ශ‍්‍රී ලාංකික අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පටි තද කර ගැනීමේ වැඩ පිලිවෙල ක‍්‍රියාවට දමයි

Sri Lankan budget implements IMF austerity measures

By Saman Gunandasa, 26 November 2010

ශී‍්‍ර ලාංකික ජනාධිපති හා මුදල් ඇමති මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධි විධාන අනුව ජීවන මට්ටම් කප්පාදු කිරීමේ වියදමින් ව්‍යාපාරික ලාභ ඉහල දමා ගැනීමට සැලසුම් කෙරෙන පටි තද කර ගැනීමේ අයවැයක් මෙම සතියේ ඉදිරිපත් කලේය. ලොව වටා ආන්ඩු මෙන්ම රාජපක්ෂගේ ආන්ඩුව ද මූල්‍ය වෙලඳ පලවල හා ගෝලීය ආයෝජකයින්ගේ විධානයන් මත පවත්නා ලෝක ආර්ථික අර්බුදයේ බර වැඩ කරන ජනතාව මත පැටවීම සිදු කරයි.

ජාමූඅ විධාන කල පරිදි මෙම වසරේ පැවති සියයට 8 ක අය වැය හිඟය 2011 දී 6.8 ට කප්පාදු කර ඇත. වසර 19ක දී සිදු කල ඉහලම කප්පාදුව වන මෙය සිදු කර ඇත්තේ රජයේ සේවක වැටුප් ඉහල දැමීම අත් හිටුවීම, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා සේවා මත බදු ඉහල දැමීම හා මිල සහනාධාර තව දුරටත් කප්පාදු කිරීම මගිනි.

ඉදිරියේදී තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇත. ජාමූඅට අවශ්‍යව ඇත්තේ 2012 දී අය වැය හිඟය සියයට 5 දක්වා පහත හෙලීමට ය. ලෝක පරිමාන මූල්‍ය කඩා වැටීම හා බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව පැවති දිගු කාලීන යුද්ධය සඳහා පැවති දැවැන්ත වියදම නිසා පැන නැගුනු විදේශ සංචිත සේදී යාමේ අර්බුදය වලක්වා ගැනීමට ජාමූඅ න් ඇමරිකානු ඩොලර් බිලියන 2.6 ක නය මුදලක් ලබා ගැනීමට ආන්ඩුවට සිදු විය.

ආයෝජන ආකර්ෂනය කර ගැනීමේ බලාපොරොත්තුව ඇතිව රට තුල මහා ව්‍යාපාරයන්ට හා විදේශීය ආයෝජකයින් හට විශාල බදු සහන සඳුදා පැවති අය වැය කතාව තුල රාජපක්ෂ නිවේදනය කලේය. සියලුම අපනයන හා සංචාරක සමාගම් මත වන බදු සියයට 15 සිට 12 දක්වා ද මූල්‍ය සේවා මත වන බදු ඊටත් ඉහල අගයකින් එනම් සියයට 20 සිට 12 දක්වා ද පහත දැමිනි. බැංකු හා මූල්‍ය සමාගම් වල ලාභය මත පනවන බද්ද සියයට 35 සිට 28 දක්වා පහත හෙලීය.

මීට ප‍්‍රතිවිරුද්ධ ලෙස ජනවාරියේදී දුන් රුපියල් 2,500 (ඇ. ඩො. 22.50) මැතිවරන පොරොන්දුවට ගරු කරමින් වසර හතරක වැටුප් කැටි කිරීමේ කාලය අවසන් කිරීම රාජපක්ෂ ප‍්‍රකෝපකාරී අයුරින් ප‍්‍රතික්ෂේප කලේය. ඊට විකල්පව සියයට 5ක මාසික දීමනාවක් හා රු. 600ක ජීවන අංක දීමනාවක් ඔහු යෝජනා කලේය. මේ අනුව බහුතරයක් රාජ්‍ය සේවකයින් ලබනු ඇත්තේ රු. 1,000 ක පමන මාසික දීමනාවක් පමනි. විශ‍්‍රාමිකයන් හට රු. 300ක සොච්චම් දීමනාවක් ලබා දී ඇත. ඉහල යන ජීවන වියදම සමග සැසඳූ විට මෙම දීමනා නොගිනිය හැකි තරම් වේ. ශ‍්‍රී ලංකාවේ ආහාර වේලකට කම්කරුවෙකුට අවම වශයෙන් රු. 100 කට වඩා ගෙවීමට සිදුවේ.

යුද සමයේ දී රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවක වැටුප් ඉහල නොදැමීම සඳහා රාජපක්ෂ දැක්වූයේ දැවැන්ත මිලිටරි වියදම් ය. ”අති දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති” මත පදනම් වූ සංවර්ධන සමයක් ආරම්භ වූ බැවින් ආන්ඩුවට වැටුප් ඉහල දැමීම දරා ගත නොහැකි බව මෙවර අය වැයේදී ඔහු කියා සිටියේය. මෙම ව්‍යාපෘති සැලසුම් කෙරෙන්නේ ව්‍යාපාරික ආයෝජන පහසු කිරීම සඳහා මිස මහ ජනයාගේ දැවෙන වුවමනාවන් ඉටු කිරීමට නොවේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඉන්ධන මත දැනටම ඉහල බදු පනවා ඇති තතු තුල මෝටර් වාහන බලපත‍්‍ර විදේශීය දුරකථන ඇමතීම් හා කේබල් ටීවී ආදියට බදු වැඩි කරන බව රාජපක්ෂ නිවේදනය කලේය. මධ්‍යසාර හා සිගරැට් මත වූ බද්ද සියයට 35 සිට 40 දක්වා ඉහල දැමිනි. ආන්ඩුව විසින් විදුලි බල මන්ඩලයට ලබා දෙන ඉන්ධන සහනාධාරය කපා හැරෙන අතර 2011 ජනවාරියේ සිට විදුලි බල ගාස්තු සියයට 8න් ඉහල යනු ඇත.

මෙම බදු වේගයෙන් ඉහල යන ජීවන වියදම තව තවත් ඉහල දමයි. සැප්තැම්බරයේදී ආන්ඩුව තිරිඟු පිටි සහනාධාරය සියයට 75න් කප්පාදු කිරීම නිසා පිටි හා පාන් මිල ඉහල ගියේය. තිරිඟු පිටි වැඩ කරන ජනයාගේ දෙවන ප‍්‍රධාන ආහාරයයි. ආන්ඩුව පැනවූ බදු නිසා ඔක්තෝබරයේ අර්තාපල් හා ලූනු මිල දෙගුන වූ අතර සීනි මිල සියයට 20න් ඉහල ගියේය.

ජාමූඅ සෑහීමට පත් කිරීමට සමගාමීව අය වැයේ ඉහලම ප‍්‍රමුඛතාව වී තිබෙන්නේ මිලිටරි වියදම් පවත්වා ගැනීමය. එල්ටීටීඊයට එරෙහි යුද්ධය අවසන් වී මාස 18ක් ගත වුවද ආරක්ෂක වියදම් පූර්න වැය ශීර්ෂයෙන් සියයට 20ක් එනම් රු. බිලියන 214 ක් දක්වා සියයට 7න් ඉහල දමා ඇත. උතුරු නැගෙනහිර මිලිටරි වාඩි ලා ගැනීම් පවත්වා ගෙන යාමට හා කම්කරුවන්ගේ හා තරුනයන්ගේ අරගල මර්දනය කිරීමට ආන්ඩුව ආරක්ෂක හමුදා ප‍්‍රසාරනය කරයි.

සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති පිලිවෙලින් රු. බිලියන 62 හා 51.5 ක මුදල මෙන් මිලිටරි වියදම දෙගුනයක් පමන වේ. මෙම වෙන් කිරීම් පිලිවෙලින් බිලියන 10 හා 5.5 න් ඉහල දමා තිබුන ද එමගින් නැගෙන උද්ධමනය පහල නොදැමේ.

මෙම සියල්ලම අභිබවමින් නැගී සිටින්නේ නය සේවාවට වෙන් කර ඇති රු. බිලියන 815ක දැවැන්ත මුදලයි. මෙය පසුගිය වසරට වඩා රු. බිලියන 48ක ඉහල යාමකි. සැලසුම්ගත ආදායම රු. බිලියන 987 ක් බැවින් ආන්ඩුවට විශාල ලෙස නය ගැනීමට බල කෙරෙනු ඇත. අගෝස්තු මස වනවිට මුලු නය ප‍්‍රමානය රු. මිලියන 4,465 ට නැගිනි. පසුගිය වසර තුල අපනයන ආදායමෙන් සියයට 20ක් වැය වූයේ නය වාරික ගෙවීමට වේ. ඔක්තෝබර් 31 දින සන්ඩේ ටයිම්ස් වාර්තාකරුවෙකු අනතුරු ඇඟවූයේ ”2010 අවසානයේ විදේශ නය විදේශ සංචිත ප‍්‍රමානය මෙන් තුන් ගුනයක් වනු ඇති අතර මෙම වසරේ අපනයන ආදායමෙන් හතරෙන් කොටසක් නය සේවාවන්ට අවශ්‍ය වනු ඇත” යනුවෙනි.

මෙම වසරේ ඉලක්ක ගත වර්ධන වේගය වන සියයට 7.6 ට සාපේක්ෂව 2011 වර්ධන වේගය සියයට 8ක් වෙතැයි රාජපක්ෂ පෙර දැකීය. නමුත් මෙම වසරේ වර්ධන වේගය බොහෝ කොට පසුගිය වසරේ පැවැති 3.5 ක වර්ධනය නිසාය. මෙම ගනන් බැලීම අතිශයින්ම සැක සහිත ය. යුරෝපයේ හා ඇමරිකාවේ සිටින ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන ආර්ථික සහකරුවන් පරිහානියක ගිලී පවතී. ශ‍්‍රී ලංකාවේ අපනයනයන් තවම 2008 මට්ටම දක්වා පමින නොමැත. පසුගිය මාස 10 තුල සමස්ත අපනයන ආදායම සියට 10.7 න් ඉහල ගියද විශාලතම අපනයන ආදායම උපයන භාන්ඩය වන ඇඟලුම් අපනයන සියයට 5.1න් පහත වැටී ඇත. මෙම කාලය තුල නැගුනු ආනයනයන් නිසා වෙලඳ හිඟය ඇ. ඩොලර් මිලියන 3630ට එනම් පසුගිය වසරේ මෙම කාලය හා සැසඳූ විට සියට 103න් ඉහල ගොස් ඇත.

”මව්බිම” ”දේශීයත්වය පදනම් කරගත් විසඳුම්” ”දේශීය ශක්තිය හා හැකියාව” වැනි නිරන්තරව කෙරෙන පුරසාරම් තිබියදී ම විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමේ දුෂ්කර උත්සාහයක නියැලෙමින් විදේශ විනිමය ගනුදෙනු තව තවත් ලිහිල් කරන බව රාජපක්ෂ නිවේදනය කලේය. 2008 ලෝක ආර්ථික අර්බුදය ආරම්භයත් සමග ඝෘජු විදේශ ආයෝජන පහත වැටීම ඇරඹුනු අතර 2009 මුල් මාස 6 තුල ලැබුනු ඇ. ඩො. මිලියන 253 මෙම වසරේ එම කාලය ඇතුලත ඇ. ඩො. මිලියන 208 දක්වා බැස්සේය.

මහා ව්‍යාපාරිකයෝ මෙම අය වැය ”ව්‍යාපාරයන්ට අනුබල දෙන” අයවැයක් ලෙසට හුරේ දැමූහ. බැංකු කරුවන්ගේ සංගමයේ මහ ලේකම් උපාලි ද සිල්වා මෙසේ පැවසීය: ”අය වැය අතිශයින්ම ධනාත්මක ය. ඉහල බදු නිසා කනස්සල්ලෙන් සිටි බැංකුකරුවන් මෙම පහත හෙලීම් නිසා අමන්දානන්දයට පත්ව සිටී.” ශ‍්‍රී ලංකා ජාතික වානිජ මන්ඩලයේ සභාපති ලාල් ඩි අල්විස් මෙසේ පැවසීය. ”මෙම ආයෝජන දිරිගන්වන සුලු වාතාවරනය තුල පුද්ගලික අංශය හා ආයෝජකයින් හට තව තවත් ඝෘජු විදේශ ආයෝජන ගලා ඒම අපේක්ෂා කල හැක.”

කෙසේ වුවද ගෝලීය මූල්‍යකරුවන් හා ආයෝජකයින් සෑහීමට පත්ව නැත. මෙම සතියේ වෝල් ස්ටී‍්‍රට් ජර්නලය ”සාම ලාභාංශ” පිලිබඳ ආන්ඩුවේ කතා පමන ඉක්මවන බව කියා සිටියේය. එහි වාර්තාව මෙසේ කරුනු දැක්වීය. ”නමුත් සාම ලාභාංශ වර්ධනයේ පදනම කරා ඉහල යාමේදී කෙරෙන එක් වර ගෙවීමක් පමනි. ආර්ථිකය ඓන්ද්‍රියව ප‍්‍රසාරනය වීමේදී සිදු කෙරෙන ප‍්‍රත්‍යාවර්තී ලාභාංශ පිලිබඳ තත්වය කෙසේද? මෙහිදී කෙටි කාලීන තත්වය සුභදායී වුවද දිගු කාලීන තත්වය මිශ‍්‍ර එකකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ පිවිස සිටින්නේ පොරොන්දු වනවාට වඩා අතිශයින්ම අඩු ප‍්‍රතිපල සහිත මාවතක ය.”

ආන්ඩුවට හා දේශපාලන සංස්ථාපිතයේ ස්ථාවරත්වයට අභියෝග කෙරෙන සමාජ හා පන්ති ගැටුම් වර්ධනය වීමට අය වැය විසින් දැනටම වේදිකාව සපයා ඇති බවට ශී‍්‍ර ලංකාවේ පාලක පන්තියේ කොටසක අවධානය ප‍්‍රකාශයට පත්ව ඇත. අයවැයට පසසන අතරවාරයේදී ම අයිලන්ඞ් පුවත්පතෙහි කතුවැකිය අනතුරු ඇඟවූයේ ”යුද්ධයට පසු කාලය තුල මහජනයාගේ බලාපොරොත්තු අතිශයින්ම ඉහල බවත් ඉහල මට්ටමින් සහන ලබා ගැනීම සඳහා ඔවුන් ඉතා වුවමනාවෙන් සිටින බවත් ආන්ඩුවට මතක තිබිය යුතුය” යනුවෙනි.

ඩේලි මිරර් මෙසේ ලීවේය: ”පසුගිය ජනාධිපතිවරනයේදී රු. 2,500 ක වැටුප් වැඩි වීමක් සහතික කර තිබූ රජයේ සේවකයෙකු හට දැන් ඔහුට ලැබෙන්නේ රු. 500ක් පමනක් බව පැවසීම දරුනු පහරකි. ඉන් අනතුරුව එය යුක්තිසහගත කිරීම සඳහා යටිතල පහසුම් මගින් සෑහීමකට පත්වන ලෙසට හේතු දැක්වීම ඊට දරුනු නින්දාවක් එක් කිරීමකි.”

මෙම ප‍්‍රකාශ මගින් ප‍්‍රතිබිම්බනය වන්නේ ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනයේ විධානයන්ට අනුගත වීමට රාජපක්ෂ තන්ත‍්‍රය දරන උත්සාහයේ පීඩනය වැඩ කරන ජනයා මත එල්ල වීම තුල වැඩෙන පන්ති ආතතිය පිලිබඳව පාලක පන්තියේ කව තුල පවතින අසහනකාරිත්වයයි. එය කම්කරු පන්ති ප‍්‍රතිරෝධය මැඩ පැවැත්වීම සඳහා ආන්ඩුව හා මිලිටරිය යොදා ගන්නා කෲර පොලිස් රාජ්‍ය ක‍්‍රියා මාර්ගයන් පිලිබඳ අනතුරු ඇඟවීමක්ද වෙයි.