ඉන්දියාව: මරුටි සුසුකි කම්කරු අරගලය කම්කරු පන්තියේ දේශපාලන ප‍්‍රහාරයකට මූලිකත්වය ගත යුතු යි

India: Maruti Suzuki workers’ struggle must spearhead working-class political offensive

Statement of the World Socialist Web Site, 20 October 2011

Marukiසුසුකි පවර්ටේ‍්‍රන් කම්කරුවෝ

මරුටි සුසුකි සමාගමේ මනේසර් මෝටර් රථ එකලස් කිරීමේ කම්හලේ කම්කරුවෝ වහල් කඳවුරු තත්වයන්ට - එනම්, ඉන්දියාවේ කර්මාන්තශාලාවල හා විශේෂ ආර්ථික කලාපයන්හි පවතින පහල වැටුප්, පලල් ලෙස කොන්ත‍්‍රාත් ශ‍්‍රමය යොදාගැනීම, අධිකාරිවාදී කම්කරු නීති හා සටන්කාමී කම්කරුවන් ක‍්‍රමානුකූලව දඩයම් කිරීම - ආදියට එරෙහිව පසුගිය ජූනි මාසයේ සිට අධිෂ්ඨාන සහගත අරගලයක් දියත් කර ඇත.

ඔවුන් නැවත නැවතත් වැඩ වර්ජන හා වැඩබිම් අල්ලාගැනීම් දියත් කර ඇති අතර එසේ කර ඇත්තේ ඉන්දියාවේ විශාල ම මෝටර් රථ නිෂ්පාදකයාගේ අතිශය කෲර තර්ජන හා මරුටි සුසුකි ආයතනයට දරුනු ලෙස සූරාකැවෙන "අනියම් කම්කරුවන්” සපයන කම්කරු කොන්ත‍්‍රාත්කරුවන් විසින් සිදුකෙරෙන මැරවර ප‍්‍රචන්ඩකම් නො තකා ය.

මනේසර් කම්කරුවන් ඔවුන්ගේ මෑත ම වැඩබිම් අල්ලාගැනීම ක්ෂනික ඉක්බිත්තේ ගුර්ගාඔන් - මනේසර් කාර්මික තීරුවේ කම්කරුවෝ 12,000ක් අනුගෘහිත වැඩවර්ජනයකට හවුල් වූහ. දැනට සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ සුසුකි පවර්ටේ‍්‍රන් හා සුසුකි මොටර්සයිකල් යන සුසුකි අතිරේක කම්හල්වල කම්කරුවෝ දහස් ගනනක් මනේසර් කම්කරුවන්ගේ සහායට වැඩ වරා සිටිති.

කෙසේ නමුත් මනේසර් මරුටි සුසුකි කම්කරුවෝ බරපතල අනතුරකට මුහුන දෙති. පොලිස් ප‍්‍රචන්ඩත්වයේ තර්ජනය යටතේ සතියක් පුරා පැවති ඔවුන්ගේ මනේසර් වැඩබිම් වාඩිලාගැනීම අවසන් කිරීමට පසුගිය සිකුරාදා ඔවුන්ට බල කෙරුනි. එදින එයට කලින් විශාල වසයෙන් සන්නද්ධ වූ 1,500ක් පොලිස් භටයෝ කම්හලට ඇතුල් වී වාඩිලාගැනීම අවසන් කිරීමේ ඉහල උසාවි නියෝගයක් නාමයෙන් වැඩවර්ජනය කරමින් සිටි කම්කරුවන් බලහත්කාරයෙන් පිටමන් කිරීමට සූදානම් වෙමින් සිටියහ.

නැවත මනේසර් කම්හලෙහි වැඩ පාර්ශවීය වසයෙන් අරඹා ඇති මරුටි සුසුකි සමාගම (එම්එස්අයිඑල්) තමන් මනේසර් කම්කරුවන්ගේ විරෝධය කුඩු කර දමන බවට තර්ජනය කර ඇත. ජපානයට අයිති සමාගම එහි හර්යානාහි මෙහෙයුම්වලට බාධා කිරීම් ඩොලර් මිලියන 300කට වඩා පාඩුවක් ඇති කරමින් එහි නිෂ්පාදනය වාහන 50,000කින් අඩු කර ඇතැ’යි පිලිගෙන ඇතත් එම්එස්අයිඑල් සභාපති ආර්.සී.භර්ගාවා සමාගම "කෙටිකාලීන විසඳුමකට” වඩා දිග් ගැස්සුනු කම්කරු යුද්ධයකට කැමති යයි නැවත නැවතත් ප‍්‍රකාශ කලේ ය.

මහා ව්‍යාපාර, කොංග‍්‍රස් පක්ෂයෙන් පාලිත ජාතික හා හර්යානා ආන්ඩු සහ සමස්ථයක් වශයෙන් දේශපාලන සංස්ථාපිතය මරුටි සුසුකි සමාගමට සම්පූර්නයෙන් ම සහාය දෙති. පසුගිය ජූනියේ දී ගැටුම පිපිරීමේ සිට හර්යානාහි කොංග‍්‍රස් පක්ෂ ආන්ඩුව කලමනාකරනයේ නියම හස්තය ලෙස ක‍්‍රියාකර ඇත. එය පසුගිය ජුනි වැඩවර්ජනය නීතිවිරෝධී යයි ප‍්‍රකාශ කලේ ය. අලුතින් පිහිට වූ මරුටි සුසුකි සේවකයන්ගේ සංගමයට (එම්එස්ඊයූ) නීත්‍යානුකූල පිලිගැනීම ප‍්‍රදානය කිරීම ප‍්‍රතික්ෂේප කල සමාගම එම්එස්ඊයූව දේශපාලනිකව "කඩාකප්පල්කාරීය” යන සමාගමේ ප‍්‍රකාශය ප‍්‍රතිනාද කර සමාගමේ ඒජන්ත වෘත්තිය සමිතිය කම්කරුවන්ගේ "නියෝජිතයා” යයි අවධාරනය කලේ ය.

"යහපත් හැසිරීමේ ගිවිසුමකට” අත්සන් කිරීමට කම්කරුවන් එකඟ වන තෙක් සමාගම ඔවුන්ව දවස් 33ක් පිටමං කිරීමට ආන්ඩුව සම්පූර්න සහාය දුන්නේ ය. එහි තර්ජනයට කම්කරුවන් නැමී නො සිටියා නම් හා පසුගිය සිකුරාදා කම්හල අත නො හැරියා නම් කොන්ග‍්‍රස් පක්ෂ ආන්ඩුව ඔවුන් මත පොලීසිය යෙදවීමට සූදානම් ව සිටියේ ය.

ඉන්දියානු පාලක ප‍්‍රභූව මනේසර් කම්කරුවන්ගේ අරගලයට වෛර කරන අතර ඔවුන්ට බිය වෙයි, මන් ද පසුගිය දශක දෙක පුරා ලාභ ශ‍්‍රම සැපයුම් කරුවෙකු ලෙස ලෝක ධනේශ්වර ආර්ථිකයට ඉන්දියාව ඒකාබද්ධ කිරීම හරහා පැන නැගී ඇති නව දේශීය හා විදේශීය නිෂ්පාදන අංශය ගුනාංගිකරනය වන වදකාගාර තත්වයන්ට එරෙහිව කම්කරු පන්තියේ වර්ධනය වන්නා වූ අභියෝගයේ කොටසක් ලෙස ඔවුන් එය හඳුනා ගන්නා බැවිනි. පසුගිය මාස 18 පුරා ෆොක්ස්කොන්, බීවයිඩී ඉලෙක්ට්‍රෝනික්, සන්මිනා හා දකුනු ඉන්දියාවේ හ්‍යුන්ඩායි කම්හල ඇතුලු ඔටෝ හා ඉලෙක්ට්‍රෝනික අංශයේ කම්කරුවන් සම්බන්ධවෙමින් සටන්කාමී වැඩවර්ජන මාලාවක් තිබී ඇත.

මනේසර් කම්කරුවන්ගේ අරගලය, පසුගිය දශක දෙක පුරා ලාභ-ශ‍්‍රම නිෂ්පාදකයෙක් ලෙස ලෝක ධනේශ්වර ආර්ථිකයට ඉන්දියාවේ අන්තර්ග‍්‍රහනය වීම හරහා ඉස්මතු වී ඇති දේශීය හා විදේශීය නිෂ්පාදන ක්ෂේත‍්‍රයට ලාක්ෂනික වන වහල් කඳවුරු කොන්දේසිවලට එරෙහි කම්කරු පන්තියේ අභියෝගයක් ලෙස දැකගන්නා ඉන්දියානු පාලක ප‍්‍රභූව, එයට වෛර කරන අතර එයට බිය වේ.

කම්කරුවන් ඉහල යන ආහාර හා බලශක්ති මිල ගනන්වල බලපෑම බාල කල හැකි වැටුප් වැඩිවීමක් අත්පත් කර ගැනීමේ උත්සාහයක් තුල මූලික අයිතීන් දිනා ගැනීමට යොමු වෙද්දී ඉන්දියානු මහා ව්‍යාපාර අධිෂ්ඨාන සහගත වනුයේ "ඉන්දියා සංස්ථාපිතයේ” හි නැගිටීම ගිනි දැල්වූ මර්දනකාරී තත්වයන් පවත්වා ගැනීමට පමනක් නො වේ. 1930 මහා අවපාතයෙන් පසු ලෝක ධනවාදයේ උග‍්‍රම අර්බුදයට ප‍්‍රතිචාර ලෙස එය කම්කරුවන් සූරාකෑම තීව‍්‍ර කිරීමට මං සොයමින් සිටියි.

එම්එස්අයිඑල් කාරනයට අදාල ය. පසුගිය තුන් අවුරුද්ද තිස්සේ කලමනාකාරිත්වය මනේසර් කම්හලෙහි නිෂ්පාදනය සියයට 40කින් ඉහල නංවාගෙන ඇත. මෙය කිරීමට එය කම්කරුවන් වැසිකිලි ∕ කැසිකිලි යන අතරතුර තේ පානය කිරීමට සැලසීමෙන් විවේක කාලය කපා හැර ඇත. තවත් වඩා ලාභ ලැබීමේ උත්සාහයක් තුල එම්එස්අයිඑල් සමිතිය දඩ දඬුවම් ක‍්‍රමයක් හරහා කම්කරුවන්ගේ වැටුප් කපාදමයි.

විශේෂයෙන් ම කම්කරුවන් නෙරපා හැරීම හා වැඩ කොන්ත‍්‍රාත් දීම තුල තම අත තව දුරටත් ශක්තිමත් කර ගනු සඳහා ඉන්දියානු රජය කම්කරු නීති නැවත ලිවිය යුතු යයි මහා ව්‍යාපාර ඉල්ලති. රටෙහි ලාභ-ශ‍්‍රම පාලනය ආරක්ෂා කර ගැනීමට කොන්ග‍්‍රසය මෙහෙයවන ප‍්‍රාන්ත ආන්ඩුවේ අධිෂ්ඨානය මෙම සතියේ මුල එහි ප‍්‍රධාන ආර්ථික උපදේශක කෞෂික් බාසු විසින් කරන ලද ප‍්‍රකාශයෙන් පැහදිලි වේ. බාසු ආසන්න වශයෙන් ඉලක්කම් දෙකේ උද්ධමනය සඳහා ඉහල යන වැටුප්වලට දෝෂාරෝපනය කල අතර ඉන්දියාවේ "ශ‍්‍රම පිරිවැය වාසිය” භයානක ලෙස යටපත් වී ඇතැ යි ප‍්‍රකාශ කලේ ය.

මහා ව්‍යාපාර, ආන්ඩුව, පොලීසිය හා උසාවියේ ඒකාබද්ධ ප‍්‍රහාරය පරාජය කිරීමට මරුටි සුසුකි කම්කරුවන් තම වැඩවර්ජනය වධකාගාර තත්වයන්ට එරෙහි සමස්ත කම්කරු පන්තියේ කාර්මික හා දේශපාලන විරෝධයේ පෙර ඇනිය කල යුතු ය. මනේසර් මරුටි සුසුකි කම්කරුවන්ට සහාය සඳහා වන හිතපක්ෂපාතී වැඩවර්ජන සියලු ම කොන්ත‍්‍රාත් කම්කරුවන් ස්ථිර සේවක සංඛ්‍යාවට වහාම බඳවා ගැනීම ඇතුලත් මූලික කම්කරු අයිතීන් සඳහා වන අරගලය තුල ගුර්ගාඔන් - මනේසර් කාර්මික තීරුව හරහා ඉන්දියාව පුරා කම්කරුවන් බලමුලු ගැන්වීම සඳහා වන විභව හැකියාව අවධාරනය කරයි.

එවැනි අරගලයක් ගෙනයාමේ දී මරුටි සුසුකි කම්කරුවන් මුහුන දෙන ලොකු ම බාධාව නම් ගුර්ගාඔන් -මනේසර් ප්‍රෙද්ශයේ ක‍්‍රියාත්මක වන හින්ද් මස්දූර් සභා (එච්එම්එස්), සමස්ත ඉන්දීය වෘත්තිය සමිති කොංග‍්‍රසය (ඒඅයිටීයූසී) සහ ඉන්දීය වෘත්තිය සමිති කේන්ද්‍රය (සීඅයිටීඑස්) ඇතුලත් වෘත්තීය සමිති සම්මේලනය සහ ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ දෙක වන ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) හා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හෙවත් සීපීඑම් හා ඔවුන්ගේ වාම පෙරමුන යි.

වෘත්තීය සමිති සම්මේලනය එම්එස්අයිඑල් කම්කරුවන් ක‍්‍රමානුකූලව හුදකලා කිරීමට කි‍්‍රයාකර ඇත්තේ ඔවුන්ව මර්දනය කිරීමට මරුටි සුසුකි කලමනාකරනය සමග අති’නත ගෙන කි‍්‍රයාකරන බලයන් වන කොන්ග‍්‍රස් ප‍්‍රාන්ත ආන්ඩුවට හා එහි කම්කරු දෙපාර්තමේන්තුවට අර්බුදයට මැදිහත් වන ලෙස ආයාචනය කරන ලෙස ඔවුන්ව පොලඹවන අතර ය.

සීපීඅයිහි වෘත්තිය සමිති හස්තය වන ඒඅයිටීයූසීය වැඩවර්ජනය ගුර්ගාඔන් - මනේසර් කාර්මික තීරුව පුරා කම්කරුවන්ගෙන් සහයෝගය උත්තේජනය කරගනිමින් සිටින විට ම පසුගිය ජුනියේ දී වැඩවර්ජනය අත්හැර දැමීමට වන තම ඉල්ලීම නොකඩවා ගෙනයාමට හා කම්කරුවන්ගේ ප‍්‍රධාන ඉල්ලීම ඇතුලත් කර ගැනීමට අසමත් වූ ගනුදෙනුවක් පිලිගැනීමට එම්එස්ඊයූව මත වන තම බලපෑම යොදා ගත්තේ ය.

ඒඅයිටීයූසී හා සීපීඑම් සමග හවුල් කම්කරු සම්මේලනයක් වන සීඅයිටීයූව ඔක්තෝබර් පලවෙනිදා පිවිසි ආපසු වැඩට යාමේ දෙවැනි ගිවිසුමක් යටතේ "යහපත් හැසිරීමේ ගිවිසුමට” අත්සන් කිරීමට කම්කරුවන්ට බලකිරීමේ දී මනේසර් කම්හලට අනුබද්ධ ඒජන්ත වෘත්තිය සමිතියක් වන එච්එම්එස් සංවිධානයට සහාය දැක් වී ය. පුරෝකථනය කල හැකි ලෙස ම නව පලිගැනීම් ප‍්‍රකාශ කරමින් ඔවුන් පිටමං කර සිටි කාලය දෙගුන කර කම්කරුවන්ට ගෙවීම ප‍්‍රතික්ෂේප කරමින් හා කොන්ත‍්‍රාත්තු කම්කරුවන් 1,000ක් නැවත බඳවා ගැනීමට වන එහි බැඳීම ප‍්‍රතික්ෂේප කරමින් සමාගම කම්කරුවන් වැඩට පැමින වැඩි කාලයක් යාමට මත්තෙන් මෙම ගිවිසුම උල්ලංඝනය කලේ ය.

ඒඅයිටීයූසී සහ සීඅයිටීයූ ඇතුලු කම්කරු සම්මේලනවල ඉලක්කය වන්නේ ඔවුන්ට "කම්කරු සාමය” එනම්, හාම්පුතුන්ගේ ලාභ ශ‍්‍රම වැඩ පාලනය සඳහා කම්කරුවන් හීලෑ කර දීමේ දී "කොටස්කරුවන්” විය හැකි බව මරුටි සුසුකි සමාගමට හා හර්යානා ආන්ඩුවට ඒත්තු ගැන්වීම යි. ඒ නිස යි ඔවුන් හැම විටම වර්ජන ව්‍යාපාරය හුදකලා කිරීමට, සීමා කිරීමට හා මර්දනය කිරීමට මාන බලා ඇත්තේ.

ඒඅයිටීයූසී හා සීඅයිටීයූවල කාර්යභාරය ඍජුව ම සීපීඅයි හා සීපීඑම්වල ධනේශ්වර ගැති දේශපාලනයෙන් ගලා එයි. කම්කරු පන්ති පක්ෂ යයි කියාගන්නා මෙම නිවුන් ස්ටැලින්වාදී පක්ෂ ඉන්දියාව විදේශ ප‍්‍රාග්ධනය ඇදගන්නා චුම්බකයක් හා ලාභ ශ‍්‍රම සම්පාදකයෙකු කිරීමේ එහි මෙහෙයුමේ දී ඉන්දියාවේ පාලක ප‍්‍රභූව හා එක්ව වැඩ කර ඇත.

2004 සිට 2008 දක්වා සීපීඑම් නායකත්වය දුන් වාමාංශික පෙරමුන කොංග‍්‍රසය නායකත්වය දුන් එක්සත් ප‍්‍රගතිශීලී සන්ධානයේ නවදිල්ලි ආන්ඩුව ඊට පෙර බීජේපීය නායකත්වය දුන් ආන්ඩුවේ ප‍්‍රත්පත්තියෙන් සුලු වෙනසක් සහිත ව්‍යාපාර ගැති ආර්ථික ප‍්‍රතිපත්තියක් හා එක්සත් ජනපද ගැති විදේශ ප‍්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යාම නො සලකා හරිමින් එය රැක ගත්තේ ය. මෑතක් වන තුරු ම සීපීඑම් නායකත්වය දුන් වාමාංශික පෙරමුන පිහිට වූ බටහිර බෙංගාලය හා කේරලය වැනි ප‍්‍රාන්ත ආන්ඩු තුල තොරතුරු තාක්ෂන අංශයේ වැඩවර්ජන තහනම් කරමින් හා විශේෂ ආර්ථික කලාප සඳහා තමන්ගේ ඉඩම් කොල්ලකෑමට එරෙහිව විරෝධය දැක් වූ ගොවීන්ට වෙඩි තබමින් එය ව්‍යාපාර ගැති ප‍්‍රතිපත්තියත් හඹා ගියේ ය .

ඉන්දියානු මහා ව්‍යාපාරිකයන්ගේ පාරම්පරික පාලන පක්ෂය වන කොනග‍්‍රස් පක්ෂය මෙන් ස්ටැලින්වාදී සීපීඑම් හා සීපීඅයි යන පක්ෂ වෙලඳපොල හිතැ’ති "මානුෂීය මුහුනුවරක් සහිත ප‍්‍රතිසංස්කරන” තිබීමට හැකියාවක් ඇතැ’යි යන බොරුව විකුනති. එහි අර්ථය නම් ඉන්දියානු ධනේශ්වරයේ කොල්ලකාරී විජිගීෂාවන් කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ අවශ්‍යතාවන් සමග සමාදාන කල හැකිය යන්න ය. නමුත් ඉන්දියාවේ "නව ආර්ථික ප‍්‍රතිපත්තියේ” පසුගිය දශක දෙක මුලුමනින් ම එහි අනෙක් පැත්ත ප‍්‍රදර්ශනය කර ඇත. ඉන්දියාවේ "නැගීම” කම්කරු පන්තිය ම්ලේච්ඡ ලෙස සූරාකෑම මත පදනම්ව තිබූ අතර මිල පිහිටාධාර හා සහනාධාර කැපීම සහ ඉන්දියාවේ මානව හා ස්වාභාවික සම්පත් කොල්ලකෑමට අවශ්‍ය මෙගා -ව්‍යාපෘති ව්‍යාපාරවලට කෘෂිකර්මාන්තයෙන් රාජ්‍ය අරමුදල් හැරවීම මගින් නිෂ්පන්න කල කෘෂිකාර්මික අර්බුදයක් සමග එකපෙලට සිදුවිය.

තමන්ගේ මූලික අයිතීන් ආරක්ෂා කර ගැනීමට මනේසර්හි මරුටි සුසුකි කම්කරුවන් මෙන් ම ඉන්දියාව පුරා කම්කරුවන් ස්ටැලින්වාදී වෘත්තිය සමිති සම්මේලන හා පක්ෂවලින් ස්වාධීනව හා ඒවාට එරෙහිව තමන් ම සංවිධානය විය යුතු අතර අරගලයේ නව සංවිධානයක් සියල්ලට ම ඉහලින් පහත සඳහන් මූලධර්ම මත පාදක විල්ලවවාදී කම්කරු පන්තික පක්ෂයක් ගොඩනැගිය යුතු ය:

* කම්කරු පන්තිය එය විසින් ම ස්වාධීන බලවේගයක් ලෙස සංස්ථාපනය විය යුතු ය. ඉන්දියානු මහා ව්‍යාපාරයන්ගේ ලාභ ශ‍්‍රම පාලනයට වන ඕනෑ ම අභියෝගයක් වහාම කම්කරුවන් හුදෙක් තමන්ගේ හාම්පුතාට එරෙහිව පමනක් නොව සමස්ත දේශපාලන සංස්ථාපිතයට හා රාජ්‍යයට එරෙහිව සටනක තබ යි. පෞද්ගලික ලාභය නොව මානව අවශ්‍යතාවන් සම්පූර්න කිරීම සඳහා සමාජයේ ධනය නිෂ්පාදනය කරන්නන් විසින් සැකසුනු තාර්කික සමාජවාදී සැලැස්මකට අනුව ආර්ථික පැවැත්ම ප‍්‍රතිසංවිධානය කල හැක්කේ බැංකු හා මූලික කර්මාන්ත මහජන පාලනය යටතේ තබන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම හරහා පමනි.

* ලෝක ධනේශ්වර අර්බුදයේ බර තමන් මත පැටවීමේ ඉන්දියානු ධනපති පන්තියේ උත්සාහයට විරුද්ධවීමේ දී ඉන්දියානු කම්කරුවෝ ලෝකය පුරා කම්කරුවන් සමග පොදු මාවතකට අවතීර්න වෙමින් සිටිති. මෑත මාසවල දී ඊජිප්තුවේ හා ටියුනීසියාවේ විප්ලවයන්ගේ සිට ග‍්‍රීසියේ හා ස්පාඤ්ඤයේ කෲර කප්පාදු පියවරවලට එරෙහි ජනතා විරෝධයන් හා තවම ආරම්භක අවස්ථාවේ පවතින ධනේශ්වර විරෝධී ජාත්‍යන්තර වෝල් වීදිය වාඩිලාගනු ව්‍යාපාරය දක්වා කම්කරු පන්ති අරගලයේ නැවත මතුවීම දක්නට හැකි විය.

මෙම වෛෂයික එක්සත්කම අන්තර්ජාතීය සංගතවලට එරෙහිව අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධව හා අවසානයේ දී සමාජයේ සමාජවාදී පරිවර්තනය සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල සම්බන්ධීකරනය කරන දැනුවත් මූලෝපායක් විය යුතු ය.

* ඉන්දියාව වැනි ඌන සංවර්ධිත රටවල තමන්ගේ සමාජ තත්වයන් දියුනු කර ගැනීමට වන කම්කරු පන්තියේ අරගලය දරිද්‍රතාවයට හා පීඩනයට එරෙහි ග‍්‍රාමීය ජනතාවගේ සටන හා ඓන්ද්‍රීයව බැඳී ඇත.

ඉන්දියානු කම්කරුවන් ග‍්‍රාමීය දුප්පතුන්ගේ අවශ්‍යතාවන් ආරක්ෂා කල යුතු අතර ඉඩම් හිමියන්ගේ, පොලීකාරයන්ගේ හා මහා ව්‍යාපාරවල පීඩනයට විරුද්ධවීමේ දී ඔවුන් සමග මිත‍්‍රත්වයක් ගොඩ නැගිය යුතු ය. පීඩිතයන්ගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිප‍්‍රායන් ඉටු කර ගත හැක්කේ ධනවාදයට එරෙහි කම්කරු පන්තියේ අරගලයක් හරහා පමනි ය යන්න ඔවුන්ට ප‍්‍රදර්ශනය කල යුතු ය.

ස්ටැලින්වාදීන් විසින් 1917 රුසියානු විප්ලවය පාවාදීමට විරුද්ධව 1938 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කල කම්කරු පන්තියේ ලෝක විප්ලවවාදී පක්ෂය වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකයන් හා එක්වන ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය සියලුම කම්කරුවන්ගෙන් සහ මෙම කි‍්‍රයාමාර්ගයට එකඟ සමාජවාදයට හිතැති තරුනයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් ඉල්ල යි.

Share this article: