ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවකයින් වැටුප් කප්පාදුව, සේවක හිඟය හ අනාරක්ෂිත කොන්දේසි විසඳීම සඳහා වැඩ වර්ජනයක් ඉල්ලා සිටී

[පහතින් පලවෙන්නේ  Australian health workers demand strike action to address pay cuts, understaffing and unsafe conditions  මැයෙන් 2021 ජුනි 08, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ  ලිපියේ පරිවර්තනයයි.]

ෆෙඩරල් සහ ප්‍රාන්ත ආන්ඩු විසින් රැකියා සහ වැටුප් කෙරේ දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර සහ කොරෝනා වෛරස් වසංගතයෙන් වඩාත් නරක අතට හැරෙන අන්තරාදායක මට්ටමේ සේවක හිඟය පිලිබදව, මානසික සෞඛ්‍ය සේවකයින්, හෙදියන් සහ වින්නඹු මාතාවන්, පරිපූරක වෛද්‍යවරුන් සහ රෝගී ප්‍රවාහන සේවකයින් ඇතුලු ඔස්ට්‍රේලියාව පුරා සෞඛ්‍ය සේවකයින් අතර විරුද්ධත්වය වර්ධනය වෙමින් පවතී. 

ප්‍රධාන කෝවිඩ්-19 පුපුරා යෑමකට පෙර පවා මහජන සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන ස්ථානයකට තල්ලු වී තිබිනි. මෑත මාස වල සෑම ප්‍රාන්තයකම සහ ප්‍රදේශයකම, ( හදිසි අවස්ථා අංශ පිරී ඇති බැවින්) ගිලන් රථවල රෝගීන් තබා ගන සිටීමට සිදුවිම  සහ දිගු පොරොත්තු කාල වාර්තා වී ඇති අතර, ආන්ඩුවේ  රෝහල් වල හදිසි අවස්ථා අංශ පිරී ඉතිරී ගොස් ඇත. පැය අටකට වැඩි පොරොත්තු කාල සහ  ඇඳන් හිඟය හේතුවෙන් රෝගීන්ට  කොරිඩෝවල ප්‍රතිකාර කිරීම් වාර්තා වී ඇත.

රෝයල් මෙල්බර්න් රෝහලේ රෝගියෙකු පරීක්ෂා කරන හෙදියක්. ස්තුතිය: “ෆෝ කෝනර්ස්” (තිර රූපය)

නිව් සවුත් වේල්ස්හි (එන්එස්ඩබ්ලිව්), සෞඛ්‍ය සේවකයින්ගෙන් කොටසක් වැඩ වර්ජනය කිරීමට ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ, ලිබරල්-ජාතික ප්‍රාන්ත ආන්ඩුව පොරොන්දු වූ සියයට 2.5 ක වාර්ෂික වැටුප් වැඩිවීම් ප්‍රක්ෂේප කරමින් පසුගිය වසරේ දී එය සියයට 0.3 දක්වාත් මේ වසරේ සියයට 1.5 දක්වාත් අඩු කිරීම හේතු වෙනි. ඉහල යන ජීවන වියදම, විශේෂයෙන් ඉහල යන නිවාස හා නිවාස කුලී මිල ගනන් අනුව මෙම වැඩි කිරීම ඵලදායී ලෙස වැටුප් කප්පාදු කිරීමක් වේ.

කෙසේ වෙතත්, කම්කරුවන් අතර ඇති විරෝධතාවය, වැඩ වර්ජන නවතා දමමින්, කම්කරුවන් සඳහා පුලුල් සහයෝගයක් ලබා ගැනීම සඳහා ක්‍රියා කිරීම ප්‍රතික්ෂේප කරමින්, අරගල විවිධ සේවා ස්ථානවලට හුදකලා කර දමා ඇති වෘත්තීය සමිති යන්ත්‍රනය සමඟ ගැටුම් බවට පත් වෙමින් තිබේ.

පසුගිය මාසයේ අගභාගයේදී ගිලන්රථ අංශයේ සෞඛ්‍ය සේවා සංගමය (ඒඩීඑච්එස්යූ- ADHSU), අවම වශයෙන් හෙල්ත්ෂෙයා රෝගීන් ප්‍රවාහන නිලධාරීන් (පීටීඕ-PTO) 250 ක් පමන සහභාගි වූ ප්‍රාන්තය පුරා පැය 24  වැඩ වර්ජනය, කම්කරුවන්ගේ ඉල්ලීම වූ වැටුප් වැඩිවීම නොලබාම, නිව් සවුත් වේල්ස්හි කාර්මික සම්බන්ධතා කොමිෂන් සභාවේ (අයිආර්සී-IRC) විධානය මත අතර මැද නවතා දැමීය. පීටීඕ සංඛ්‍යාවෙන්  සියයට 90 කට ආසන්න ප්‍රමානයක් කාර්මික ක්‍රියාමාර්ග ගැනීමට ඡන්දය දී තිබින.

අනෙකුත් සෞඛ්‍ය සේවකයින් මෙන්ම, රෝගීන් ප්‍ර වාහන සේවකයන් ද (පීටීඕ) දුෂ්කර හා අනතුරුදායක තත්වයන් යටතේ දිගු සේවා මුරයක් වැඩ කරත්. කොරෝනා වෛරස් වසංගතය අතරතුර, ගුවන්තොටුපල සහ හෝටල් නිරෝධායන ස්ථාන අතර සැක සහිත සහ තහවුරු කරන ලද කෝවිඩ්-19 රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා රෝගීන් ප්‍රවාහන සේවකයන් යොදවා ඇති අතර, ඔවුනට  පැයකට ඩොලර් 25 ක් වැනි සුලු මුදලක් වුව ලැබිය හැකිය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස, තහවුරු වූ කොරෝනා ‌වෛරස් සහිත තිදෙනෙකුගෙන් යුත් පවුලක් ගුවන් තොටුපලේ සිට හෝටල් නිරෝධායනය වෙත ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව, පසුගිය වසරේ සිඩ්නි නුවර රෝගීන් ප්‍රවාහන සේවකයෙකුට වෛරසය වැලඳී තිබුනි.

වැඩ වර්ජන දිනයේ දී, වැඩ වර්ජන හෝ වැඩ තහනම් කිරීම් ඇතුලුව කිසිදු කාර්මික ක්‍රියාමාර්ගයක නිරත වීම හෝ එසේ කිරීමට තර්ජනය කිරීම තහනම් කිරීමේ නියෝග, ඒඩීඑච්එස්යූවට එරෙහිව අයිආර්සී ය විසින් නිකුත් කරන ලදී. පැය කිහිපයක් ඇතුලත ඒඩීඑච්එස්යූ ව, පීටීඕ වරුන් සමඟ කිසිදු සාකච්ජාවකින් තොරව යටහත් පහත් ලෙස ඊට එකඟ වූ අතර, නැවත සේවයට පැමිනෙන ලෙස එහි සාමාජිකයන්ට උපදෙස් දුන්නේය. නියෝග ජුනි 30 දක්වා ක්‍රියාත්මක වේ.

මූලික වශයෙන් එහි අවශ්‍යතා බලාත්මක කිරීම සඳහා ආන්ඩුව සමඟ දිගටම සාකච්ඡා කරන බව වෘත්තීය සමිතිය පැහැදිලි කර ඇති අතර, රාජ්‍ය  භාන්ඩාගාරික “විනීත හා අව්‍යාජ” වැටුප් යෝජනාවක් සමඟ සාකච්ජා මේසයට පැමිනීමට එකඟ වුවහොත් සෞඛ්‍ය ක්ෂේත්‍රය පුරා තවදුර ක්‍රියාමාර්ගයන් අත් හරිනා බවට සහතික වන බව ප්‍රකාශ කර තිබේ.”

ඒඩීඑච්එස්යූ පැවසුවේ, “බොහෝ විශාල ව්‍යාපාර ලාභ වල දැවැන්ත වර්ධන වාර්තා කරමින් සිටින අතර ඔවුන්ගේ විධායකයින්, විශ්මයජනක ප්‍රසාද දීමනා, තමන් හට  ගෙවා ගන්නා  අතර,” සෞඛ්‍ය සේවකයින්ට “අයවැය පිරියම් කර ගැනීම  සඳහා පසුගිය වසරේ වැටුප් කැටි කිරීමක් පිලිගැනීමට බල කෙරුනි.”

යථාර්ථය නම්, වෘත්තීය සමිති විසින් මෙම යථා වැටුප් කප්පාදුව බලාත්මක කිරීම සහ එමඟින් ප්‍රාන්ත ආන්ඩුවට ඩොලර් බිලියන 2.8 ක් ඉතිරි කර ගත හැකි වීමයි. වෘත්තීය සමිතියේ එන්එස්ඩබ්ලිව් ප්‍රාන්තයේ ලේකම් මාක් මෝරි පසුගිය වසරේදී  සියලු කාර්මික ක්‍රියා මාර්ගයන් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, රාජ්‍ය අංශයේ සේවකයින් “වෘත්තිකයන් වන බැවින් ඔවුන් දිගටම වැඩ කරන” බවයි.

පසුගිය වසර පුරා, ප්‍රාන්ත, ප්‍රාදේශීය  හා ෆෙඩරල් ආන්ඩු විසින් මහා ව්‍යාපාර සඳහා “උත්තේජක” පැකේජ සහ මහ බැංකු මූල්‍යනය කල අඩු-වියදම්  (අඩු පොලී) නය ලබා දුන් අතර, එවා  ඩොලර් බිලියන 450 කට අධික විය. මැයි මාසයේ නවතම ෆෙඩරල් අයවැය මගින් ධනවතුන්ට තවත් ගජ වාසි ලබා දෙන ලද අතර, අයවැය ලේඛන මගින් ආන්ඩුවේ රෝහල් සඳහා වියදම් වසරකට යන්තම් ඩොලර් බිලියනයක් හෙවත් සියයට 4 කින් ඉහල යන බව පෙන්නුම් කරයි. නරක අතට හැරෙන ගෝලීය වසංගතය සහ වෛද්‍ය වියදම් ඉහල යාම මධ්‍යයේ මෙය අවශ්‍යතාවයට වඩා බෙහෙවින් අඩු ය.

සංගත ප්‍රභූ පැලැන්තියට මෙම ධනය මාරු කිරීමට හැකි වී ඇත්තේ කම්කරුවන්ගේ ප්‍රතිරෝධය මැඩපැවැත්වීමේ සහ ආන්ඩුවල කප්පාදු ඉල්ලීම්වලට සහාය දැක්වීමේ වෘත්තීය සමිතිවල සහයෝගීතාවයෙන් පමනි.

කම්කරු පන්තිය තුල වැඩෙන කෝපය ප්‍රකාශ කරමින්, පීටීඕවරු වැඩ වර්ජනය කිරීමට ඡන්දය දුන් දිනයේම, රාජකාරියේ යෙදී සිටි පරිපූරක වෛද්‍ය සේවකයින් ද ඇතුලුව ඒඩීඑච්එස්යූ පරිපූරක වෛද්‍යව සේවකයින්, පීටීඕ රැස්වීමෙන් පැයක් ඇතුලත වෙනම වැඩ-නැවතුම් රැස්වීමක් පැවැත්වූ අතර කාර්මික ක්‍රියාමාර්ග සඳහා ද ඡන්දය දුන්හ.

ජුනි 10 වන දින, බරපතල හදිසි අවස්ථා හැරුනු විට අන් සියලුම ප්‍රතිචාර සඳහා පැය 24 ක තහනමක් පැනවීමට එන්එස්ඩබ්ලිව් ප්‍රාන්තයේ පරිපූරක වෛද්‍යවරුන් විසින් කටයුතු කරන බව ඒඩීඑච්එස්යූ නිවේදනය කර ඇත. මෙම වැඩ වර්ජනය ද නවතා දමනු ඇතිදැයි කම්කරුවන් සැලකිලිමත් වේ. පරිපූරක වෛද්‍යවරයෙක් ඩබ්ලියුඑස්ඩබ්ලියුඑස් (WSWS) වෙත මෙසේ පැවසීය: “දිනකට පමන අයිආර්සී නියෝග නොසලකා හැරීමට [ඒඩීඑච්එස්යූ] සැලසුම් කර ඇති බව මට පැවසුවා. නමුත් අවසානයේදී අයිආර්සී නියෝග අනුගමනය නොකිරීම නිසා ඔවුන්ට ලැබෙන දඩ ගැසීම් හේතුවෙන් ඔවුන් වැඩ වර්ජනය අවසන් කරනු ඇත.”

ඒඩීඑච්එස්යූ විසින් පීටීඕවරුන් සහ පරිපූරක වෛද්‍ය සේවකයින්ගේ රැස්වීම් සහ කාර්මික ක්රියාමාර්ග වෙන් කිරීම කම්කරුවන්ගේ අරගල හුදකලා කර තබා ගැනීම සඳහා වෘත්තීය සමිතිය විසින් කරන සචේතනික ප්‍රතිපත්තියකි. තවද, ඒඩීඑච්එස්යූ සහ ඔස්ට්‍රේලියානු පරිපූරක වෛද්‍ය සංගමය (APA-ඒපිඒ), පරිපූරක වෛද්‍යවරුන් සඳහා වෙනස් ආකාරයේ කාර්මික ක්‍රියාමාර්ග වෙනස් දිනවල සංවිධානය කර ඇත.

එහි සාමාජිකයින් “මෙම අපහාස සහගත වැටුප් දීමනාව සම්බන්ධයෙන් පියවර ගැනීමට ඒකමතිකව පාහේ ඡන්දය ප්‍රකාශ කර ඇතිවුවද”, ඒඩීඑච්එස්යූ පරිපූරක වෛද්‍ය සේවකයින් සමඟ සම්බන්ධ වීම ඒපිඒ ප්‍රතික්ෂේප කරයි. ඒපිඒ හි ක්‍රියාව සමන්විත වන්නේ, ජුනි 7 සිට ජුනි 9 දක්වා, කිසිදු සායනික මූලික කාර්ය සාධන දර්ශක (KPIs) පිලිබඳ වාර්තා කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ ගිලන්රථ රටහුනු  වලින් සලකුනු කිරීම වන අතර, එය ඒඩීඑච්එස්යූ වැඩ වර්ජනයට දිනකට පෙර අවසන් වේ.

වෘත්තීය සමිති දෙකේම සාමාජිකයන් කෝපයට පත්ව ඇත. ඒපීඒ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් එක් පරිපූරක වෛද්‍ය සේවකයෙක් පැවසුවේ, “මෙය ශෝචනීයයි. එකම අරමුනක් සඳහා ක්‍රියාවන් වෙනස් වීම හාස්‍යයට කරුනක්!! ”

ඒඩීඑච්එස්යූ ෆේස්බුක් පිටුවේ පරිපූරක වෛද්‍ය  සේවකයෙක් මෙසේ පැවසීය: “එක සමිතියකින් ඔබට ඇත්තේ අපෙන් අඩක් පමනයි. අපව සුපුරුදු පරිදි බෙදා ජයගනු ලබනු ඇත! ”

ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයින් සහ ප්‍රවාහන සේවකයින් ඇතුලු රාජ්‍ය අංශයේ කම්කරුවන් එක්ව වැඩ වර්ජනය කරන ලෙස වෙනත් කම්කරුවන් කැදවුම් කලහ. එක් අයෙක් පැවසුවේ, “අයිආර්සී ය කිසි විටෙකත් කම්කරුවන්ට සහයෝගය නොදක්වා ඇති අතර කිසි විටෙකත් සහාය නොදක් වනු ඇත.. මුලු රාජ්‍ය  සේවයම  (වැඩ වලින්) ඉවත් වීම සදහා  කාලය පැමින ඇති සේය.” තවත් අයෙක් මෙසේ ලිවීය: “සිදුවිය යුත්තේ අනෙක් සෑම රාජ්‍ය අංශයේ වෘත්තීය සමිතියක්ම මෙම සටනට එක්වීමයි. (ප්‍රාන්ත) රාජ්‍ය ය කෙමෙන් නවතා දමන්න, එවිට සමහර විට ගැටළු අවධානයට ලක් වනු ඇත.”

පසුගිය බ්‍රහස්පතින්දා නිව්කාසල් ප්‍රාදේශීය නගරයේ බෙල්මොන්ට් රෝහලේ හා මාතෘ මානසික සෞඛ්‍යයේ හෙදියන් 200 කට අධික පිරිසක් වැටුප් කප්පාදුව, ඌන කාර්ය මන්ඩල සහ අනාරක්ෂිත තත්වයන් හේතුවෙන් පැය 24 ක් වැඩ වර්ජනයක නිරත වූ අතර, බොවරල්, ෂෝල්හැවන් සහ බ්ලූ මවුන්ටන් හෙදියන් පැය හතරක් දක්වා වැඩ නතර කලහ.

වැඩ වර්ජනය නවත්වන ලෙස අයිආර්සී නියෝග කල විට, එන්එස්ඩබ්ලිව් හෙදියන් සහ වින්නඹු මාතාවන්ගේ සංගමය (NSWNMA -එන්එස්ඩබ්ලිව්එන්එම්ඒ) සිය ෆේස්බුක් පිටුවේ නියෝග පල කල නමුත් කම්කරුවන්ට “ගත් මාවතේම රැඳී සිටින ලෙස” කියා සිටියේය. වැඩ වර්ජනය තවමත් පවතින්නේද යන්න පිලිබඳව කම්කරුවන් අතර ව්‍යාකූලත්වයක් පැවතුනි. බෙල්මොන්ට්හි එක් හෙදියක් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ​ වෙත පැවසුවේ සමහර එන්එස්ඩබ්ලිව්එන්එම්ඒ සාමාජිකයින් වැඩ වර්ජනය සඳහා නිවසේ නැවතී සිටි නමුත් අනෙක් අය එසේ නොවූ බවත් එදින රැස්වීමක් හෝ පිකට් එකක් නොපැවැත්වූ බවත් ය.

සෞඛ්‍ය  සේවකයින්ගේ වැඩෙන අරගල එන්එස්ඩබ්ලිව් ප්‍රාන්තයට පමනක් සීමා නොවේ. වික්ටෝරියා ව පුරා මානසික සෞඛ්‍ය  සේවකයින් පසුගිය නොවැම්බරයේ සිට කාර්මික ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර, මාර්තු මාසයේදී බටහිර ඔස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය  සේවකයින් වැඩ වර්ජනය කිරීමට ඡන්දය ප්රකාශ කලහ. සෞඛ්ය සේවා තවදුරටත් පුද්ගලීකරනය කිරීම හා රැකියා කප්පාදුව සම්බන්ධයෙන් දකුනු ඕස්ට්රේලියාවේ සෞඛ්ය සේවකයින්, පිරිසිදු කිරීමේ කම්කරුවන් සහ සහායක කාර්ය මන්ඩල, කාර්මික ක්‍රියාමාර්ග සඳහා අප්‍රේල් මාසයේදී ඡන්දය ප්‍රකාශ කලහ.

රඩ් ලේබර් ආන්ඩුව විසින් හඳුන්වා දෙන ලද ෆෙඩරල් සාධාරන වැඩ පනතේ සේම, කේවල් කිරීමේ කාල පරිච්ඡේදයන්හිදී හැරුනු විට, සියලු වැඩ වර්ජන ක්‍රියා පාහේ ප්රාන්ත රාජ්ය නීති මගින් තහනම් කර ඇති අතර, ආන්ඩු වලට හෝ කාර්මික කොමිෂන් සභාවලට,  “මහජන යහපත” සඳහා නොවන්නේ යැයි සැලකෙන ඕනෑම ක්‍රියාවක් නීති විරෝධී කල හැකිය.

එබැවින්, රැකියා, වැටුප් හා කොන්දේසි වලට එරෙහි ප්‍රහාර නතර කිරීම සඳහා වන ඕනෑම සාමූහික ව්‍යාපාරයක් ඒ සඳහා ඔස්ට්‍රේලියාව පුරා සහ ගෝලීය වශයෙන් අනෙකුත් කම්කරුවන් වෙත හැරීම අවශ්‍ය වේ. එවැනි හැරීමක් අනිවාර්යයෙන්ම කම්කරුවන් ප්‍රාන්ත හා ෆෙඩරල් ආන්ඩු සමඟ ඍජු ගැටුමකට ගෙන එනු ඇත.

එවැනි ඕනෑම සටනකට වෘත්තීය සමිති සිය විරෝධය පෙන්නුම් කර ඇත. වඩාත්ම මූලික කොන්දේසි පවා ආරක්ෂා කිරීම සඳහා අරගලයේ නව සංවිධාන අවශ්‍ය වේ. සෞඛ්ය සේවකයින් තම කටයුතු වෘත්තීය සමිති තුලින් ඉවතට ගෙන, සියලු දෙස සිටිනා අනෙකුත් කම්කරුවන් බලමුලු ගැන්වීමේ සටනට කැපවී ගත් ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතුය.

Loading