දෙසැම්බර් මස 02 දා කොලඹ, බත්තරමුල්ලේ, ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටිය දී පොලිස් අත්අඩංගුවට ගත් පාසල් සංවර්ධන නිලධාරීන් (පාආසංනි) වන, එල්.පී.එස්. අබේවික්‍රම, එච්.වයි.එල්. පෙරේරා, කේ.එම්.ජී. කොස්වත්ත, සහ එච්.ඩබ්ලිව්.ආරච්චිගේ යන සිවුදෙනා, කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් දෙසැම්බර් 10 දා, රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කෙරුනි.
නීතිවිරෝධී රැස්වීමක කොටස්කරුවන් වීම, රථ වාහන ධාවනයට බාධා කිරීම සහ විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරීන් තිදෙනෙකුට කැපුම් තුවාල සිදු කිරීම යන අභූත චෝදනා අත්අඩංගුවට ගත් පාආසං නිලධාරීන්ට එරෙහිව ගොනු කර තිබුනි. ඔවුන් ඇපමත නිදහස් කල ද, මෙම චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් බවට අධිකරනය තීන්දු කලහොත්, වසර තුනක් දක්වා සිරදඬුවම් වලට සහ මුදල් දඩ වලට යටත් කිරීමේ අන්තරායට ඔවුහු මුහුන දී සිටිති. ඉදිරි පියවර සඳහා නඩුව 2025 මාර්තු මස 25 දා යලි කැඳවීමට නියමිත ය.
විරෝධතාවයේ නිරත පාආසංනි ඉල්ලා සිටියේ, ඔවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහනය කර ගුරුවරුන්ට හිමි අයිතිවාසිකම් ලබා දෙන ලෙසයි. 16,000 ක් පමන පාආසනි 2021 පටන් පාසල් තුල ඉගැන්වීම් කටයුතුවල නිරත වී සිටිති.
මේ යුක්තියුක්ත ඉල්ලීම ඉදිරිපත් කරමින්, දහසකට ආසන්න පාආසං නිලධාරීන් දෙසැම්බර් 02 දා පැවැත්වූ විරෝධතාවට, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුනු (ජවිපෙ)/ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ කිහිප සියයක පොලිසිය මෙහෙයවා විරෝධතාකරුවන්ට පහරදී සිවුදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙනි.
මෙම පොලිස් ප්‍රහාරයට සහ අත්අඩංගුවට ගැනීමට එරෙහිව, කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය වන අප දෙසැම්බර් 07 දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා නිකුත් කල ප්‍රකාශයේ මෙසේ සඳහන් කලෙමු:
“අත්අඩංගුවට ගත් මෙම ගුරුවරුන් සිවුදෙනා, ජනාධිපති දිසානායක ආන්ඩුව සූදානම් කරමින් තිබෙන පන්ති යුද්ධයේ පලමු ගොදුර බවට පත්ව සිටිති. කම්කරු පන්තිය මෙම ප්‍රහාර වලට ඉඩ නොදිය යුතුය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) නිර්දය කප්පාදු වැඩපිලිවෙල තීව්‍ර කරන ආන්ඩුව, වැඩි කල්යන්නට මත්තෙන් ඔබට ද අත තබනු ඇත, පන්ති සහෝදර සහෝදරියන්ගේ එක් කොටසකට පහර දීම යනු අප සැමට පහර දීමකි!”
එම ආස්ථානය මත පාආසං නිලධාරීන් සහ ඔවුනගේ අරගලය ආරක්ෂා කිරීමට අවශේෂ ගුරුවරුන් ඇතුලු සමස්ත කම්කරු පන්තිය පෙරට පැමිනිය යුතුය. එයට ප්‍රධානතම බාධාව බවට පත්ව ඇත්තේ, වෘත්තීය සමිති නිලධරය යි. දිසානායක පාලනයට සමගාමීව, ජනතා විමුක්ති පෙරමුන සහ අනෙකුත් ධනපති පක්ෂ විසින් පාලනය කරනු ලබන සහ අනෙකුත් ස්වාධීන යයි කියා ගන්නා වෘත්තීය සමිතිවල නිලධරයන් පාසංනි ට එරෙහිව පෙල ගැසී ඇත.
මෙම තතු තුල, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරුවන් විසින්, තම කම්හල්, වැඩබිම්, පාසල් සහ නිවස්නා ප්‍රදේශ ආශ්‍රිතව වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය ය. එම කමිටුවල සන්ධානයක් හරහා ගොඩනගන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මගින්, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් මත පාදක වූ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සූදානම් කල යුතු ය.
මෙම වැඩපිලිවෙල සාකච්ඡා කරනුවස්, “පාසල් සංවර්ධන නිලධාරීන් (ගුරුවරුන්) සිවුදෙනාට එරෙහි චෝදනා ඉවත්කරගනු! පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සටනට පූර්න සහාය!” යන මැයෙන්, දෙසැම්බර් 15 වන ඉරිදා සවස 7.00 ට සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වෙන රැස්වීමට සහභාගිවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
රැස්වීම සඳහා මෙම සබැඳියෙන් ලියා පදිංචි වෙන්න.