ශී‍්‍ර ලාංකික සෞඛ්‍ය වෘත්තීය සමිතිය හෙද වර්ජනය අත්හිටුවයි

Sri Lankan health union calls off nurses’ strike

By W. A. Sunil , 18 December 2010

වර්ජන කි‍්‍රයාවන්හි යෙදීමට ඇති මූලික ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතියට එරෙහි ආන්ඩුවේ ප‍්‍රහාරයට විරුද්ධව හෙද සේවකයන් විසින් ගෙනගිය වර්ජනය, ඔවුන්ගේ බරපතල විරුද්ධත්වය නොතකා රජයේ හෙද නිලධාරින්ගේ සංගමය (රහෙනිස) විසින් සඳුදා (13) අත්හිටුවනු ලැබීය. සෞඛ්‍ය ඇමති මෛති‍්‍රපාල සිරිසේන සමග සාකච්ඡා කිරීම සඳහා වර්ජනය නතර කල නමුත් මේ දක්වා කිසිවක් විසඳී නැත.

Hallකොලඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙන හෙද නිලධාරින්

වර්ජනය 30,000ක ශක්තිමත් හෙද ශ‍්‍රම බලකාය අතර පැතිර යාම වැලැක්වීමට සහ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සමග දේශපාලන ගැටුමක් ඇතිවීම මග හැරීම සඳහා අරගලය නතර කිරීමට රහෙනිස සහ සෙසු සමිති සියල්ල පරදුවට තබා කි‍්‍රයාත්මක වූහ. සිය සහෝදර හෙද නිලධාරීන් 34 ට එරෙහිව කි‍්‍රයාත්මක කරන ලද මාරුවීම් කොන්දේසි විරහිතව අවලංගු කරන ලෙස ඉල්ලා කොලඹ ජාතික රෝහල, දකුනු කොලඹ මහ රෝහල, හම්බන්තොට , මාතර, කරාපිටිය සහ රත්නපුර ඇතුලු ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන රෝහල්වල 6,000ක් පමන හෙද සේවකයෝ පසුගිය සිකුරාදා (10) සිට වර්ජනයක නිරතව සිටියහ.

විරෝධතා කි‍්‍රයාවල යෙදීමට දඬුවමක් ලෙස, සෞඛ්‍ය බලධාරීහු දකුනු කොලඹ මහ රෝහලෙන් හෙද නිලධාරින් 24ක් සහ හම්බන්තොට රෝහලෙන් 10 ක් මාරු කලහ. වඩා හොඳ වැටුප්, යහපත් සේවා කොන්දේසි, සහ පුහුනුවීම් වැඩි දියුනු කරන ලෙස ඉල්ලමින් ඔක්තෝබර් 25 පැය තුනක වැඩ නතර කිරීමක් සහ දෙසැම්බර් 2 සහ 9 සත්‍යග‍්‍රහයන් පැවැත්වුනි.

මෙම උද්ඝෝෂන ව්‍යාපාර කෙතරම් සීමා සහිත වුව ද ආන්ඩුව ඒවා තර්ජනයක් ලෙස සලකනු ලබයි. හෙද සේවකයින්ගේ අරගලය මගින් ජීවන කොන්දේසි මත ආන්ඩුව එල්ල කරන නොනවතින ප‍්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ සෙසු කොටස් උත්තේජනය කරනු ඇතැයි රාජපක්ෂ ආන්ඩුව භීතියට පත්විය.

රහෙනිසට දෙසැම්බර් 11 දා රෝහල් හයක වර්ජනයක් කැඳවීමට බල කෙරෙමින් බලහත්කාර මාරු කිරීම්වලට එරෙහිව හෙද සේවකයන්ගේ විරුද්ධත්වය ක්ෂනිකවම ඉස්මතු විය. ආන්ඩුවේ මර්දනය ට සහයෝගය දුන්න ආන්ඩුවට ගැති රාජ්‍යසේවා එක්සත් හෙද සංගමයේ (රාසේඑහෙස) නායකත්වය ප‍්‍රතික්ෂේප කරමින් එහි සාමාජිකයෝ බොහෝ දෙනෙක් වර්ජනයට සම්බන්ධ වූහ.

දකුනු කොලඹ මහ රෝහලේ හෙදියක් රාසේඑහෙස භූමිකාව හෙලා දුටුවාය. "මා රාසේඑහෙස සාමාජිකාවක්”යැයි ඇය ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවා ය. "අපේ වෘත්තීය සමිතියේ බහුතරයක් වර්ජනයට සහභාගිවෙලා ඉන්නවා. දඬුවම් මාරුවීම් අසාධාරනයි. ඒවගේම ඒක අප හැම කෙනෙකුටම එල්ල කෙරුන පහරක් ලෙස අප සලකනවා.”

කොලඹ මහ රෝහලේ රාසේඑහෙස සාමාජිකාවක් අදහස් දක්වමින් "සියලුම හෙද සේවකයන් සහ අනෙකුත් කම්කරුවන් වෙනුවෙන් අරගලයට සම්බන්ධ වෙන්න මා තීන්දු කලා. අරගලයේ යෙදිලා ඉන්න හෙද සේවකයෝ අප විසින් හුදකලා කලොත් ඔවුන් පරාජයට පත්වෙලා පාලකයො ශක්තිමත් වෙනවා. යුද්ධෙ කාලෙදි, ආන්ඩුව වර්ජනය කරන කම්කරුවන් ත‍්‍රස්තවාදීන් කියලා හංවඩු ගැහුවා. දැන් අපේ නායකයෝ අපි ත‍්‍රස්තවාදීන් කියලා හංවඩු ගහනවා.අපේ අරගලය මර්දනය කිරීම සහ අපව දඩයම් කිරීමට ආන්ඩුව නිශ්චිතව ම මෙය නිමිත්තක් කර ගනීවි.

හෙද සේවකයන් සහ සෙසු කම්කරුවන් බිය ගැන්වීම සඳහා ආන්ඩුව සියගනනක් පොලිස් නිලධාරින් දකුනු කොලඹ රෝහලට එවීය. ආන්ඩුවේ ප‍්‍රතිපත්තිවලට එරෙහි විරුද්ධත්වය කුඩු කිරීම සඳහා පොලිස්-රාජ්‍ය විධික‍්‍රම යොදාගන්නා බව හෙද සේවයකයන්ට පමනක් නොව සමස්ත වැඩ කරන ජනතාවට ම නිකුත් කෙරුන පනිවුඩයකි, එය.

වර්ජනයට සම්බන්ධ වන ලෙස සෙසු හෙද සේවකයන් සහ රෝහල් සේවකයන්ට කැඳවුම් කරනවා වෙනුවට ආන්ඩුව සමග සම්මුතිවාදී ගනුදෙනුවකට රාහෙනිස උත්සාහ කලේය. පැය හයකට උද්ඝෝෂනය නතර කිරීමට කැමතිදැයි රාහෙනිස සභාපති සමන් රත්නප‍්‍රිය දකුනු කොලඹ මහ රෝහලේ වර්ජනයේ යෙදී සිටි හෙද සේවකයන්ගෙන් සඳුදා විමසීය. කැබිනට් අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයෙකු වන අලෙවි මව්ලානා ආන්ඩුව සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ඔහු පැවසීය.

රත්නප‍්‍රිය, ජංගම දුරකථනයෙන් මෙම ආයාචනය කරන අවස්ථාවේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ සහ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ එතැන සිටියහ. රත්නප‍්‍රියගේ ඉල්ලීම ඔවුන්ගේ අරගලය නතර කිරීමේ උගුලක් බවට හෙද සේවකයන්ට අනතුරු ඇඟවූ ඔවුහු අරගලය පෙරට ගෙනයාමේ අවශ්‍යතාව පැහැදිලි කල අතර සෙසු කම්කරුවන්ගේ සහයෝගය ඉල්ලා සිටින ලෙසත් ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකට සූදානම් වන ලෙසත් ඉල්ලා සිටියහ.

අරගලය නතර කිරීමෙන් මතුවිය හැකි අන්තරාය තේරුම් ගත් හෙද සේවකයෝ රත්නප‍්‍රියගේ යෝජනාවට විරුද්ධ වූහ. දීර්ඝ අරගලයකට සූදානම් දැයි ඔහු ඇසූ විට "ඔව් අපි සූදානම්” යැයි හෙද සේවකයෝ කීහ.

එහෙත් රාහෙනිස, එදින සවස වර්ජනය අත් හිටුවීය. සෞඛ්‍ය ඇමතිගේ ආයාචනය පිලිගැනීමට වෘත්තීය සමිතිය තීන්දු කල බව රත්නප‍්‍රිය ඩේලි මිරර් පත‍්‍රයට සඳුදා සවස ප‍්‍රකාශ කලේ ය. කෙසේ නමුත්, දඬුවම් මාරුවීම් ඉවත් කරන බවට සෞඛ්‍ය ඇමති මෛත‍්‍රීපාල සිරිසේන සහතික නොවීය.

පසුගිය වසරේ මහරගම පිලිකා රෝහලේ හෙද සේවකයන් 53 ගේ දඬුවම් මාරුකිරීම්වලට එරෙහි අරගලය පාවා දුන්නා මෙන්ම මෙම අරගලය ද නතර කිරීමට වෘත්තීය සමිති අපේක්ෂා කරති. ප‍්‍රමානවත් තරම් ආරක්ෂන ක‍්‍රම නැති කමට විරුද්ධව එහි හෙද සේවකයන් වර්ජනය කලවිට ආන්ඩුව වර්ජනය කැඞීම සඳහා නාවික හමුදාවේ හෙදනිලධාරින් සේවයේ යෙදවූ අතර වර්ජිත හෙද සේවකයන් බියගැන්වීම සඳහා පොලීසිය කැඳවීය. මාරුවීම්වලට එරෙහිව සටන් කල මහරගම පිලිකාරෝහල් හෙද සේවකයෝ සෙසු රෝහල්වල සහයෝගය දිනා ගත්හ. එහෙත් වෘත්තීය සමිති විසින් අරගලය, අධිකරන කි‍්‍රයාවකට අපසරනය කර නතර කලහ. රහෙනිස, රාසේඑහෙස සහ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ සමස්ත ලංකා සුව සේවා සංගමය (සලංසුසේස) ඇතුලු සියලුම වෘත්තීය සමිති එයට වගකිවයුතුය.

එහි සාමාජිකයන් සමහරක් වර්ජනයට සම්බන්ධ වුව ද ජවිපෙට සම්බන්ධ සලංසුසේස මේ වතාවේ වර්ජනයට සම්බන්ධ වීම ප‍්‍රතික්ෂේප කලේය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජවිපෙට සම්බන්ධ සලංසුසේස සභාපති එස්.ඩී. මැදිවත්ත දුරකථනයෙන් සම්බන්ධ කරගත් විට ඔහු ප‍්‍රකාශ කලේ: "ප‍්‍රශ්නය විසඳීම සඳහා සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් අප සෞඛ්‍ය ඇමතිට ලියුමක් යවලා තියෙනවා. ඒකට හොඳ ප‍්‍රතිචාරයක් ලැබුනෙ නැත්නම් අරගලයකට යාමට අප තීන්දු කරනවා”

දකුනු කොලඹ මහ රෝහලේ හෙද සේවකයකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසීය: "දැන් අපට වෘත්තීය සමිති ගැන විශ්වාසයක් නැහැ. රත්නප‍්‍රිය කරන්න හැදුවේ මොකක්ද කියලා ඔයා දැක්කනෙ. ඔහු අපට කිව්ව ආන්ඩුවේ හෙංචයියලා වන වාසුදේව සහ අලෙවි මව්ලානා විශ්වාස කරන්න කියලා.” කම්කරුවන් බෙදීම ගැන ඔහු වෘත්තීය සමිති හෙලා දුටුවේය. "අපට අවශ්‍ය අපේ අයිතීන් රැක ගන්න. පොදු අරගලයක්” ඔහු වැඩි දුරටත් පැවසීය.

සෙසු හෙද සේවකයෝ ඔවුන්ගේ අප‍්‍රමානවත් වැටුප් සහ සේවා කොන්දේසි ගැන පැහැදිලි කලහ. දකුනු කොලඹ මහරෝහලේ හෙද සේවිකාවක් මෙසේ පැවසීය: "අඩුකිරීම් කලාට පස්සේ අපේ අතට මාසයකට ලැබෙන්නේ රුපියල් 15,000 හෝ 16,000ක්. අහස උසට නැගෙන ජීවන වියදමත් එක්ක අපි කොහොමද ඒ මුදලෙන් ජීවත් වෙන්නෙ? අරමුදල් නැහැ කියලා නය දීම් නතර කලා. ඒ නිසා අපට ඉඩමක් ගන්නවත් ගෙයක් හදාගන්නවත් බැහැ. යුද්ධය ඉවර වුනාට පස්සෙ ආන්ඩුවෙන් සහනයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වුනා. නමුත් ඒක මිථ්‍යාවක් බව අයවැයෙන් පස්සෙ හැම කෙනෙකුටම තේරුනා.”

පිරිහෙන සේවා කොන්දේසි ගැන තවත් හෙද සේවිකාවක් විස්තර කලේය: "ප‍්‍රමානවත් තරම් හෙද නිලධාරින් සහ සෙසු සේවකයන් නැති නිසා අපට වැඩිපුර වැඩ කරන්න වෙනව. සමහර දවස්වලට පැය 24 ම වැඩ කරනවා. නමුත් අපට වැඩ මුර දීමනා නැහැ. බෝවෙන රෝගවලට ආරක්ෂන ක‍්‍රම නැහැ. අපි දන්නෙ නැහැ අපට ඒඩ්ස්, ක්ෂය රෝගය හෝ වෙනත් එවැනි රෝග හැදිලා තියෙනවද කියලා. ඊට අමතරව රෝගීන්ට ඇඳන් ඇතුලු අවශ්‍ය සෙසු පහසුකම් ප‍්‍රමානවත් තරම් නැහැ.”

හෙද අරගලය මගින් යලි වතාවක් පෙන්නුම් කර ඇත්තේ කාර්මික කි‍්‍රයාවල යෙදීමට ඇති අයිතිය ඇතුලු මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැකගැනීමට රාජපක්ෂ ආන්ඩුව ට එරෙහි දේශපාලන අරගලයක අවශ්‍යතාවය යි. වෘත්තීය සමිති මෙම අරගලයට එරෙහි බාධක ලෙස විවෘතව කි‍්‍රයාත්මක වෙයි.

සමස්ත ශී‍්‍රලාංකික සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගය දිනා ගැනීමට උද්ඝෝෂනය කිරීම සඳහා හෙද සේවකයන් වෘත්තීය සමිතිවලින් බිඳී තමන්ගේම කි‍්‍රයාකාරී කමිටු ගොඩනගා ගත යුතුය. එය කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවකට හා සමාජවාදී වැඩපිලිවෙල සඳහා සටන් කිරීමට අවශ්‍ය ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ කම්කරු පන්තියේ පලමු පියවර වනු ඇත. සේවකයන් සඳහා හොඳ වැටුප් සහිත රැකියාවන් සහ අවශ්‍ය අයට ඉහල ගුනාත්මක මට්ටමේ සේවාවක් නොමිලේ සැපයීම සඳහා මහජන සෞඛ්‍ය සේවයට රුපියල් බිලියන දහස් ගනනින් අරමුදල් සම්පාදනය කල යුතුය.

the WSWS | Contact Us | Privacy Statement | Top of page

Copyright © 1998-2010 World Socialist Web Site - All rights reserved