ලිබියා යුද්ධය හා අපි‍්‍රකාව සඳහා නව පොර වැදීම

The war in Libya and the new scramble for Africa

29 March 2011

අද ලන්ඩනයේ පැවැත්වෙන ලිබියාව පිලිබඳ ජාත්‍යන්තර සමුලුව මාධ්‍ය තුල වාර්තා කෙරෙනු ඇත්තේ කර්නල් මුවම්මර් ගඩාෆිගේ තන්ත‍්‍රයේ පලිගැනීම්වලින් සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට පොරොන්දු වූ පාර්ශවයන්ගේ ගරුකටයුතු එකමුතුවක් ලෙස ය.

යථා වශයෙන් ගත් කල එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, නැටෝ මහ ලේකම් ඇන්ඩර්ස් ෆෝ රැස්මුසෙන්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන් කී මුන් හා අපි‍්‍රකානු සංගම් සභාපති ජීන් පිං ඇතුලු රටවල් 40ක නියෝජිතයෝ ගිජු ලිහිනියන් මෙන් රැස්ව සිටින්නේ පශ්චාත් ගඩාෆි ලිබියාවේ හා අපි‍්‍රකාව තුල විශාලතම මෙන් ම ලොව නව වෙනි තැන ගන්නා ලිබියානු තෙල් මූලාශ‍්‍රවලින් පැහැරගත් දේ බෙදාගැනීමට සහභාගි වීමට හෝ බෙදාගන්නන්ට දේශපාලන කවරය සම්පාදනය කිරීමට ය.

වචනයෙන් නොවේ නම් කි‍්‍රයාවෙන් රැස්වීමේ න්‍යාය පත‍්‍රය පදනම් වන්නේ සීඅයිඒ හා අනෙකුත් බටහිර රහස් තොරතුරු ඒජන්සි විසින් බොහෝ කාලයක් තිස්සේ වගා දිගා කරන ලද විරුද්ධ පාර්ශවික බලයන් බලයට පත්කිරීම සඳහා වන තන්ත‍්‍රය වෙනස් කිරීමේ උවමනාව මතයි.

ලිබියානු අන්තර්වාර සංක‍්‍රමනීය ජාතික කවුන්සිලයෙන් (ටීඑන්සී) සමුලුවට සහභාගි වන්නේ පිට්ස්බර්ග් සරසවියෙන් ආචාර්ය උපාධියක් ලැබීමෙන් පසු බොහෝ වසර ගනනක් එක්සත් ජනපදයේ ඉගැන්වූ කවුන්සිලයේ අගමැති යයි අනුමාන කෙරෙන මහමුද් ජිබ්රිල් ය. ඔහු, එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ සමාගම්වලට උපදෙස් දීමට සම්බන්ධවූත් ලන්ඩන් ආර්ථික විද්‍යා විද්‍යාලය සමග හවුල් කාරීත්වය දරන්නාවූත් ගඩාෆිගේ ජාතික ආර්ථික සංවර්ධන මන්ඩලයේ (එන්ඊඩීබී) ප‍්‍රධානත්වය 2007 සිට දරා ඇත.

එන්ඊඩීබීය එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය විසින් ලිබියානු ආර්ථිකය විනිවිදිනු ලැබීමේ මූලික නාලයක් වී තිබේ. 1973 සිට පිටුවහලේ ජීවත්ව ඇති වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක් වන අලි ටර්හවුනි ටීඑන්සීයේ මුදල් ඇමති ලෙස පත් කරනු ලැබීය.

ටීඑන්සීය පසුගිය සතියේ තෙල් පිලිවෙත පිලිබඳ සිය නව අධීක්ෂක ආයතනය ලෙස ලිබියානු තෙල් සමාගම පිහිටුවීම නිවේදනය කලේ ය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස මාර්තු 17දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය විසින් වත්කම් තහනම් කල ලිබියානු ජාතික තෙල් සංස්ථාව නොතකා හැරෙනුු ඇත.

ලන්ඩන් සමුලුවේ මුව විට දී පැරීසියේ සුඛෝපභෝගී හෝටලයක දී ක්ලින්ටන්, ජිබ්රිල් සමග රහස් සාකච්ඡා පැවැත්වීය. පසුගිය සතියේ ජිබ්රිල් ප‍්‍රන්ස ජනාධිපති නිකොලස් සාකෝසි ද මුන ගැසුනි.

එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය හා ප‍්‍රන්සය යන ලිබියාව මත අධිරාජ්‍යවාදී ප‍්‍රහාරයේ මූලික නලුවෝ අනාගත කොල්ලකෑම් නතු කර ගැනීම සඳහා එකිනෙකා සමග තරගයේ යෙදී සිටිති. මෙම අරගලය මිලිටරි මෙහෙයුම පාලනය කරන්නේ කවුරුන් ද යන්න අරබයා ගැටුමකට පාර කැපූ අතර අවසානයේ ලිබියාව මත බෝම්බ හෙලන සියල්ලන්ගේ සභාගයක් පිලිබඳ ප‍්‍රන්සයේ යෝජනාව වෙනුවට නැටෝ අධීක්ෂනයට එකඟ වනු ලැබීමෙන් වොෂින්ටනය හා ලන්ඩනය එය ජයග‍්‍රහනය කරන ලදී.

එහෙත් මෙහි දී ලිබියාවේ පාලනය සුරක්ෂිත කරගැනීමට වැඩි දෙයක් පරදුවට තැබී පවතී. අධිරාජ්‍යවාදීන්ගේ දෘෂ්ටි පථයට මැද පෙරදිග හා සමස්ත අපි‍්‍රකාව ම අයත් වේ.

ලෝකයේ ප‍්‍රධාන තෙල් සංචිතවල අඩවිය වන මැද පෙරදිග අධිරාජ්‍යවාදීන්ට දරන මූලෝපායික වැදගත් කම සඳහන් කිරීම අනවශ්‍ය ය. තෙල් හා ගෑස් සංචිත සොයාගැනීමට ස්තුති වන්නට අපි‍්‍රකාව ද යෝධ වටිනාකමක් සහිත ත්‍යාගයක් ලෙස සලකනු ලැබේ.

2008 බීපී සංඛ්‍යානමය බලශක්ති සමීක්ෂනයට අනුව 2007 වසරාවසානය වනවිට අපි‍්‍රකාව සතුව බැරල් බිලියන 117,481ක තෙල් සංචිත හෙවත් ලෝක සංචිත ප‍්‍රමානයෙන් සියයට 9.49 ක් තිබිනි. නයිජීරියාව, ලිබියාව, ඇල්ජීරියාව, ඊජිප්තුව හා ඇන්ගෝලාව යන රටවල් පහ සමස්ත නිෂ්පාදනයෙන් සියයට 85ක වගකීම දරමින් අපි‍්‍රකානු තෙල් නිෂ්පාදනයේ ආධිපත්‍යය දරති. ඒ අතර ම ගැබොන්, කොංගෝ, කැමරූන්, ටියුනීසියාව, සමක ගිනි, ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොංගෝ ජනරජය හා අයිවරි කෝස්ට් ද තෙල් නිෂ්පාදනය කරන අතර චැඩ්, සූඩානය, නැමීබියාව, දකුනු අපි‍්‍රකාව හා මැඩගස්කරය යන රටවල ද තෙල් ගවේෂන සිදු කරමින් තිබේ.

ඉහල ගුනාත්මක භාවයකින් යුක්ත කැනීමට පහසු බොහෝ විට මුහුදු අට්ටාලවලින් ගෙනෙන අපි‍්‍රකානු තෙල් පවත්නා මුහුදු මාර්ග ඔස්සේ බෙදාහරිනු ලැබේ. 2000 වසරේ පටන් කරන ලද නව සොයාගැනීම්වලින් තුනෙන් එකකට වැඩිය පවතින මහාද්වීපය දැන් සිතනවාට වඩා බොහෝ සෙයින් අධික සංචිතවල අඩවිය බවට පත්විය හැක.

ගෝලීය ස්වාභාවික ගෑස් සංචිතවලින් සියයට 8.22ක් පවතින අඩවිය වන එය ලෝක බෝක්සයිට්, කෝබෝල්ට්, කාර්මික දියමන්ති, ෆොස්ෆේට්, ප්ලැටිනම් හා සර්කෝනියම් සංචිතවල ප‍්‍රමානය අතින් පලමු හෝ දෙවන ස්ථානය දරන්නේ සැලකිය යුතු රත්තරන් සංචිත ද දරා සිටිමිනි.

විශේෂයෙන් ම වොෂින්ටනය අපි‍්‍රකාව තුල සිය බලපෑමට චීනයෙන් එන අභියෝගය ප‍්‍රතිතෝලනය කිරීමට උත්සුකය. 2010 ජනවාරි සිට නොවැම්බර් දක්වා අපි‍්‍රකාව හා චීනය අතර වෙලඳාමේ වටිනාකම ඩොලර් බිලියන 115ක් වූයේ 2009 එම කාලසීමාවට සාපේක්ෂව සියයට 43.5ක වර්ධනයක් පෙන්නුම් කරමිනි. අපි‍්‍රකාව තුල චීනයේ දල ආයෝජනය ඩොලර් බිලියන 50 දක්වා නැගෙනු ඇති බව හා ද්වි-පාර්ශවික වෙලඳාම 2015 වනවිට ඩොලර් බිලියන 300ක් වනු ඇති බවත් ස්ටෑන්ඩර්ඩ් බැංකු සමූහය පුරෝකථනය කරයි.

බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා චීනය යන බි‍්‍රක් රටවල් ආර්ථික සහයෝගිතාව පිලිබඳව සාකච්ඡා කිරීමට අපේ‍්‍රල් මැද බීජිංහි දී හමුවෙති. රැස්වීම දකුනු අපි‍්‍රකාව පූර්න සාමාජිකයෙක් ලෙස සහභාගි වීම දැකගනු ඇත.

සියලු බි‍්‍රක් රටවල් ලිබියාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ ඡන්දයේ දී ඡන්දය දීමෙන් වැලකුනහ. පසුව බෝම්බ හෙලීම පිලිබඳව තමන් "කනගාටු” වන බව චීනය කියා සිටිද්දී පීපල්ස් ඩේලි පුවත්පත මානවවාදී මැදිහත් වීම අනෙකුත් රටවල "අභ්‍යන්තර කටයුතුවලට” මිලිටරිමය මැදිහත් වීම සඳහා ආවරනයක් පමනක් බව ලීවේ ය. එම ප‍්‍රකාශනය, "සදාචාරය විසින් අභිපේ‍්‍රරිත” වූවන් යයි කියා සිටින අයවලුන් ධාවනය කරනු ලබන්නේ "පටු දේශපාලන හා ආර්ථික අවශ්‍යතා විසින්” යයි අනතුරු ඇඟවීමට ඉරාකයේ "ලෙයින් තෙත්වුනු කැලඹිල්ල” උපුටා දැක්වීය.

විශේෂයෙන් ම ප‍්‍රන්සය හා එක්සත් රාජධානිය ඇතුලු යුරෝපීය බලයන් සම්බන්ධයෙන් ගත්කල, උතුරු අපි‍්‍රකාවේ හා මැද පෙරදිග දේශපාලන බහුරූපේක්ෂයේ සෙලවීම දැකගනු ලබන්නේ වොෂින්ටනය ද පසුව බීජිනය ද විසින් ඔවුන්ගේ පැරනි විජිත ක්ෂේත‍්‍රය තුල ඔවුන්ව දීර්ඝ කාලයක් තිස්සේ ඇද දමනු ලැබ ඇති ද්විතීක තත්ත්වයෙන් පාර්ශවික වසයෙන් හෝ ඉස්මතු වියහැකි ස්වර්නමය අවස්ථාවක් ලෙස ය. දේශපාලනිකව එය, කප්පාදු පියවරයන්ට එරෙහි මහජන විරෝධතා නිෂ්පන්න කර ඇති නරක් වන සමාජ ආතතීන්ගෙන් මහජන අවධානය ඉවත හැරවීම සඳහා පැරිසියේ, ලන්ඩනයේ හා එක්සත් ජනපදයේ අර්බුද ග‍්‍රස්ත තන්ත‍්‍රයන්ට අවස්ථාවක් සම්පාදනය කරයි.

මිලිටරි මැදිහත්වීම්වල අධිරාජ්‍යවාදී අවශ්‍යතා අනවනු ලබන ඕනෑම තැනකට එලෙස මැදිහත්වීමට පූර්වාදර්ශයක් සපයන තැන ලෙස ලිබියාව දැකගනු ලැබේ.

පසුගිය සතියේ යුරෝපා සංගම් සමුලුවට ප‍්‍රන්ස ජනාධිපති නිකොලස් සාකෝසි කියා සිටියේ දැන් "ආරක්ෂාවීමේ වගකීම” මත පදනම් වූ "ලෝකය පාලනය කරන” පශ්චාත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල යෝජනා අංක 1973 මොඩලයක් පවතින බවයි.

"සෑම පාලකයෙක් ම විශේෂයෙන් ම සෑම අරාබි පාලකයෙක් ම තේරුම් ගතයුතු වන්නේ මේ මොහොතේ සිට ජාත්‍යන්තර ප‍්‍රජාවේ හා යුරෝපයේ ප‍්‍රතිකි‍්‍රයාව එකම බවයි” යනුවෙන් සාකෝසි ප‍්‍රකාශ කලේ ය. එක්සත් ජාතීන් විසින් බලාත්මක කරන ලද මැදිහත්වීම් සිදුවිය හැකි ඉලක්ක ලෙස ඔහු අයිවරි කෝස්ට් හා සිරියාව නම් කලේ ය.

එක්සත් රාජධානියේ විදේශ ලේකම් විලියම් හේග් පසුගිය සතියේ රූපර්ට් මර්ඩොක්ගේ ටයිම්ස් පුවත්පතේ අනුග‍්‍රහයෙන් පවත්වන ලද "අපි‍්‍රකා ප‍්‍රධාන විධායක නිලධාරී” හමුව ඇමතීය. උතුරු අපි‍්‍රකාවේ හා මැද පෙරදිග සිද්ධි "21වන සියවසේ මුල් කොටසේ වඩාත් ම වැදගත් වර්ධනය ලෙස 2008 මූල්‍ය අර්බුදයට හා සැප්තැම්බර් 11ට තිබුනු තැන දැනට ම ඉක්මවා යමින් තිබේ” යැයි ප‍්‍රකාශ කරමින් ඔහු තම කතාව ඇරඹීය.

මෙම "අතිශය වැදගත් සිද්ධි අරාබි ලෝකයේ දේශසීමාවලින් නතර වීම අවශ්‍ය නැතැයි” ප‍්‍රකාශ කල ඔහු, ද අයිවරි කෝස්ට් මෙන් සූඩානය හා සිම්බාබ්වේ ද "තම දිදුලන අනාගතයට හරස්ව” ගඩාෆි වැනි අනෙකුත් අය සිටින රටවල් ලෙස හැඳින්වී ය.

"අපි‍්‍රකානු ජාතීන්” එක්සත් රාජධානියේ අවශ්‍යතාවල මූලෝපායික ප‍්‍රදේශයක් ලෙස අවධාරනය කරමින් "ලෝකය තුල අපගේ තත්ත්වය හා බලපෑම ගොඩනැගීමට හා අපගේ ආර්ථිකයට සහයෝගය දීමට බි‍්‍රතාන්‍යයට අධිෂ්ඨානශීලී විදේශ පිලිවෙතක් ඇතැ” යි ඔහු කීවේ ය.

එක්සත් ජාතීන්ගේ 1973 වන ආරක්ෂක මන්ඩල යෝජනාව හැරුම් ලක්ෂ්‍යයක් බව කීමේ දී සාකෝසි තනිවී නැත. ආර්2පී යනුවෙන් හඳුන්වනු ලබන "ආරක්ෂාවීමේ අයිතිය” පදනම්ව එක්සත් ජාතීන් විසින් බලාත්මක කල ප‍්‍රථම මිලිටරි කි‍්‍රයාමාර්ගය එමගින් සලකුනු කෙරේ.

එක්සත් ජාතීන් ආර්2පී පිලිගත්තේ 2005 දී ය. ජාතික ස්වෛරීභාවය අකි‍්‍රය කර දමන එය "ප‍්‍රහාර එල්ල වීමේ අනතුරට ලක්ව සිටින සිවිල් වැසියන් හා සිවිල් ජනාවාස” ආරක්ෂා කිරීමේ පදනම මත අධිරාජ්‍යවාදී බලයන්ට ඕනෑම තැනක යුද්ධ දියත් කිරීම සඳහා අභිමතානුසාරී බලය ලබා දෙයි.

අතීතයේදී, මිලිටරි කි‍්‍රයාවන්ට අවසර දෙන එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ 7වන පරිච්ඡේදයේ "සාමයට තර්ජන” හා "ආක‍්‍රමනකාරී කි‍්‍රයා” යන කොන්දේසි ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව හා සියෙරා ලියෝන් යන රටවල් ආක‍්‍රමනය කිරීම් යුක්තිසහගත කිරීමට භාවිතා කරන ලදී. එහෙත් බන් කී මුන් පුරසාරම් දෙඩූ ආකාරයට සිවිල් වැසියන්ට "ප‍්‍රහාර එල්ලවීමේ තර්ජනය” හුවා දැක්වූ "ඓතිහාසික තීන්දුවට” අවස්ථාව වූයේ ලිබියාව යි.

අධිරාජ්‍යවාදී බලයන්ගේ අවි ගබඩාව තුල වර්තමාන "ආරක්ෂාවීමේ අයිතිය” දහනව වන ශතවර්ෂයේ අගභාගයේ "අපි‍්‍රකාව සඳහා පොර වැදීම” සාධාරනීකරනය කිරීමට රඩ්යාඩ් කිප්ලිං විසින් අමරනීය කරන ලද "සුදු මිනිසාගේ පීඩාව” යන සංකල්පය දැරූ තැනම දරයි. අධිරාජ්‍යවාදී අල්ලාගැනීමේ හා මංකොල්ලයේ කොටසක් ලෙස පසුව ලිබියාව බවට පත් ප‍්‍රදේශය වාඩිලාගෙන සිටියේ ඉතාලිය යි.

බි‍්‍රතාන්‍යය, ප‍්‍රන්සය හා එක්සත් ජනපදයට ලිබියාව තුලට මැදිහත් වීමට කොල එලිය දැල්වූ එක්සත් ජාතීන් යලි එලෙස කරනු ඇත. බි‍්‍රතාන්‍යයේ ලෝඩ් චාන්සලර් හා අධිකරන කටයුතු පිලිබඳ රාජ්‍ය ලේකම් කෙනත් ක්ලාක්, ගාඩියන් වෙත කියා සිටියේ "අප ජාත්‍යන්තර නීතිය තුල බොහෝ දුරට ස්ථාපනය කර ඇති දෙය ලෙස පෙනෙන්නේ විශේෂ අවස්ථාවන්හි දී ජාත්‍යන්තර ප‍්‍රජාවේ මැදිහත් වීම සාධාරනීකරනය කල හැකි මානවවාදී පදනමයි” යනුවෙනි.

එවැනි ප‍්‍රකාශ ලිබියාව තුල මැදිහත් වීම අවම පිරිවැයක් සහිත කෙටිකාලීන කි‍්‍රයාන්විතයක් යැයි කියාපෑමේ ව්‍යාජ භාවය හෙලිදරවු කරයි. ලිබියාව නියෝජනය කරන්නේ යුරෝපයේත් ජාත්‍යන්තරවත් මිලිටරිවාදයේ ගැඹුරු වන අවශ්‍යතාවයන්ය. මෙමගින් මිලිටරි අයවැය විශාල වශයෙන් ඉහල යන අතර මීට ගෙවනු ලබන්නේ කම්කරු පන්තියේ සමාජ තත්ත්වයන් හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් මත වඩ වඩා කෲර ප‍්‍රහාර එල්ල කිරීම තුලිනි.

කි‍්‍රස් මාස්ඩන්