ශ‍්‍රී ලංකාව: විශ්වවිද්‍යාල පුද්ගලීකරනයට එරෙහි සසජාශි /සසප ප‍්‍රසිද්ධ රැස්වීම

Sri Lanka: ISSE/SEP public meeting against university privatisation

22 November 2010

ශ්‍රී ලංකාවේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප) විශ්වවිද්‍යාල පුද්ගලීකරනයට එරෙහිව බ‍්‍රහස්පතින්දා (25) කොලඹ දී ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියෝග කරනු ලබන අයවැය කප්පාදු පියවර වල කොටසක් ලෙස පුද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට හැකිවන ආකාරයේ නීති සම්මත කිරීමට ශී‍්‍ර ලංකා ආන්ඩුව සැලසුම් කරයි. මෙය කම්කරු පන්තිය විසින් දශක ගනනාවක් පුරා සටන් කර දිනාගත් නිදහස් අධ්‍යාපනයට එල්ල කරනු ලබන බරපතල පහරකි.

ශී‍්‍ර ලංකාවේ හෝ විදේශීය ධනවත් ප‍්‍රභූන්ගේ දූ පුතුන්ට පමනක් දැරිය හැකි අධික ගාස්තු මෙම විශ්ව විද්‍යාල මගින් අය කරනු ඇත. පුද්ගලික අධ්‍යාපන ආයතන නිසා ඌන අරමුදල් සහිත රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි කොන්දේසි තව දුරටත් ඛාදනය වී අධ්‍යාපන ක‍්‍රමය තුල සමාජ අසමානතාව ගැඹුරු වනු ඇත.

”විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්” යොදා ගනිමින් ”කැරැල්ලක්” සූදානම් කෙරෙමින් පවත්නා බවට ද්වේශ සහගත ප‍්‍රකාශ සහිතව විරෝධතාවයේ යෙදෙන සිසුන්ට විරුද්ධව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් දැනටමත් පොලිස් මර්දනය මුදාහැර තිබේ. සියගනනක් සිසුන්ගේ පන්ති තහනම් කොට දුසිම් ගනනක් බන්ධනාගාර ගත කොට ඇත්තාහ. විශ්වවිද්‍යාල තුල දේශපාලන සාකච්ඡා මුලුමනින්ම පාහේ තහනම් කොට ශිෂ්‍ය සංගම් හා ශිෂ්‍ය සමාජ මර්දනය කර ඇත.

එහි සැලසුම් ආපස්සට ගැනීමට ශිෂ්‍ය විරෝධතා මගින් ආන්ඩුව මත පීඩනය යෙදිය හැකි බවට ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ අන්තර්-විශ්වවිද්‍යාල ශිෂ්‍ය සම්මේලනය මරනීය මිථ්‍යාවන් ප‍්‍රවර්ධනය කරමින් සිටී. ඇත්ත වශයෙන්ම, සිංහල ස්වෝත්තමවාදී පක්ෂයක් වන ජවිපෙ මූලධර්මාත්මකව විශ්වවිද්‍යාල පුද්ගලීකරනයට විරුද්ධ නැති බව දැනටමත් අඟවා ඇත.

ශිෂ්‍යයන්ට පමනක් නිදහස් අධ්‍යාපනය රැක ගත නොහැකිය. ඔවුහු ආන්ඩුව විසින් කි‍්‍රයාවට දමනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු න්‍යාය පත‍්‍රය නිසා රැකියා ජීවන තත්වයන් හා අත්‍යාවශ්‍ය සේවාවන්ට එල්ල කෙරෙන බරපතල ප‍්‍රහාරයන්ට මුහුන දී සිටින කම්කරු පන්තිය වෙතට හැරී ගත යුතුය. අන් සියල්ලටමත් වඩා මෙය රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් මත කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීමේ දේශපාලන අරගලයක් ඉල්ලා සිටී. (බලන්න: ශ‍්‍රී ලංකාව: විශ්වවිද්‍යාල පුද්ලීකරනයට එරෙහිව සටන් කරනු (සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයන්ගේ ප‍්‍රකාශය)

මෙම ප‍්‍රසිද්ධ රැස්වීමට පැමින නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා ගතයුතු ඉදිරි මාවත පිලිබඳ සාකච්ඡාවට සහභාගි වන ලෙස ශිෂ්‍යයන්, විද්‍යාර්ථින්, තරුනයන් සහ කම්කරුවන්ගෙන් සසජාශි සහ සසප ඉල්ලා සිටී.

***

දිනය : නොවැම්බර් 25 බ‍්‍රහස්පතින්දා

වේලාව : සවස 3.00ට

ස්ථානය : ශ‍්‍රවනාගාර ප‍්‍රවේශාගාරය, මහජන පුස්තකාලය, කොලඹ.