ඉතිහාසයේ මෙම සතිය: ජුනි 21-27

වසර 100 කට පෙර: කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ තුන්වන සම්මේලනය මොස්කව්හිදී ආරම්භ වෙයි

ට්‍රොට්ස්කි (මැද), කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ තුන්වන සම්මේලනයේ දී

කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ විධායක කමිටු සභාපති ග්‍රිගෝරි සිනොවියෙව් විසින් 1921 ජුනි 22 වන දින කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ තුන්වන සම්මේලනයේ පලමු සැසිවාරය මොස්කව්හි බොල්ෂෝයි රඟහලේ (Bolshoi Theater) දී විවෘත කලේ පෙර වසර තුල මියගිය හෝ ඝාතනය වූ හෝ සහ ලොව පුරා සිරගත කල කොමියුනිස්ට්වාදීන් සිහිපත් කරමිනි. 1919 දී ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී තන්ත්‍රය විසින් ඝාතනය කල කාල් ලිබ්නෙක්ට්, රෝසා ලක්සම්බර්ග්, සහ පෙර සරත් සමය තුල මොස්කව්හි දී ටයිපස් උන (typhus fever) හේතුවෙන් මියගිය, ලොව හෙල්ලූ දස දවස (Ten Days that Shook the World) කෘතියේ කතුවරයා වූ, ඇමරිකානු ජාතික ජෝන් රීඩ් (John Reed) ගැන ද සිනොවියෙව් විශේෂ සටහනක් තැබීය.

ලෝක දේශපාලන තත්වය තුල තීරනාත්මක මොහොතක කොන්ග්‍රසය රැස්විය. සෝවියට් ජනරජය පෙර වර්ෂය තුල දී ප්‍රති-විප්ලවවාදී සුදු හමුදාවන් පරාජය කල නමුත් සාගතයෙන් හා ඉන්ධන වල සිට නිවාස දක්වා සියලුම දේවල් වල හිඟතාවයෙන් පීඩාවට පත් ව සිටියේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස රට පුරා ඇති වූ ගොවි නැගිටීම්වලට මුහුන දීමට කම්කරු රාජ්‍යයට සිදු විය. ආහාර හිඟය පියවා ගැනීම වෙනුවෙන් නව ආර්ථික ප්‍රතිපත්තිය (New Economic Policy) ඔස්සේ ධනවාදී ව්‍යාපාර කිහිපයක් යලි පන ගැන්වීමට රුසියානු කොමියුනිස්ට් පක්ෂය විසින් මාර්තු මාසයේ පැවති 10 වන සම්මේලනයේ දී ඉඩ ලබා දීමට තීරනය කරනු ලැබුනි.

ජූලි 12 දක්වා පැවති කොන්ග්‍රසය ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ ප්‍රශ්න රාශියක් සම්බන්ධයෙන් විභාග කලේය. කොන්ග්‍රසය රැස්වන විට බ්‍රිතාන්‍යයේ ගල් අඟුරු පතල් කම්කරුවන්ගේ දැවැන්ත වැඩ වර්ජනයක් සිදු වෙමින් පැවති අතර පලමු ලෝක යුද්ධය සඳහා වන්දි පිලිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රංශය ජර්මනියට යුද තර්ජන නිකුත් කර තිබුනි. එම මාර්තු මාසයේ ජර්මානු කොමියුනිස්ට් පක්ෂය විසින් මෙහෙයවන ලද අර්ධ කැරැල්ලේ පාඩම් කොංග්‍රසය තුලදී විවාදයට භාජනය විය. කොන්ග්‍රසය තුල දී ජියාසින්ටෝ සෙරාටි (Giacinto Serrati) විසින් නියෝජනය කෙරුනු ඉතාලි සමාජවාදී පක්ෂයේ අවස්ථාවාදය හෙලා දකින ලදි. එම පක්ෂය නියෝජනය කරමින් කොන්ග්‍රසයට සහභාගී වී සිටියේ ය. කොන්ග්‍රසය ලෝක ආර්ථික තත්ත්වය සහ කම්කරු පන්තියට එහි බලපෑම පිලිබඳ සමස්ත තක්සේරුවක් කලේ ය. ලෙනින් සහ ට්‍රොට්ස්කි නියෝජිතයන් සමග පැවැත් වූ සාකච්ඡාවන් ගනනාවක් සහ සිදු කල දේශන මගින් කොන්ග්‍රසයේ උසස් න්‍යායික සහ දේශපාලනික තානය සැකසුනි.

ට්‍රොට්ස්කි යුද්ධයෙන් පසු කාල පරිච්ඡේදයේ අත්දැකීම් “ජාත්‍යන්තර තත්වය සහ තුන්වන ජාත්‍යන්තරයේ කර්තව්‍යයන් පිලිබඳ තුන්වන ලෝක සම්මේලනයේ තීසිස” (Theses of the Third World Congress on the International Situation and the Tasks of the Comintern) යන තම ලේඛනය තුල සාරාංශගත කලේ ය. එය කොන්ග්‍රසය තුල ඒකමතිකව සම්මත කෙරිනි. රහි දී ඔහු මෙසේ ලිවී ය:

විප්ලවය වනාහී ඓතිහාසික පදනම් මත සිදු වූ, සහ ඉදිරියටත් සිදු වන, ජීවමාන බලවේගයන්ගේ අරගලයකි. යුද්ධය හේතුවෙන් ලොව පුරා සිදු වන ධනවාදී සමතුලිතතාවයේ කඩාවැටීම, විප්ලවයේ මූලික බලවේගය වන නිර්ධන පංතියට හිතකර කොන්දේසි නිර්මානය කරයි. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සියලු උත්සාහයන් මෙම තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට යොමු වූ අතර එය ඉදිරියට ද එසේ ම වේ.

Loading