ලිබියාවේ යුද්ධය ගැන ශ්‍රී ලංකාවේ සසප / සසජාශි රැස්වීම

Sri Lankan SEP/ISSE meeting on war in Libya

8 March 2011

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ලිබියාව තුල අධිරාජ්‍යවාදී මැදිහත්වීමේ ඇඟවුම් ගැන සාකච්ඡා කිරීම සඳහා අප්‍රේල් 19 වෙනිදා කොලඹ දී රැස්වීමක් පැවැත්වීමට නියමිත ය.

ලිබියාවේ සිවිල් ජනතාවගේ ජීවිත පිලිබඳ උනන්දුව ගැන එක්සත් ජනපදයේ, බ්‍රිතාන්‍යයේ සහ ප්‍රන්සයේ ප්‍රකාශයන් තිබිය දී ම ඔවුන්ගේ මිලිටරි මැදිහත්වීමේ සැබෑ අරමුන වන්නේ අධිරාජ්‍යවාදී උවමනකම්වලට වඩාත් ගැති වූ ලිබියානු පාලනතන්ත්‍රයක් ඇටවීම ය. ප්‍රධාන බලයන් විසින් ඉදිරිපත්කර ඇති ව්‍යාජ මානුෂික හේතුව ගිරවුන්සේ කියවමින් ලෝකය පුරාම හිටපු රැඩිකලුන් සහ ලිබරල්ලු මෙම නවතම නව යටත්විජිත වික්‍රමය පිටුපසින් පෙල ගැසී සිටිති.

ලිබියාව තුල යුද්ධය ආසන්න කලාපය තුල පමනක් නොව ජාත්‍යන්තරව ම කම්කරු පන්තියට බරපතල අන්තරායන් ඉස්මතු කරයි. මිලිටරි මැදිහත්වීම එල්ල කරනු ලැබ ඇත්තේ මැදපෙරදිග විප්ලවවාදී නැගිටීම්වලට හා වඩාත් පලල්ව ගතහොත් ලෝකයේ සෙසු ප්‍රදේශවල එවන් ව්‍යාපාරවලට එරෙහිව ඒ හා සමාන මැදිහත්වීමක් සඳහා පූර්වාදර්ශයක් තහවුරු කිරීම කෙරෙහි ය.

සසප/සසජාශි රැස්වීම ලිබියාව තුල යුද්ධය එහි ඉතිහාසයේ සන්දර්භය තුල පිහිටුවමින්, කලාපය තුල දැන් සිදුවෙමින් පවතින මහජන අරගල සහ මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ ගෑස් සහ තෙල් සම්පත් සඳහා අධිරාජ්‍යවාදී කාකොටාගැනීම සාකච්ඡා කරනු ඇත. රැස්වීමට පැමින මෙම සාකච්ඡාවට සහභාගී වන ලෙස කම්කරුවන්ට, තරුනයන්ට හා බුද්ධිමතුන්ට අපි ආරාධනය කරමු.

දිනය සහ වේලාව ‍‍: අප්‍රේල් 19 වෙනි අඟහරුවාදා සවස 4.00 ට

ස්ථානය: මහජන පුස්තකාල ශ්‍රවනාගාරය, කොලඹ.