ඊජිප්තු විප්ලවය පිලිබඳ සසප/සසජාශි රැස්වීමක් කොලඹ දී

SEP/ISSE meeting in Colombo on the Egyptian revolution

16 February 2011

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) සංවිධානය, ඊජිප්තු විප්ලවයේ ජාත්‍යන්තර අර්ථභාරය සහ දේශපාලන ඇඟවුම් සාකාච්ඡා කරනු පිනිස පෙබරවාරි 25 දා කොලඹ දී ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි.

දශ ලක්ෂ සංඛ්‍යාත ඊජිප්තු කම්කරුවන්ගේ හා තරුනයන්ගේ මහජන විරෝධතා පෙලපාලි සහ වර්ජන, දශක තුනකට වැඩි කාලයක් තිස්සේ ආඥාදායක තන්ත‍්‍රයක් හරහා එරට පාලනය කල ජනාධිපති හොස්නි මුබාරක්ට ඉල්ලා අස්වීමට බල කර ඇත. මෙම පිපිරීම, ගැඹුරු වන ලෝක ආර්ථික අර්බුදයක් මධ්‍යයේ දැන් විප්ලවවාදී අරගලවලට ඇතුලු වෙමින් සිටින කම්කරු පන්තියේ බලය එලිමහනට ගෙනවිත් තිබේ. එම නැගිටීම ඊජිප්තු හා අරාබි ධනේශ්වරයට පමනක් නොව, ඊස්රායලයේ සියොන්වාදී තන්ත‍්‍රයට සහ එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදී බලයන්ට ද බරපතල ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

මෙරට ද ඊට සමාන අරගල පැන නැගිය හැකිය යන්න පිලිබඳව ශී‍්‍ර ලංකාවේ පාලක පන්තියේ කොටස් උත්සුකතා පල කර තිබේ. දෙමල සුලුතරයට එරෙහිව දශක ගනනාවක් පැවති යුද්ධයෙන් අනතුරුව, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තන්ත‍්‍රය, ජීවන මට්ටම්වලට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි සිය ප‍්‍රහාර උත්සන්න කර ඇත්තේ, කම්කරුවන් හා තරුනයන් අතර ගැඹුරු වන විරසකයන් නිර්මානය කරමිනි.

ඊජිප්තු විප්ලවයේ ජාත්‍යන්තර මානයන් ද එයින් උකහා ගත යුතු තීරනාත්මක දේශපාලන පාඩම් ද සාකච්ඡා කරන සසප/සසජාශි රැස්වීමට සහභාගි වන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් හා අපගේ සියලු පාඨකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

ප‍්‍රධාන කථිකයා: සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රධාන ලේකම් විජේ ඩයස්

දිනය හා වේලාව: පෙබරවාරි 25 වන සිකුරාදා, සවස 4.00

ස්ථානය: මහවැලි කේන්ද්‍රය, ගී‍්‍රන් පාත්, කොලඹ 07.