ක්‍රියාකාරී කමිටු ගොඩ නගමු!

සෑම කම්හලකම, සේවා ස්ථානයකම හා නිවහන් ප්‍රදේශයකම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම කම්කරු පන්තියේ ඉල්ලීම් හා ​​ඓතිහාසික ඉලක්ක දිනා ගැනීම සඳහා තීරනාත්මක අවශ්‍යතාව බවට පත්ව ඇත!

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය, ප්‍රධාන කර්මාන්තශාලාවල මෙන්ම සේවා ස්ථානවලද නිවහන් ප්‍රදේශ වලද අන්තර් සම්බන්ධිත ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනගමින් සිටී.

එහි ඉලක්කය වන්නේ ධනපති ආන්ඩුව විසින් කම්කරු පන්තියේ ජීවන බර ඉහල දමමින්ද, අයිතිවාසිකම් කප්පාදු කරමින්ද, කොවිඩ්-19 පැතිරීම වලක්වනවා වෙනුවට මහා ව්‍යාපාරික ලාබ ගැරීමට ඉඩ සලසමින්ද, පරිසරය වනසමින්ද, මිලිටරිය මත පදනම් වූ ආඥාදායකත්වයක් ගොඩ නගමින්ද අධිරාජ්‍යවාදී යුද්ධයට කරබදු වෙමින්ද, ගෙන යන රුදුරු වැඩ පිලිවෙලට එරෙහිව සමාජවාදය ගොඩ නැගීම කරා ඉදිරියට යන ජාත්‍යන්තර වැඩ පිලිවෙල මත දේශපාලනික මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීමය.

මෙම ක්‍රියාකාරී කමිටු ජාලය ගොඩ නැගීම සඳහා දැන් දැන්ම සම්බන්ධ වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

අප හා සම්බන්ධ වී ක්‍රියාකාරී කමිටු පිලිබඳව වැඩි දුර සාකච්ඡා කල හැකිය. ඒ් අනුව නව ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීමට මූලිකත්වය ගත හැකිය.

ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට එකතු වන්න!
අපගේ ඉල්ලීම්

අපගේ ඉල්ලීම් පදනම් විය යුත්තේ ධනපති සංගතවලට සහ දේශපාලනඥයින්ට සපයාදිය හැකියයි කියන දේ මත නොව, සමස්ත කම්කරු පන්තියේ ජීවිත හා යහපැවැත්ම ආරක්ෂා කිරීමට අවශ්‍ය දේ මත ය.

මෙම පිටුවෙන් ඔබට:
ක්‍රියාකාරී කමිටුවකට බැඳෙන්න

ක්‍රියාකාරී කමිටුවකට බැඳීම සඳහා / කමිටු පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා හෝ කමිටුවක් ගොඩ නැගීම සඳහා දැන්ම අපව අමතන්න. ඔබේ සේවා ස්ථානය, කර්මාන්තශාලාව හෝ කලාපය තුල කමිටුවක් නොමැති නම්, ආරම්භ කිරීම සඳහා අපි ඔබට උදව් කරන්නෙමු.

වැඩි වැටුප් දිනා ගැනීමට සහ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගමු!

කම්කරුවන්ගේ අරගල අවහිර කරමින්, පාලක පන්තිය මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමට සෞවෘසස සහ සියලුම වෘත්තීය සමිති ආන්ඩුවට සහයෝගය දෙති.

සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුව

පුද්ගලීකරනයට විරුද්ධ වූ විදුලිබල සේවකයන්ට දඬුවම් කිරීම නැවැත්වීමට කම්කරු පන්තිය බලමුලු ගන්වමු!

දඩයමට ලක්කර සිටින ලංවිම කම්කරුවන් ආරක්ෂා කිරීම, දන්ගෙඩිය මත තබා ඇති සියලු රාජ්‍ය ආයතනවල කම්කරුවන්ගේ අයිතීන් රැක ගැනීමේ අරගලයේ ම කොටසකි.

ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකයේ ප්‍රකාශය

වැටුප් හා අධ්‍යාපන අයිතිය දිනා ගැනීමට ගුරුවරුන් ගෙනයන අරගලයට ක්‍රියා මාර්ගයක්

ධනපති ආන්ඩුවලට ආයාචානා කිරීමේ වෘත්තීය සමිති වැඩපිලිවෙල යටතේ ගුරුවරුන් ඇතුලු මහජනයාට තම අයිතීන් දිනා ගත නො හැක.

ගුරු සිසු දෙමාපිය ක්‍රියාකාරි කමිටුවේ ප්‍රකාශය

ක්‍රියාකාරී කමිටු එකමුතුවේ රැස්වීම ලංවිම සේවකයින් ආරක්ෂා කිරීමේ යෝජනාවක් ඒකමතිකව සම්මත කරයි

ලංකා විදුලිබල මන්ඩල සේවකයන්ට එරෙහිව ආන්ඩුව එල්ල කරන ප්‍රහාර හෙලා දකින යෝජනාව, වැඩ තහනමට ලක්වූ සියලුම කම්කරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටී.

අපේ වාර්තාකරුවන්

වික්‍රමසිංහ ආන්ඩුව දුම්රිය ප්‍රතිව්‍යුහකරනය ක්‍රියාවට දැමීමට සූදානම් වෙයි

දුම්රිය දෙපාර්තමේන්තුව තුල මධ්‍යගත ව පවතින දුම්රිය ප්‍රවාහනය කොටස්වලට වෙන් කර, ලාභ පිපාසිත ධනපති සංගත කිහිපයකට පැවරීම වික්‍රමසිංහ ආන්ඩුවේ ඉලක්කය යි.

රෝහන ප්‍රියන්ත සහ සුජීව අමරනාත්[

අනධ්‍යන කම්කරුවන්ගේ විරෝධතා උද්ඝෝෂනයට එල්ලකල රුදුරු පොලිස් ප්‍රහාරයට එරෙහිවෙනු!

විරෝධතාවට එක් වූ සිය ගනනක් අනධ්‍යන සේවකයන්ට, පොලීසිය ලවා ජල විදින සහ කඳුලු ගෑස් වලින් පහර දී ඔවුන් විසුරුවා හැරීමෙන් ආන්ඩුව යලි වතාවක් පෙන්නුම් කර ඇත්තේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග මත ගෙනයන කප්පාදු වැඩපිලිවෙලට එරෙහි සීමිත විරෝධතාවක් හෝ ඉවසීමට තමා සුදානම් නොමැති බවයි.

දේහින් වසන්ත

ආන්ඩුව පොරොන්දු වූ පරිදි ඩැට් දීමනාව ලබා නොදීමට එරෙහිව සෞඛ්‍ය සේවකයන් වර්ජනයක

දීමනාව ගැන නිශ්චිත තොරතුරක් වෘත්තීය සමිති විසින් ලබා දී නොමැති බවත් දෙන බව කියන සොච්චම් දීමනාව පවා ලැබෙන බවට විස්වාශයක් නැති බවත් සෞඛ්‍ය සේවකයෝ පවසති.

ඩබ්ලිව්.ඒ.සුනිල්

රැකියා විනාශය සහ සංගත ලාභ ප්‍රසාරනය එල්ල කරගත් ලංවිම ප්‍රතිව්‍යුහකරන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

රාජ්‍යය ව්‍යවසාය ප්‍රතිව්‍යූහකරන ඒකකයේ අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ ප්‍රතිව්‍යූහකරන ක්‍රියාවලිය ගැන සාකච්ඡා කිරීමට පවා ඉඩක් නැති බවයි.

විමල් පෙරේරා
අත්‍යවශ්‍ය කියවීම්
නිති විමසන පැන
කම්කරු ක්‍රියාකාරී කමිටුවක් වෘත්තීය සමිතියකින් වෙන්වන්නේ කෙසේද?

ක්‍රියාකාරී කමිටු වලට සියලුම ශ්‍රේනිවල නියෝජිතයන්ට සහභාගි විය හැකි අතර ශ්‍රේනි හෝ වෘත්තීය සීමා ඉක්මවා කම්කරු පන්තිය ඒකාබද්ධ කරයි. ඊට කම්කරු පන්තියට හිතැති වෙනත් සමාජ ​කොටස් නියෝජනය කරන නියෝජිතයින්ද කමිටුවේ අභිමතය පරිදි සහභාගි කර ගත හැකිය. (නිදසුන් ලෙස සේවා ස්ථානය සමග සම්බන්ද වන ‘පිටස්තර’ කම්කරුවන්, පලාතේ රැකියා විරහිත තරුන නියෝජිතයින්, සුලුතර ජන කන්ඩායම් හා සිසුන්) කමිටුවේ සාමාජික සංඛ්‍යාව ඇතුලු ඒහි රැස්වීම් පැවැත්වීමේ කාල පරාසය හා සන්නිවේදන විධික්‍රම ආදිය කමිටු සාමාජිකයන්ගේ අනුමැතිය සහිතව තීන්දු කල හැකිය.

ඒහි තීන්දු ගනු ලබන්නේ නිලධාරීවාදී ලෙස නොව සියලු සාමාජිකයින් සමග කෙරෙන සාකඡ්චාවකින් පසු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බහුතර ඡන්දයෙනි. ඒම සාකඡ්චාවන් තුලදී මත ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු නියෝජිතයන්ට ඉඩ අවකාශ ලැබේ.

කම්කරු ක්‍රියාකාරී කමිටු නීත්‍යානුකූලද?

ව්‍යවස්තාපිත මූලික අයිතිවාසිකම් යටතේ සංවිධානය වීමේද, තීරන ගැනීමේ හා ඒ් මත ක්‍රියාත්මක වීමේ නිදහස මත ක්‍රියාකාරී කමිටු පිහිටා සිටියි.