ලෝක ධනවාදී අර්බුදයේ සන්ධිස්ථානයක්

A turning point in the crisis of world capitalism

11 August 2011

පසුගිය සිකුරාදා එක්සත් ජනපදයේ වත්කම් ප‍්‍රමානනය (credit rating) පහත හෙලීමේ අර්ථය නම්, ලේහ්මන් බ‍්‍රදර්ස් ඇද වැටුනු 2008 සැප්තැම්බර් 15වැනි දා, ජනාධිපති නික්සන් ඩොලරයෙන් රත්රන් ඇපවීම ඉවත් කල 1971 අගෝස්තු 15වැනි දා සමග එක්සත් ජනපදයේ හා ලෝක ධනවාදයේ ඓතිහාසික අර්බුදයේ තීරනාත්මක හැරවුම් ලක්ෂවලින් එකක් ලෙස 2011 අගෝස්තු 5වැනි දා ද පිලිගනු ලබනු ඇති බවය.

මේ දින තුන එක්සත් ජනපදයේ ඓතිහාසික බිඳවැටීම හා ඒ සමග ම සමස්ථ ගෝලී ය ධනවාදී පර්යායේ බිඳවැටී ම ද වාර්තා කරන හදිසි සිදුවීම් මාලාවකින් සම්බන්ධ වේ.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් වත්කම් ප‍්‍රමානනය පහත හෙලීමේ කෙටිකාලීන අරමුන ශ්‍රේනි කිරීමේ ආයතනයේ ප‍්‍රකාශනය තුල පැහදිලිව ම උච්චාරනය කෙරුනි. එනම්, ඔබාමා පරිපාලනය හා කොංග‍්‍රසය අතර ගිවිසුම තුල ප‍්‍රකාශිත වෛද්‍ය රැකවරන හා අනෙකුත් හිමිකම් වැඩසටහන්වල කප්පාදුවේ ප‍්‍රමානය සමග ඇති අතෘප්තිය යි.

වත්කම් ප‍්‍රමානනය පහත හෙලීමට පසු දූෂමාන ආරංචි මූල්‍ය කවයන් හරහා අනෙකුත් රටවල්වලට ද (සඳහන් කල ඒවා අතරින් ප‍්‍රන්සය එකක් විය) පැතිරීමත් සමග ජාත්‍යන්තර කොටස් වෙලඳපොලේ ලේ විලක් ද ප‍්‍රධාන බැංකුවල කඩා වැටීමක් ද වත්කම් ප‍්‍රමානනය පහත හෙලීම පසුපස හඹා ගොස් ඇත.

අඟහරුවාදා එක්සත් ජනපද මහ බැංකුව විසින් එහි ඉතා පහල නය පොලිය අඩු වශයෙන් තව අවුරුදු දෙකකටවත් දීර්ග කිරීමට ගනු ලැබූ තීරනය (එය ම එහි ප‍්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බව හා ඇමරිකානු ආර්ථිකය තුල "ගැලවීමේ” හැකියාවක් නොමැති බව පිලිගැනීමකි) ඊයේ වෝල් වීදියේ තවත් ඒකක 500ක් වැටීමට දවසකට පෙර වෙලඳපොල ඉහලට නැංවී ය.

අවම වශයෙන් යම් තාක් දුරකට, එස්ඇන්ඩ්පී වත්කම් ප‍්‍රමානනය විසින් කොටස් වෙලඳපොල වැටීම් මුදා හැරුනු අතර, ඉහත කී තීරනය ම වැඩෙන්නා වූ මූල්‍ය කැලඹුම තුල පිලිබිඹු වන දුර යන ඓතිහාසික සන්තතියක ප‍්‍රතිඵලය යි. මූල්‍ය කැලඹුම යටින් පවතින්නේ, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝක ධනවාදය ස්ථාවරකිරීම තුල ප‍්‍රධාන කාර්යභාරය ඉටු කල එක්සත් ජනපදයේ ආර්ථික ශක්තියේ දිග්ගැස්සුනු හා වැලක්විය නොහැකි බිඳ වැටීමයි. එබැවින් එක්සත් ජනපදයේ පරිහානිය හුදෙක් ඇමරිකානු ප‍්‍රපංචයක් නොවේ. එය ලෝක ධනවාදී පර්යායේ අර්බුදයේ සංකේන්ද්‍රිත ප‍්‍රකාශනයකි.

එක්සත් ජනපදයේ බිඳවැටීමේ ආරම්භක සලකුන, හරියට ම අවුරුදු 40කට පෙර එලඹෙන සඳුදාට යෙදෙන දිනක, 1944 බි‍්‍රට්න් වුඩ්ස් ගිවිසුම යටතේ සෙසු ලෝකයේ සැරිසරන එක්සත් ජනපද ඩොලර් රත්රන් අවුන්සයක් ඩොලර් 35ක අනුපාතයට හුවමාරු කිරීමට බැඳුනු පොරොන්දුවට ඇමරිකාවට මින් ඉදිරියට තවදුරටත් ගරු කල නොහැකි බව ඉරුදින සවසක ජනාධිපති නික්සන් රූපවාහිනියෙන් ලෝකයට ප‍්‍රකාශකිරීමත් සමග මතුවි ය. එම තීරනය, 1930 ගනන්වල විනාශයෙන් පසු පශ්චාත් යුද්ධ වෙලඳාම හා ගෝලීය ව්‍යවසාය යලි පන ගැන්වීමේ දී තීරනාත්මක ක‍්‍රියාකලාපයක් ඉටු කල ස්ථාවර විනිමය හුවමාරු පද්ධතිය දෙදරවීය.

තීරනයේ ක්ෂනික හේතුව වූයේ එක්සත් ජනපද වෙලඳ ශේෂයේ හිඟයක් ඇති වීම යි. නමුත් මෙය දශකයකට පෙර බෙල්ජියානු අර්ථශාස්ත‍්‍රඥ රොබට් ටි‍්‍රෆින් විසින් ප‍්‍රකාශ කර තිබුනු බි‍්‍රට්න් වුඩ්ස් පද්ධතිය තුල වඩාත් මූලික ප‍්‍රශ්නයක ප‍්‍රතිඵලය විය. ලෝක මුදල ලෙස එක්සත් ජනපද ඩොලරය ඵලදායිව ක‍්‍රියාත්මක වුන තත්වයක් තුල ජාත්‍යන්තර ද්‍රවශීලතාවය පවත්වා ගෙන යාම එක්සත් ජනපදයෙන් ඩොලර් පිටතට ගලා යාමක් විධාන කලේ ය. නමුත් මෙම පිටතට ගලා යාම ම හා එහි රත්රන් සංචිතයට බොහෝ අධික ලෙස එක්සත් ජනපදයෙන් පිටත ඩොලර් තොග ගොඩ ගැසීම ඵලදායක ලෙස බි‍්‍රට්න් වුඩ්ස් පද්ධතියේ පදනම්, එනම්, ඩොලර් සඳහා රත්රන් හුවමාරු කිරීමේ ඇමරිකානු පොරොන්ඳුව බිඳ දැමුවේ ය.

රත‍්‍රන් සදහා ඇප වීම ඉවත් කිරීම ගෝලීය සංචිත මුදල ලෙස ඩොලරයේ කාර්යභාරය අවසන් නොකලේ ය. නමුත් ඉන් තේරුම් කලේ ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය එහි නැංගුරම නැති කර ගෙන තිබූ බව හා බිඳෙන සුලු බාවය තව දුරටත් ඉහල යාමය. මූල්‍ය චන්ඩ මාරුත මාලාවකින් අස්ථාවරත්වය පිලිබිඹු වුනි. මහ බැංකුවේ සභාපති පෝල් වොල්කර් විසින් වාර්තා ගත පොලී අනුපාත ඉහල දැමීමක් පැටවීම කරා මෙහෙය වුනු 1979 එක්සත් ජනපද ඩොලරයේ පහත වැටීම, 1980 ගනන්වල මුල් භාගයේ ලතින් ඇමරිකානු නය අර්බුදය, 1987 ඔක්තෝබරයේ ගෝලීය කොටස් වෙලඳපොල ඇද වැටීම, අඩු වශයෙන් යම් තාක් දුරකට, පොලී අනුපාත ප‍්‍රතිපත්ති පිලිබඳව එක්සත් ජනපද හා ජර්මන් අධිකාරයන් අතර වෙනස්කම් විසින් අවුලුවන ලදී.

1987 ඇද වැටීමට ප‍්‍රතිචාර වශයෙන්, අලූතින් පත්වුනු එක්සත් ජනපදයේ මහ බැංකු ප‍්‍රධානි, ඇලන් ග‍්‍රීන්ස්පෑන්, මෙතැන් සිට ක‍්‍රියාවට දැමිය හැකි ප‍්‍රත්පත්තියක් ස්ථාපනය කලේ ය. ඕනෑ ම මුදල් අර්බුදයක්, ප‍්‍රධාන බැංකු හා මූල්‍ය ආයතනවලට ලාභ මුදල් සැපයීමට මධ්‍යම බැංකුවෙහි නය පොරොප්ප විවෘත කිරීමෙන් විසඳිය හැක.

මෙම ප‍්‍රතිපත්තිය ඊලඟ අවුරුදු 20 පුරා එක්සත් ජනපද ආර්ථික වර්ධනය ඇවිලවීමට උදව් කල අතර, එය එසේ කලේ හැමවිට ම පරපුටු ආකාරවල ධන සමුච්චයනය ප‍්‍රවර්ධනය කිරීමෙනි. එක්සත් ජනපද ධනවාදය කාර්මික නිෂ්පාදනයේ හා එමගින් පහසු කල ශ‍්‍රමයේ ඵලදායිතාව තුල මහා ඉදිරියට යෑම්වල පදනම මත ගෝලීය පූර්ව-ශේෂ්ඨත්වයට නැග තිබුනි. දැන් කර්මාන්ත විනාශ කර පිටට කොන්ත‍්‍රාත් දෙමින් ලාභයේ ප‍්‍රධාන උල්පත ලෙස නිෂ්පාදනය ඉවත ලා මූල්‍යකරනය පැමින ඇත "නිෂ්පාදනයේ තැන ගැනීමත් සමග කර්මාන්ත විනාශ කෙරෙමින් පවතී. මෙය නිවාස හා උප-ප‍්‍රතමක බුබුලු තුල හාස්‍ය ජනක රූපාකෘතීන් ආරෝපනය කල ක‍්‍රියාවලියකි.

එක්සත් ජනපද ආර්ථිකය 1990 ගනන් හා 2000ස් ගනන්වල පුලුල් වීමක් අත්විඳි මොහොතේ පවා මෙම වර්ධනය ම ගැඹුරු වන අර්බුදයක් ආවරනය කලේ ය. ගෝලීය සංචිත මුදල, එනම් ඩොලරය, ලෝකයේ වඩාත් ම නයගැති ජාතියේ මුදල විය. ගෝලීය ධනවාදී ඉතිහාසයේ මෙය කවදාවත් සිදුව නැත.

1914 පලමු ලෝක යුද්ධය පිපිරීමට පෙර දශකවල, ගෝලීය ආර්ථිකය බි‍්‍රතාන්‍ය පවුම මත රඳා පැවතුනි. බි‍්‍රතාන්‍ය සෙසු ලෝකයේ ප‍්‍රධාන ප‍්‍රාග්ධන සැපයුම්කරු වූ නිසා රන් පවුම ඵලදායක ලෙස රත්රන් මෙන් ම වටිනාකමින් යුක්ත විය. එය "ලෝකයේ කර්මාන්ත ශාලාව” ලෙස පැවති තත්වය ඉවත් කෙරී තිබුන අතර ද එය තවමත් ලෝකයේ ප‍්‍රධාන මුදල් සම්පාදකයා විය, මන් ද, එහි බැංකුවල හා මූල්‍ය ආයතනවල ගෝලීය භූමිකාව හා එමෙන් ම එහි යටත් විජිතවලින්, සියල්ලන්ට ම ඉහලින් ඉන්දියාවෙන් එයට ඇද ගත හැකි වූ විශාල මූල්‍ය සම්පත් නිසා ය.

පලමුවැනි ලෝක යුද්ධය බි‍්‍රතාන්‍ය මූල්‍ය තත්වයට බලගතු ප‍්‍රහාරයක් එල්ල කල අතර ඉන් එය කිසි දා ගැලවුනේ නැත. ලෝක මුදලක් ලෙස භාවිතා කල හැකි මුදලක් නොමැති තත්වයක් තුල අන්තර් ලෝක යුද්ධ කාල පරිච්ඡේදයේ දී ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය විසිරී ගිය අතර ලෝක ආර්ථිකය පසමිතුරු වෙලඳ හා මුදල් කාන්ඩවලට දෙදරා ගියේය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජනපදය ලෝක ප‍්‍රමුඛත්වයට නැගීමත් සමග පමනි නව ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියක් ස්ථාපිත වූයේ. එහි කේන්ද්‍රීය කුලුනේ, එනම් එක්සත් ජනපද ආර්ථිකයේ පරිහානියේ හා කුනුවීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම පද්ධතිය දැන් කැඞීබිඳී යාමේ ඉහල අවස්ථාවක පවතී.

තම නය ගෙවීමට එක්සත් ජනපදයට "හැම විට ම මුදල් අච්චු ගැසීමට” හැකි නිසා නය නය පැහැර හැරීම කට ඇත්තේ "ශුන්‍ය ශඛ්‍යතාවක්” යන ග‍්‍රීන්ස්පෑන්ගේ රෙකමදාරුව නිසා සමහර විවරන ලියන්නෝ නය පැහැර හැරීමේ වැදගත්කම ඉවත ලා ඇත. එවැනි අඥාන දෘෂ්ටියක් මගින් නොතකා හරින කරුන නම් එක්සත් ජනපද නය පැහැර හැරීම මතුවීමටත් පෙර (1971 අගෝස්තු 15වැනි දා නය පැහැර හැරීම ගැන සැලකීමේ දී බොහෝ අය සිතන්ට ඉඩ ඇතුවාට වඩා ඉක්මනින් එවැනි සිදුවීමක් විය හැක) මෙම තීරනය මගින් තව දුරටත් ගෝලීය මූල්‍ය පද්ධතිය ඛාදනය කරන බවයි.

දැන් ලෝක ධනවාදය ස්ථාවර මූල්‍ය පද්ධතියකින් තොරව ක‍්‍රියාත්මක වෙමින් පවතී. ධනවාදය යටතේ මුදල්වලට ප‍්‍රධාන කාර්යයන් දෙකක් ඉටු කිරීමට ඇත. එය හුවමාරු මාධ්‍යයක් හා වටිනාකම් සන්නිධියක් වේ. දුර යන ප‍්‍රතිවිපාක සමග මෙම කාර්යයන් දෙක ම එක්සත් ජනපද ඩොලරයේ වේගයෙන් අඩුවෙන වටිනාකම මගින් සම්පූර්නයෙන් ම අවුල් කෙරෙමින් පවතී.

හුවමාරු කාර්යයේ මාධ්‍ය මත බලපෑම ඉතා පැහදිලිව මැද පෙරදිග දැකිය හැකි සේ ලෝකය පුරා පන්ති අරගලයේ පිපිරීමක් කුපිත කරවමින්, සියල්ලට ම ඉහලින් ඊනියා අඩු දියුනු රටවල උද්ධමනයට මග පාදමින් අහාර හා ඉන්ධන වැනි ගෝලීයව වෙලඳාම් කෙරෙන මූලික භාන්ඩ සඳහා වන මිල ඉහල යාම තුල පිලිබිඹු වේ.

ඒ ආකාරයට ෆෙඩරල් සංචිතයේ ලාභ මුදල් ප‍්‍රතිපත්තියේ ප‍්‍රතිඵලයක් වශයෙන් සියලූ ම ප‍්‍රධාන මුදල්වලට එරෙහිව ඩොලරය පහත වැටීම නිසා වටිනාකම් සන්නිධියක කාර්යය ද පහත වැටෙමින් පවතී. එක්සත් ජනපද නයවල ඩොලර් ටි‍්‍රලියන 1.2ට වඩා ආයෝජනය කිරීමට වග කියන චීන බලධාරීහු එක්සත් ජනපද මූල්‍ය අධිකාරයන් මුදල පාලනයක් යටතට ගෙන ආ යුතු යයි ඉල්ලීමක් නිකුත් කර ඇතැ යි යන්න පුදුමයට කරුනක් නොවේ. සෑම දිනක ම එක්සත් ජනපද වෙලඳපොලවල ආයෝජනය කල චීන මූල්‍ය වත්කම්වල වටිනාකම දිය වී යන අතර මේ වන විටත් බිදෙන සුලු චීන බැංකු හා මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය මත පාඩු, ගැටෙන අවස්ථාව කරා කාලය වඩා කිට්ටුවට ගෙන එයි.

ඍජුව එක්සත් ජනපද හෝ වෙනත් කිසි ම තනි ජාතික මුදලකට නොබැඳුනු නව ගෝලීය සංචිත මුදලක් ස්ථාපිත කිරීම සඳහා චීන බලධාරීහු නැවත ඉල්ලීමක් කර ඇත. මේ වන විට ජාතික එදිරිවාදිකම් හා යුරෝ කලාපයේ බලවතුන් අතර ගැටුම් විසින් කෑලිවලට ඉරා දැමී ඇති යුරෝවේ ඉරනම එවැනි වර්ධනයකට බලාපොරොත්තුවක් නොමැති බව ප‍්‍රදර්ශනය කරයි. කිසියම් මුදලකට, මුදල් සමූහයනයකට හෝ කෘතිම මුදලකට ඩොලරය වෙනුවට ලෝක මුදලක් විය නොහැක.

වර්තමාන අර්බුදය විසඳිය හැකි ආර්ථික ප‍්‍රතිපත්ති සමූහයක් හෝ නියාමක යාන්ත‍්‍රනයක් නෙමැත. ඓතිහාසික අත්දැකීම් පෙන්වන්නේ 1930 ගනන්වල තත්වය ඊටත් වඩා පුපුරන සුලු ආකාරයකට ආපසු පැමිනෙමින් තිබෙන බවයි.

මේ අවස්ථාවේ දී පසමිතුරු ආර්ථික කාන්ඩවලට බෙදුන ලෝකය, ඉතිහාසයේ ඉතාමත් විනාශකාරී ලෝක යුද්ධය දෙසට ගමන් කරයි. අද එම අනාදැක්ම නැවත වතාවක් තර්ජනාත්මකව ලඹ දෙන අතර කම්කරු පන්තිය එයට මැදිහත් විය යුතු ය. ධනේශ්වර ක‍්‍රමයේ ව්‍යාකූලත්වයන් හා එය මානව වර්ගයාගේ අනාගතය සඳහා නිර්මානය කරන අනතුරු වන බහුජන දිලිඳුකම, අවපාතය හා යුද්ධය, කම්කරු පන්තිය බලය ගැනීමෙන් හා ජාත්‍යන්තර සමාජවාදය ස්ථාපිත කිරීම හරහා ලාභ පද්ධතිය පෙරලා දැමීමෙන් අවසන් කල යුතු ය. මෙම ඉදිරිදර්ශනය ශාක්ෂාත් කර ගැනීමට හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස ගොඩ නැගීම අවශ්‍ය ය.

නික් බීම්ස්