ලිබියාවේ යුද්ධය හා යුරෝපීය සංගමයේ අර්බුදය

The war in Libya and the crisis of the European Union

By Peter Schwarz,30 May 2011

1 කොටස

සමාජවාදී සමානතා පක්ෂයේ ජර්මානු ශාඛාව පැවැත්වූ සම්මන්ත‍්‍රනයක දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලේකම් පීටර් ෂ්වාස් විසින් 2011 පාස්කු නිවාඩුවේ දී ඉදිරිපත් කරන ලද වාර්තාවක් පදනම් කරගෙන මතු දැක්වෙන ලිපි පෙල කොටස් තුනකින් පලකරනු ලබයි.

ලිබියානු යුද්ධය ලෝක දේශපාලනයේ සන්ධිස්ථානයක් සලකුනු කරයි.

ටියුනීසියාවේ හා ඊජිප්තුවේ විප්ලව පුපුරා යාමෙන් යන්තම් සති කිහිපයකට පසුව හා මුවම්මර් ගඩාෆිට එරෙහි ඊනියා කැරැල්ල ඇරඹී යන්තම් දින කිහිපයකට පසුව එක් රැයකින්ම වාගේ එරටට බෝම්බ හෙලීමේ තීන්දුව ගනු ලැබිනි. ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ යුද්ධ වලට සපුරා පටහැනි ලෙස ප‍්‍රහාරයේ මූලිකත්වය ගත්තේ, පසුව ඊට එකතුවූ එක්සත් ජනපදය විසින් නොව, හිටපු යුරෝපීය යටත් විජිත බලවතුන් වන දැන් ඉතාලිය ද ඇතුලත් ප‍්‍රන්සය හා මහා බි‍්‍රතාන්‍යයයි. 1956 සූවස් යුද්ධයෙන් ඉවත්වීමට සිදුවූ තැන් සිට ප‍්‍රථම වතාවට ප‍්‍රන්සය හා බි‍්‍රතාන්‍ය යලිදු වතාවක් අරාබිකරයේ යුද්ධයක් දියත්කර තිබේ.

පැබ්ලෝවාදීන්ගේ සිට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හා හරිතයින් දක්වා වූ ව්‍යාජ වම්මුන් විසින් සහයෝගය දී තිබෙන යුද්ධය නිල වශයෙන් අංඟලක්ෂනය කර ඇත්තේ "මානුෂිකවාදී” මැදිහත්වීමක් ලෙස ය. එහෙත් එය පැහැදිලිව ම අධිරාජ්‍යවාදී ව්‍යවසායකි. එය කාන්තාර රටේ විශාල තෙල් හා ගෑස් ද පැරනි අධිරාජ්‍යවාදී බලවතුන් හා නැඟී එන චීන බලවතා අතර ඇවිල යන සටන වටා අප‍්‍රිකාවේ අමුද්‍රව්‍ය හා වෙලඳපොලවලට පිවිසීම හා කලාපයේ අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන්ට තර්ජනය කරන උතුරු අප‍්‍රිකාවේ හා මැද පෙරදිග විප්ලවය මැඩීම සම්බන්ධ ප‍්‍රශ්නයකි.

යුද්ධය සමඟ වර්ධනය වී ඇති ප‍්‍රචන්ඩත්වය වනාහි ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් අතර කටුක ගැටුම හා එම රටවල් තුල ම උග‍්‍ර වන පන්ති ප‍්‍රතිවිරෝධතා යන දෙකේම ප‍්‍රතිපලයකි. බොහෝ යුද්ධ මෙන්ම ලිබියානු යුද්ධය ද පාර්ශවීය වශයෙන් තීරනය වී ඇත්තේ දේශීය දේශපාලන අභිපේ‍්‍රරනයන් ගෙනි. එය අවධානය සමාජ ගැටුම් වලින් වෙනතකට හැරවීමටත් ඒවා ප‍්‍රචන්ඩ ලෙස මැඩීම සඳහා අවශ්‍ය තත්වයන් නිර්මානය කිරීම සඳහාත් සේවය කරයි. සාකෝසි මෙන්ම බර්ලුස්කෝනිත් බෙහෙවින් අපකීර්තියට පත් කප්පාදු පියවර කම්කරු පන්තිය මත පැටවීමේ ක‍්‍රියාදාමයක නිරතව සිටිති. මාස ගනනක් තිස්සේ දෙදෙනා ජනප‍්‍රියත්වයෙන් අන්තයටම පිරිහී ඇති බව ජනමත විමසුම් වලින් පෙන්නුම් කරයි.

අපේ‍්‍රල් 19දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ "ලිබියානු යුද්ධය හා අන්තර් අධිරාජ්‍යවාදී ගැටුම් උත්සන්න වීම” යන මැයෙන් පලවූ ලිපියකින් යුද්ධය පුපුරා යාමෙන් පසුව ප‍්‍රන්සය බි‍්‍රතාන්‍ය හා එක්සත් ජනපදය අතර එක් පසෙකින් ද ජර්මනිය සමග අනෙක් පසෙන් ද එන්ට එන්ටම වර්ධනය වන කටුක ගැටුම් කෙරේ අවධානය යොමුකර තිබුනි. පලමු වතාවට ජර්මනිය සිය සම්ප‍්‍රදායික මිතුරන් වන ප‍්‍රන්සය බි‍්‍රතාන්‍ය හා එක්සත් ජනපදයට විරුද්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඬලය තුල රුසියාව චීනය ඉන්දියාව හා බ‍්‍රසීලය සමඟ පොදු පෙරමුනකට පැමිනියේ ය. එය ලිබියාව පිලිබඳ යෝජනාවට ඡන්දය දීමෙන් වැලකුනු අතර යුද්ධයට එක් නොවීය. ඒ අතර ප‍්‍රන්සය බි‍්‍රතාන්‍ය හා එක්සත් ජනපදය යෝජනාවට ඡන්දය දෙමින් අර්බුදයේ ආධිපත්‍යය සියතට ගත්හ.

මෙම ආරවුල අහම්බයක් නොවූ අතර එය ජර්මනිය හා ප‍්‍රන්සය අතර ප‍්‍රගාඪ ආර්ථික හා දේශපාලන මතභේදවල මෙන්ම යුරෝපීය සංගමය තුල අර්බුදයේ වැඩි දියුනු ස්වභාවයේ ප‍්‍රතිපලය විය. 1957 රෝම ගිවිසුමේ පටන් යුරෝපීය ප‍්‍රජාවේ හා යුරෝපීය සංගමයේ කොඳු නාරටිය බවට පත්ව තිබුනේ ෆ‍්‍රැන්කෝ-ජර්මානු අක්ෂයයි. එම දෙරට පශ්චාත් යුද්ධ යුරෝපයේ දේශපාලන තත්වය හැඩගැස්වීමේ ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයක් ඉටුකල අතර යුරෝව පොදු යුරෝපීය මුදල ලෙස ස්ථාපිත කල ලොකුම ආර්ථිකයන් විය. මෙම අක්ෂය දැන් පැහැදිලි විභේදන රේඛා පෙන්නුම් කරයි.

දශක ගනනාවක් තිස්සේ යුරෝපයේ දේශපාලන හා මිලිටරි එකමුතුව පවත්වාගෙන යාමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කල එක්සත් ජනපදයේ පිලිවෙත බර්ලිනය නිල වශයෙන් විරුද්ධවූ යුද්ධයකට සහභාගී වෙමින් මුලුමනින්ම පාහේ කටුගා දමා ඇත.

එජා ආරක්ෂක මන්ඬලයේදී ලිබියාව පිලිබඳ ඡන්දය මත ඇතිවූ උනුසුම් විවාදය ජර්මනිය තුලම ද පුපුරා ගියේය. සියලු පක්ෂවල ප‍්‍රමුඛ දේශපාලඥයින් මෙන්ම විවිධ මාධ්‍ය ප‍්‍රකාශන ද අදහස් කලේ විදේශ ඇමති ගයිඩෝ වෙස්ටවේල් ඡන්දය මඟහැරීමෙන් "බරපතල වැරැුද්දක්” කර ඇති බවයි. යුද්ධයට සහභාගී නොවීමට එරට තීරනය කර තිබියදී වුවත් සිය සම්ප‍්‍රදායික මිතුරන්ට විරුද්ධව ජර්මනිය ඊනියා බි‍්‍රක් රටවල් එනම් බ්‍රෙසීලය රුසියාව ඉන්දියාව හා චීනය සමඟ පොදු පෙරමුනකට කිසිසේත්ම නොයා යුතුව තිබුන බව ඔවුහු අවධාරනය කලහ.

ස්පීගල් ඔන්ලයින් ප‍්‍රකාශයක් තුල මෙම විවේචනය පහත සඳහන් පරිදි සාරාංශ ගතකොට තිබුනි. "මේ වන තෙක්ම ජර්මනිය සඳහා නියාමයව පැවතුනේ ඇමරිකාව හා ප‍්‍රන්සය සමඟ පෙල ගැසීමයි. සෑම කල්හි ම එය පහසු කටයුත්තක් වූයේ නැත. සමහරවිට ඉරාක යුද්ධයට පෙරාතුව මෙන් එය නොකල හැකිව තිබුනි. ඒ කාලයේ දී ජර්මානු ෆෙඩරල් සමූහාන්ඩුවට ප‍්‍රධාන හවුල්කරුවන් දෙදෙනෙකු අතරින් අයෙක් තෝරාගැනීමට සිදුව තිබුනි. කෙසේ වුවත් ස්ථිර විශ්වාසයව පැවතියේ මොනම කොන්දේසියක් යටතේ වුවත් එකවිට ඒ දෙදනාටම විරුද්ධ විය නොහැකි බවයි. ආන්ඩුව දැන් ජර්මානු දේශපාලනයේ එම මූලික ශික්ෂා පදයෙන් බැහැර වී ඇත.

ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමක්

ආරක්ෂක මන්ඬලයේ ජර්මානු ඡන්දය විසින් ඇතිකල අනතුරු ඇඟවීම වටහාගැනීම පිනිස යමෙක් කල යුත්තේ ඉතිහාසය දෙස හරී බැලීමයි. 19වන සියවසේ ජර්මානු විදේශ ප‍්‍රතිපත්තිය අධිකාරවත් කල දේශපාලනිකව හුදෙකලා වීම පිලිබඳ භීතිය එවක චාන්සලර්ව සිටි ඔටෝ වොන් බිස්මාක් "සන්ධානයන් පිලිබඳ දුස් ස්වප්නය” ලෙස හැඳින්වීය.

1871දී ජර්මානු අධිරාජ්‍ය පිහිටුවීම යුරෝපීය මහාද්වීපයේ බල තුලනය ප‍්‍රගාඪ ලෙස වෙනස් කලේය. ජර්මානු අධිරාජ්‍යයේ ආරම්භක අවධියේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ පහල මන්ත‍්‍රී මන්ඬලයෙහි ටෝරි නායකයාව සිටි බෙන්ජමින් ඩිස්රායෙලි "බල තුලනය මුලුමනින්ම විනාශ වී ඇතැයි” ප‍්‍රකාශ කලේය. ඒ වනතෙක් බි‍්‍රතාන්‍ය අවිවාදිත ප‍්‍රමුඛ ලෝක බලවතා විය. ප‍්‍රන්සය රුසියාව හා ඔස්ටි‍්‍රයාව යන ප‍්‍රධාන බලවතුන් යුරෝපීය මහාද්වීපයේ බල තුලනය පවත්වා ගනිද්දී ඇය සාගරය පාලනය කලාය. ප්රුසියානු අධිකාරය යටතේ ජර්මනිය එක්සත් කිරීමත් සමග පැරනි මහා බලවතුන්ගේ තත්වයට අභියෝග කරමින් මහාද්වීපය මධ්‍යයේ නව මහා බලවතෙකු හිස එසවීය.

බිස්මාක්ගේ විදේශ ප‍්‍රතිපත්තිය සැලසුම් කරන ලද්දේ ජර්මනියට සතුරුව මෙම මහා බලවතුන්ගේ සන්ධානයක් වැලැක්වීම අරමුනු කරගෙනය. බෝල්කන්හි තුර්කි අධිරාජ්‍යයේ උරුමය මත හටගත් ආරවුල කුරිරු ලෙස ගසා කමින් අනෙකුත් බලවතුන් එකිනෙකාට විරුද්ධව කා කෙටවීම මඟින් බල තුලනය පවත්වා ගැනීම සඳහා මේ කාරනයේ දී බිස්මාර්ක් සන්ධානයන්ගේ සංකීර්න පද්ධතියක් වර්ධනය කලේය.

කෙසේ වුව ද බිස්මාර්ක්ගේ ක‍්‍රමය ක‍්‍රියාත්මක කල හැකි වූයේ ජර්මනිය ප‍්‍රාථමිකව ම එහි අභ්‍යන්තර ආර්ථික තහවුරුකම පිලිබඳ උත්සුකය කෙරෙහි මිස එහි අධිරාජ්‍ය අරමුනු කරා නො එලඹුනුතාක් දුරට පමනි. 1890 ගනන් වලින් පසුව මෙය තවදුරටත් එසේ නොවීය. ඒ අවධිය වන විට පලවන විල්හෙල්ම් මියගිය අතර කෙටි කඹ ඇදීමකින් පසුව ඔහුගේ මුනුබුරාවූ දෙවන විල්හෙල්ම් ඒ තැනට පත්වූ අතර ඔහු බිස්මාක් සමග ඇතිකරගත් ගැටුම් බිස්මාක්ගේ ඉල්ලා අස්වීමට තුඩු දුන්නේය. බිස්මාක්ගේ ක‍්‍රමය බිඳ වැටීම හා ජර්මානු විදෙස් පිලිවෙතේ වෙනස්කම් එබැවින් නිතරම ප‍්‍රකාශිත වූයේ රටේ ඉහලම නායකත්වයේ වෙනස්කම් මගිනි. කෙසේ වෙතත් මෙය චිත‍්‍රයේ කොටසක් පමනක් විය.

තීරනාත්මක සාධකය වූයේ ජර්මනියේ සැලකිය යුතු ආර්ථික වර්ධනයයි. එයට අමුද්‍රව්‍ය හා ලෝක වෙලඳපොලට පිවිසුම අවශ්‍ය කලාක් මෙන්ම සමුච්චිතවූ එහි ප‍්‍රාග්ධනය සඳහා නව ආයෝජන අවස්ථාවන් ද සලසා ගතයුතු විය. මෙහි ප‍්‍රතිපලය වූයේ සාගරයේ බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයට තරඟයක් බවට පත්වූ නාවික බලඇනියක් ගොඩනැඟීමයි. බැග්ඩෑඩ් දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ජර්මානු ප‍්‍රාග්ධන ආයෝජන සඳහා නැගෙනහිරට මාවත පෑදූ අතර ජර්මානු අධිරාජ්‍යයේ ප‍්‍රසාරනය සඳහා යටත් විජිත හඹායාම ද සිදුවිය. පසුව ජර්මානු තත්වය සූත‍්‍රයක් තුල ට්‍රොට්ස්කි මෙසේ සාරාංශ ගත කලේය: "ජර්මනියේ නිෂ්පාදන බලවේග එන්ට එන්ටම වේගවත් වෙත්ම ඒවා තව තවත් ගතික බලයක් අත්කර ගනිත්ම දුප්පත් ප‍්‍රාදේශීය සත්වඋද්‍යානයක් තුල "කූඩුව” ක‍්‍රමයට එකට බැඳුනු පද්ධතියක් වූ යුරෝපීය රාජ්‍ය පද්ධතිය තුල තව තවත් හුස්ම හිරවෙයි."

ඒ අනුව තත්වය වර්ධනය වූයේ බිස්මාක් වලක්වා ගැනීමට උත්සාහ කල ආකාරයට ම ය. අනෙකුත් ප‍්‍රමුඛ බලවතුන් ජර්මනියට එරෙහිව බලමුලු ගැන්වෙමින්, 1902 දී එය බොහෝ දුරට හුදෙකලා කලේය. බි‍්‍රතාන්‍ය ප‍්‍රන්සය හා රුසියාවෙන් සැදුම්ලත් සම්බන්ධීකරනය කල විරුද්ධවාදී පෙරමුනකට මුහුනදීම සඳහා මිතුරෙකු වශයෙන් ජර්මනියට ඉතිරි වූයේ ඔස්ටි‍්‍රයා-හන්ගේරියාව පමනි. පලමු හා දෙවන ලෝක යුද්ධ වලදී ගැටුනු සන්ධානයන් හා බල කඳවුරු බොහෝකොටම තීරනය වූයේ මෙම අදියරේදී ය.

දෙවන ලෝක සංග‍්‍රාමයෙන් අනතුරුව "ජර්මානු ප‍්‍රශ්නය” නිෂ්ක‍්‍රීය කරනු ලැබුවේ බටහිර ජර්මානු රාජ්‍යය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (නේටෝ) හා යුරෝපීය ප‍්‍රජාව තුලට ඒකාග‍්‍රිත කිරීමෙන් ය. ෆෙඩරල් සමූහාන්ඩුව ජර්මානු අධිරාජ්‍යයේ ප‍්‍රමානයෙන් අඩක් පමනක් වීමේ කාරනයෙන් ඒ සඳහා පහසුකම් සැලසුනි. ජර්මනිය හා ප‍්‍රන්සය අතර ක‍්‍රියාකාරී දේශපාලන හා ආර්ථික සහයෝගීතාවය වැඩී ගියේය. ප‍්‍රන්සය ජර්මනියේත් අනෙක් අතටත් ඉතා වැදගත් වෙලඳ සහකරුවෙකු විය.

"ජර්මානු ප‍්‍රශ්නය” යලි මතුවීම

කෙසේ වෙතත් 1990 ජර්මානු එක්සත්වීම සමග "ජර්මානු ප‍්‍රශ්නය” යලි මතුවීම එය නැවතත් ඇටුවන් බැසීමට තුඩු දුන්නේය. ජර්මනිය එක්සත්වීම හා යකඩ තිරය බිඳ වැටීම යුරෝපයේ සමතුලිතය කඩාකප්පල් කලේය. එවක දී බි‍්‍රතාන්‍ය ප‍්‍රන්ස හා ඉතාලි ආන්ඩු ජර්මනිය එක්සත්වීම කෙරෙහි විරුද්ධ වූ බව ප‍්‍රකට කරුනකි. එහෙත් ඔවුනට එය නතර කල නොහැකි විය.

යුරෝපීය සංගමය නිර්මානය කිරීමෙන් හා පොදු යුරෝපීය මුදලක් හඳුන්වාදීම මඟින් ජර්මනිය කොටු කිරීමට අවසානයේදී ඔවුහු එකඟ වූහ. එමගින් ප‍්‍රන්සය ආර්ථික වශයෙන් වඩාත්ම ඉදිරියෙන් සිටින සිය අසල්වැසියා මත පාලනය සහතික කර ගැනීමට බලාපොරොත්තු විය. මූල්‍ය සංගමයකට පෙරාතුව යුරෝපීය දේශපාලන සංගමයක් සඳහා වූ මුල් ජර්මානු ඉල්ලීම චාන්සලර් හෙල්මුට් කෝල් විසින් ප‍්‍රතික්ෂේප කලේය. ඒ වෙනුවට ඔහු පැවසුවේ, යුරෝපීය පොදු වෙලඳපොලක් හා තනි මුදලක් පිලිබඳ තර්කය මත පදනම්ව අනුක‍්‍රමයෙන් එකට එකතුවිය හැකි බවයි.

පසුව එලඹි වසරවල යුරෝවේ ආර්ථික ගතිකය යුරෝපයේ ප‍්‍රසාරනයට හා ගැටුමින් තොරව තහවුරු වීම කරා ගමන් කරනු ඇතැයි පුලුල්ව විශ්වාස කරන ලදී. 2000 වසරේදී ජර්මානු විදේශ ඇමති හරිත පක්ෂයේ ජොෂ්කා ෆිෂර් බෙහෙවින් අවධානයට යොමුවූ යුරෝපීය සමූහාන්ඩුවක් පිලිබඳ අරමුන එලිදක්වමින් හම්බෝල්ඩ් විශ්ව විද්‍යාලයේදී දේශනයක් පැවැත්වීය. යුරෝපීය සංගමය ම 2007 වන විට සාමාජිකයින් 27 දෙනෙකුගේ එකතුවක් දක්වා පුලුල්වූ අතර 1999දී යුරෝව ගිනුම්කරන කටයුතු සඳහා ද 2002 වසරේදී මුදල් නෝට්ටු හා කාසි නිකුත් කිරීම සඳහා ද හඳුන්වා දෙනු ලැබ තිබුනි. එතැන් පටන් එය යුරෝපීය සංගමයේ සාමාජික රටවල් 17ක නිල ව්‍යවහාර මුදල බවට පත්විය.

කෙසේ වුව ද දේශපාලන ඒකාග‍්‍රකරනයේ ක‍්‍රියාවලිය කොර ගසමින් තිබුනි. 1990දී පවා යුරෝපීය බලවතුන් යුගෝස්ලාවියානු අර්බුදය කෙරෙහි පොදු එකඟත්වයකට එලඹීමට අපොහොසත් විය. එරට ඉක්මනින්ම කෑලි වලට කඩා දැමීමට ජර්මනිය උනන්දු වූ අතර ප‍්‍රන්සය හා එංඟලන්තය එවන් පියවරකට විරුද්ධ විය. මෙය එක්සත් ජනපදයේ පාර්ශවයෙන් මැදිහත් වීමකට දොර විවර කල අතර එලඹීමට නියමිත වූ යුද්ධයේ අධිකාරය එරට විසින් හිමිකර ගත්තේය.

2003 ඉරාක යුද්ධය යුරෝපය ගැඹුරින්ම බෙදා දැමීමට හේතු සාධක වෙමින් පොදු යුරෝපීය ප‍්‍රතිපත්තියක් සඳහා වූ සැලැස්මට තවත් පහරක් එල්ල කලේය. එංඟලන්තය හා පෝලන්තය යුද්ධයට සහයෝගය දැක්වූ අතර ජර්මනිය හා ප‍්‍රන්සය ඊට සම්බන්ධ වීම ප‍්‍රතික්ෂේප කලහ.

2005 දී ප‍්‍රන්සය හා නෙදර්ලන්තය පැවැත්වූ ජනමත විමසුම් වලදී යුරෝපීය ව්‍යවස්ථා කෙටුම්පත ප‍්‍රතික්ෂේප විය. 2009 අවසානයේදී ඉදිරිපත් කල විකල්පය එනම්, ලිස්බන් ගිවිසුම දුබල ආදේශකයක් බව තහවුරු විය. යුරෝපීය සංගමයේ විදේශ නියෝජිතවරිය වශයෙන් වැඩි කලඑලියක් නැති කැතරින් ඇෂ්ටන් පත්කිරීම ම පොදු යුරෝපීය පිලිවෙතක් සඳහා තම විදේශ ප‍්‍රතිපත්තිය පාවාදීමට කිසිදු යුරෝපීය ආන්ඩුවක් සූදානම් නොවූ බවට පැහැදිලි සාක්ෂියක් විය.

ලිබියාව පිලිබඳව ප‍්‍රන්සය බි‍්‍රතාන්‍යය හා එක්සත් ජනපදය ඒකාබද්ධව ගත් පියවර සමග යුරෝපය තුල බෙදීම් නව අදියරයකට සේන්දු විය. ප‍්‍රන්සය හා බි‍්‍රතාන්‍ය දේශපාලන හා මිලිටරි යන දෙයාකාරයෙන්ම යුරෝපීය සංගමයේ පවත්නා ව්‍යුහයන්ට පිටින් ක‍්‍රියාත්මක වෙයි. ඉරාක යුද්ධයේ බල අරගලයේදී මෙන් නොව මෙම බෙදීම් තවදුරටත් "පැරනි” හා "අලුත්” යුරෝපය අතර නොව එක් අතකින් ප‍්‍රන්සය බි‍්‍රතාන්‍ය හා බටහිර යුරෝපීය රටවල් කිහිපයක් ද අනෙක් අතින් ජර්මනිය හා නැගෙනහිර යුරෝපීය රටවල් අතර ද වේ.

උතුරු අප‍්‍රිකාව තුල ජර්මානු අවශ්‍යතා

ජර්මානු අධිරාජ්‍යයේ ප‍්‍රතිපත්ති වසර 120කට පෙර දෙවන විල්හෙල්ම් හා ඔහුගේ චාන්සලර් බර්න්හාඩ් වොන් බිලෝ ගේ ආත්මීය අරමුනු කරා සිඳවිය නොහැකිවාක් මෙන්ම, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඬල ඡන්දයෙන් ජර්මනිය මඟහැර යාම විදේශ ඇමති වෙස්ටර්වේල්ගේ පුද්ගලික අභිමතයට පැවරිය නොහැකිය. ඒ දෙකම දිගු කාලීන ප‍්‍රවනතා හා වර්ධනයන්ගේ ප‍්‍රතිපලය විය. වෙස්ටර්වේල්ගේ මඟහැරීම කාලයක් තිස්සේ වර්ධනය වී තිබෙන ජර්මනිය හා ප‍්‍රන්සය අතර විදේශ පිලිවෙත හා ආර්ථික වෙනස්කම් පිලිබඳ තර්කාන්විත නිගමනය විය.

ජර්මනිය උතුරු අප‍්‍රිකාවේ හා මැද පෙරදිග තමන්ගේම අවශ්‍යතා අනුයමින් සිටින අතර මේවා ප‍්‍රන්සයේ අවශ්‍යතා සමඟ ගැටෙයි. ලිබියානු යුද්ධයට දෙවසරකට පෙරාතුව ජර්මනියේ ජාත්‍යන්තර හා ආරක්ෂක කටයුතු පිලිබඳ ආයතනය අධ්‍යයනයක් පල කලේය. "මැද පෙරදිග හා උතුරු අප‍්‍රිකාවේ ජර්මානු ප‍්‍රතිපත්ති” යන මැයෙන් වූ වාර්තාව මෙසේ පැවසීය: "1990 වන විට මාග්‍රෙබ් ප‍්‍රදේශ උසුලනු ලැබුවේ ජර්මානු විදේශ ප‍්‍රතිපත්තියේ සීමිත තත්වයක් පමනකි. එහිදී ජර්මානු අවශ්‍යතා පිලිබඳ පැහැදිලි සූත‍්‍රගත කිරීමක් දක්නට නොලැබුනි. කෙසේ වුවත් පසුගිය දශකයේ ජර්මානු විදේශ ප‍්‍රතිපත්තිය තුල කලාපයේ වැදගත්කම නොකඩවා වැඞී ගියේය. ඒ කාරනා තුනක් මුල්කර ගෙනය. බලශක්ති ආරක්ෂාව පිලිබඳ තීරනාත්මක ප‍්‍රශ්නය, සංක‍්‍රමනිකයින්ගේ පැමීනීම වැලැක්වීමේ උත්සාහය හා ත‍්‍රස්තවාදයට හා සංවිධානාත්මක අපරාධ වලට එරෙහි සටනයි.

බලශක්ති සැපයුම ඉහලම ප‍්‍රමුඛත්වය ලැබීය. අධ්‍යයනයට අනුව "මෙම රාජ්‍ය වෙතින් සැපයෙන තෙල් හා ගෑස් ජර්මනියේ බලශක්ති සැපයුමේ වඩ වඩාත් වැදගත් තැනක් අත්කර ගත්තේය. ලිබියාව අද ජර්මනියේ සිව් වැනි වැදගත්ම තෙල් සැපයුම් කරුවාය. ඇල්ජීරියාවට හිමිවන්නේ අටවන ස්ථානයයි.”

අරාබි ලෝකය තුල ජර්මනියේ හා ප‍්‍රන්සයේ එකිනෙකට ගැටෙන අවශ්‍යතා තෙවසරකට පෙරාතුව ඊනියා මධ්‍යධරනී සංඟමය මුල්කරගෙන හටගත් ආරවුල් මධ්‍යයේ මතුපිටට පැමිනියේය. 2007 බලයට පත් තැන් පටන් සාකෝසි මධ්‍යධරනී සංගමය පිහිටුවීමට අදිටන් කරගෙන සිටියේ ය. එයින් අරමුනු කලේ සියලු මධ්‍යධරනී රටවල් ප‍්‍රන්සයේ නායකත්වය යටතේ එක්සත් කිරීමයි. එය නැගෙනහිර යුරෝපය තුල ජර්මනියේ වර්ධනය වන දේශපාලන හා ආර්ථික අනුහසට ප‍්‍රති තුලනයක් ලෙස ගොඩනැංවෙනු ඇතැයි සැලකුනි සාකෝසිගේ සැලසුම් බර්ලිනයේ කටුක ප‍්‍රතිරෝධයක් ඇවිලවීය. ප‍්‍රන්ස යටත් විජිත අභිලාශයන් පුනර්ජීවය ලැබීම යුරෝපීය සංගමය තුල ජර්මනියේ ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයට අභියෝගයක් වේ යයි එය බියපත් විය. උතුරු අප‍්‍රිකාව තුල ජර්මනියේ අවශ්‍යතාවන් ද තර්ජනයට ලක්ව ඇතැයි විශ්වාස කරන ලදී.

මුලින් සඳහන් කල ආරක්ෂක අධ්‍යයනය මෙසේ සඳහන් කර තිබුනි: "මුලදී මධ්‍යධරනී කලාපයට සැබවින්ම මායිම්වන රටවල් පමනක් ඇතුලත් වන බව ප‍්‍රකාශ කෙරී තිබුනු, මධ්‍යධරනී සංගමයක් සඳහා වන ප‍්‍රන්ස යෝජනාව සලකන ලද්දේ පැහැදිලිව ම කලාපය තුල ප‍්‍රන්ස ආනුභාවය ආරක්ෂා කර පුලුල් කරන මෙවලමක් ලෙසය. ප‍්‍රන්සයේ සුවිශේෂී භූමිකාව විශේෂයෙන්ම ජර්මානු ව්‍යාපාර සඳහා රිනාත්මක බලපෑමක් කරනු ඇත. ජර්මානු නිෂ්පාදන විශ්වාස කටයුතු යයි ද ජර්මානු සමාගම් නියමිත යයි ද සැලකිය හැකිවන අතර මාග්‍රෙබ් ආන්ඩු නියෝජිතයෝ වඩ වඩාත් පුලුල් ජර්මානු මැදිහත් වීමක් සඳහා කැඳවුම් කරති. එහෙත් කොන්ත‍්‍රාත් පිලිබඳ කාරනයට එලඹුනු කල්හි එය අවසන් වනු ඇත්තේ බොහෝවිට ප‍්‍රන්ස ගනුදෙනුවක් ලෙස ය.”

උතුරු අප‍්‍රිකාව පිලිබඳව උනන්දු වන එකම රට ජර්මනිය පමනක් නොවේ. "තරගය දිගු කලක් තිස්සේ උනුසුම් වෙමින් තිබේ. එයට වඩ වඩාත් සංඛ්‍යාවක් ජාත්‍යන්තර තරඟකරුවන් ද සම්බන්ධ වෙයි. එක්සත් ජනපදය, රුසියාව, ස්පාඤ්ඤය, ඉතාලිය, බි‍්‍රතාන්‍ය හා එන්ට එන්ටම චීනය ඉන්දියාව හා ලතින් ඇමරිකානු රාජ්‍යයන් ද බලශක්ති හා අවි ආයුධ අලෙවිය ද ඇතුලු ආරක්ෂක සහයෝගීතාවය සඳහා උනන්දු වන අතර ප‍්‍රදේශීය ප‍්‍රවාහන යටිතල සංවර්ධනය හා පොදුවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ කොන්ත‍්‍රාත් කටයුතු වලට සම්බන්ධ වෙති.”

ලිබියාව තුල යුද්ධය පුපුරාගිය විට චීනයේ සම්බන්ධකම්හි තරම දකින්නට ලැබුනි. චීන සමාගම් හා 36,000ක් චීන කම්කරුවෝ එරට හැරයාමට නියමිත විය. මධ්‍යධරනී සංගමයට විරුද්ධත්වය පලකල එකම උතුරු අප‍්‍රිකානු රාජ්‍යය ලිබියාව වීම සැලකිය යුතු වේ.

අවසානයේදී මධ්‍යධරනී සංගමය 2008 වසරේ ග‍්‍රීෂ්මයේ පිහිටුවන ලද අතර 2010 මැයි මාසයේදී එහි කටයුතු ආරම්භ කලේය. එහෙත් ජර්මනිය සිය තත්වය රැකගැනීමේදී පුලුල් වශයෙන් සාර්ථක විය. හුදෙක් මධ්‍යධරනී රටවල් පමනක් නොව යුරෝපීය සංගමයේ සියලු රාජ්‍යයන් මධ්‍යධරනී සංගමයේ කොටස්කරුවන් වූ අතර ප‍්‍රන්සයට කලාපය තුල තමන්ගේම පිලිවෙත පැටවීමට එයින් බොහෝ දුෂ්කරතා ඇති විය.

දැන් සාකෝසි ප‍්‍රහාරය පනගැන්වීමට ලිබියාවේ සිදුවීම් ගසාකමින් සිටියි. එහෙත් ටියුනීසියාවේ හා ඊජිප්තුවේ විප්ලව විශේෂයෙන්ම බලයෙන් නෙරපා හල බෙන් අලි හා මුබාරක් වැනි පාලකයින් සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන යාම නිසා ප‍්‍රන්සයට ප‍්‍රධාන පහරක් වී තිබේ. සාකෝසි සමග ඒකාබද්ධව බෙන් අලි හා මුබාරක් මධ්‍යධරනී සංගමයේ සභාපතිත්වය ඉසිලූහ. සිය පාර්ශවයෙන් ජර්මනිය නෙරපා හල පාලකයින්ගේ අනුප‍්‍රාප්තිකයින් සමග ගනුදෙනු කිරීමේ හොඳ අවස්ථාවක් එලඹ ඇති බව විශ්වාස කරයි.

ගඩාෆිට එරෙහි කැරැල්ල තමන්ගේ අවශ්‍යතාවන් සඳහා ගසාකෑමට ලිබියාව සාකෝසිට අවස්ථාව උදාකර දී තිබේ. ඔහුගේ විදේශ ඇමතිගේ පවා මවිතයට හේතුවන පරිදි සාකෝසි බෙන්ගාසිහි අන්තර්වාර කවුන්සිලය නිල වශයෙන් පිලිගත් පලමුවැන්නා බවට පත්වෙමින් මිලිටරි මැදිහත්වීම සඳහා තල්ලුව සැපයීය. ඔහුගේ අවදානම් ආරම්භකත්වයට බි‍්‍රතාන්‍ය අගමැති කැමරොන් හා එක්සත් ජනපද ජනාධිපති ඔබාමා සහාය දුන්හ.

මතු සම්බන්ධයි