ජර්මානු දල දේශීය නිෂ්පාදිත දත්ත ගෝලීය ආර්ථිකයේ පහත වැටෙන පරාවක‍්‍රයක් සලකුනු කරයි

German GDP figures highlight downward trajectory of global economy

By Barry Grey , 17 August 2011

ජර්මනියේ සංඛ්‍යා ලේඛන කාර්යාලය 16දා නිකුත් කල දත්තයන්ට අනුව යුරෝපීය සංඟමයේ සීමිත ආර්ථික වර්ධනයට බෙහෙවින් දායක වී ඇති ජර්මනියේ ආර්ථික වර්ධනය මෙම වසරේ දෙවන කාර්තුවේදී මුලුමනින්ම පාහේ නතරවන තැනට පත්ව තිබේ.

වර්ධනය සියයට 1.3ක් සටහන් කල පූර්ව කාර්තුව හා සසඳන කල ජූනි මාසයෙන් අවසන්වූ මාස තුනේ ජර්මනියෙහි දල දේශීය නිෂ්පාදිතය (දදේනි) වැඩිවුනේ යාන්තම් සියයට 0.1න් පමනි. පලමු කාර්තුවේ වර්ධනය පූර්වයෙන් බලාපොරොත්තු තබා සිටි සියයට 1.5 සිට 1.3 දක්වා පහත හෙලා තිබුනි.

දෙවන කාර්තුවේ දදේනි දත්ත අර්ථශාස්ත‍්‍රඥයින් අපේක්ෂා කරන ලද සියයට 0.5ට වඩා බෙහෙවින් පහත වැටුනි. දෙවන ලෝක යුද්ධයට පසුව ජර්මනිය මුහුනපෑ දරුනුම ආර්ථික පසුබෑමෙන් ගොඩඑමින් සිටි 2009 පලමු තෙමසෙන් පසුව සටහන්වූ කාර්තුවක නරකම ප‍්‍රතිපලය එය විය.

ජර්මනියේ ව්‍යාපාරික මනෝ භාවය ජූලි මාසයේදී මාස 9කට පසු දක්නට තිබුනු අවම මට්ටම වූ අතර ආයෝජන මනෝභාවය වසර දෙක හමාරකට පසු අවම මට්ටමකට වැටී තිබුනි. ප‍්‍රාග්ධන භාන්ඩ සඳහා දේශීය ඇනවුම් ජූනි මාසයේදී සියයට 15.1න් වැටුනු අතර පාරිභෝගික භාන්ඩ සඳහා දේශීය හා විදේශීය ඇනවුම් ද හැකිලී ගියේය.

ජර්මනියේ ආර්ථික වර්ධනයෙහි ආන්තික බිඳ වැටීම වඩාත් පුලුල් ජාත්‍යන්තර ප‍්‍රවනතාවන්ට සමගාමී විය. යුරෝපීය සංගමයේ සංඛ්‍යා ලේඛන කාර්යාංශය හෙවත් යුරෝස්ටැට් 16දා වාර්තා කලේ වසරේ පලමු තෙමසේ සියයට 0.8ක්වූ වර්ධනය සමග සසඳන කල දෙවන කාර්තුවේ යුරෝ කලාපයෙහි ජාතීන් 17කගේ දදේනි වර්ධනය සියයට 0.2ක් පමනක් වූ බවය. එය 2009 මැද භාගයෙන් පසුව අවම කාර්තුගත ප‍්‍රතිපලයයි.

මැයි මාසයට සාපේක්ෂව යුරෝ කලාපයේ කාර්මික නිෂ්පාදනය ජූනි මාසයේදී සියයට 0.7න් පහත ගියේය. යුරෝපීය නිෂ්පාදන වර්ධනය ජූලි මාසයේදී මන්දගාමී වූ අතර ආර්ථික විශ්වාසනීයත්වය වසරක පමන කාලයක් තුල පහතම මට්ටමට වැටුනි.

12දා වාර්තා වූයේ දෙවන කාර්තුවෙහි ප‍්‍රන්සයේ වර්ධනය ශුන්‍යවූ බවත් බි‍්‍රතාන්‍ය යාන්තම් සියයට 0.2ක වර්ධනයක් ද නෙදර්ලන්තය 0.1ක් හා ස්පාඤ්ඤය 0.2ක් ද පෙන්නුම් කල බවය. පෘතුගාලයේ වර්ධනය ශූන්‍ය වී ඉතාලියේ සියයට 0.3ක පහත් වර්ධනයක් වාර්තා කල අතර රුසියාවේ ආර්ථික වර්ධනය එක දිගට කාර්තු දෙකෙහිම මන්දගාමී විය.

පසුගිය මාසයේ අපේක්ෂිත මට්ටමට වඩා තියුනු ලෙස පහත වැටුනු එක්සත් ජනපදයෙහි දෙවන කාර්තුවේ වර්ධනය සියයට 1.3ක් වූ අතර එහි පලමු කාර්තුවේ වර්ධනය සියයට 0.4 දක්වා පහත හෙලීමෙන් පසුව ප‍්‍රතිපලය වූයේ 2011 වසරේ මුල් මාස හයෙහි ශූද්ධ වර්ධනය සියයට 0.8ක මට්ටමට පිරිහී යාමයි. 2010දී එරට ආර්ථික වර්ධන අනුපාතය සියයට 3ක් ලෙස සටහන්ව තිබීමෙන් පසුව මේ තත්වය එලඹ තිබේ.

ජපානය හෝ චීනය හා ඉන්දියාව වැනි ආසියාවේ නැඟී එන ආර්ථිකයන් ගෝලීය වර්ධනයට ආවේශයක් සපයනු ඇති බවට කිසිදු දැඩි බලාපොරොත්තුවක් ඇත්තේ නැත. 12දා ජපානය තම දදේනි දෙවන කාර්තුවේදී සියයට 0.3න් හැකිලී ගිය බව වාර්තා කලාය. මෙය අර්ථශාස්ත‍්‍රඥයින්ගේ ඒකාබද්ධ පුරෝකථනයට වඩා යහපත් වූ බැවින් එම ප‍්‍රතිපලය ශුභවාදී ලකුනක් ලෙස සලකන ලදී. ගෝලීය මූල්‍ය අර්බුදය හට ගැනුනු තැන් පටන් හොංකොංහි ආර්ථිකය පලමු වතාවට අපේ‍්‍රල්-ජූනි කාලය තුල හැකිලී ගියේය.

බොහෝ කොටම එක්සත් ජනපද ආන්ඩුවේ ලාභ ඩොලර් පිලිවෙතෙහි ප‍්‍රතිපලය වශයෙන් නැඟී එන උද්ධමනයකට හා වැඩෙන සමපේක්ෂන බුබුලූ වලට මුහුනපා සිටින චීනය හා ඉන්දියාව සිය ආර්ථිකයන් සිසිල් කිරීමට උත්සාහ දරමින් සිටියි. තෙවසරකට පසුව චීනය ජූලි මාසයේදී සියයට 6.5ක ඉහල ම උද්ධමන අනුපාතය සලකුනු කලේය. එරට තම යුවාන් මුදල ඩොලරයට හා අනෙකුත් මුදල් වලට සාපේක්ෂව ඉහල නැඟීමට ඉඩහැර ඇත්තේ නය කැටිකිරීමේ හා මිල මට්ටම් ඉහල නැඟීම පාලනය කිරීමේ උත්සාහයක් ලෙසය.

ගෝලීය මන්දගාමිත්වය මූල්‍ය වෙලඳපොලවල වියරු උච්ඡාවචනයන් ද නැඟී එන රාජ්‍ය නය හා බැංකු අර්බුද ද සනිටුහන් කිරීමත් උත්සන්න කිරීමත් සිදු කරයි. එය යුරෝපීය නය අර්බුදය ඉතාලිය හා ප‍්‍රන්සයට පවා පැතිර යාමත් ප‍්‍රථම වතාවට සිදුවූ එක්සත් ජනපදයේ නය බාල්දු කිරීමත් සමග සම්පාත විය.

2008 සැප්තැම්බරයේ වෝල් වීදියෙහි බිඳ වැටීමෙන් පසුව ගෝලීය අර්බුදය අවපාතයේ නව අදියරකට එලඹෙමින් තිබේ. එසේ වන්නේ ඩොලරය නැඟුම බවට පත්වූ ලෝක මූල්‍ය පද්ධතිය ගොඩගත නොහැකි පරිද්දෙන් අස්ථාවර වීමත්- අන්තර් යුරෝපීය අසමතුලිතයන් හා ජාතික ප‍්‍රතිවිරෝධතා පොදු යුරෝපීය මුදලට වල කැපීම හා පශ්චාත් යුද්ධ ආර්ථික සම්බන්ධතාවන්ගේ සමස්ත ගෘහ නිර්මානය ම බිඳී විසිරී යාමේ දර්ශනයක කොන්දේසි ද හමුවේය.

තෙවසරකට පමන පෙර හටගත් ආර්ථික අර්බුදය පසුව පැමිනෙන අව්‍යාජ හා තිරසාර ප‍්‍රකෘතිමත් වීමකින් විසඳනු ලබන හුදු තාවකාලික පසුබෑමක් පමනක් යයි විශ්වාසයකින් යුතුව තවදුරටත් පැවසිය නොහැක. දැවැන්ත බැංකු ඇපදීම් හා කප්පාදු වැඩසටහන් පතුලේ ඇති කිසිදු ගැටලුවක් විසඳා නැතුවා පමනක් නොව ආර්ථික තත්වය තවදුරටත් පල්ලම් බසිමින් තිබෙන බව පිලිගැනීමට ප‍්‍රතිපත්ති සම්පාදකයින්ට බලකෙරී ඇත.

පසුගිය සතියේදී එක්සත් ජනපද මහ බැංකුව සාමාන්‍ය වර්ධනය කරා සාපේක්ෂව වේගවත් පුරාගමනයක් පිලිබඳ එහි පූර්ව අනාවැකිය අකුලාගත් අතර අඩුම තරමින් තවත් දෙවසරක කාලයකටවත් ශුන්‍යයට ආසන්න පොලී අනුපාතිකය පවත්වාගෙන යාමට ප‍්‍රතිඥා දුන්නේය. ඒ සමාන ආකාරයෙන් එංඟලන්ත මහ බැංකුව 2011හා 12 සඳහා එහි වර්ධන අනාවැකි පිරිහෙලූ අතර බැංකු අධිපති මර්වින් කිං අදාල කාලය තුල පොලී අනුපාත ඉහල නොනංවන බව ප‍්‍රසිද්ධියේ ඇඟවුම් කලේය.

ආන්ඩු- ප‍්‍රතිපත්ති සම්පාදකයින් හා විශ්ලේශකයින්ගේ සැර අනතුරු ඇඟවීම් ද සමග යලිත් 1930 අවපාතයට සමාන්තරයන් ඇඳීමට පටන්ගෙන තිබේ. ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයක් අතරතුර ලෝක බැංකු සභාපති රොබට් සොලික් 14දා "අප අනතුරුදායක කලාපයකට ඇතුලු වෙමින් සිටින්නෙමු” යයි පැවසීය. ලෝක නායකයින් "කෙටිකාලීන මෙන්ම දිගුකාලීන විශ්වාසය ගොඩනැඟීමේ” දැඩි ක‍්‍රියාපිලිවෙතක් අනුගමනය කිරීම අවශ්‍ය බව ද ඔහු පැවසීය. එහෙත් මෙම ක‍්‍රියා පටිපාටිය කුමක්දැයි නොපැවසීමට ඔහු වගබලා ගත්තේය.

"දෙවන කාර්තුව ජර්මන් ව්‍යාපාර චක‍්‍රයේ සන්ධිස්ථානයක් සලකුනු කරන” බව යුනික්‍රෙඩිට් විශ්ලේෂක ඇන්ඩි‍්‍රයස් රීස් ප‍්‍රකාශ කලේය. "බොහෝ පල දරන වර්ධනයේ අවධිය දැන් ඇත්තේ අපගේ පසු පසිනි.” ජර්මනියෙහි ආර්ථික උපදේශක මන්ඬලයේ සාමාජික ක‍්‍රිස්ටෝෆර් ස්ක්මිඩ් රොයිටර් වෙත මෙසේ පැවසීය. "අපි අර්බුදයේ අවසානයට බොහෝ ඈතින් සිටින්නෙමු. ජර්මනියට අවශේෂ ලෝකයෙන් වෙන්ව සිටිය නොහැක”

ලෝක බැංකුවේ හිටපු ප‍්‍රධාන අර්ථශාස්ත‍්‍රඥ හා නොබෙල් ත්‍යාග ලාභියෙකු ද වන කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජොසෆ් ස්ටිග්ලිට්ස් අගෝස්තු 10දා ෆිනෑන්ෂල් ටයිම්ස්හි පලකල ලිපියක් අවසානයේ මෙසේ පැවසීය: "දීර්ග ව්‍යාධියක් දැන් දක්නට ලැබෙන්නේ ශුභවාදී දර්ශනයක් ලෙසය.”

පිම්කෝ ආයෝජන කලමනාකරනයේ ආරම්භකයා හා උප ප‍්‍රධාන ආයෝජන නිලධාරී බිල් ග්‍රොස් අගෝස්තු 12දා වොෂින්ටන් පෝස්ට්හි පලකල ලිපියක් තුල මෙසේ අනතුරු ඇඟවීය: "මූල්‍ය ඉදිරිදර්ශනයේ ප‍්‍රතිපත්ති සම්පාදකයින් අප යොමුකරන්නේ පහත් වර්ධනයක් ඇතත් තවමත් පනගහන 21වන සියවසේ එක්සත් ජනපද ආර්ථිකය වෙත නොව අවපාතය හා ව්‍යසනකාරී 1930 ගනන් වෙතය.”

නිව් යෝර්ක් විශ්වවිද්‍යාලයේ ස්ටර්න් ව්‍යාපාර විදුහලෙහි ආර්ථික මහාචාර්ය නොරියල් රූබිනී මෑත පලකල ලිපිවල තර්ක කරන්නේ "කෙටි වර්ධනයක් පසුපසින් එන තවත් පරිහානියක්” පිලිබඳ සියයට පනහක අවස්ථාව ඇති බවටය. පසුගිය සතියේ ඔහු ඩබ්ලිව්එස්ජේ ඩොට් කොම් වෙබ් අඩවියේ හමුවක දී ධනවාදයේ ප‍්‍රතිවිරෝධතා පිලිබඳ මාක්ස්ගේ විශ්ලේෂනය නිවැරදි යයි පිලිගත්තේය.

”කාල්මාක්ස් එය නිවැරදිව දුටුවේය. සමහර අවස්ථාවලදී ධනවාදයට ස්වයං විනාශය අත්කරගත හැකිය. මක්නිසා ද යත් ශ‍්‍රමය වෙතින් ආදායම ප‍්‍රාග්ධනය වෙත මාරුකිරීම අධි ධාරිතාවක් හා සමස්ත ඉල්ලූමේ හිඟයක් රහිතව ඔබට දිගටම සිදුකල නොහැකි නිසාය. වෙලඳපොලවල් ක‍්‍රියාකාරී වන්නේ යයි අපි සිතා සිටියෙමු. එහෙත් ඒවා ක‍්‍රියාත්මක වන්නේ නැත.”

එකකට පසුව තවෙකක් වශයෙන් ගන්නා ලද දුගී පියවර පූර්න පරිමානයේ අවපාතයක් කරා තල්ලූවීම ද නව වටයක බැංකු අසාර්ථකත්වයන් හා රාජ්‍ය නය පැහැර හැරීම් ද නවතා ලීමට අසමත්වීමෙන් පසුව පාලක පන්තීන් අතර කරකියාගත නොහැකි අවුල් වියවුල් හා භීතිය පිලිබඳ හැඟීමක් වැඩෙමින් තිබේ. මෑතක දී පලවූ ප‍්‍රධාන පුවත්පත් සමහරක ශීර්ෂ පාඨ උපුටා දැක්විය හැකිය. "විශ්වාසය පිලිබඳ ගෝලීය අර්බුදය” (අගෝ-13 වෝල් ස්ටී‍්‍රට් ජර්නලය) "මූල්‍ය වෙලඳපොලවල බරසාරකමේ අවසානය” (13දා ෆිනෑන්ෂල් ටයිම්ස්) "නව අර්බුදය සමග සටන් කිරීමේදී ගේත්නර් හා බර්නාන්කේ අත ඇත්තේ අවි ස්වල්පයකි” (14දා වොෂින්ටන් පෝස්ට්)

කෙසේ වුවත් ඔවුන් සියලූ දෙනාම අර්බුදයෙන් මිදීමට උත්සාහ කරන්නේ කම්කරු පන්තිය මතට වඩාත් රුදුරු ප‍්‍රහාර එල්ල කිරීමෙනි. ජොන් මේනාඩ් කේන්ස්ගේ ලිබරල් අනුගාමිකයන් සේම මිල්ටන් ප‍්‍රීඩ්මාන්ගේ කොන්සවේටිව් අනුගාමිකයින් ද පූර්ව සියවසේ මූලික සමාජ ප‍්‍රතිසංස්කරන වලට පහරදීමේ අවශ්‍යතාව හා ලෝක ජනතාවගේ අති මහත් බහුතරයකගේ ජීවන තත්වයන් අකුලා දැමීම පිලිබඳවත් එක පැහැර එකඟ වන්නේය.

පෙර නොවූ විරූ රුදුරු බවකින් සමාජ වැඩසටහන් කැපීමට අමතරව සූදානම් කෙරෙමින් ඇත්තේ රැකියා හා වැටුප් මත ප‍්‍රහාරයේ නව වටයකි. ජර්මනියේ විශාලතම භාන්ඩ වෙලඳ සමාගම වන ඊඔන් පසුගිය සතියේ පැවසුවේ රජය සතුව පැවතිය දී දශකයකට පෙර පුද්ගලීකරනය කිරීමෙන් පසුව පලමු වතාවට ඇතිවූ අලාභයෙන් ඉක්බිතිව රැකියා 11,000ක් පමන අහෝසි කිරීමට සිදුව ඇති බවය.

"එක්සත් ජනපද කර්මාන්ත-නැඟීම පසුපසින් එන වැටීමේ අනතුරට සූදානම්වෙයි” යන හිසින් 15දා ෆිනෑන්ෂල් ටයිම්ස්හි ලිපියක් පලවිය. තෙල් හා ගෑස් කර්මාන්තය සඳහා පොම්ප නිෂ්පාදනය කරන සමාගමක් වන ගාඩ්නර් ඩෙන්වර් හි ප‍්‍රධාන මූල්‍ය නිලධාරී මයිකල් ලාසන් පුවත්පතෙහි උපුටා දැක්වීය. "කන්ඩායම එකතුව අප හඹා යායුතු කම්හල් ලැයිස්තුවක් අපි සූදානම් කලෙමු. ඇනවුම්වල මන්දගාමී වීමක් දක්නට ලැබුනොත් දැනටමත් සූදානම් කර ඇති පරිදි සේවක සංඛ්‍යාවක් කපා හරින්නෙමු.”