ප්‍රසිද්ධ රැස්වීම්
ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට සමාජවාදී විසඳුමක් සඳහා සටන් කරනු

2018 නොවැම්බර් 13

අගමැති රනිල් වික්‍රමසිංහ තනතුරෙන් පහ කොට එතැනට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කිරීමෙන් යන්තම් දෙසතියකට පසු, නොවැම්බර් 9 දා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව ද විසුරුවා හලේය. සිරිසේන විසින් මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් ගනු ලැබුවේ රටේ ව්‍යවස්ථාව විවෘතවම උල්ලංඝනය කරමිනි.

සිරිසේනගේ මෙම ව්‍යවස්ථා-විරෝධී ක්‍රියාවන් මගින් ප්‍රකාශයට පත් වන්නේ, ශ්‍රී ලංකාවට ඊනියා “නිදහස” ලබාදුන් 1948 පටන් දිග්ගැස්සෙමින් ආ පාර්ලිමේන්තු පාලනයේ කුනුවීම කූටප්‍රාප්තියට පත්වීමයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ධනපති පාලනය කිඳී සිටින මෙම බලගතු දේශපාලන අර්බුදය වනාහි, ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදයේ ද විශේෂයෙන් ම එක්සත් ජනපදය හා චීනය අතර තියුනු වන භූ-දේශපාලනික ආතතීන්ගේ හා ජාත්‍යන්තර ව පුනර්ජීවනය වන පන්ති අරගලයන්ගේ ද තියුනු ප්‍රකාශනයකි.

දශක හතකට අධික කාලයක් වරින් වර රට පාලනය කරමින් කම්කරු-පීඩිත මහජනතාවගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් තලා දැමූ මෙම ධනපති කොටස් මෙන්ම, දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වැනි ධනේශ්වරයේ නියෝජිතයන් මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරනු ඇතැයි කිසිවෙකුට කිසිදු මිථ්‍යාවක් නො තිබිය යුතු ය.

ශාස්ත්‍රාලිකයන් ද, නව සම සමාජ පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ එක්සත් සමාජවාදී පක්ෂය බඳු ව්‍යාජ වාම සංවිධාන ද පෙලගැසී සිටින්නේ ඕජස් ගලන මෙම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී කුනපය ආරක්ෂා කිරීමටයි.

කම්කරු පන්තිය ශ්‍රී ලංකාවේ ධනපති පන්තියේ සියලු කන්ඩායම් සහ ඔවුන්ගේ අවස්ථාවාදී සගයන් ප්‍රතික්ෂේප කල යුතු ය. එය මෙම සියලු දේශපාලන සංවිධාන වලින් ස්වාධීනව සංවිධානය වෙමින් සමාජවාදී සහ ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් මත පාදක වූ කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනට දුගීන් සහ පීඩිතයන් බලමුලු ගන්වා ගත යුතු ය.

මෙම කරුනු වගවිභාග කෙරෙන අපේ රැස්වීම් වලට සහභාගිවන ලෙසත්, ඉන් ලබා ගන්නා අවබෝධය මත ඉහත වැඩපිලිවෙලට උරදෙන ලෙසත්, සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය, කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටී.

නොවැම්බර් 18 දා සවස 3.00 ට මාතර තැපැල් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී

නොවැම්බර් 19 දා සවස 4.00 ට බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රය්දී

Share this article: