ඉදිරිදර්ශන

එක්සත් ජනපදය යුක්රේනය සන්නද්ධ කිරීම සහ යුද්ධය සඳහා සූදානම

[මෙය The US arming of Ukraine and the preparations for war මැයෙන් 2022 මාර්තු 17 දා පල වූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති ජෝ බයිඩන් රුසියාවට එරෙහි යුක්රේන යුද්ධයේ පාවිච්චිය සඳහා සටන් ඩ්‍රෝන යානා සහ දිගු දුර ගුවන් යානා නාශක පද්ධති ඇතුලුව ඩොලර් බිලියනයක ආයුධ යුක්රේනයට යැවීම නිවේදනය කරමින් කථාවක් පැවැත්වී ය.

යුද්ධයට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සෙවීමේ අඛන්ඩ උත්සාහයන් ගැන කිසිදු සඳහනක් නොකල බයිඩන්, එක්සත් ජනපදය 'දිගු හා දුෂ්කර සටනකට' සූදානම් විය යුතු බවට අනතුරු ඇඟවීය.

යුක්රේනයට සන්නාහ නාශක පද්ධති 9,000ක්, ගුවන් යානා නාශක පද්ධති 800ක්, කුඩා අවි 7,000ක් සහ පතොරම් මිලියන 20ක් ලැබෙන බව බයිඩන් නිවේදනය කලේය. එක්සත් ජනපද නිලධාරීන් පසුව පැහැදිලි කලේ, තමන් යුක්රේනයට ප්‍රහාරක ඩ්‍රෝන යානා සහ සෝවියට් යුගයේ දිගු දුර ගුවන් යානා නාශක මිසයිල ලබා දෙන බවයි.

යුක්රේන බල ප්‍රදේශ ආරක්ෂක හමුදා සාමාජිකයින් 2022 මාර්තු 9 වන බදාදා, යුක්රේනයේ කියෙව් තදාසන්න ප්‍රදේශයේ, යුද ටැංකි නාශක අවියක් භාවිතා කිරීමට පුහුනුව ලබයි. (ඒපී ඡායාරූපය- ඒෆ්‍රම් ලුකාට්ස්කි)

එහෙත් කථාවේ වඩාත්ම වැදගත් අංගය වූයේ, රුසියාව සමග ගැටුම සඳහා එක්සත් ජනපදය යුක්රේනය ක්‍රමානුකූලව සූදානම් කර තිබූ තරම හෙලිදරව් කරන, යුද්ධයේ පසුබිම පිලිබඳ බයිඩන් ගේ ප්‍රකාශයයි.

එක්සත් ජනපදය යුක්රේනය තුලට ඩොලර් බිලියන ගනනක් ආයුධ පොම්ප කරන, වසර ගනනාවක් පුරා පැවති කුලීකාර ගැටුමක් පිලිබඳ විස්තරයක් බයිඩන් ඉදිරිපත් කලේය. “ඇත්ත වශයෙන්ම, මෙම යුද්ධය ආරම්භ වීමට පෙර අපි යුක්රේනයට ආධාර කිරීම ආරම්භ කලෙමු” යැයි, බයිඩන් පැවසීය.

අපි පසුගිය වසරේ යුක්රේනයට වැඩි ආරක්‍ෂක ආධාර යැව්වෙමු—ආක්‍රමනයට පෙර ගුවන් නාශක සහ සන්නාහ නාශක උපකරන ඇතුලුව ඩොලර් මිලියන 650ක ආයුධ- අප පෙර කවරදාටත් වඩා ලබා දී ඇත. එබැවින් ආක්‍රමනය ආරම්භ වන විට, රුසියානු පෙරගමන වැලැක්වීමේ සටන් සඳහා අවශ්‍ය ආයුධ ඔවුන් අත ඒ වන විටත් තිබුනි.

යුද්ධය ආරම්භ වූ පසු, ඔවුන්ගේ අවශ්‍යතා තවදුරටත් විසඳීම සඳහා අපි ඩොලර් මිලියන 350 ක අමතර ආධාර කඩිනම් කලෙමු: ගුවන් නාශක පද්ධති සිය ගනනක්,යුද ටැංකි නාශක ආයුධ දහස් ගනනක්, ප්‍රවාහන හෙලිකොප්ටර්, සන්නද්ධ මුර යාත්‍රා සහ අනෙකුත් අධි-සංචලන වාහන, පැමිනෙන කාලතුවක්කු වෙඩි කල්තියා හඳුනාගත හැකි රේඩාර් පද්ධති සහ මිනිසුන් රහිත ඩ්‍රෝන යානා, ආරක්‍ෂිත සන්නිවේදන උපකරන සහ උපක්‍රමශීලී ආම්පන්න, චන්ද්‍රිකා ඡායාරූප සහ-සහ විශ්ලේෂන ධාරිතාව හඹා යාමට උපකාරී වන අවි. යුක්රේනයට ඒවා, රුසියානු හමුදාවන්ට තදබල අලාභයක් සිදු කිරීම සඳහා උපකාර විය.

මෙම ප්‍රකාශ, යුක්රේනය රුදුරු මහ බලවතෙකුට හදිසියේ මුහුනපෑ නොහැකි, කුඩා හා හුදෙකලා ජාතියක් බවට මාධ්‍ය විසින් ඉදිරිපත් කෙරෙන දෑ ප්‍රතික්ෂේප කරයි.

රට තුල බයිඩන් පරිපාලනය විසින් උසිගන්වන ලද යුද්ධයට, යුක්‍රේන මිලිටරිය, ඇමරිකානු යුද උපදේශකයින්ගේ ද සහාය ඇතිව සූදානම්ව සිටියේ ය. වෙඩි හුවමාරුවට හසු වූ යුක්‍රේන සිවිල් වැසියන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ රුසියානු විරෝධී මූලෝපායේ දැරිය හැකි පාඩු ලෙස ඉවත් කර ඇත. නේටෝවේ සාමාජිකයෙකු නොවන යුක්රේනය, හිස සිට දෙපා දක්වා සන්නද්ධ කුලී හමුදාවක් ලෙස යොදාගෙන තිබීම මඟින්, රුසියානු ආන්ඩුවේ ව්‍යසනකාරී හා මාරක ආක්‍රමනයේදී එය ඇමක් ලෙස යොදාගෙන ඇත.

යුද්ධයේ පසුබිම තේරුම් ගැනීම, රුසියානු ආක්‍රමනය අනුමත කිරීම හා සමාන නොවේ, එය දේශපාලනිකව ප්‍රතිගාමී වන තරමටම මූලෝපායිකව අශික්ෂිත ය. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් මතු වූ බංකොලොත් පාලන තන්ත්‍රයේ මංමුලා සහගත ප්‍රතිචාරය එය විය.

එහෙත් දහස් ගනන් ජීවිත බිලිගත්, තවමත් න්‍යෂ්ටික යුද්ධයක් දක්වා උත්සන්න විය හැකි මෙම යුද්ධය පිලිබඳ, එක්සත් ජනපදයේ සහ නේටෝ බලවතුන්ගේ ප‍්‍රචාරක ආයතන විසින් සකස් කර ඇති බොරු ආඛ්‍යානය ප‍්‍රතික්ෂේප කිරීම අවශ්‍ය වේ.

එවකට යුරෝපීය සහ යුරේසියානු කටයුතු පිලිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් 2013 දී වාර්තා කලේ, “එහි යුරෝපීය අභිලාෂයන් සහ අනෙකුත් අරමුනු සාක්ෂාත් කර ගැනීමට” උපකාර වීම සඳහා එක්සත් ජනපදය, යුක්රේනයට ඩොලර් බිලියන 5 ක් වියදම් කර ඇති බවයි.

මෙම මුදල් ගලා ඒමේ සහ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ වඩාත් සෘජු මැදිහත්වීම්වල ප්‍රතිඵලය වූයේ, ස්වබෝදා සහ දක්ෂිනාංශික අංශය වැනි ෆැසිස්ට් බලවේග විසින් නායකත්වය දුන් 2014 එක්සත් ජනපදයේ පිටුබලය ලත් කුමන්ත්‍රන යයි.

මාස කිහිපයක් ඇතුලත යුක්රේන පාර්ලිමේන්තුව, සිය රටේ මධ්‍යස්ත පිලිවෙත අත්හැර 'සන්ධානයේ සාමාජිකත්වය සඳහා අවශ්‍ය නිර්නායක සාක්ෂාත් කර ගැනීම සඳහා' නේටෝව සමඟ එහි සහයෝගීතාව ගැඹුරු කිරීමේ සැලසුම් නිවේදනය කලේය.

2014 කුමන්ත‍්‍රනය, නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් වෙන්වී යාමට මෙන්ම ජනමත විචාරනයකින් පසු වැඩි වශයෙන් රුසියානු භාෂාව කතා කරන ප්‍රදේශයක් වන ක්‍රිමියාව රුසියාවට ඈඳා ගැනීමට ද තුඩු දුන්නේ ය.

නැඟෙනහිර යුක්රේනයේ ඇවිලී ගිය යුද්ධය මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙස, ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් සමූහාන්ඩු මින්ස්ක් ගිවිසුම් නමින් සටන් විරාමයකට අත්සන් තැබූ අතර, එය පසුගිය අවුරුදු වලදී ක්‍රමානුකූලව කඩකප්පල් කරනු ලැබ ඇත.

සටන් විරාමය නොතකා එක්සත් ජනපදය, යුක්රේනයට ඩොලර් බිලියන ගනන් ආයුධ පොම්ප කිරීම සහ එහි හමුදාව සක්‍රීයව පුහුනු කිරීම දිගටම කරගෙන ගියේය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පලමු දෝෂාභියෝගය මෙම ක්‍රියාවලියේ තීරනාත්මක හරුම් ලක්ෂයක් වූ අතර, බුරිස්මා යන යුක්‍රේන බලශක්ති සමාගමේ අධ්‍යක්ෂ මන්ඩලයේ අසුන් ගැනීම වෙනුවෙන් වසරකට ඩොලර් මිලියනයක් පමන ලබාගත් බයිඩන්ගේ පුත්‍රයා වන හන්ටර් ගැන විමර්ශනයක් කිරීමට සෙලන්ස්කි නියෝග කිරීම තුලින් ට්‍රම්ප් යුක්රේනයට ආයුධ සැපයීම අත්හිටුවීමට තීරනය කලාය යන චෝදනාව වටා එය බැඳී තිබුනි.

දෝෂාභියෝගය අතරතුර, යුක්‍රේනය එක්සත් ජනපද භූ දේශපාලන මූලෝපායට කෙතරම් වැදගත්වී ද යන්න පැහැදිලි විය. යුක්රේනයේ හිටපු තානාපතිනි මාරි යොවනොවිච් ඇයගේ සාක්ෂියේදී, “විශාල භූමි ස්කන්ධයක් සහ විශාල ජනගහනයක් සහිත යුක්රේනය, ආරක්ෂක ක්ෂේත්‍රයේ සැලකිය යුතු ... බලවේගයක් වීමේ හැකියාව ඇති බව ප්‍රකාශ කලාය. … දැන් යුක්රේනය මහා බල පොරය සඳහා සටන් බිමක් වන අතර භූමිය පාලනය කිරීම සඳහා උනුසුම් යුද්ධයක් සහ යුක්රේනයේ නායකත්වය පාලනය කිරීම සඳහා දෙමුහුන් යුද්ධයක් ඇත.”

දෝෂාභියෝගය සිදුවෙමින් තිබියදී, එක්සත් ජනපදය අන්තර් පරාස න්‍යෂ්ටික බලකා (INF) ගිවිසුමෙන් ඉවත් වෙමින්, නැගෙනහිර යුරෝපයේ සිට හෝ යුක්රේනයේ සිට රුසියාවේ දේශසීමා තරනය කල හැකි මධ්‍යම දුර න්‍යෂ්ටික අවි නිපදවමින් සිටියේය. INF ගිවිසුමෙන් ඉවත් වීම, 2018 ජාතික ආරක්ෂක මූලෝපාය නම් 'එක්සත් ජනපද ජාතික ආරක්ෂාවේ මූලික උත්සුකය' ලෙස සැලකූ 'මහා බල පොරය' සඳහා එක්සත් ජනපද සූදානමේ තීරනාත්මක අංගයක් විය.

බයිඩන් ගේ අදහස් පැහැදිලිව පෙන්නුම් කරන්නේ, ඇමරිකාව පසුගිය වසරේ යුක්රේනයට මිලිටරි ආධාර සැපයුම විශාල වශයෙන් වැඩි කල බවත්, “අපි පෙර කවරදාටත් වඩා” මිලිටරි ආධාර යුක්රේනයට ලබා දුන් බවත් ය.

එම වසරේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් වූයේ, 2021 සැප්තැම්බර් 1 වන දින නිවේදනය කරන ලද එක්සත් ජනපද-යුක්‍රේන මූලෝපායික හවුල්කාරිත්වයයි. එය ප්‍රකාශ කලේ, 'රුසියාව ක්‍රිමියාව ඈඳා ගැනීමට ගත් උත්සාහය කිසිදා පිලි නොගන්නා' බවත් 'සන්නද්ධ ආක්‍රමනයට එරෙහිව යුක්රේනයේ සන්නද්ධ වීමට සහාය දැක්වීමට අදහස් කරන' බවත්, අවශ්‍ය නම් බලය යොදා ක්‍රිමියාව සහ ඩොන්බාස් 'නැවත අත්පත්කර ගැනීමට' යුක්‍රේනයට සහාය දෙන බවත්ය. 2021 මාර්තු මාසයේදී යුක්‍රේනියානු රාජ්‍ය මූලෝපායික ලේඛනයක සංග්‍රහ කරන ලද මෙම මූලධර්මය, ඇමරිකාවේ මූලෝපායික හවුල්කාරිත්වය ඵලදායී ලෙස අනුමත කරන ලදී.

'මූලෝපායික හවුල්කාරිත්වය' නිවේදනය කරමින් ධවල මන්දිරය සඳහන් කලේ, 'එක්සත් ජනපදය 2014 වසරේ සිට යුක්රේන හමුදාවන්ට ඩොලර් බිලියන 2.5 ක සහයෝගයක් ලබා දී ඇති අතර, මේ වසරේ පමනක් ඩොලර් මිලියන 400 කට වඩා වැඩි ආධාර ප්‍රමානයක් ද ඊට ඇතුලත්ව ඇත' යනුවෙනි.

එක්සත් ජනපදය ඩොලර් බිලියන ගනනක් වටිනා ආයුධ යුක්රේනයට අඛන්ඩව පොම්ප කරද්දී යුක්රේනය, නේටෝවේ සාමාජිකයෙකු බවට පත් නොවන බව ද ඇතුලුව ආරක්ෂක සහතික සඳහා ඉල්ලීම් මාලාවක් රුසියාව දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කලේය. පසුකාලීන සම්මුඛ සාකච්ඡා වලදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැහැදිලි කලේ, යුක්රේනය නේටෝවට ඇතුලත් වුවහොත් යුද්ධය නොවැලැක්විය හැකි බවයි.

බයිඩන් පරිපාලනය, රුසියාවේ ආරක්ෂක සහතික ඉල්ලීම් පිලිගැනීම ප්‍රතික්ෂේප කල අතර, මෙම ක්‍රියාමාර්ගය ගැනීම සඳහා රුසියාව පෙලඹවී ය. බයිඩන් දෙසැම්බරයේ දී, 'මම කිසිවෙකුගේ රතු එලි ගනන් ගන්නේ නැත.' යැයි ප්‍රකාශ කලේ ය.

රුසියාව යුක්රේනය ආක්‍රමනය කිරීම පිලිබඳව ධවල මන්දිරය පුරෝකථනය කල විශ්වාසය, මෙම පූර්ව ඉතිහාසය පැහැදිලි කරයි. බයිඩන් ජනවාරි 20 වෙනිදා “මගේ අනුමානය නම් ඔහු ආක්‍රමනික පියවර ගනු ඇති බවටයි. ඔහු පියවරක් ගත යුතුයි. ” යැයි පැවසී ය. මෙම තත්ත්වය මෙතරම් සෘජුව පෙර දැකීමට හැකි වූයේ , ඔහුගේ පරිපාලනය මෙම ප්‍රතිඵලය ඇති කිරීමට කටයුතු කල නිසාය.

Loading