ලෝක සමාජවාදී වෙබ් අඩවිය ගැන

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පල කරනු ලබන්නේ, ලියොන් ට්‍රොට්ස්කි විසින් 1938 දී පිහිටුවන ලද හතර වන ජාත්‍යන්තරයේ, එනම් ලෝක සමාජවාදී ව්‍යාපාරයේ, නායකත්වය වන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසිනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අරමුන වන්නේ, වත්මන් සමාජයේ ගැටලූ පිලිබඳ බුද්ධිමය විවරනයක් සඳහා අද පුලූල්ව දැනෙන අවශ්‍යතාව ඉටු කිරීමයි. එය, සමාජ ජීවිතයේ වත්මන් තත්වය මෙන් ම සංස්ථාපිත මාධ්‍ය ඒ පිලිබඳව දක්වන නරුම හා ප‍්‍රතිගාමි ආකල්පය ද සම්බන්ධයෙන් අසන්තෘප්තියෙන් සිටින මහජනතාවට ආමන්ත‍්‍රනය කරයි.

අපගේ වෙබ් අඩවිය, ධනවත් අතලොස්ස හා ලෝක ජනතාවගේ අතිමහත් බහුතරය අතර සදා පුලූල්වන පරතරයක් නිර්මානය කර ඇති, භයංකර මට්ටමක පවතින සමාජ අසමානතාව හේතු කොටගෙන පීඩා විඳින ජනයාට දේශපාලන ඉදිරිදර්ශනය සපයන මූලාශ‍්‍රයකි. මූල්‍ය අර්බුදවල සිට මිලිටරිවාදයේ හා යුද්ධයේ පැනනැගීම දක්වා, දැවැන්ත සිද්ධීන් වත්මන් පන්ති සබඳතා බිඳ දමන කල, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, අරගලයට තල්ලූ කෙරෙන වැඩ කරන ජනයාගේ වර්ධනය වන කොටස්වලට දේශපාලන දිශානතියක් සම්පාදනය කරයි.

විරැකියාවට, අඩු වැටුප්වලට, කප්පාදු පිලිවෙත්වලට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උල්ලංඝනයට එරෙහිව සෑම රටක් තුල ම දැවැන්ත අරගල පැනනැගෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. කෙසේවෙතත්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය අවධාරනය කරන්නේ, මෙම අරගලවල සාර්ථකත්වය මාක්ස්වාදී ලෝක දෘෂ්ටියකින් මග පෙන්වනු ලබන සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක ආනුභාවය තුල ඒවායේ වර්ධනය සමග නොවැලැක්වය හැකි ලෙස බැඳී පවතින බවයි.

මෙම වෙබ් අඩවියේ ආස්ථානය වන්නේ, ධනවාදී වෙලඳ පොල ක‍්‍රමයට එරෙහි විප්ලවවාදී විරුද්ධත්වයයි. එහි අරමුන ලෝක සමාජවාදය ගොඩනැගීමයි. මෙම පරිවර්තනය සිදු කරනු ඇත්තේ ජාත්‍යන්තර කම්කරු පන්තිය බවත්, විසි එක් වන සියවසේ දී වැඩ කරන ජනතාවගේ ද අවසානයේ සමස්තයක් ලෙස මනුෂ්‍ය වර්ගයාගේ ද ඉරනම රදා පවතින්නේ සමාජවාදී විප්ලවයේ සාර්ථකත්වය මත බවත් එය ප‍්‍රකාශ කරයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාක්ෂිකත්වය කිසිසේත්ම වෛෂයික හෝ අවංක විවාදයක් බැහැර නොකරයි. ධනේශ්වර දේශපාලනයට හා ධනවාදී ආර්ථිකයට විකල්පයක් සොයන කම්කරුවන්, ශිෂ්‍යයන් හා බුද්ධිමතුන් සමග පුලූල් අදහස් හුවමාරුවක් අපි සාදරයෙන් පිලිගනිමු. ඥානය හා සත්‍යය තහවුරු කෙරෙන අපෝහක විධික‍්‍රමයන් වන වාද හා විවාද ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඒකාග‍්‍ර සංචරකයකි. මෙම වෙබ් අඩවියට ප‍්‍රතිපදානයන් කිරීමට අදහස් කරන අයට අවශ්‍ය වන්නේ, බුද්ධිමය අංවකභාවය සහ ඓතිහාසික සත්‍යයට ඇති කැපවීම පමනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය

සමස්ත ලෝක ආර්ථිකය ම වෙලාගත් මූල්‍ය අර්බුදය වැඩ කරන ජනතාවගේ ජාත්‍යන්තර ඒකාබද්ධතාව සඳහා වන අවශ්‍යතාව තියුනු ලෙස මතු කරයි. අන්තර්ජාතික නිෂ්පාදනය සහ ගෝලීය මූල්‍ය වෙලඳ පොලවල්, ධනවාදයේ මුහුනුවර සඳහටම වෙනස් කර ඇත. පසුගිය දශක දෙක තිස්සේ, දියුනු රටවල පැවති සීමිත සමාජ සංරක්ෂන ජාලයන් ඉරා දමා ඇති අතර කම්කරුවන් එකකට පසු එකක් වසයෙන් එන දොට්ටදැමීම් රැලිවලට ද සිය මූර්ත ආදායම්වල ඛාදනයකට ද මුහුන දී ඇත.

අඩු දියුනු රටවල, ජාතික සංවර්ධන වැඩපිලිවෙලවල් පසෙකට දමා, කම්කරුවන් නිර්බාධිතව සූරාකෑම පහසුකරනු වස් නිදහස් වෙලඳ කලාප සහ සෙසු ලාභ ශ‍්‍රම සැලසුම් ගොඩනගනු ලැබ ඇත. කම්කරු පන්තියේ පැරනි සංවිධාන, ඒවා කොමියුනිස්ට්, සමාජවාදී හෝ කම්කරු ආදී කෙලෙස තමන්ම හඳුන්වා ගත්ත ද, ජාතික රාජ්‍යයට බැදී පවතින තාක් කල්, රැකියා, ජීවන තත්වයන් හා මූලික අයිතීන් මත එල්ල වන මෙම ප‍්‍රහාරයට ප‍්‍රතිචාර දැක්වීමෙහි ලා සිය නොහැකියාව ඔප්පු කර ඇත.

ආසියාවේ, ඕස්ටේ‍්‍රලියාවේ, යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ සිටින හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකයන්ගේ සම්බන්ධීකරන ප‍්‍රයත්නයන් මගින් පල කෙරෙන ලෝක සමාජවාදී වෙබ් අඩවිය, සිය ආරම්භක කාරනාව ලෙස ගන්නේ පන්ති අරගලයේ ජාත්‍යන්තර ස්වභාවයයි. එය සෑම රටකම දේශපාලන වර්ධනයන් තක්සේරු කරන්නේ, ධනවාදයේ ලෝක අර්බුදයේ ද ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙන දේශපාලන කර්තව්‍යයන්ගේ ද ආස්ථානයෙනි. මෙම ඉදිරිදර්ශනයට අනුව යමින්, එය සියලූම රූපාකාරයන්ගේ ස්වෝත්තමවාදයන්ට හා පටු ජාතිකවාදයන්ට දෘඩතර ලෙස විරුද්ධ වෙයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජාත්‍යන්තර පරිමානයකින් කම්කරු පන්තිය දේශපාලනිකව උගන්වාගැනීම සහ ඒකාබද්ධ කිරීම උදෙසා වූ පෙර නොවූ විරූ උපකරනයක් බවට පත් වනු ඇති බවට අපට විශ්වාසය. අන්තර්ජාතික සංගත ජාතික දේශසීමා හරහා ශ‍්‍රමයට එරෙහි සිය යුද්ධය සංවිධානය කරන්නේ යම් සේ ද එලෙසම ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ප‍්‍රාග්ධනයට එරෙහි සිය අරගල සම්බන්ධීකරනය කිරීමට විවිධ රටවල වැඩ කරන ජනතාවට උදව් වනු ඇත. එය සියලූ රටවල කම්කරුවන්ට සිය අත්දැකීම් සසඳමින් පොදු මූලෝපායක් විස්තාරනය කර ගැනීමට ඉඩ සලසමින්, ඔවුන් අතර සාකච්ඡුාවක් සඳහා පහසුකම් සලසනු ඇත.

අන්තර්ජාලය ප‍්‍රසාරනය වත්ම ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහා ලෝක ශ‍්‍රාවකත්වයක් වැඩෙනු ඇතැයි හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව බලාපොරොත්තු වෙයි. සන්නිවේදනයේ අතිශය වේගවත් හා ගෝලීය රූපාකාරයක් ලෙස, අන්තර්ජාලයට අත්‍යසමාන ප‍්‍රජාතාන්ති‍්‍රක හා විප්ලවවාදී ඇඟවුම් පවතී. පුස්තකාලවල හා ලේඛනාගාරවල සිට කෞතුකාගාර දක්වා, ලෝකයේ බුද්ධිමය සම්පත්වලට සිය ප‍්‍රවිෂ්ටය සලසාගැනීමේ අවස්ථාව පුලූල් මහජන ශ‍්‍රාවකත්වයකට ලබා දීමේ හැකියාව එයට පවතී.

පසලොස්වන සියවසේ දී ගුටෙන්බර්ග් මුද්‍රන යන්ත‍්‍රය සොයාගැනීම, බුද්ධිමය ජීවිතය මත කි‍්‍රස්තියානි පල්ලියට පැවති පාලනය බිඳදැමීමේ ද වැඩවසම් ආයතනවලට වල කැපීමේ ද සහ පුනර්ජීවනයෙන් ඇරඹී අවසානයේ බුද්ධි ප‍්‍රබෝධය හා ප‍්‍රන්ස විප්ලවය තුල සිය ප‍්‍රකාශනය අත්පත් කර ගත් මහා සංස්කෘතික යලි පිබිදීම පෝෂනය කිරීමේ ද ලා තීරනාත්මක කාර්ය භාරයක් ඉටු කලේය. එනිසා අද අන්තර්ජාලයට විප්ලවවාදී චින්තනයේ යලි පිබිදීමකට පහසුකම් සලසාලිය හැකිය. ලොව පුරා සියලූ වැඩ කරන ජනතාවගේ හා පීඩිත මහජනයාගේ විමුක්තිය උදෙසා උපකරනයක් ලෙස මෙම තාක්ෂනය යොදාගැනීම හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අභිප‍්‍රායයි.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව

ලෝක සමාජවාදී වෙබ් අඩවිය නැගී සිටින්නේ බලගතු දේශපාලන ඉතිහාසයක පදනම මතය. එය නියෝජනය කරන්නේ, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරයේ වර්ධනයට එරෙහිව 1923 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද දේශපාලන හා න්‍යායික අරගලයේ ඓතිහාසික අඛන්ඩතාවයි. රුසියානු විප්ලවය හා සිවිල් යුද්ධය තුල ද ආර්ථිකය යලි ගොඩනැගීම තුල ද කේන්දී‍්‍රය කාර්යභාරයක් ඉටු කිරීමෙන් පසුව, ට්‍රොටස්කි, 1920 ගනන්වල දී පැනනැගි නිලධරවාදී කුලයට ද එම නැගී එන ප‍්‍රභූවේ ජාතිකවාදී දිශානතියට ද එරෙහි සමාජවාදී විපාර්ශ්වයේ නායක චරිතය ලෙස ඉස්මතු විය.

ස්ටැලින්වාදී යාන්ත‍්‍රනය සෝවියට් කම්කරු පන්තිය අතින් දේශපාලන බලය උදුරාගෙන ඔක්තෝබර් විප්ලවයේ පරමාදර්ශ පාවා දී විසි වන සියවසේ දැවැන්තම අපරාධයන්ගෙන් බොහොමයක් සිදු කලේය. ට්‍රොට්ස්කිගේ ජීවිත කාලීන වැඩකටයුතු කූඨප‍්‍රාප්තියට පත් වූයේ, ස්ටැලින්වාදී ඒජන්තයකු විසින් ඔහුව ඝාතනය කිරීමට යන්තම් වසර දෙකකට පෙර, 1938 දී හතර වන ජාත්‍යන්තරය පිහිටුවීම තුල ය.

1991 දී ස්ටැලින්වාදී තන්ත‍්‍රවල බිඳවැටීම, ට්‍රොට්ස්කිගේ හා හතර වන ජාත්‍යන්තරයේ අරගලයේ වඩාත්ම ප‍්‍රගාඪ සනාථනය විය. ස්ටැලින්වාදී නිලධරය ධනවාදයේ පුනස්ථාපනය දෙසට අනිවාර්යයෙන් ම දිවෙන මාවතක් අනුගමනය කරන බවට, 1936 තරම් ඈත දී ට්‍රොට්ස්කි අවධාරනය කර තිබුනි. ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී හා සමානතා අභිලාෂයන්ගේ දැනුවත් දේශපාලන විරුද්ධවාදියකු බවට ස්ටැලින්වාදී නිලධරය පත්ව ඇතැයි ඔහු පැහැදිලි කලේය.

සමාජවාදයේ හා මාක්ස්වාදයේ අභාවය පිලිබඳ මෑත වසරවල කෙරුනු සියලූ නිවේදන, ලියොන් ට්‍රොට්ස්කිගේ හා හතර වන ජාත්‍යන්තරයේ අර්ථභාරය පැහැදිලිවම මහහැරීමට හෝ ලඝු කිරීමට කි‍්‍රයාකලේය. එය පුදුමයට කාරනාවක් නොවේ. ඒ මක් නිසා ද කියතොත්, මෙම දේශපාලන සම්ප‍්‍රදාය පිලිබඳ මොන යම් හෝ අවංක තක්සේරුවක් ධනවාදයේ වෘත්තීය ආරක්ෂකයන් විසින් සම්පාදනය කෙරෙන ග‍්‍රාම්‍ය හා ඓතිහාසිකව වංක තක්සේරුවලට එරෙහිව යන බැවිනි. ට්‍රොට්ස්කිගේ ලේඛන හා කතා අධ්‍යයනය කලහොත්, ප‍්‍රතිගාමී ඉතිහාසඥයන් විසින් නොපවතින දේ බවට අවධාරනය කරනු ලබන, ස්ටැලින්වාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී විකල්පය සොයාගත හැකිය.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට සහ එයට අනුබද්ධිත දේශපාලන පක්ෂවලින් එකකට බැඳෙන ලෙස හෝ දැනට එහි ශාඛාවන් නොපවතින රටවල ජාත්‍යන්තර කමිටුවේ නව පක්ෂ ගොඩනැගීම පිලිබඳව විමසන ලෙස අපගේ සියලූ පාඨකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සම්බන්ධ කරගත හැකි ආකාරය පිලිබඳ විස්තර ඔබට මෙම සබැඳිය මගින් සොයාගත හැකිය.

වෙබ් අඩවියේ සංවර්ධනය සහ එය පවත්වාගෙන යාම උදෙසා මූල්‍ය ආධාර ද අවශ්‍ය කර තිබේ. විශේෂයෙන් ම අප අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නේ නිතිපතා මාසික ආධාරයක් කිරීම ගැන සලකා බලන ලෙසයි. ලෝක සමාජවාදී වෙබ් අඩවියට ආධාර කිරීම පිනිස මෙය සබැඳියට පිවිසෙන්න.