ජනාධිපති රාජපක්ෂගේ හදිසි නීතියට එරෙහි ව සටන් කරන්නේ කෙසේ ද?සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි)

අගෝස්තු මස අවසානයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි විපක්ෂයේ ඉතා සීමිත විවේචන සහ පාලක පක්ෂයේ බහුතර සහයෝගය ඇති ව පාර්ලිමේන්තුව හරහා තල්ලු කර ගනු ලැබුනි.

මෙම නීති පැනවීම “මහජන ආරක්‍ෂාව සහ යහපැවැත්ම ද, ප්‍රජාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා නඩත්තු කිරීම ද සහතික කිරීම සඳහා” බව ආන්ඩුව කියා සිටියත් එහි සැබෑ ඉලක්කය වන්නේ තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට අවතීර්න වෙමින් සිටින කම්කරු පන්තිය සහ ගම්බද දුප්පත් ජනතාවයි.

රාජපක්ෂ ආන්ඩුව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින අතර මෙම අර්බුදයේ සමස්ත බරට කම්කරුවන් සහ දුගීන් උර දිය යුතු යැයි බල කරමින් සිටී. මහ ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම් වලට අනුකූල ව, රජය ඊයේ කොරෝනා වෛරසය හා සම්බන්ධ සීමිත සංචරන සීමා සහ සෞඛ්‍යාරක්ෂන ප්‍රතිපත්ති ඉවත් කලේය. ලාභ උත්පාදන අවශ්‍යතා සඳහා සෑම කෙනෙකුම ආපසු වැඩට දැක්කීම එහි උත්සුකයයි.

වසංගතය සාපරාධී ලෙස හැසිරවීම සම්බන්ධයෙන් මහජන කෝපය වැඩෙමින් පවතී. රාජපක්ෂ පාලනය සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් නැවත නැවතත් නොසලකා හරිමින්, වේගයෙන් බෝවනසුලු ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදන හා මරන සංඛ්‍යා අඛන්ඩව ඉහල යාමට ඉඩ සලසා ඇති අතර මහජන සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට අපොහොසත් වී ඇත.

රජයේ පාසල් ගුරුවරු, තම වැටුප් ඉල්ලීම් සඳහා මාස තුනක සිට වැඩ වර්ජනයක යෙදී සිටිති. වඩා හොඳ සේවා කොන්දේසි, වසංගතයෙන් ආරක්ෂා වීමේ පියවර සහ දීමනා සඳහා දස දහස් ගනනින් වැඩ වර්ජන ක්‍රියාමාර්ග ගෙන ඇති සෞඛ්‍ය සේවකයෝ, ජාතික පරිමානයෙන් ඔවුන් සමඟ එකතු වී ඇත.

තම අරගල ආරක්ෂා කර ගැනීමට සහ ඉදිරියට ගෙන යාම සඳහා ස්වාධීන හා එක්සත් ව්‍යාපාරයක් ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවයට දිවයින පුරා සිටින කම්කරුවෝ මුහුන දී සිටිති. කෙසේ වෙතත්, සෑම වෘත්තීය සමිතියක්ම, එවැනි ඒකාබද්ධ ව්‍යාපාරයක් වැලැක්වීම අරමුනු කරගත් නව හදිසි නීති වල සැබෑ අවදානම වසන් කිරීමට කටයුතු කර ඇත.

මෙම සන්දර්භය තුල, සමාජවාදී සමානතා පක්ෂය (සසප) “ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මර්දනකාරී හදිසි තත්වයට විරුද්ධ වනු” යන මැයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර නව රෙගුලාසි මගින් ඇති විය හැකි අනතුරු පිලිබඳව දැනුවත් කිරීම සඳහා තරුනයින්, අනෙකුත් පීඩිත කොටස් සහ කම්කරු පන්තිය අතර මැදිහත් වෙමින් සිටී. සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත කම්කරුවන් බලමුලු ගැන්වීම සසප රැස්වීමේ දී සාකච්ඡාවට බඳුන් වනු ඇත.

රැස්වීමට සහභාගී වී මෙම තීරනාත්මක සාකච්ඡාවට හවුල් වන ලෙස අපි කම්කරුවන්, ශිෂ්‍යයින්, තරුනයින්, බුද්ධිමතුන් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවි පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

Join the Socialist Equality Party
දේශනය සඳහා නිර්දේශිත කියවීම්

වෘත්තීය සමිති ආන්ඩුවේ "විසඳුම" ට එකඟ වී සෞඛ්‍ය සේවක අරගලය නතර කරති

සෞඛ්‍ය සේවක අරගලය පාවාදීම මගින් යලිත් සනාථ කෙරෙන්නේ වෘත්තීය සමිති කම්කරුවන් ගේ අයිතීන් සඳහා සටන් කරන කම්කරුවන්ගේ සංවිධාන නොව; ධනපති පාලක පන්තිය වෙනුවෙන් කම්කරු පන්තියේ අයිතීන් බිල්ලට දෙන කාර්මික පොලීසියක් බවයි.

අපේ වාර්තාකරුවන්

මහනුවර රෝහලේ හෙදියක් සහ සසප සාමාජිකයෙකු අතර සාකච්ඡාවක්

සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ආන්ඩුවේ ප්‍රහාර පරාජය කරන්නේ කෙසේද?

“අරගලය (මහජන නැගිටීම) තුල කම්කරුවන්ගේ දැවැන්ත එකමුතුවත් ඇතිවුනා. ඒ වගේ ප්‍රහාරයක් නැවත සංවිධානය කරගන්න අපිට අවශ්‍යයි.”

කමල් මහගමගේ

වැඩි වැටුප් දිනා ගැනීමට සහ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගමු!

කම්කරුවන්ගේ අරගල අවහිර කරමින්, පාලක පන්තිය මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමට සෞවෘසස සහ සියලුම වෘත්තීය සමිති ආන්ඩුවට සහයෝගය දෙති.

සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුව

දුම්රිය පුද්ගලීකරන වැඩ කටයුතුවල ඉදිරි පියවරක්:

රත්මලාන දුම්රිය වැඩපොලේ පුද්ගලික අංශයේ කර්මාන්තශාලාවක් ඉදිකිරීමට යයි

තමන් පුද්ගලීකරනයට විරුද්ධ බව දුම්රිය වෘත්තීය සමිති නිලධරය කියා සිටිය ද, එයට එරෙහිව කිසි ලෙසකින් හෝ කම්කරුවන් සංවිධානය නොකරමින් හා නිහඬ ව සිටිමින් ඔවුහු පුද්ගලීකරනයට සහාය දෙති.

සුජීව අමරනාත්