ජී20 සමුලුවෙන් පසු

After the G20 summit

15 November 2010

පෙරදැකිය හැකිවූ ලෙසම දකුනු කොරියාවේ පැවති ජී20 සමුලූව අවසන් වූයේ, මූල්‍යය හා වෙලඳාම මුල්කරගෙන වර්ධනය වන කලහකාරී ගැටුම් විසඳාගැනීමෙහිලා ප‍්‍රමුඛ බලවතුන් අතර කිසිදු එකඟත්වයකින් තොරව ය.

12 දා නිකුත්වූ අවසාන ප‍්‍රකාශනයට, මතභේද වසාගැනීමේ පැලැස්තර දැමීමේ උත්සාහයකින් පවා තොර ලෝක ආර්ථිකයේ අසමතුලිතයන් පිලිබඳව ලබන වසරේ න්‍යාය පත‍්‍රය සඳහා ”මඟපෙන්වීම් සහිත” එකඟත්වයක් පමනක් ඇතුලත් විය. මේ අතර, ඉහවහා යන වෙලඳ යුද්ධයේ තර්ජනය සහිත තමන්ගේ ”අසල්වැසියා හිඟමනට දමනු” ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට ප‍්‍රධාන නලුවන් කැසපොට ගසමින් සිටියි.

අනෙකුත් බලවතුන් මත සිය අභිමතය පැටවීමෙහිලා එක්සත් ජනපදයේ අසමත්කම සමුලුවෙන් එලිමහනට පැමිනියේය. චීනය සිය මුදල වඩාත් ඉක්මනින් අධිප‍්‍රමානය වීමට ඉඩ හල යුතුය හා විශේෂයෙන්ම චීනය හා ජර්මනිය යන අතිරික්තයන් සහිත රටවල් සිය අපනයන මත දැඩි සීමාවන් පැනවිය යුතුය යන ඉල්ලීම් ද ඇතුලු සිය මූලික අරමුනු පිලිබඳව එකඟත්වයක් ඇතිකර ගැනීමට ඔබාමා පාලනාධිකාරය අසමත් විය. එසේම පාලනාධිකාරය, ලොකු ඝෝෂාවක් කල දකුනු කොරියාව සමඟ ද්විපාර්ශවීය ගිවිසුවක් ඇතිකර ගැනීමට ද අසමත් විය.

සමුලුවට පෙර ද ඉන් පසුව ද ප‍්‍රධාන බලවතුන් මෙන්ම ”නැඟීඑන” ආර්ථිකයන් ද එක්සත් ජනපදයේ එන්ට එන්ටම රනගොස නැගෙන ආර්ථික ප‍්‍රතිපත්ති ගැන එලෙසින්ම විවේචනාත්මක විය.

සමුලුවට යන්තම් සතියකට පෙර එක්සත් ජනපද මහ බැංකුව ඇමරිකානු පාලක පන්තියේ ජීව රුධිරය වන ඩොලර් ටි‍්‍රලියනයකට ආසන්න මුදල් අච්චු ගැසීම හා යලි වතාවක් මූල්‍ය වෙලඳපොලවල් ලාභ මුදල්වලින් උතුරායන පරිදි ඩොලරය අවප‍්‍රමානය කිරීමේ නව සැලැස්මක් එලිදැක්වීය. මුදල් අවභාවිතාවක යෙදී සිටින්නේ යයි එක්සත් ජනපදය චීනයට චෝදනා කරන අතර මෙම පියවර ද එවැනිම වර්ගයේ දෙයක් බව නිවැරදිව හඳුනාගෙන හෙලාදැකීමට ලක්විය.

2008 වසරේ මූල්‍ය බිඳවැටීම නව සමතුලිතයක් සඳහා ඉඩ සලසන තාවකාලික පසුබෑමක් නොවන්නේය යන්න ද සමුලුවෙන් ගෙනහැර දැක්වෙන තවත් කාරනයකි. වෙලඳාමේ හා හිඟයන්ගේ යෝධ අසමතුලිතතා ක‍්‍රමානුකූලව හා සුමට ලෙස පහවයාමක් සිදු නොවන බව සනාථ වී තිබේ. 1930 ගනන්වල මෙන්ම පවත්නා පර්යායේ බිඳ වැටීම එය විසින්ම පෙන්නුම් කරන්නේ, එයට ගෙවීමේ වගකීම පැටවිය යුත්තේ කා මත ද යන්න පිලිබඳව රාජ්‍යයන් අතර හටගෙන ඇති ගැටුම තුලය.

විවිධ ධනේශ්වර බලවතුන්ගේ පාලක පන්තීන්, පර්යායේ ඉක්මන් ආර්ථික ප‍්‍රකෘතියක් සිදු නොවන්නේය යන්න ගැන අවබෝධයකට පැමින තිබේ. විශේෂයෙන්ම, පසුගිය ගී‍්‍රෂ්මයේ යුරෝපීය නය අර්බුදය පුපුරා ගිය තැන් පටන් සවිමත් වර්ධනයක් කරා යලි ලඟාවීමක් සිදු නොවන බව පැහැදිලි වීමට පටන් ගත් කල දැක්වූ ප‍්‍රතිචාරය දෙයාකාර විය. 1) අර්බුදය තරගකාරී පිලිමලුන්ගේ කරමත පැටවීම අරමුනු කර ගත් පියවර ගැනීම හා 2) කම්කරු පන්තිය මත පෙර නොවූ විරූ දරුනු කප්පාදු පිලිවෙත් පැටවීමයි.

ජී20 රැස්වීම පැවැත්වෙන අතරතුර පවා ගෝලීය ආතතීන් හා සමාජ කප්පාදු අතර සමීප සම්බන්ධය එලිදැක්වෙන සිදුවීම් දෙකක් දැකගත හැකිවිය. පලමුව, රටවල් ගනනාවක නය ප‍්‍රතිලාභ වේගවත් ලෙස ඉහල නැංවූ යුරෝපීය බැඳුම්කර වෙලඳපොලවලට සහතික පිදීමේ උනුසුම් වාද විවාදවලින් ජී20හි යුරෝපීය නියෝජිතයන්ට ඉවත්වීමට බලකෙරුනි.

සැලකිය යුතු තරමේ කප්පාදු පියවර පැටවීමේලා අයර්ලන්ත හා අනෙකුත් යුරෝපීය ආන්ඩුවලට පවතින හැකියාව පිලිබඳව අයෝජකයෝ කනස්සල්ලට පත්ව සිටිති. එමෙන්ම ඔවුහු, අනාගත ඇපදීමේ වියදමෙන් වැඩි පංගුවකට පුද්ගලික ආයෝජකයන් කරගැසීම අවශ්‍ය බවට පවතින යෝජනා පිලිබඳව ද කනස්සලු වෙති. අඩු වශයෙන් තාවකාලිකව හෝ අනාගත නය අර්බුදයක් වැලැක්වීම සඳහා, තම මුදල් සුරක්ෂිත යයි බැඳුම්කර ආයෝජකයන්ට සහතික කිරීමේ මාධ්‍ය සමුලුවක් පැවැත්වීමට යුරෝපීය නියෝජිතයන්ට බලකෙරී තිබුනි.

දෙවැනුව, ඔබාමා පාලනාධිකාරය විසින් පිහිටුවන ලද නය කොමිසමේ සභාපති, ප‍්‍රධාන සමාජ වැඩසටහන් සඳහා දරන ප‍්‍රතිපාදන රුදුරු ලෙස කපාහැරීම ද ඇතුලත් අයවැය හිඟය පියවීමේ යෝජනා මාලාවක් ඉදිරිපත් කලේය. ඔහුගේ වාර්තාව අඩු වශයෙන් පාර්ශවීය ලෙස හෝ ජී20 සමුලුව සමග සම්පාත වන ලෙසින් ඉදිරිපත් කරන ලදී. එහි අදහස එක්සත් ජනපදය තමන්ගේම කප්පාදු ක‍්‍රියාවට නැඟීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවට අනෙකුත් බලවතුන්ට සංඥා කිරීම ය.

”දුෂ්කර පියවර ගැනීම හා ඇමරිකානු ජනතාවට සත්‍යය පැවසීම” අත්‍යවශ්‍ය බව ප‍්‍රකාශ කරමින් අයවැය හිඟය පිලිබඳ කොමසාරිස්වරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි ඔබාමා ජී20 ඉදිරියේ කරුනු දැක්වීය.

එක්සත් ජනපද අපනයන ඉහල නැංවීම හා ජාතියේ නය පහතට ගෙනඒම තුලින් ලෝක කරලියේ තම තත්වය සුරක්ෂිත කරගැනීම සඳහා ප‍්‍රධාන කොන්දේසිය ලෙස ඇමරිකානු මූල්‍ය පැලැන්තිය දැකගන්නේ කම්කරු පන්තිය මත දරිද්‍රතා කොන්දේසි පැටවීම ය.

විදේශ සම්බන්ධතා කමිටුවේ සභාපති රිචඞ් හාස් හා හිටපු මහ බැංකු නියෝජ්‍ය ලේකම්වරයෙකු වන රොගර් ඕල්ට්මන්, ”ඇමරිකානු අශීලාචාරය හා ඇමරිකානු බලය: මූල්‍ය වගකීම් විරහිතභාවයේ ප‍්‍රතිවිපාක” යන ෆොරීන් එෆෙයාර්ස් මෑත කලාපයක පලවූ ලිපියක් තුල අනතුරු අඟවා තිබුනේ, එක්සත් ජනපද නය බාධකය හමුවේ, විශේෂයෙන්ම චීනය වැනි එක්සත් ජනපදයේ නය හිමියන් සිය ආර්ථික ග‍්‍රහනය දැඩි කිරීම නිසා මිලිටරියට වියදම් කිරීමේ වොෂින්ටනයේ ශක්තිය දුබල කරන අතර විදේශයන්හි එක්සත් ජනපද බලපෑමට වලකපමින් ඇමරිකානු ගෝලීය ආසක්තයන්ට විනාශකාරී ප‍්‍රතිවිපාක ගෙන එනු ඇති බව සනාථ කරන බවටයි.

”ඇමරිකානු නය ගෙවීමේ හැකියාව විනාශ කරනු ඇත්තේ ලෝකය තුල එහි වගකීම් විරහිත ක‍්‍රියාකලාපය නොව, ඇමරිකාවේ ආරක්ෂාව හා බලයට රට තුලම තර්ජනය කරන ඇමරිකානු අශීලාචාරකම” බව යයි කතුවරු සඳහන් කරති.

ධනේශ්වර අර්බුදයේ නව හා වඩාත් අන්තරායකාරී අවධියකට ලෝකය ඇතුලු වෙමින් තිබේ. මෙම ගෝලීය ගැටුම් පිටුපසින් පවතින්නේ, අවභාවිතයේ යොදවන මුදල බෝම්බ හුවමාරු කිරීම සඳහා මඟ හෙලිකරන යුද්ධයේ අන්තරායයි.

ගෝලීය අසමතුලිතයන්ට යටින් පවතින මූලික සාධකයන් අතර එකක් වන්නේ, එක්සත් ජනපදයේ දිගු කාලීන ආර්ථික පරිහානියයි. කෙසේ වුවත් සිය ද්‍රව්‍යමය ධන සම්පත් රැකගැනීමෙහිලා අතිශයින්ම රුදුරු ඇමරිකානු පාලක පන්තිය, තමන් සතුව ඇති මූලික මෙවලම් දෙක, එනම් එක්සත් ජනපද ඩොලරය හා මිලිටරිය, මෙම පරිහානියට හරස් කැපීම සඳහා යොදාගැනීමට නොපසුබට වනු ඇත.

පසුගිය මාසය පුරා, විශේෂයෙන්ම මධ්‍ය වාර මැතිවරනයෙන් පසුව ඔබාමා පාලනාධිකාරය, ජපානය සමඟ එහි ප‍්‍රදේශීය ගැටුම් මත චීනය සමඟ යුද්ධයක් පිලිබඳව ඇඟවුම් කරමින් ද ඉරානයට එරෙහි සිය තර්ජන උග‍්‍ර කරමින් ද ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ මිලිටරි වාඩිලාගැනීම් උත්සන්න කිරිම ඇඟවුම් කරමින් ද වඩාත් තියුනු මිලිටරිවාදී පිලිවෙතකට පිවිස සිටියි. චීනය සමඟ ගැටුමක දී එක්සත් ජනපදය, සිය විභවාත්මක සගයන් මත ආක‍්‍රමනකාරී ලෙස වඩ වඩාත් වාරුවෙමින් සිටියි. මෙම ප‍්‍රහාරය ඇමරිකානු කම්කරු පන්තිය මත එල්ල කරන නව වටයක ප‍්‍රහාරය සමඟ සම්පාත වීම අහම්බයක් නොවේ. ලෙනින් පැහැදිලි කල පරිදි අධිරාජ්‍යවාදය එහි හිසේ සිට දෙපතුලටම ප‍්‍රතිගාමී වන්නේය.

වත්මන් ආර්ථික ක‍්‍රමයේ ආකෘතිය තුල පාලක පන්තිය මානව වර්ගයා ගෙනයමින් තිබෙන අන්ධ පථයෙන් ඉවතට සාමකාමී මාවතක් පවතිනු නොහැකිය. යුද්ධයේ අන්තරායට, ජාත්‍යන්තර කම්කරු පන්තිය තමන්ගේම ක‍්‍රමයෙන්, එනම් සමාජ විප්ලවයෙන්, ප‍්‍රතිචාර දැක්විය යුතුය.

ජෝ කිෂෝර්