වැඩි වැටුප් ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් කොලඹ දී පැවැත්වූ උද්ඝෝෂනයට ඉහල සහභාගිත්වයක්
දිවයිනේ නන් දෙසින් පැමිනි, සිංහල, දෙමල සහ මුස්ලිම් අනධ්‍යන කම්කරුවන් උද්ඝෝෂනයට ක්‍රියාශීලීව සහභාගිවීමෙන් සහ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සියලු අනධ්‍යන සේවකයන් අඛන්ඩ වැඩවර්ජනයට එක්වීමෙන් පෙන්නුම් කරන්නේ, එම ඉල්ලීම් දිනා ගැනීමේ දැඩි අවශ්‍යතාව සහ ධනපති පාලකයන් විසින් නිර්මානය කල වර්ග භේද නොතකා, ඒ සඳහා එක්ව සටන් කිරීමේ අධිෂ්ඨානය යි.