පකිස්ථානු ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩ පිලිවෙල සඳහා විපක්ෂයේ සහාය පතයි

Pakistan president appeals to opposition to support IMF austerity measures

By Sampath Perera , 28 December 2010

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) විසින් කරන ලද බදු වැඩි කිරීමත් ඇතුලු නියෝග මාලාවක් කි‍්‍රයාවට දැමීම සඳහා ඔහුගේ පාකිස්ථාන මහජන පක්ෂය නායකත්වයදෙන ආන්ඩුවට සහාය දෙන ලෙස පකිස්ථානයේ ප‍්‍රධාන විපක්ෂය වන පාකිස්ථාන මුස්ලිම් ලීගයේ (නවාස්) නායක නවාස් ෂරීෆ් වෙත ජනාධිපති අසීෆ් අලි සර්දාරි පුද්ගලිකව ම ආයාචනයක් කර ඇත.

ෂරීෆ් තවම සර්දාරිගේ ආයාචනය පිලිගෙන නැත. ඒ අතරම බලය අල්ලා ගැනීමේ තැතක් සඳහා ආන්ඩුවේ සන්ධානකරුවන් ද ඇතුලු අනෙක් පක්ෂ විසින් කරන ලද ඉල්ලීම් ද ඔහු විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. එක්සත් ජනපද පිටුබලය ලද ජෙනරල් සියා උල්හක් ඒකාධිපතියාගේ ගෝලයකු ලෙස දේශපාලනයට පිවිසි දක්ෂිනාංශික ව්‍යාපාරිකයෙකු වන ෂරීෆ්, පාකිස්ථානු ධනපති පන්තිය එක්සත් ජනපදයේ හා ජාමූඅ දීන සිරකරුවන් බව හොඳින්ම දනී. නමුත් ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලින් ඇතිවිය හැකි සමස්ථ මහජන විරෝධය සර්දාරි හා මහජන පක්ෂ සභාගය විසින් දරනු ලැබීම ඔහුට අවශ්‍යය.

පකිස්ථාන මහජන පක්ෂ (පීපීපී) සභාගය පසුගිය වසරේ වැඩි කොටසක් ගත කලේ ප‍්‍රතිසංස්කරනය කල පොදු වෙලඳ බද්ද (ආර්ජීඑස්ටී) හඳුන්වා දීම සඳහා ය. මෙම බද්ද ජාමූඅ අනුමත කර ඇති ඩොලර් බිලියන 11.3 නය මුදලේ අවසාන, පස්වැනි හා හයවැනි වාරික ලබා ගැනීම සඳහා පනවා ඇති කොන්දේසි වලින් එකකි.

සාමාන්‍ය පකිස්ථානු මහජනයා මිරිකා මුදල් ඩැහැ ගැනීම සඳහා සැලසුම් කර ඇති ආර්ජීඑස්ටීය රටපුරා පලල් මහජන විරෝධයට ලක් විය. දැනටමත් ඔවුන්ගේ සොච්චම් ආදායම් සියයට 15ක් වූ උද්ධමනය ද, බලශක්ති මිල ඉහල දැමීම ද මගින් ඛාදනය කර ඇත. (මහජන පක්ෂ සභාගය 2008 වසන්තයේ දී බලයට ඒමෙන් පසු බලශක්ති මිල සියයට සියයකින් ඉහල ගියේ ය.)

පසුගිය ගී‍්‍රෂ්මයේ මහා ගංවතුරෙන් ද, ලෝක ආර්ථික අර්බුදයෙන් ද දැනටමත් බැට කා තිබෙන පාකිස්ථාන ආර්ථිකය, මෙම බද්දෙන් තවත් අපහසුතාවට පත් වේයැයි බියට පත්ව සිටින පකිස්ථාන ව්‍යාපාරික ප‍්‍රභූව ද ආර්ජීඑස්ටීයට විරුද්ධ ය.

සභාග ආන්ඩුවේ දෙවැනි විශාල පක්ෂය වන මුටාහිඩා ක්වාමි ව්‍යාපාරය (එම්ක්‍යුඑම්) ආර්ජීඑස්ටීයට විරෝධය ප‍්‍රකාශ කර ඇත. දක්ෂිනාංශික වාර්ගික පක්ෂයක් වන එය කලින් පර්වේස් මුෂාරෆ්ගේ ඒකාධිපතිත්වයට සහය දුන්නේ ය. මෙම බද්ද වෙනුවට කෘෂිකාර්මික ඉඩම් සඳහා බද්දක්, "වැඩවසම්” වාදයට එරෙහි ඝෝෂා කාරී විරෝධයක මුවාවෙන් ඔවුහු යෝජනා කරති. වෙනත් කරුනක් මත මෑතදී ආන්ඩුවෙන් ඉවත් වූ උලේමා-ඉ-ඉස්ලාම්-එෆ්, යන ආගමික පක්ෂය ද ආර්ජීඑස්ටීයට විරුද්ධ බව ප‍්‍රකාශ කරයි.

පකිස්ථානු ජාතික සභාව නියෝජනය කරන පක්ෂවලින් ආර්ජීඑස්ටීය හඳුන්වා දීමට පක්ෂව ඡන්දය දීම සඳහා සභාග ආන්ඩුවට සහාය දීමට ආන්ඩුවේ තුන්වන පාර්ශවකරු වන පෂ්ථූන් ජාතික අවාමි ජාතික පක්ෂය පමනක් සූදානමින් සිටින බව කියා තිබේ.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස බදු ඉහල දැමීම සඳහා නව වසරේදී එය කි‍්‍රයාත්මක කිරීමට පැවති සූදානම අතහැර දමමින් ආර්ජීඑස්ටීය සඳහා ඡන්දයක් පැවැත්වීම ප‍්‍රමාද කිරීමට ආන්ඩුවට සිදුව තිබේ.

ඊයේ (දෙසැ 27) රැස්වූ ජාමුඅ විධායක මන්ඩලය පකිස්ථානය සමග නය ගනුදෙනුව මාස නමයකින් දීර්ඝ කිරීමට තීරනය කලේය. එමගින් පොදු වෙලඳ බදු ප‍්‍රතිසංස්කරනය සම්පූර්න කිරීමට, මූල්‍ය ප‍්‍රතිපත්ති නිවැරදි කිරීමේ පියවරයන් කි‍්‍රයාවේ යෙදවීමට හා මූල්‍යමය ක්ෂේත‍්‍රය සඳහා නීතිමය රාමුව සංශෝධනය කිරීමට ආන්ඩුවට කල් ලබා දෙයි.

ආන්ඩුවේ වත්මන් සැලැස්ම අනුව, ආර්ජීඑස්ටීය සියයට පහලොව මට්ටමේ තැබිය යුතුය. එය වර්තමානයේ පවත්නා සියයට 17ත් 25ත් අතර පොදු වෙලඳ බද්දට වඩා පහල අගයක් ගනී. නමුත් නව බද්ද පැරනි වෙලඳ බද්දෙන් ඉවත් කර තිබුනු අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවා රැසක් මත පැටවේ. ආන්ඩුවේ ආදායම් සැලකියයුතු මට්ටමකින් ඉහල දමා ගැනීමට සැලසුම් කර තිබෙන බෙහෙත් ද්‍රව්‍ය ද කෘෂිකාර්මික උපකරන ද පොහොර හා කෘමි නාශක සහ සමහර ආහාර නිෂ්පාදන ද එයට ඇතුලත් වේ. එමගින් වසරකට රුපියල් 300,000 (එජඩො 3,500) වැඩි ආදායම් සඳහා සියයට 10ක තාවකාලික "ගංවතුර බද්දක්” සමග බහුලව භාවිතයට ගැනෙන ආනයනය කෙරෙන භාන්ඩ සඳහා සියයට එකක විශේෂ බද්දක් අය කිරීම මගින් ආර්ජීඑස්ටීයෙන් වසරකට ඩොලර් බිලියන් එකක අතිරේක ආදායමක් පලමුවසර තුල උපයා ගැනීමට ආන්ඩුව බලාපොරොත්තු වෙයි.

මෙම බදු වැඩිකිරීමට පක්ෂව කතා කරන ජාමූ අරමුදලේ නිලධාරින් ද ඔබාමා පරිපාලනයේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද බඳු නියෝජිතයන් කියා සිටින්නේ පකිස්ථානය ලෝකයේ අවම බදු අය කරන රට බවය. එය දල ජාතික නිෂ්පාදනයෙන් සියයට නමයකි. ඔවුහු එම ප‍්‍රමානය සියයට 15 දක්වා වසර තුනේ සිට 5ක් දක්වා කාලයක් තුල වැඩිකරන ලෙස ඉස්ලාමාබාද් පාලකයන් වෙත බලකරති. එමගින් ආන්ඩුවේ සංවර්ධන කටයුතු සඳහා වැඩි මුදලක් යෙදිය හැකි බව කියා සිටිති.

පකිස්ථානයේ දූෂිත ධනේශ්වර ප‍්‍රභූව නීතිමය වශයෙන් ලැබී ඇති ඉඩකඩ හා නීති විරෝධී ක‍්‍රම යොදා ගනිමින් ක‍්‍රමානුකූලව බදු ගෙවීම් පැහැර හැරීම ප‍්‍රසිද්ධ කාරනාවකි. නමුත් පකිස්ථානු ප‍්‍රභූවේ බදු පැහැරහැරීම් ගැන ඔවුන් අවධානයෙන් සිටින බවට ජාමූඅ සහ වොෂින්ටනයේ ප‍්‍රකාශ අවම වශයෙන් කිවහොත් කුහක ප‍්‍රකාශය. ආර්ජීඑස්ටීය යනු පීඩාකාරී මිස ප‍්‍රගතිශීලී බදු ක‍්‍රමයක් නොවේ. වොෂින්ටනය බැකිම ඇතිව ජාමුඅ හිඟ පරතරයන් පියවා ගැනීම සඳහා සමාජ සේවා කප්පාදු කරන ලෙස ඉස්ලාමාබාදයෙන් ඉල්ලා තිබේ. දශක ගනනාවක් තිස්සේ වොෂින්ටනය ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පරිපාලනයන් දෙකම යටතේ එක හා සමානව රටේ සම්පත් වලින් විශාල පදාසයකට උරුමකම් කීමටත්, එක්සත් ජනපදයට සහාය දුන් පාලක පන්තිය වෙනුවෙන් මහ ජනතාව ඇට පොත්තටම සූරා කන ලද දක්ෂිනාංශික ඒකාධිපතිත්වයන්ට බලය පවත්වා ගැනීමටත් උදව් කලේය.

එක්සත් ජනපද ආශීර්වාද මැද පකිස්ථාන් මිලිටරි වියදම් ඩොලර් බිලියන 6.41 දක්වා ඩොලර් බිලියන 1.28 සැප්තැම්බරයේදී ඉහල දැම්මේ ය. ජාමුඅ වෙත ඉදිරිපත් කරනු ලැබූ ලියවිලිවලට අනුව මෙම මුදල් සොයාගත්තේ, සංවර්ධන වියදම් සියයට 50 කින් ද, සංවර්ධන නොවන කාර්යයන් සඳහා වියදම් සියයට 20 කින් කපා දැමීම මගිනි.

ජාමුඅ හා වොෂින්ටනය පසුගිය ගී‍්‍රෂ්මයේ මිලියන 20කට වඩා ජනතාවක් අවතැන්වූ හා ඩොලර් මිලියන 10කට වඩා හානි සහ ආර්ථික අලාබ සිදු වූ විනාශකාරී ගංවතුර පකිස්ථාන ධනපති ක‍්‍රමය ප‍්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කිරීම සඳහා පීඩනය යෙදවීමට උපයෝගි කරගනී. ගංවතුරෙන් ඇතිවූ විනාශය නොතකමින් ජාමුඅ ගංවතුරෙන් පසුව ඉස්ලාමාබාදය වෙත කෙරෙන ඉල්ලීම් දැඩි කර තිබේ. රටේ අයවැය පරතරය දල ජාතික නිෂ්පාදනයට සමබන්ධිතව ඉලක්ක ගත රේට්ටුව කලින් නියම කර තිබූ සියයට 4.3 සිට 4.7 දක්වා සුලු වශයෙන් ඉහල දැමීමට ද එකඟ විය.

නව වෙලඳ බද්දට අමතරව දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 4.7ක් වන යලි සැකසූ අයවැය පරතර ඉලක්කයට ගැලපෙන සේ සමාජ වියදම් කපන ලෙසත් බල ශක්ති සහනාධාරය මුලුමනින්ම අහෝසි කරන ලෙසත් ජාමුඅ ඉල්ලා සිටී. අවතැන් වූ 14 මිලියනයක් සඳහා හදිසි ආධාර සහ දිගු කාලීන පුනරුත්ථාපනය සඳහා අවශ්‍ය මුදල් උපුටා දක්වමින් අයවැය පරතරය සියයට 6 මට්ටමේ තබා ගැනීමට පසුගිය මාසයේ දී ඉස්ලාමාබාදය ජාමූඅ කල ඉල්ලීම එක හෙලාම ප‍්‍රතික්ෂේප කලේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස, බිස්නස් රෙකෝඩර් සඟරාවේ වාර්තාවකට අනුව "2010/2011 මූල්‍ය වර්ෂ සඳහා රාජ්‍ය අංශයේ සංවර්ධන වැඩපිලිවෙල සඳහා වන වියදම් සියයට 46කින් හෙවත් ඩොලර් බිලියන 1.75න් කපා දැමීමට” දැන් ආන්ඩුව තීන්දු කර තිබේ.

"දුෂ්කර තීන්දු” ගැනීමේදී ආන්ඩුවත් සමග සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ජ්‍යෙෂ්ට පක්ෂ නියෝජිතයින් පත් කරන ලෙස ෂරීෆ්ට යැවූ ලිපියේ දී පීඑම්එල්(එන්) නායකයන්ගෙන් සර්දාරි ඉල්ලා ඇත. පීඑම්එල්එන් ප‍්‍රධාන ප‍්‍රකාශක ඊෂාන් දාර් පකිස්ථාන පාර්ලිමේන්තුවේ ඉහල මංඩලය වන සෙනෙට් සභාවේදී පොදු වෙලඳ බද්ද හඳුන්වා දීමට පක්ෂව ඡන්දය දුන් බවත් පකිස්ථාන මුදල් ඇමතිවරයාව සිටිය දී මිල සහනාධාර දැඩි ලෙස විවේචනය කල බවත් ඔහු ෂරීෆ්ට මතක් කර තිබේ.

තවද ප‍්‍රසාරනය කරන ලද වෙලඳ බද්ද හා සහනාධාර කප්පාදුවට අමතරව, ආයෝජන ඉවත්කර ගැනීම, පුද්ගලිකරනය කිරීම හා රැකියා කප්පාදු කිරීම සමගින් රාජ්‍ය අංශයේ ව්‍යවසායකයන්හි ලාභදායී බව වැඩි කර ගැනීම සඳහා සහයෝගය එම ලිපිය මගින් ඉල්ලා සිටී. සර්දාරි සඳහන් කරන රාජ්‍ය අංශයට පකිස්ථානු දුම්රිය සේවය, පකිස්ථානු ජාත්‍යන්තර ගුවන් සේවාව, බලශක්ති අංශයේ සමාගම්, සහ පකිස්ථානු වානේ මෝල ඇතුලත් වේ. "ඔබ මෙම ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා ද රාජ්‍ය හා පුද්ගලික අංශයේ සහයෝගය වර්ධනය කිරීමට සහයෝගය දීමෙන් ද පකිස්ථානු ජාතික අභිලාශයන් ආරක්ෂා කිරීමට ඔබගේ පක්ෂය සහාය පල කරන්නේ නම් අප මහත් සේ කෘතඥ වන්නෙමු.” පකිස්ථාන මහජන පක්ෂයේ සමසභාපති වූ සර්දාරි එම ආයාචනය තුල ලිව්වේය.

එක්සත් ජනපද නිලධාරීහු ආර්ජීඑස්ටීය හා අනෙකුත් මූල්‍ය අරමුදලේ නියෝග ආන්ඩුව විසින් කි‍්‍රයාවට නංවනු පිනිස සහයෝගය ගොනු කිරීම සඳහා පකිස්ථානු දේශපාලඥයන් මත බලපෑම් දැමීමේ නිරතව සිටිති. මෙය පාකිස්ථාන ප‍්‍රභූවේ කොටසක් වොෂින්ටනයට, වඩාත් පලල්ව කිවහොත් ඇෆ්ඝනිස්ථානය තුල එක්සත් ජනපද-නේටෝ වාඩිලා ගැනීමට පුද්ගලිකව සහාය දෙන අතර ම ඔවුන්ගේ එක්සත් ජනපදය පාකිස්ථානය තුල කරන දුරස්ත පාලන ගුවන් ප‍්‍රහාර ප‍්‍රසිද්ධියේ හෙලා දැකීමට සමාන කි‍්‍රයාවකි.

ප‍්‍රතිගාමී ඇෆ්ගනිස්ථාන-පකිස්ථාන යුද්ධය අවසන් කිරීමත් ආර්ථික අර්බුදය පකිස්ථානු කම්කරුවන් හා පීඩිත ජනතාව මත පැටවීමේ විදේශීය හා දේශීය ප‍්‍රාග්ධනයේ තැතට විරුද්ධ විය හැක්කේත් සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් පමනි.