රුසියානු විප්ලවය පිලිබඳ පැවැත්වෙන දේශන මාලාව ගැන ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඬලයේ සභාපති ඩේවිඩ් නොර්ත් සාකච්ඡා කරයි. ඩේවිඩ් නෝර්ත්ගේ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය කියවීම පිනිස මෙහි ක්ලික් කරන්න.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින්, 1917 අසාමාන්‍ය. සිදුවීම්වල පදනම්, ගමන් මග හා ප්‍රතිවිපාක පිලිබඳ ඔන්ලයින් දේශන මාලාවක් සමග රුසියානු විප්ලවයේ ශත සංවත්සරය පවත්වනු ලබයි. පලමු දේශන මාලාව මාර්තු 11වන දිනෙන් ආරම්භ කර මැයි 6දා තෙක් දෙසතියකට වරක් පවත්වනු ඇත. දෙවන දේශන මාලාව සැප්තැම්බරයේ පටන් ගනු ඇත.

රැස්වීම් යූ ටියුබ් ඔස්සේ සජීවී ලෙස විකාශනය කෙරෙනු ඇත. දේශන සඳහා ලියාපදිංචි වන්න, එසේම දේශන පිලිබඳ නවතම නිවේදන, පොත් සඳහා පිරිනැමෙන වට්ටම් හා අනෙකුත් කරුනු පිලිබඳව ෆේස්බුක් ඔස්සේ කෙරෙන ප්‍රචාරය කෙරේ අවධානය යොමු කරන්න.

දේශන වැඩසටහන

2017 මාර්තු 11 • සවස 5, එජනැ වේලාවෙන් (මාර්තු 12 අලුයම 3:30, ශ්‍රී ලංකා වේලාවෙන්)

රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද?

1917 රුසියානු විප්ලවය ලෝක ඉතිහාසයේ අතිශයින්ම වැදගත් සිදුවීම් අතරට වැටේ. සාර් ආඥාදායකත්වය පෙරලා දමා බොල්ෂෙවික් පක්ෂය බලය අල්ලාගෙන සියක් වසරකට පසුව ද විප්ලවය පිලිබඳ සාකච්ඡා වටා පවතින කටුක මතභේද, එහි චිර කාලීන බලපෑම හා එහි උච්ච දේශපාලන අදාලත්වයට දෙස් දෙයි.

දේශනය පවත්වන්නේ, ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඬලයේ සභාපති වන ඬේවිඞ් නෝර්ත් විසිනි. මෙම දේශනය යූ ටියුබ් ඔස්සේ සජීවිව විසුරුවා හැරෙන්නේ නැ.දි.කා ප.ව 5.00ට (ස.වි.වේ 22.00) ය. කලාප වේලාව ගනනය කිරීම පිලිබඳ විස්තර සඳහා මෙහි ක්ලික් කරන්න. ඔන්ලයින් දේශන මලාව සඳහා ලියාපදිංචිවී ඊට සහභාගී වන්න. 

2017 මාර්තු 25 • සවස 5, එජනැ වේලාවෙන් (මාර්තු 26 අලුයම 2:30, ශ්‍රී ලංකා වේලාවෙන්)

1905 උරුමය හා රුසියානු විප්ලවයේ මූලෝපාය

1905 විප්ලවය ඉතිහාසයට එක් වන්නේ, 1917 සිදුවීම් වල “පූර්ව රංගනය” ලෙසයි. විසිවන සියවසේ ප්‍රථම ශ්‍රේෂ්ඨ විප්ලවවාදී නැගිටීම වූ 1905 පාඩම්, ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය විස්තාරනය කිරීමේ පදනම දැමීය.

රුසියානු බසින් රචිත ඉතිහාසය හා සාහිත්‍ය කෘති ගනනාවක පරිවර්තකයා හා ඇමරිකානු සසප දිගු කාලීන සාමාජිකයෙකු වන ෆ්‍රෙඞ් විලියම්ස් දේශකයාය. මෙම දේශනය යූ ටියුබ් ඔස්සේ සජීවිව විසුරුවා හැරෙන්නේ නැ.දි.කා ප.ව 5.00ට (ස.වි.වේ 21.00) ය. කලාප වේලාව ගනනය කිරීම පිලිබඳ විස්තර සඳහා මෙහි ක්ලික් කරන්න. ඔන්ලයින් දේශන මලාව සඳහා ලියාපදිංචිවී ඊට සහභාගී වන්න. 

2017 අප්‍රේල් 8 • සවස 5, එජනැ වේලාවෙන් (අප්‍රේල් 9 අලුයම 2:30, ශ්‍රී ලංකා වේලාවෙන්)

ලෝක යුද්ධය හා විප්ලවය: 1914-1917

1914 අගෝස්තු මාසයේ පලමුවැනි ලෝක යුද්ධය පිපිරී ගියේ, ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතියේ ගැඹුරින් මුල් බැස ගත් ප්‍රතිඝතිතා හමුවේය. දෙවැනි ජාත්‍යන්තරයේ අවස්ථාවාදී නායකයෝ, ජාත්‍යන්තර කම්කරු පන්ති සහයෝගිතාවේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කල අතර යුද්ධය අනුමත කලහ. ගෝලීය යුදගිනි මැලයේ පසුබිමට ද දෙවැනි ජාත්‍යන්තරයේ පාවාදීම්වලට ද එරෙහි අරගලයේ ප්‍රධාන නායකයා ලෙස මතුව ආ ලෙනින්අවධාරනය කලේ, අධිරාජ්‍යවාදී යුද ව්‍යසනය ලෝක සමාජවාදී විප්ලවය සඳහා ද වේදිකාව සකසනු ඇති බව යි.

මෙදින කථිකයා, ජාත්‍යන්තර කමිටුවේ ඕස්ට්‍රේලියානු ශාඛාවේ ආරම්භක සාමාජිකයෙකු ද අධිරාජ්‍යවාදය පිලිබඳ මාක්ස්වාදී න්‍යායේ ප්‍රමුඛයෙකු ද වන නික් බීම්ස් ය. මෙම දේශනය යූ ටියුබ් ඔස්සේ සජීවිව විසුරුවා හැරෙන්නේ නැ.දි.කා ප.ව 5.00ට (ස.වි.වේ 21.00) ය. කලාප වේලාව ගනනය කිරීම පිලිබඳ විස්තර සඳහා මෙහි ක්ලික් කරන්න. ඔන්ලයින් දේශන මලාව සඳහා ලියාපදිංචිවී ඊට සහභාගී වන්න. 

2017 අප්‍රේල් 22 • සවස 5, එජනැ වේලාවෙන් (අප්‍රේල් 23 අලුයම 2:30, ශ්‍රී ලංකා වේලාවෙන්)

පෙබරවාරි විප්ලවය

වසර 300ක් තිස්සේ රුසියාව පාලනය කල රොමානොව් රාජවංශය, අගනුවර වූ පෙට්‍රොග්‍රෑඩයේදී කම්කරු පන්තියේ දැවැන්ත විප්ලවවාදී ව්‍යාපාරයකින්, දින පහක් තුල පෙරලා දමන ලදී. මහජනතාව ඉතිහාසය හැඩගැස්වීමේ ක්‍රියාවලිය තුලට ප්‍රචන්ඩ ලෙස අවතීර්නවීම, පෙනී ගිය ආකාරයට සමාජ විප්ලවය පැනැනැගීමේ “ස්වයංසිද්ධ” භාවය හා දැනුවත් දේශපාලන නායකත්වයේ භූමිකාව අතර සම්බන්ධතාව පිලිබඳ අති මූලික දේශපාලන ප්‍රශ්නය මතු කලේය.

ඇමරිකානු සසප ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් දේශකයාය. මෙම දේශනය යූ ටියුබ් ඔස්සේ සජීවිව විසුරුවා හැරෙන්නේ නැ.දි.කා ප.ව 5.00ට (ස.වි.වේ 21.00) ය. කලාප වේලාව ගනනය කිරීම පිලිබඳ විස්තර සඳහා මෙහි ක්ලික් කරන්න. ඔන්ලයින් දේශන මලාව සඳහා ලියාපදිංචිවී ඊට සහභාගී වන්න. 

2017 මැයි 6 • සවස 5, එජනැ වේලාවෙන් (මැයි 7 අලුයම 2:30, ශ්‍රී ලංකා වේලාවෙන්)

ලෙනින් රුසියාවට සම්ප්‍රාප්තවීම හා අප්‍රේල් ප්‍රවාද

පෙබරවාරි විප්ලවය හදිසියේම පැන නැංගේ, ලෙනින් ස්විට්සර්ලන්තය තුල පිටුවහලේ ජීවත්ව සිටියදීය. ඔහු නොමැති තතු තුල ස්ටැලින් හා කමනෙව් විසින් මෙහෙයවන ලද බොල්ෂෙවික් පක්ෂය, ධනපති තාවකාලික ආන්ඩුවට සහයෝගය දෙමින්, ලෝක යුද්ධය තුල රුසියාව දිගටම කටයුතු කිරීමට සහාය දුන්හ. “මුද්‍රාව තැබූ දුම්රියකින්” රුසියාවට පැමිනීමෙන් පසුව ලෙනින්, මෙම පිලිවෙතට තරයේම විරුද්ධ වූ අතර කම්කරු පන්තිය විසින් ධනපති ආන්ඩුව පෙරලා දැමීම සඳහා දේශපාලන මූලිකත්වය වෙනුවෙන් බොල්ෂෙවික් පක්ෂය යලි හරවා ගැනීම සඳහා අසාමාන්‍ය අරගලයක් දියත් කලේය. ඔක්තෝබරයේ සමාජවාදී නැගිටීම සඳහා පසුබිම සකස් කලේ, නොනවතින විප්ලවයේ මූලෝපාය පිලිගැනීමයි.

ඕස්ටේ‍්‍රලියානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජේම්ස් කෝගන් දේශකයාය. මෙම දේශනය යූ ටියුබ් ඔස්සේ සජීවිව විසුරුවා හැරෙන්නේ නැ.දි.කා ප.ව 5.00ට (ස.වි.වේ 21.00) ය. කලාප වේලාව ගනනය කිරීම පිලිබඳ විස්තර සඳහා මෙහි ක්ලික් කරන්න. ඔන්ලයින් දේශන මලාව සඳහා ලියාපදිංචිවී ඊට සහභාගී වන්න.