මුබාරක්ගේ කතාව: පාලන තන්ත‍්‍රය ඉවත් කල හැක්කේ විප්ලවය මගින් පමනි

Mubarak’s speech: only revolution can oust regime

11 February 2011

බ‍්‍රහස්පතින්දා (10 දා) රාත‍්‍රියේ ඊජිප්තු ආඥාදායක හොස්නි මුබාරක්ගේ දේශනයෙන් ඔහු සති තුනක් තිස්සේ ඔහුගේ පාලන තන්ත‍්‍රය සොලවා ලමින් වර්ධනය වෙමින් පවතින්නා වූ මහජන විරෝධතාවයන්ට ද වැඩ වර්ජන රැල්ලට ද තම අභියෝගය කෙලින් ම ඉදිරිපත් කලේ ය.

හොස්නි මුබාරක් තම ඉල්ලා අස්වීම ප‍්‍රකාශයට පත් කරතැයි පැතිර ගිය මාධ්‍ය වාර්තාවලින් පසුව - සහ ඔහු ඒ වන විටත් රටින් පලා ගොස් ඇතැ යි යන දූෂමාන ආරංචිවලින් පසුව ජාතික රූපවාහිනියේ ඉදිරිපත් වූ ඊජිප්තු ජනාධිපතිවරයා ලබන සැප්තැම්බරයේ දී තමාගේ වාරය අවසන් ව මැතිවරන පැවැත්වෙන තෙක් "ව්‍යවස්ථාව ආරක්ෂා කොට ඊජිප්තු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ස්ථිරසාරව ම මගේ වගකීමට උර දෙන බව” ප‍්‍රකාශ කලේ ය.

ඔහුගේ ප‍්‍රකාශය "ජාතික කථිකාවක්” පවත්වාගෙන යාමටත් "ස්ථාවරත්වය ඇති වී ඉඩ ලැබුනු කල්හි” රටේ ව්‍යවස්ථාවේ පවත්නා පොලිස් රාජ්‍ය පියවරයන් ඉවත් කිරීමටත් නො පැහැදිලි පොරොන්දුවක් අන්තර් ගත කර ගත් අතර ඔහු තමාගේ ජනාධිපති බලතලවලින් සමහරක් තමාම තෝරා ගත් උපජනාධිපතිවරයා වූ දිගුකාලයක් තිස්සේ රාජ්‍ය රහස් පොලීසියේ ප‍්‍රධානියාව සිටි ඕමාර් සුලෙයිමාන්ට පවරා දෙන බව ද ප‍්‍රකාශ කලේ ය.

එක්සත් ජනපද මධ්‍යම ඔත්තු සේවාවේ ප‍්‍රධාන ගෝලයෙකු වූ සුලෙයිමාන් ඊලඟට කල කතාව මුබාරක් කල කතාවට ද වඩා නපුරු විය. ඊජිප්තුවේ දසලක්ෂ සංඛ්‍යාත පෙලපාලිකරුවන් සහ වැඩ වර්ජනකරුවන් "ආපසු ගෙදර යා යුතු ය”යි ද "වැඩට යා යුතු ය”යි ද ඔහු බල කර සිටියේ ය. වියවුලක් වැලැක්වීමට නම් මහජනයා පාලන තන්ත‍්‍රය සමග "අත්වැල් බැඳගත යුතු ය”යි මුබාරක් අනතුරු හැඟවීය. "රාජ්‍ය ද්‍රෝහීකම” අවුලුවාලන්නවුන්ට මහජනතාව ඇහුම්කන් දිය යුතු නැතැ යි ද ඔහු කී ය.

කයිරෝවේ තහ්රීර් චතුරස‍්‍රයට ද ඇලෙක්සැන්ඩි‍්‍රයා නගර මධ්‍යයට ද රටපුරා නගර, මහනගර සියල්ලෙහි ද ඒකරාශී වූ මිලියන ගනන් පෙලපාලිකරුවන් මෙම කතාවලට දැක්වූයේ කම්පිත අවිස්වාසයකි; ඉක්බිතිව පැන නැංගේ පාලනය කල නො හැකි කෝපයකි. මුබාරක් ඇදවැටෙනු ඇතැයි අපේක්ෂාවෙන් සින්දු කියමින් ද නටමින් ද සිටි ජනයා, සිය පාවහන් අහසෙහි ලෙලවමින් එක්සත් ජනපද අධිරාජ්‍යය විසින් වත්තන් කර ගන්නා ලද ඒකාධිපතියා කෙරේ වෛරය සහ පිලිකුල ප‍්‍රකාශයට පත් කලහ. දහස් ගනන් ජනයා තහ්රීර් චතුරස‍්‍රයේ සිට ජාතික රාජ්‍ය රූපවාහිනි මධ්‍යස්ථානයට ද ජනාධිපති භවනයට ද ගමන් කිරීම ආරම්භ කලහ. මේ ස්ථාන දෙක වටේම කටුකම්බි ඇද බර අවි සහිත හමුදාව විසින් වටකොට තිබුනි. ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ දී පෙලපාලිකරුවන්ගෙන් වැඩි දෙනෙක් නගර මධ්‍ය අතහැර ප‍්‍රාදේශීය හමුදා කඳවුරට ගමන් කරන්නට පටන් ගත්තෝ ය.

සිකුරාදා (11) මිලියන සංඛ්‍යාත වඩා පුලුල් ජනකායක් වීදි බසිනු ඇතැයි අපේක්ෂා කරනු ලබන අතර ඊජිප්තු හමුදාව ද කැරලි ගසා නැගී සිටින මහාජනකාය ද අතර ලේවැකි ඝට්ටනයක් සිදුවනු ඇතැයි යන අන්තරාය තව තවත් වැඩෙමින් පවති. මිනීමරු මර්දනය දිග හැරියොත්, මරා දමනු ලබන්නා වූ ද තුවාල ලබන්නා වූ ද ජනකාය පිලිබඳ දේශපාලන සහ සදාචාරයික වගකීම ප‍්‍රධාන වසයෙන් ම වොෂින්ටනයේ ඔබාමා පාලනාධිකාරයට භාර වෙයි.

ඊජිප්තු ජනාධිපතිකමේ එල්ලී සිටීමට හොස්නි මුබාරක් ගත් තීන්දුව, හිතුවත්කාරකම සහ "මිලිටරි ආඩම්බරය” පිලිබඳ ප‍්‍රශ්නයක් යයි ඇමරිකානු මාධ්‍යයන් විසින් කර ගෙන යනු ලබන නොගැඹුරු සහ දෙපිටකාට්ටු වාර්තාකරනය පෙන්නුම් කල නමුත් එය එසේ නො වේ.

ඒ වෙනුවට එය වනාහි, දූෂිත ධනපතියන් සහ හමුදා නායකයන්ගෙන් සමන්විත ඊජිප්තුවේ පාලන තන්ත‍්‍රය තුල ම පමනක් නො ව වොෂින්ටනයේ ද අනිකුත් අධිරාජ්‍ය අගනුවරවල ද බල මධ්‍යස්ථානයන්හි පවත්වන ලද බරපතල සාකච්ඡාවන්ගේ ප‍්‍රතිඵලය විය.

මෙහි දී පැන නැග ඇත්තේ, යටින් එල්ල වන විප්ලවවාදී අභියෝගයකට මුහුන දුන් සෑම ප‍්‍රතිගාමී තන්ත‍්‍රයක් ම මුහුන දෙන්නා වූ සුපුරුදු විවාදය යි. පාලකයින්ගෙන් කොටසක් විප්ලවවාදී තර්ජනය විසඳා ගැනීම සඳහා නාමික සහනයන් වත් දිය යුතු යයි කියන අතර තවත් කොටසක් තර්ක කරන්නේ එවන් සහනයක් දීම විසින් විප්ලවය තවත් ශක්තිමත් කොට පාලන තන්ත‍්‍රයේ බිඳ වැටීම වඩාත් ඉක්මන් කෙරෙනු ඇතැ යි යන්න ය.

කයිරෝ නගරයෙන් වාර්තා වන පරිදි මිලිටරි ආඥාදායකත්වය තම "උත්තරීතර මන්ඩලය” කැඳවිය. මෙය මීට කලින් රැුස්වුනේ 1967 සහ 1973 ඊස්රායලය සමග ඇති වූ යුද්ධයන් සමයේ පමනි. වාර්තා වී ඇති පරිදි මෙම මන්ඩලයේ රැස්වීම ඉහත සඳහන් ආකාර මතභේදයන්ගෙන් පිරී පැවතුනි. මුබාරක් ඉවත් ව යාම දැනටම තහවුරු වී ඇති කරුනක් ය යන්න මෙහි දී පැහැදිලි වූයේ මෙම මන්ඩල රැස්වීමට ඔහු සහභාගි නො වීම නිසා ය.

තමාගේ දේශනයේ දී, මුබාරක් "විදේශ ආඥාවන්ට” නැමෙන්නට තමා සූදානම් නැතැ යි කියමින් ජාතිකවාදී හැඟීම්වලට ආයාචනා කිරීමට විහිලු ප‍්‍රයත්නයක් දැරී ය. "විදේශ ආඥාවන් යනුවෙන් හැඳින්වූයේ වොෂින්ටනයේ නියමයන් ය. ඒත් යථාර්ථය නම් ඔබාමා පාලනාධිකාරය ඒ වන විටත් ඊජිප්තු ජනාධිපතිවරයා තවදුරටත් ජනාධිපති ධුරයේ රැඳී සිටිය යුතු යයි - තම සම්පූර්න සහාය රටේ ප‍්‍රධාන වධකයා වූ සුලෙයිමාන්ට "ක‍්‍රමානුකූල ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංක‍්‍රමනයක්” සංවිධානය කරන්නා හැටියට පුදන ගමන් ම - පිලිගෙන ඇති බව පැහැදිලි කර තිබුනු බව ය. තමන් අවධාරනය කරන්නේ "පුද්ගලයන්” නො ව "සන්තතීන්” යයි එය අවධාරනය කලේ ය. වෙනත් වචනවලින් කිවහොත් බ‍්‍රහස්පතින්දා මුබාරක් සහ සුලෙයිමාන් ප‍්‍රකාශ කර තිබුනේ ඔබාමා ධවල මන්දිරය ඉදිරිපත් කර තිබූ අදහසම ය.

ඔබාමා පාලනාධිකාරය සහ කයිරෝවේ ඒකාධිපතිත්වය අතර කුමන වෙනස්කමක් පැවතුනත් ඒවා මුලුමනින් ම උපායික ය. එක්සත් ජනපද පාලනාධිකාරය තුල - ඊජිප්තු පාලන තන්ත‍්‍රය තුල මෙන් ම - පාලන තන්ත‍්‍රය ගලවා ගැනීම කර ගත හැකි හොඳම මග කුමක් ද යන්න ගැන මතභේද පවතින බවට සැකයක් නැත. කෙසේ වෙතත් එය සෘජු මිලිටරි මැදිහත්වීමකින් හෝ කිසියම් අතරමැදි මාධ්‍යයක් මගින් ඉටු කල යුතු යයි සලකනු ලැබේ.

ඊස්රායලය, එනම් වොෂින්ටනයේ ප‍්‍රධාන අනුග‍්‍රාහිත රාජ්‍යය, වඩාත් පැහැදිලිව මෙය ප‍්‍රකාශ කලේ ය. ඊස්රායලයේ උප අගමැති සිල්වන් ෂැලම් ප‍්‍රකාශ කර ඇත්තේ ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහනයක් "රැඩිකල් කොටස්” ශක්තිමත් කරන හෙයින් පිලිගත නො හැකි ය යන්න යි.

මේ අතර ජනාධිපති බරක් ඔබාමා සෞදි අරාබියේ අබ්දුල්ලා රජු ද අබුඩාබි පාලක මොහොමඩ් බින් සයෙඩ් කුමරා ද පර්සියන් ගල්ෆ් වෙනත් බලවතුන් ද සමග සාකච්ඡා කලේ ය. ඔවුන් සියලුම දෙනා එක්සත් ජනපදය ඊජිප්තු මහජනතාවට එරෙහිව මුබාරක්ට සහාය දිය යුතු යයි කියා සිටියහ. ඉහත කී අර්ධ වැඩවසම් රජවරුන් ද වොෂින්ටනය ම ද බියවන්නේ ඊජිප්තු ඒකාධිපතියා පලවා හැරීමට මහජන නැගිටීමකට හැකි වුවහොත් ඇමරිකානු පිටුබලය ලද අනෙකුත් පාලන තන්ත‍්‍රයන් ද ඇදවැටෙතැයි යන්න ගැන ය.

මුබාරක්ගේ ප‍්‍රකාශයට පැය කීපයකට පෙර ඊජිප්තුව සම්බන්ධයෙන් ඔබාමා ප‍්‍රකාශ කර සිටියේ "දැන් පරම වශයෙන් ම පැහැදිලිව ඇත්තේ ඉතිහාසය දරන හරිමින් පවත්නා සැටි ය” යනුවෙනි. ඔහු මෙසේ ද එකතු කලේ ය. "ඉදිරියට යන කල්හි අපට අවශ්‍ය වන්නේ සියලුම ඊජිප්තු ජනයා විසින් පහත සඳහන් කරුන වටහා ගත යුතුව ඇති බව ය. ඇමරිකාව ක‍්‍රමානුකූලව සහ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා පරිවර්තනයක් ඇති කිරීමට සහාය දෙනු ඇත.”

පසු ගිය සති දෙක හමාර තුල සිදු වූ සිදධීන් විසින් ඔබාමා පාලනාධිකාරය මුලුමනින් ම අවමානයට පාත‍්‍ර කොට ඇත. එය, මුලුමහත් ප‍්‍රදේශය පුරා ද ලෝකය පුරාම ද මිලියන ගනන් ඊජිප්තු ජාතිකයන් සහ මහා ජනකාය ඉදිරියේ ඔබාමා පාලනාධිකාරය මුබාරක් ඒකාධිපතිත්වයේ සාපරාධී හවුල්කරුවා ලෙස එලිදරව් කර ඇත. "ප‍්‍රජාතන්ත‍්‍රවාදය” පිලිබඳ ඔබාමා පාලනාධිකාරයේ වංචා සහගත කයිවාරුව අන් කිසිවක් නො වේ. කාලය දිනාගැනීමට කෙරෙන්නකි. "සැබෑ සහ ක‍්‍රමානුකූල පරිවර්තනයක්” පිලිබඳ ඔබාමා පාලනාධිකාරයේ නරිවාදම්වලට යටින් ඇති සැබෑ අරමුන වන්නේ, ඊජිප්තුවේ එක්සත් ජනපද සහාය ලත් ඒකාධිපතිත්වය ගලවා ගැනීම ද මහජනතාවගේ නැගිටීම පරාජය කිරීම ද සඳහා මාර්ගයක් සොයා ගැනීම වේ.

දශක තුනක් තිස්සේ මුබාරක් සහ ඔහුගේ සහකරුවන් මත රැඳී සිටි ඇමරිකානු පාලනාධිකාරයට එහි තැන ගැනීමට කලින් තනාගත් විකල්පයක් ඇත්තේ නැත. එවන් පුද්ගලයින් හදාවඩා ගැනීමට කාලය අවශ්‍ය ය. ඒ අතරතුර පාලන තන්ත‍්‍රයට එරෙහි වූ මහාජන නැගිටීම බෙදාලීම සඳහා වඩාත් දේශපාලන වසයෙන් පසුගාමී කොටස් ද මධ්‍යම පන්තියේ වඩාත් පෝසත් කොටස් ද කම්කරුවන්ට සහ පීඩිතයන්ට එරෙහිව හරවා ලීමට වැඩ කල යුතු ව ඇත.

ඊජිප්තුව මුහුන දී සිටින්නේ සමාජ විප්ලවයකට බව වොෂින්ටනයට තදින්ම දැනී ඇත. පසු ගිය දවස් කීපය තුල රට පුරා පැතිර ගිය මහා ස්ට‍්‍රයික් රැල්ල වැඩ කරන ජනතාවගේ සෑම කොටසක් ම, රෙදිපිලි කම්කරුවන්, බස් ධාවකයන්, රෝහල් කම්කරුවන්, නලුවන්, වානේ කම්කරුවන්, පුවත්පත් කලාවේදීන්, නැව් තටාක කම්කරුවන්, ගොවියන් සහ ගනන් නැති වෙනත් කොටස් අරගලයට පිවිසුවා ඇත. ෆැක්ටරි අල්ලා ගනිමින් ද ප‍්‍රධාන වීදි අවුරමින් ද සටනට බැස සිටින කම්කරුවෝ කැරලි මර්දන පොලීසිය සමග මූනට මූන ලා සටන් වැද සිටිති.

ඇමරිකා එක්සත් ජනපදයේ සහ සෑම රටකම පාලක ප‍්‍රභූවේ ඉමහත් ම භීතිය වන්නේ, ඊජිප්තුවේ මෙම මහා නැගිටීම ගිනිපුපුරක් සේ ක‍්‍රියා කරමින් මැදපෙරදිග සහ අප‍්‍රිකාවේ ද ඉන් ඔබ්බේ ද මහා කම්කරු පන්තිය ලෝක ධනවාදයේ ගැඹුරු සහ දිග්ගැසුනු අර්බුදය විසින් නිර්මානය කරනු ලබන මහා ජන අතෘප්තිය මැද්දෑවේ රැඩිකලීකරනය කරනු ඇතැ යි යන්න ගැන ය.

එක්සත් ජනපද ආධාර ලත් ඒකාධිපතිත්වයට එරෙහි අරගලයට පිවිසී සිටින්නා වූ ඊජිප්තු කම්කරුවන් සහ තරුනයින්ට ගත වූ දෙසතිය විසින් ඉතා කෙටි කාලයක් තුල දී දැවැන්ත දේශපාලන අත්දැකීම් සහ විඥානයේ වර්ධනයක් අතිමහත් ලෙස ඒකාග‍්‍ර කොට ලබා දී ඇත. සිද්ධීන් විසින් පොදු ප‍්‍රජාතන්ත‍්‍ර මිථ්‍යාවන් ද යුද හමුදාවට නිදහසේ ආරක්ෂකයා ලෙස ක‍්‍රියා කල හැකි ය යන මතය ද කුඩා කර දමා ඇත. වඩවඩාත් පැහැදිලි වන්නේ ඉදිරියට ඇති එකම මග නම් විප්ලවකාරී ලෙස පාලන තන්ත‍්‍රය කුඩු කර දැමිය යුතු ය යන්න ය.

මිලියන සංඛ්‍යාත ඊජිප්තුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්, රැකියා සහ යහපත් ජීවන තත්වයක් සඳහා පවත්නා ඉල්ලීම් නොගැලපෙන්නේ හුදෙක් හොස්නි මුබාරක්ගේ පාලන තන්ත‍්‍රය සමග පමනක් නො වේ. ඒවා ධනේශ්වර අයිතියේ සහ අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට ද එරෙහි වේ. මන්ද යත් රට පුරා පැතිර පවත්නා අති දරුනු පීඩනය සහ සිත් දවන සමාජ අසමානත්වයේ මූල හේතුව පවතින්නේ එහි නිසා ය.

ඊජිප්තු විප්ලවයට මුහුන දීමට සිදුව ඇති දැවෙන ප‍්‍රශ්නය නම් ගම්බද දුප්පත් ජනයා සහ පීඩිත පන්තියේ සියලුම ස්ථරයන් කම්කරු පන්තිය පිටුපස බලමුලු ගන්වා දැවැන්ත මහා ජන ගොඩනැගීම තුලින් මහා ජන සන්නද්ධ නැගිටීමක් සඳහා අත්තිවාරම් දැමීම ය. පාලන තන්ත‍්‍රයේ පදනම වූ මිලිටරි බලය බිඳලීමට නම් කුලියට සේවය කරන සොල්දාදුවන්ගේ අතිමහත් සංඛ්‍යාව ධනවත් දූෂිත නිලධාරි පාලනයේ විනයෙන් බිඳ ගැනීම අවශ්‍ය ය. එය ඉටු කර ගත හැකි වන්නේ, එවන් මහා ජන ව්‍යාපාරයකට පමනි.

අවශ්‍ය ව පවතින්නේ, ඊජිප්තුවේ කම්කරු පන්තියේ අරගලයන් මැදපෙරදිග සහ ලෝකය පුරාම කම්කරුවන්ගේ අරගලයන් සමග ඒකාබද්ධ කරන්නා වූ ජාත්‍යන්තර සමාජවාදී පර්යාලෝකයක් මත පදනම් වූ නව විප්ලවවාදී නායකත්වයක් පැන නැගීම ය. මෙහි අර්ථය නම් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඊජිප්තු ශාඛාව ගොඩනැගීම ය.

බිල් වෑන් ඕකන්