් මේ කලාපය තුල තනා දීමයි.

උදාහරනයක් ලෙස, දැවැන්ත මහජන ප්‍රතිරෝධයකට තුඩු දී ඇති ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ "කෘෂිකර්ම ප්‍රතිසංස්කරන පනත්" ආදිය මගින්, ජාත්‍යන්තර මහා සන්ගතයන්ට රිසිසේ භුමිය හා ස්වභාවික සම්පත් කොල්ලකෑමට මග සලසා දෙමින් වායු දුෂනය වැනි පරිසර ගැටලු මෙතෙක් නොදුටු විරු භයානක තත්වයන්ට ඉහල නංවනු ඇත.

1980ස ගනන් වල මුලදී, බෙයිජිනයේ ස්ටැලින්වාදී තන්ත්‍රය චීනය ලාභ ශ්‍රම තටාකයක් ලෙස විවෘත කල විට, එහි නගර, වේගයෙන් "ලෝකයේ දුෂිතම නගර"ලයිස්තුවේ ඉහලට නැග, දශක ගනනාවක් පුරා වායු දුෂනය අතින් "අතිශයින්ම උපද්‍රවකාරි" කාණ්ඩයේ පැවතිනි. මෑත කාලයේ චීන නගරවල වායු දූෂනය ඉතා සීමා සහිත ලෙස අඩු වී තිබුනත්, සත්‍ය වශයෙන් සිදුවී ඇත්තේ මේ වායුගෝලයට විෂ කැවීම ගෝලීය ජයිව පද්ධතියේ වෙනත් තැන් වලට මාරු වීම පමනකි.

එක අතකින්, වායුගෝලය මගින් ලෝකයේ සියලුම ජීවින් එකම පෘථිවි ජෛව පද්ධතියකට සම්බන්ධ කරයි, අනෙක් අතට එම වායුගොලයම දුෂනය වීම ධාවනය වන්නේ ගෝලීකෘත ලෝක ධනපති ආර්ථිකය තුල මහා සංගත වලට ඇති නිර්ධය ලාභ පිපාසවෙනි. මෙය ජාත්‍යන්තර අර්බුදයකි. එය විසඳිය හැකි එකම මග, ජාත්‍යන්තර කම්කරු පන්තිය මැදිහත්වී සමාජවාදී වැඩසටහනක් මත සටන් වැදීමයි. එනම්, විද්‍යාත්මක හා තාර්කික සැලසුම්කරනය මගින් පුද්ගලික ලාභය වෙනුවට සැබෑ මානව අවශ්‍යතාවන් සපිරීම සඳහා ගෝලීය ආර්ථිකය ප්‍රතිිිිිිව්‍යූහ ගත කරගැනීමයි.

සටහන්

[1] Xue T., Guan T. et al. 2021. “Estimation of pregnancy losses attributable to exposure to ambient fine particles in south Asia: an epidemiological case-control study.” Lancet Planetary Health. 5:1. [URL] https://doi.org/10.1016/S2542-5196(20)30268-0

[2] Available here. http://www.indiaenvironmentportal.org.in/content/464707/economic-survey-2018-19-volume-1/

[3] Available here. https://urbanemissions.info/blog-pieces/whats-polluting-delhis-air/#:~:text=It%20is%20our%20opinion%20that,kilns%2C%20and%20industries%2C%20besides%20the

Loading