කම්කරු අරගල

ස්ටාර් ඒ කොමාර් සමාගමේ සේවක දඩයමක් සහ වැඩ වේගවත් කිරීමක් දියත් කෙරේ

අපේ වාර්තාකරුවන්, 7 ජූලි 2020

වසංගතය දඩමීමා කර ගෙන දැනට කම්කරුවන්ට එල්ල කරමින් පවත්නා ප්‍රහාරය පරයා යන දැවැන්තම ප්‍රහාරයකට, සමාගම්කරුවන් සහ ආන්ඩුව අරඅඳිමින් සිටින බවට, සමාජවාදී සමානතා පක්ෂය අනතුරු අඟවයි.

වසංගතයෙන් තම ජීවන කොන්දේසි වඩාත් දුෂ්කර කෙරී ඇති අයුරු රත්මලාන කම්කරුවෝ ලෝසවෙඅ ට පැහැදිලි කරති

රවීන්ද්‍ර ඒ්කනායක, 4 ජූලි 2020

රත්මලාන හා තදාසන්න ප්‍රදේශවල කම්කරුවෝ තමන් මුහුන දෙන රුදුරු කොන්දේසි පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කලහ.

පුද්ගලීකරනයට එරෙහි වරාය කම්කරු අරගලය පුහු විරෝධතා මගින් අපගමනය කිරීමට වෘත්තීය සමිති වැඩට බසී

විජිත් සමරසිංහ සහ ජෝතිපාල දැදිගම, 2 ජූලි 2020

පුද්ගලීකරනයට එරෙහිව අරගලයට ඇදෙන කම්කරුවන් ජාතිකවාදී මාවත් ඔස්සේ අවමංගත කරමින් එලඹෙන මහ මැතිවරනයේදී රාජපක්ෂ ආන්ඩුවට පිටිය සකස්කරදීම මෙම විරෝධතාවන්හි අරමුනයි.

රැකියා සහ වැටුප් කප්පාදුවට එරෙහිව, බ්‍රැන්ඩික්ස්, ස්මාර්ට් ෂර්ට් සහ ක්‍රිස්ටල් මාටින් කම්කරුවෝ ලෝසවෙඅ ට කතා කරති

අපේ වාර්තාකරුවන්, 1 ජූලි 2020

කම්හල් පරිපාලනය විසින් කම්කරුවන් මත මෙම ප්‍රහාර දිගේලි කොට තිබෙන්නේ රාජපක්ෂ ආන්ඩුවේ පිටුබලය සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිවය.

පුද්ගලික අංශයේ වැටුප් සහ රැකියා කප්පාදු ගිවිසුම දීර්ඝ කිරීමට වෘත්තීය සමිති එකඟවෙති

ඩබ්ලිව්.ඒ.සුනිල්, 24 ජූනි 2020

ත්‍රෛපාර්ශ්වික ගිවිසුම වනාහි, කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කප්පාදු කර ධනපති හාම්පුතුන්ගේ ලාභ තර කර දීම සඳහා වූ, ආන්ඩුව, හාම්පුතුන් හා වෘත්තීය සමිති අතර සම්මුතියකි.

තැපැල් වෘත්තීය සමිති වැටුප් කප්පාදුවට එකඟවෙයි

ඩබ්ලිව්.ඒ. සුනිල්, 23 ජූනි 2020

තැපැල් වෘත්තීය සමිති වැටුප් කප්පාදුවට එකඟවීමෙන් රාජපක්ෂ ආන්ඩුවේ අර්බුදය කම්කරුවන් මත පැටවීමට සහයෝගය දෙති

ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කප්පාදුව පුලුල්ව ක්‍රියාවට දැමෙයි

ඩබ්ලිව්. ඒ. සුනිල්, 20 ජූනි 2020

ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කප්පාදුව ක්‍රියාවට දැමෙන්නේ රාජපක්ෂ ආන්ඩුවේ පිටුබලය සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිවය

රෝහල් කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය සංවිධානය කරන්නේ කෙසේ ද?

සමාජවාදී සමානතා පක්ෂය, 20 ජූනි 2020

කම්කරු පන්තියේ සෙසු කොටස්වල මෙන් ම, රෝහල් කම්කරුවන්ගේ අයිතීන් දිනා ගත හැක්කේ වෘත්තීය සමිති වලින් ස්වාධීනව සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත සටන් කිරීමෙන් පමනි.

මස්කෙලිය ග්ලිනුයිජ් වත්තේ කම්කරුවෝ තම අරගල ඉදිරියට ගෙනයාම සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවති

එම්.දේවරාජා, 17 ජූනි 2020

ග්ලිනුයිජ් වත්තේ කම්කරුවන් විසින් මෙහෙයුම් කමිටුවක් පිහිටුවා ගැනීම වතු සමාගම් සහ ධනපති ආන්ඩුවේ ඒජන්තයන් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිතිවලින් ස්වාධීනව තම අයිතීන් සඳහා අරගලය සංවිධානය කිරීමේ වැදගත් ඉදිරි පියවරක් වනු ඇත.

ස්මාර්ට් ෂර්ට් කම්කරුවන් සාකච්ඡා වටවංගුවල සිරකොට ඔවුනගේ රැකියා සටන දිය කිරීමට වෘත්තීය සමිති යත්න දරයි

අපගේ වාර්තාකරුවන්, 16 ජූනි 2020

හාම්පුතුන් සමඟ සාකච්ඡාවේදී කම්කරුවන්ගේ අරගල යටපත් කරදීමට සමිති නායකයන් පොරොන්දු වී තිබෙන බවට සැක නැත.

ආන්ඩුව විගමනික කම්කරුවන් ගෙන්වීම පමා කරමින් ඔවුන් වසංගතයට ගොදුරුවීමට ඉඩහරියි

නන්දන නන්නෙත්ති, 13 ජූනි 2020

ආන්ඩුව විගමනික කම්කරුවන්ට සලකන නරුම ආකාරය සමස්ත කම්කරු පන්තිය කෙරහි එහි ආකල්පය පෙන්නුම් කරයි.

දීමනා සහ රැකියා කප්පාදුවට එරෙහිව තැපැල් සේවකයන් අකුරට වැඩ කිරීමේ විරෝධතා උද්ඝෝෂනයක්

අපේ වාර්තා කරුවන්, 13 ජූනි 2020

තැපැල් සේවකයන්ගේ දීමනා සහ රැකියා කප්පාදුව කම්කරු පන්තියේ අයිතීන්ට එරෙහි පලල් ප්‍රහාරයක කොටසකි.

කටුනායක නිදහස් වෙලඳකලාපයේ ස්මාර්ට් ෂර්ට් කම්හල් ජාලයේ තවත් කම්හල් කිහිපයක කම්කරු රැකියා අනතුරේ

අපගේ වාර්තාකරුවන්, 11 ජූනි 2020

පවත්නා සමිති අප්‍රසාදයට පත් වූ විට “සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැර” යැයි පවසමින් තවත් වෘත්තීය සමිතියක් ගොඩ නගා කම්කරුවන් මුලා කිරීමේ අත් දැකීම් වෙලඳ කලාපයේ කම්කරුවන් සතුව පවතී.

සසප, විදේශයන්හි රැකියාවේ නිරත කම්කරුවන් සඳහා ලෝසවෙඅ තුල පුවත්හසුනක් දියත් කරයි

සමාජවාදී සමානතා පක්ෂය, 11 ජූනි 2020

විදේශයන් හි රැකියාවේ නිරත, ශ්‍රී ලංකාව ඇතුලු කලාපයේ කම්කරුවන් ගේ දැවෙන ප්‍රශ්න පිලිබඳව, ලොව පුරා කම්කරුවන් දැනුවත් කරමින් ගෝලීය ධනපති කමයට එරෙහි ඒකාබද්ධ දේශපාලනික අරගලයක් වර්ධනය කිරීම මෙහි අරමුනයි.

කම්කරුවන් 400 කට රැකියා අහිමි කරමින් මිරිජ්ජවිල කේන් ඇපරල් කම්හල වසා දමයි

නන්දන නන්නෙත්ති, 8 ජූනි 2020

ආන්ඩුව වෘත්තීය සමිති වල පූර්න සහයෝගය ඇතිව, උත්සන්න වී ඇති අර්බුදයේ බර මුලුමනින් ම කම්කරුවන් මත පටවා හාම්පුතුන් රැක ගැනීමට පියවර ගනිමින් සිටී.

දුම්මලසූරිය හේලිස් කම්හලේ කම්කරුවෝ වැටුප් කප්පාදුවට එරෙහිව අඛන්ඩ වර්ජනයේ

අපේ වාර්තාකරුවන්, 26 මැයි 2020

නව කොන්දේසි යටතේ කම්කරුවන්ගේ දෛනික වැටුප සියයට 30 කට වඩා කප්පාදු වනු ඇත.

යක්කල එස්ක්වෙල් එවර්බෙස්ට් කම්හලේ කම්කරුවන් විරෝධතා මධ්‍යයේ ඉවත් කෙරේ

අපේ වාර්තාකරුවන්, 23 මැයි 2020

එස්ක්වෙල් සමගමේ කම්කරුවන් පාවාදීමට නිවෙකපොසේසේස ඉටුකරන ක්‍රියාකලාපය හාම්පුතුන් හා ආන්ඩුව සමග ඇතිකරගත් සම්මුතිවල දුෂ්ට කම්කරු-විරෝධී ස්වභාවය පෙන්නුම් කරයි.

බලපිටිය මූලික රෝහලේ කම්කරුවෝ අප්‍රේල් අතිකාල වැටුප් ඉල්ලා උද්ඝෝෂනය කරති

නන්දන නන්නෙත්ති සහ එල්.පී. උදය, 23 මැයි 2020

කම්කරුවන් ඉල්ලා සිටියේ අතිකාල ඇතුලු අනෙකුත් දීමනා තමන් අතට ලැබෙන තෙක් නොනවත්වන සටනකි.

ඇඟලුම් කම්කරුවන්ගේ විරෝධතා බංග්ලාදේශ කාර්මික කලාප සොලවාලයි

විමල් පෙරේරා, 15 මැයි 2020

කෝවිඩ්-19 රෝගය පැතිරීමත් සමග එහි තර්ජනයට කම්කරුවන්ගේ ජීවිත බිලි දෙමින් බංග්ලාදේශ ඇඟලුම් කර්මාන්තයේ හාම්පුත්තු එක්සත් ජනපද හා යුරෝපීය මහ වෙලඳුන්ගේ ඉල්ලීම්වලට අනුකූලව කම්හල් නැවත විවෘත කරමින් සිටී.

වසංගතයෙන් අනාථ වූ ලංකාවේ කම්කරු පිරිසක් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වටලා පිහිට ඉල්ලති

නන්දන නන්නෙත්ති, 11 මැයි 2020

වසංගතයෙන් අනාථව සිටින විදෙස්ගත කම්කරුවන්ගේ ජීවිත ගැන ලංකාවේ ආන්ඩුව මුලුමනින්ම නොතකා හැර ඇත.

සෞඛ්‍ය ආරක්ෂන උපකරන සහ දීමනා ඉල්ලා සංවර්ධන නිලධාරීහු ආපදා සේවාවන්ගෙන් ඉවත්වෙති

සුරංග සිරිවර්ධන, 10 මැයි 2020

ආපදා සේවාවන්හි යෙදී සිටින කම්කරුවන්ට අත්‍යවශ්‍ය ආරක්ෂන උපකරන සඳහා මුදල් වෙන් නොකරන ආන්ඩුව මහා සමාගමි බේරා ගැනීමට බිලියන සංඛ්‍යාත මුදල් වෙන් කරයි.

වසංගතයේ අන්තරාය තිබියදී යලි වැඩ ඇරඹීමට තැපැල් කම්කරුවෝ විරෝධය පල කරති

අපේ වාර්තාකරුවන්, 9 මැයි 2020

ආන්ඩුව ජනාධිපතිවරනයේ දී දුන් පොරොන්දු සියල්ල බොරු බවත් දැන් කම්කරුවන්ගේ වැටුප් කපා පශ්න විසඳීමට උත්සාහ කරන බවත් තැපැල් සේවකයෝ පැවසූහ.

කහටගහ පතලේ කම්කරුවෝ රැකියා හා වැටුප් කැපීමේ සැලසුමට විරෝධය දක්වති

නවීන් දේවගේ, 5 මැයි 2020

ආන්ඩුව කොවිඩ්-19 වසංගතයෙන් ඇතිවූ අර්බුදයට මුවාවී කහටගහ කම්කරුවන්ගේ අයිතීන් කප්පාදු කරයි.

අපනයන කම්කරුවන් මත දැවැන්ත රැකියා සහ වැටුප් කප්පාදුවක්

අපේ වාර්තාකරුවන්, 1 මැයි 2020

ලාබ පිපාසිත අපනයන කර්මාන්තකරුවන් විසින් කම්කරුවන් මත රැකියා සහ වැටුප් කප්පාදුව ක්‍රියාවට දමන්නේ රාජපක්ෂ ආන්ඩුවේ සහ වෘත්තීය සමිති වල සයෝගය ඇතිවය.

කෝවිඩ්-19 පැතිරීමත් සමඟ ඇඟලුම් කම්කරුවෝ බංග්ලාදේශයේ විරෝධතා දක්වති

විමල් පෙරේරා, 16 අප්‍රේල් 2020

කම්කරුවන් දහස් ගනනක් නෙරපා හරිමින් සහ හිඟ වැටුප් ගෙවීම ප්‍රතික්ෂේප කරමින් හාම්පුත්තු කම්හල් වසා දමා ඇත.

කම්කරු පන්තිය, සමාජවාදය සහ වසංගතයට එරෙහි සටන

ඩේවිඩ් නෝර්ත්, 4 අප්‍රේල් 2020

ඉන්ස්ටාකාර්ට්, ඇමසොන් සහ හෝල් ෆුඩ්ස් කම්කරුවන්ගේ හදිසි වැඩ වර්ජන හා විරෝධතා, සංගත ලාභ සඳහා කම්කරුවන්ගේ ආරක්ෂාව සාපරාධී ලෙස යටත් කිරීමට එරෙහිව පලවන ප්‍රතිචාරයකි.

ශ්‍රී ලංකා ගුවන් සේවයේ වැටුප් කප්පාදුවට එරෙහිවෙනු!

පානි විජේසිරිවර්ධන, 4 අප්‍රේල් 2020

වසංගතයෙන් පැන නංවා ඇති අර්බුදයේ සමස්ත බර අර්බුදය නිර්මානය කල ධනපතියන් විසින් ම දැරිය යුතු ය.

බංග්ලාදේශය: කොවිඩ්-19 අර්බුදය මධ්‍යයේ ඇඟලුම් කම්කරුවෝ ආරක්ෂාව උදෙසා වැඩ වර්ජනය කරති

විමල් පෙරේරා, 2 අප්‍රේල් 2020

තමන්ගේ කම්හල් තුල සහ ගමනාගමනයේදී “සමාජ දුරස්ථභාවය” ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම හේතුවෙන් බංග්ලාදේශ කම්හල් කම්කරුවන්ගේ කෝපය වැඩි වෙයි.

ඇඳිරි නීතිය නිසා සිරවී සිටි ඇඟලුම් කම්කරුවන් 20,000 ක් වැටුප ද නොදී නිවෙස් කරා යවයි

සකුන ජයවර්ධන, 28 මාර්තු 2020

වසංගතය මධ්‍යයේ අත්‍යවශ්‍ය සේවා නියෝග පනවමින් කම්කරුවන් වැඩට දැක්කීම මගින් පෙන්වන්නේ ධනපති ක්‍රමයෙහි මානව-විරෝධී ස්වභාවය යි.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නොතකා වතු කම්කරුවන් අනාරක්ෂිතව වැඩෙහි යොදවයි

එම්. දේවරාජා, 27 මාර්තු 2020

මුඛ ආවරන හා අත්වැසුම් වැනි මුලික ආරක්ෂාවන්ගෙන් පවා තොරව වතු කම්කරුවන්ට වැඩ කිරීමට සිදුව ඇත.

එක්සත් ජනපද මෝටර් රථ කම්කරුවන් තීන්දුව තම අතට ගනී

කොරෝනා වෛරසය මුල්කරගෙන පැනනැඟී ඇති ක්ෂනික වර්ජන රැල්ලට ප්‍රතිචාර වශයෙන්, උතුරු ඇමරිකාව පුරා මෝටර් රථ කම්හල් වසා දැමේ

ටොම් හෝල්, 21 මාර්තු 2020

කොරෝනා වෛරස් වසංගතය අතරතුර අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදනය දිගටම කරගෙන යාමට එරෙහිව ලොව පුරා පැනනැඟී තිබෙන හදිසි වැඩ වැරීමේ අලුත්ම ක්‍රියාවලිය, 18දා උදෑසන ඇමරිකාවේ මිඩ් වෙස්ට් මෝටර් රථ කම්කරුවන් දස දහස් ගනනක් සිය මෙවලම් බිමතබා ඉවත්ව යාමයි.

එක්සත් ජනපද මහ බැංකුව, ඇප ඉල්ලා සිටින මූල්‍ය වෙලඳපොලවල් හා සමාගම් ගලවා ගැනීමට උත්සාහ කරද්දී,

රැකියා අහිමිවීම් හා වැටුප් කප්පාදුවලින් කම්කරුවෝ පීඩාවට පත්වෙති

නික් බීම්ස්, 19 මාර්තු 2020

අගුලු දැමීම් පුලුල් වන විට, එක්සත් ජනපදයේ රැකියා අහිමිවීම් ලොව පුරා අනෙකුත් ප්‍රධාන ආර්ථිකයන්හි ද පුනර්කරනය වනු ඇත.

කිනලන් සහ කහගල වතුවල කම්කරුවෝ වැඩ වරති

එස්.කේ. අයිරාංගනී සහ කේ.කාන්ඩීපන්, 17 මාර්තු 2020

වතු කම්කරුවන් තමා මුහුන දී සිටින දුෂ්කර කොන්දේසි වලට එරෙහිව නැවත නැවතත් අරගලවලට පිවිසිය ද, සමිති නායකයෝ ඒවා පාවා දෙති.

ගුරුවරු දෙලක්ෂයක් වැඩ වරති

අපේ වාර්තාකරුවන්, 28 පෙබරවාරි 2020

ධනපති රාජ්‍යයට ගැටගැසී ඇති වෘත්තීය සමිති, ධනපති පාලනයට අභියෝගයක් විය හැකි පන්ති අරගලයේ නැඟීමට සතුරුය.

වැටුප් හා නිදහස් අධ්‍යාපන අයිතිය දිනා ගැනීමට ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට සටන් වදිනු !

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ගුරු කන්ඩායමේ ප්‍රකාශය, 26 පෙබරවාරි 2020

අරගලයට පිවිසෙන අවශේෂ කම්කරුවන්ට මෙන්ම ගුරුවරුන්ට ආන්ඩුවලට බලපෑම් දැමීමේ වෘත්තීය සමිති සීමාවේ තවදුරටත් රැඳී සිටීය නොහැකි ය.

එක්සත් ජනපදය තුල වැඩෙන පන්ති ගැටුම සහ සමාජවාදයේ පුනර්ජීවනය

ජෝසප් කිෂෝර්, 22 පෙබරවාරි 2020

කම්කරු පන්තිය වමට නැඹුරුවීම සහ සමාජවාදය කෙරෙහි වැඩෙන උනන්දුව යටින් පවතින අත්‍යවශ්‍ය සාධකය වන්නේ කම්කරු පන්ති අරගලයේ ව්‍යාප්තියයි.

රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වැඩෙන විරෝධතා මාලාවට පාසැල් ගුරුවරු ද එක් වෙති

කපිල ප්‍රනාන්දු, 19 පෙබරවාරි 2020

ධනපති පාලක පන්තිය විසින් දියත්කොට ඇති වාර්ගික ප්‍රකෝපකරනයන් නොතකා උතුරු සහ නැගෙනහිර ඇතුලු‍ කොලඹට දුර පලාත්වලින් පවා ගුරුවරු විරෝධතාවයට සම්බන්ධ වී සිටියහ.

සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා දුම්රිය කම්කරුවෝ උද්ඝෝෂනයේ යෙදෙති

සුජීව අමරනාත්, 18 පෙබරවාරි 2020

මහ මැතිවරනයක් මුව විට, ආන්ඩුව දුම්රිය කම්කරුවන්ට කරන තර්ජන මගින් පෙන්නුම් කෙරෙන්නේ, කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ වර්ජන හා විරෝධතාවන් මත රුදුරු ලෙස කඩාපැනීමට එහි ඇති සූදානම යි.