වතු කම්කරුවන්ට එරෙහි සමාගම්-පොලිස් දඩයම අඛන්ඩ ව සිදු කෙරෙයි

[පහත පල කෙරෙන්නේ 2021 මාර්තු 22 දින Company-police witch hunt continues against Sri Lankan plantation workers යන මැයෙන් පල කෙරුනු ලිපියේ සිංහල  පරිවර්තනයයි.]

වතු අධිකාරිවරයෙකුට එල්ල කල ප්‍රහාරයකට සම්බන්ධ වී යයි චෝදනාවක් මත මස්කෙලිය පොලීසියට පැමින ප්‍රකාශ ලබා දෙන ලෙස තවත් කම්කරුවන් පස්දෙනෙකුට නියෝග කරමින් ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි දඩයම අඛන්ඩ ව ඉදිරියට ගෙන යමින් තිබේ. දඩයම ඉදිරියට යමින් පවතින්නේ, වතු සමාගම වර්ජනයේ නිරත සේවකයන්ට මේ බදාදා සිට වැඩ යලි අරඹන ලෙස නියෝග කර තිබිය දී ය.

වතු කම්කරුවන්ගේ ප්‍රධාන වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) සහයෝගය ලබන පොලීසිය, සුභාෂ් නාරායනන් නමැති වතු අධිකාරිවරයාට කායික ප්‍රහාර එල්ල කලේ ය යන චෝදනාව මත, මීට පෙර කම්කරුවන් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය. එම් කම්කරුවන් මාර්තු 10දා ඇප මත මුදාහරින ලද්දේ රුදුරු කොන්දේසි  මත ය. සෑම කම්කරුවෙකු ම රුපියල් 15,000ක මුදල් තැන්පතුවක්, ඥාතීන් දෙදෙනෙකුගේ ශරීර ඇප තැබීමක්, විදේශ ගමන් බලපත්‍ර උසාවියට භාරදීම හා සෑම මසක ම අවසාන ඉරිදා, ප්‍රදේශයේ පොලිස් වාර්තා පොතේ අත්සන් තැබීම ආදී කොන්දේසි ඊට ඇතුලත්විය. ඔවුන්ගේ ඩුවේ මීලඟ වාරය අප්‍රේල් 28 දිනට නියම වී තිබේ.

පෙබරවාරි 2දා වැඩි වැටුප් ඉල්ලා වර්ජනයට පිවිසි ඕල්ටන් කම්කරුවෝ, රුපියල් 1000ක දෛනික වැටුපක් ඉල්ලමින් සීඩබ්ලිව්සීය පෙබරවාරි 5දාට කැඳවුම් කල එක් දින ජාතික වැඩ වර්ජනයට කලින්ම අවතීර්න වූ හ. කම්කරුවන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලමින් සිටින වැටුප් ඉල්ලීම අරබයා වතු කම්කරුවන් අතර පවතින කෝපය අපසරනය කිරීම පිනිස සීඩබ්ලිව්සීය එක් දින ජාතික වර්ජනය කැඳවූ නමුත්, වතු කලමනාකාරීත්වයේ තර්ජනයන්ට එරෙහි ව විරෝධය පෑම පිනිස ඕල්ටන් කම්කරුවෝ දිගට ම වර්ජනයේ නිරත වූ හ.

ජීවන් තොන්ඩමන් සහ අගමැති මහින්ද රාජපක්ෂට ආචාර කරන ඔහුගේ පියා ආරුමුගම් තොන්ඩමන් (photo @PresRajapaksa)

වර්ජනය බිඳීම සඳහා ප්‍රකෝපකරනයන් මාලාවක් ම දියත් කල ඕල්ටන් කලමනාකාරීත්වය පෙබරවාරි 17දා වතු අධිකාරීවරයා ගේ නිල නිවසින් පිටත කම්කරුවන් පැවැත්වූ විරෝධතාවක් යොදා ගනිමින් ට ඔහුට පහර දී ඇතැයි ප්‍රචාරය කලේය.

පසුගිය බදාදා ප්‍රාදේශීය වතු සමාගම් සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රොෂාන් රාජදුරෙයි, වැඩ යලි ඇරඹීම පිලිබඳ ව සාකච්ඡා කිරීම සඳහා, ඕල්ටන් වෘත්තීය සමිති නිලධාරීන් හා වත්තේ අධිකාරීවරයා සමග දික්ඔය කම්කරු කාර්යාලයේ දී රැස්වීමක් පැවැත්වී ය. කලමනාකාරීත්වය සහ කම්කරුවන් වැරදි සිදු කර ඇතත් “දැන් දෙපාර්ශවය ම සාමකාමී ලෙස වැඩ කල යුතු” බව රාජදුරෙයි වෘත්තීය සමිති නිලධාරීන්ට කීවේ ය.

එහෙත්, කම්කරුවන්ට එරෙහි “නීතිමය ක්‍රියා මාර්ගය” අඛන්ඩ ව ඉදිරියට යා යුතු බව අවධාරනය කල රාජදුරෙයි, වතු අධිකාරීවරයාට පහර දුන් අවස්ථාවේ පටිගත කල සැකකටයුතු වීඩියෝවක් ප්‍රදර්ශනය කලේ ය. හැටන් උසාවියේ නඩු විමසීමේ දී ඕල්ටන් වත්තේ නීතිඥයා යොදාගත්තේ ද එය වීඩියෝවයි. රැස්විමට සහභාගි වූ සීඩබ්ලිව්සීයේ හා ජාතික කම්කරු සමිතියේ (එන්යූඩබ්ලිව්) ප්‍රාදේශීය නිලධාරීන්, කලමනාකාරීත්වය සමග එකඟ වෙමින් දික්ඔය හින්දු දේවාලයේ පැවති පූජාවක දී වතු අධිකාරීවරයාට ආශීර්වාද කලේ ය.

ඕල්ටන් වැඩ වැරීම හුදකලා කල සීඩබ්ලිව්සී හා අනෙකුත් වතු වෘත්තීය සමිතිවලට අවශ්‍ය වී තිබුනේ, අත්අඩංගුවට ගන්නා ලද කම්කරුවන් ඇප මත මුදාහැරීමෙන් අනතුරු ව, පසුගිය සතියේ සිට වර්ජකයන් ආපසු වැඩට යැවීමයි. එහෙත් වතු සමාගම වැඩ යලි ඇරඹීම මේ බදාදා දක්වා ප්‍රමාද කර ඇත.

සීඩබ්ලිව්සීය කම්කරුවන් අත්අඩංගුවට ගැනීමට සෘජු ව ඒකාබද්ධ වෙද්දී, එන්යූඩබ්ලිව්, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය හා සමස්ත ලංකා වතු කම්කරු සංගමය ඇතුලු අනෙකුත් වෘත්තීය සමිති සමාගම්-පොලිස් දඩයමට නිහඬ ව අනුමැතිය දෙමින් එයට සහාය වූ හ.

අවසනට සඳහන් කල වෘත්තීය සමිති දෙක පාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුන යි. වර්තමාන වතු යටිතල පහසුකම් ඇමතිවරයා වන්නේ සීඩබ්ලිව්සී නායක ජීවන් තොන්ඩමන් ය. අනෙකුත් වතු වෘත්තීය සමිති නායකයෝ ද කලින් පැවති ආන්ඩුවලට ඇමතිවරු ලෙස සේවය කර ඇත.

ලංකා වැවිලිකරුවන්ගේ සමාජයේ සාමාජිකයෝ, වතු කම්කරුවන්ට “ප්‍රචන්ඩත්වය” හා “ත්‍රස්තවාදය” ගැන චෝදනා එල්ල කරමින් ද එම අන්තරායන්ට එරෙහි ව මුහුන දීමට ආයුධ හා ආයුධ පුහුනුව සපයන ලෙස ආන්ඩුවෙන් ඉල්මින් ද මාර්තු 3දා හැටන් නගරයේ දී විරෝධතාවක් පැවැත්වූ හ. ජනාධිපති රාජපක්ෂ ප්‍රධානත්වය දරන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක කවුන්සිලය, “වතු තුල ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නය” පසුගිය සඳුදා සාකච්ඡාවට ගැනීමට සැලසුම් කලේ ය.

මේ උමතු කියාපෑම් සමගම, ඕල්ටන් වත්තේ වැඩ වර්ජකයන්ට එරෙහි ව පොලීසිය හා සමාගම ගෙනයන දඩයමට රාජපක්ෂ ආන්ඩුවේ අනුග්‍රහය හිමි වන අතර, ප්‍රාදේශීය වතු සමාගම්, වැඩි වැටුප් ඉල්ලන හෝ ඵලදායිතාව ඉහල දැමීමට ප්‍රතිරෝධය දක්වන කම්කරුවන් බියවද්දා චෝදනාවට බඳුන් කිරීම සඳහා පෙලගැසෙති. රුපියල් 900ක මූලික වැටුපක් හා රුපියල් 100ක දීමනාවක් හා ඇතුලු අතිශයින්ම අප්‍රමානවත් රුපියල් 1000 දෛනික වැටුපක් සඳහා ආන්ඩුව කරන යෝජනාවන් පවා ප්‍රාදේශීය වතු සමාගම් එකහෙලා ප්‍රතික්ෂේප කර ඇත.

කප්පාදු පියවර වලට එරෙහිව උඩරදැල්ල වත්තේ කම්කරුවන් පසුගිය සැප්තැම්බරයේ පිකටින් උද්ඝෝෂනයක නිරත වෙමින්

ඊයේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග කතා කල ඕල්ටන් වත්තේ කම්කරුවෙක්, වතු කම්කරුවන් සටන් කරමින් සිටින්නේ හුදෙක් ඔවුන්ගේ පවුල් වෙනුවෙන් නො ව, ශ්‍රී ලංකාවේ සමස්ත කම්කරුවන් වෙනුවෙන් බව විස්තර කලේ ය. සියලු පොලිස් චෝදනා වහා ම ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටි ඔහු, සමාගමට සහයෝගය දීම අරබයා වෘත්තීය සමිතිය හෙලා දුටුවේ ය. අත්අඩංගුවට පත්වූ කම්කරුවන්ට

සමාගම වැඩ ලබා දෙන්නේ නැත්නම් බදාදා ආපසු වැඩට යන්නේ ද නැද්ද යන්න ගැන ඕල්ටන් කම්කරුවන් දැන් සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු කීවේ ය.

පෙබරවාරි 2දා සිට ආදායමක් නැති වැඩ වර්ජිත ඕල්ටන් කම්කරුවන්ට එක් රාජ්‍ය නොවන සංවිධානයකින් රුපියල් 2000ක් වටිනා ආහාර ද්‍රව්‍ය පමනක් ලැබී ඇත. සිය සාමාජිකයන්ගෙන් ඉහල මාසික දායක මුදල් සීඩබ්ලිව්සීය විසින් මඩි ගසා ගන්නා නමුත් කම්කරුවන්ට කිසිදු වර්ජන දීමනාවක් ගෙවූයේ නැත. මෙම තතු තුල, තමන්ගේ ස්වර්නාභරන අල්පය උකස් තබමින් හා ආහාර වේල් ගනන අඩු කරමින් ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මුදල් වියදම් කිරීමට කම්කරුවන්ට සිදුවිය.

අත්අඩංගුවට ගන්නා ලද ඕල්ටන් කම්කරුවන් 22 දෙනාට එරෙහි සියලු චෝදනා වහා ම ඉවත් කරගන්නා මෙන්, සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෙන යන උද්ඝෝෂනයට සහයෝගය දෙන ලෙස, සසප කම්කරුවන්ට හා තරුනයන්ට ආයාචනා කරයි. සහයෝගය දක්වන ප්‍රකාශන මෙම ඊ-මේල් ලිපිනයට එවන්න: wswscmb@sltnet.lk

පහත පලවන්නේ, දැනට මත් ලැබී ඇති ප්‍රකාශ කිහිපයකි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව ඕල්ටන් වත්තේ කම්කරුවන් වහා ම නිදහස් කරන ලෙස ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කලේ ය. ඉන් කොටසක් මෙසේ ය: “වතු තුල සිදුකරන මෙම ම්ලේච්ඡ මර්දනයට එරෙහි ව ඉදිරියට පැමිනෙන ලෙස අපි සියලු කම්කරුවන්ට කැඳවුම් කරමු. ඕල්ටන් වත්තේ රාජ්‍ය මර්දනය හුදෙක් මෙම කම්කරුවන් පමනක් නො ව, දැන් ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ව සටන් කිරීමට ඉදිරියට පැමිනෙන, සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුලු අනෙකුත් සියලු ක්ෂේත්‍රවල කම්කරුවන් බියවැද්දීමට දරන උත්සාහයකි. මෙම තැත පරාජය කල යුතු ය.

“ශිෂ්ට සම්පන්න ජීවිතයක් ගත කිරීමට ප්‍රමානවත් වැටුපක් සඳහා කරන අරගලය සියලු කම්කරුවන්ගේ මූලික අයිතියකි. මහ ව්‍යාපාරිකය නියෝජනය කරන ආන්ඩුව, පොලීසිය, සන්නද්ධ හමුදා, උසාවි හා බන්ධනාගාර යන ධනපති රාජ්‍ය යාන්ත්‍රනය කම්කරුවන්ට එරෙහි ව යොදාගනිමින් සිටී.

“වතු තුල සිදුකරන පොලිස් මර්දනය, සමහර වතුවල වැඩ පරීක්ෂකයන් ලෙස හිටපු මිලිටරි භටයන් පත්කිරීම හා කනිෂ්ට රෝහල් කම්කරුවන් පසුගිය මාසයේ දියත් කල වැඩ වර්ජනය බිඳීම සඳහා රෝහල්වලට මිලිටරිය දිගේලි කිරීම, සංගත හා රාජපක්ෂ ආන්ඩුව විසින් පොදු ප්‍රහාරයක් දියත් කරමින් සිටින බව හෙලිදරවු කරයි.”

මහනුවර සිරිමාවෝ බන්ඩාරනායක රෝහලේ හෙදියක් මාධ්‍ය හෙලාදුටුවා ය. “ඔවුන් (මාධ්‍ය) ප්‍රමුඛතාව දුන්නේ කම්කරුවන්ට විරුද්ධ ව වතු හාම්පුතුන් ගෙන යන උද්ඝෝෂනයට. ඒක ධනපති මාධ්‍යවල දෙබිඩිභාවය හෙලිදරව් කරනවා” යි ඇය කීවා ය. “වෘත්තීය සමිති කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඒවා උත්සුක වන්නේ ඔවුන්ගේ පොකට්ටු හා වරප්‍රසාද සහ හාම්පුතුන්ගේ අවශ්‍යතා පිලිබඳ ව යි. වතු හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල වෘත්තීය සමිති අතර කිසි වෙනසක් මා දකින්නේ නැහැ.”

වතු දරුවන් දිනපතා ම ඇයගේ වාට්ටුවට ඇතුලත් කරනු ලබන බව ද ඔවුන්ගේ රෝග ආර්ථික දුෂ්කරතාවල ප්‍රතිඵලයක් බව ද හෙදිය පැවසුවා ය. “ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මන්දපෝෂනයෙන්, රක්තහීනතාවෙන් පෙලෙනවා, තවත් සමහරුන්ට පනු රෝගය තිබෙනවා. වතු සමාගම්වලට කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් දිය හැකි නමුත් ඔවුන්ගේ ලාභ අඩු වන නිසා ඔවුන් එය කරන්නේ නැහැ” යි ඇය තවදුරටත් කීවා ය.

රත්මලානේ ඇඟලුම් කම්කරුවෙක් වන නවරත්න ඕල්ටන් වත්තේ කම්කරුවන් දඩයම් කිරීම හෙලාදකිමින් එය සියලු කම්කරුවන්ට එරෙහි ප්‍රහාරයක් බවත්, වතු වෘත්තීය සමිතිවල ද්‍රෝහීත්වය ඔහුගේ කර්මාන්තය තුල දැකගත හැකි වූ බවත් කීවේ ය. මෙම සංවිධාන ආන්ඩුවේ හා සමාගම්වල උපකරන බවට පරිවර්තනය වී ඇති බව ඔහු සඳහන් කලේ ය.

රත්මලානේ දුම්රිය කම්කරුවෙක් ඔහුගේ කම්හලේ කම්කරුවන් වතු කම්කරුවන්ගේ අරගලය සාකච්ඡා කර ඇති බවත් වැඩි වැටුප් ඉල්ලා ඔවුන් ගෙන යන අරගලයට සහයෝගය දෙන බවත් පැවසී ය. “ඔවුන් (වෘත්තීය සමිති) සෑම තැන ම එකවගෙයි” යි ඔහු වැඩිදුරටත් කීවේ ය. “මෙම අත්අඩංගුවට ගැනීම් හා කම්කරුවන් බියවැද්දීමට සමාගම දරන උත්සාහයන් ප්‍රජාතන්ත්‍ර අයිතීන් මර්දනය කිරීමක්.”

උතුරේ කිලිනොච්චියේ වානාවිල් කම්හලේ සේවකයන් දෙදෙනෙක් ඕල්ටන් කම්කරුවන්ට සහයෝගය පලකරමින් කතා කල හ. වනාවිල් කම්හලේ අයිතිවන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් නිෂ්පාදන සමාගම්වලින් එකක් වන මාස් සමාගමට ය.

එක් කම්කරුවෙක් මෙසේ කීවේ ය: “ශිෂ්ට සම්පන්න ජීවිතයකට සරිලන වැටුපක් ඉල්ලා සටන් කිරීම හේතුවෙන් ඕල්ටන් කම්කරුවන්ට චෝදනා නැගීම පිලිගත නො හැකි යි. ජීවන වියදම දරාගත නො හැකි ලෙස ඉහල යන නිසා අපට අද ලැබෙන වැටුප් ශිෂ්ට සම්පන්න ජීවිතයක් ගතකිරීමට ප්‍රමානවත් නැහැ. මෙම අසාධාරනයන්ට එරෙහි ව සටන් කිරීමට කම්කරුවන්ට උදව් කරනවා වෙනුවට වෘත්තීය සමිති කරන්නේ සමාගමට හා පොලීසියට සහයෝගය දෙන එක.

“වතුවල හා අනෙකුත් සමාගම්වල වැඩ කරන අය වගේ ම අපිත් ඒ හා සමාන ආර්ථික දුෂ්කරතාවන්ට හා දුෂ්කර වැඩ කොන්දේසිවලට මුහුන දෙනවා. කොරෝනා වසංගතය ආවට පස්සේ අපේ තත්වය වඩාත් නරක අතට හැරී තිබෙනවා. කලින් අපි පැයකට රෙදි කැබලි 45ක් මැසිය යුතුව තිබුනත් දැන් එම ගනන 120 වෙනකන් ඉහල දාල තියෙනවා. සෑම තැනක ම කම්කරුවන් පොදු ගැටලු හා (ධනවාදයට එරෙහි) පොදු අරගලයකට මුහුන දෙනවා.”

Loading