විස්කොන්සින් කම්කරුවන්ට පූර්න සහාය දෙනු!

Full support to Wisconsin workers!

19 February 2011

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද සමාජවාදී සමානතා පක්ෂය ද සියලුම කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ වැටුප්, සහන සහ වැඩ කරන තත්වයන් ද ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ද විනාශ කිරීමට එරෙහිව අරගලයේ යෙදී සිටින විස්කොන්සින් හි රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් වන ලෙස ය.

විස්කොන්සින් ආන්ඩුකාර ස්කොට් වෝකර්ස් ද රිපබ්ලිකන් පක්ෂය විසින් පාලනය කෙරෙන ප‍්‍රාන්ත ව්‍යවස්ථාදායකය ද වැටුප් කැපීමට, සෞඛ්‍ය පහසුකම් විනාශ කර දැමීමට සහ විශ‍්‍රාම වැටුප් පහත දැමීමට පියවර ගනිමින් සිටිති. ඒ සමග ම රාජ්‍ය සේවකයන්ගේ සාමුහික කේවෙල් කිරීමේ අයිතිය වැටුප් වලට සීමා කරමින් ද ඕනෑම වැටුප් ඉහල දැමීමක් ප‍්‍රාන්තය විසින් නියම කරනු ලබන උද්ධමන අනුපාතයට වඩා ඉහල යතොත් ඒ සඳහා මුලු ප‍්‍රාන්තයේ ම ජනමත විචාරනයක් පැවැත්විය යුතු යයි ද නියම කිරීමට සැරසෙමින් සිටිති.

එහෙත්, මහා සංඝතවල ප‍්‍රධාන විධායක නිලධාරීන්ගේ දැවැන්ත වැටුප්වලට හෝ බැංකු සහ මහා ජාවාරම්වල යෝධ ලාභවලට හෝ එවන් පාලනයක් නියම කර නැත. එසේ ම ප‍්‍රධාන කොටස් සහතිකකරු වන සිටි ගෲප් මුල් කොට ගත් රාජ්‍ය බැඳුම්කර නිකුත් කිරීම පාලනය කරන මූල්‍ය සංස්ථා සඳහා ද කිසිම සීමාවක් පනවා නැත. ආන්ඩුකාරයා විසින් නියම කරනු ලැබ ඇති "කැප කිරීම්” අදාල වන්නේ වැඩ කරන ජනතාවට පමනි: වෝකර් ඇත්ත වසයෙන් ම කර ඇත්තේ විස්කොන්සින් ප‍්‍රාන්තය පදනම් කර ගත් සංගතවල බදු අඩු කිරීම මගින් රාජ්‍ය හිඟ මුදල් වැඩි කිරීම ය.

විස්කොන්සින් ප‍්‍රාන්තය පුරා දස දහස් ගනන් කම්කරුවෝ තමන්ගේ අතිමූලික සමාජ සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ට එල්ල කර ඇති මෙම ප‍්‍රහාරයට එරෙහිව දැනට ම සටන් වැද සිටිති. දිනපතා ම මැඩිසන් නගරයේ මැදින් පෙලපාලි යන ඔවුහු රාජ්‍ය මන්ත‍්‍රන සභාවේ ශාලා පුරවාලමින් විරෝධතාවයන් ප‍්‍රකාශ කරමින් මුලු ප‍්‍රාන්තය පුරා ම පෙලපාලි දක්වමින් සිටිති.

විස්කොන්සින් රාජ්‍ය සේවකයන් ද, පාසල් ගුරුවරුන් ද, ගිනි නිවන හමුදා භටයින් ද වෙනත් ප‍්‍රාදේශීය ආන්ඩු කම්කරුවන් ද සමග පෞද්ගලික අංශයේ කම්කරුවන්, සරසවි සහ ඉහල පාසල්වල ශිෂ්‍යයන් සහ දහස් ගනන් වෙනත් වැඩ කරන ජනයා එක්ව සිටිති. රාජ්‍ය සේවකයන්ගේ ජීවන තත්වයන් සහ මූලික අයිතිවාසිකම් විනාශ කර දැමීම සමස්ත කම්කරු පන්තියට ම විනාශකාරී ප‍්‍රතිඵල ගෙන දෙනු ඇතැයි ඔවුහු නිවැරදි ව වටහා ගෙන සිටිති.

මෙම පන්ති බලමුලු ගැන්වීම තව තවත් දියුනු තියුනු කොට පලල් කොට විස්කොන්සින් ප‍්‍රාන්තයේ සියලු කම්කරුවන්ගේ මහා වැඩ වර්ජනයක් රාජ්‍ය සේවකයන්ට එරෙහි ප‍්‍රහාරයන් වැලැක්වීම සඳහා සංවිධානය කල යුතු ව ඇත. මෙවන් අරගලයක් දියත් කිරීමට නව සංවිධාන ද කම්කරුවන්ගේ සහ ශිෂ්‍යයන්ගේ සාමාන්‍ය සාමාජික ක‍්‍රියාකාරී කමිටු ද ගොඩනගමින් වැඩපලවල, පාසල්වල සහ නිවහන් ප‍්‍රදේශවල රාජ්‍ය සහ පුද්ගලික අංශ කම්කරුවන් සියලු දෙනා ඒකාබද්ධ කිරීමට කටයුතු කල යුතු ය.

මෙම අරගලය ඒඑෆ්එල්-සීඅයි ඕ සංවිධානය සහ විස්කොන්සින් ගුරුවරුන්ගේ වෘත්තීය සමිතිය ඩබ්ලිව්ඊඒසී විසින් ඉදිරිපත් කර ඇති ඉදිරිදර්ශනයට, එනම්, ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් ප‍්‍රාන්ත මන්ත‍්‍රීවරුන්ට බලපෑම් දමමින් මෙම නීතිය කල් දැමීමට හෝ වැලැක්වීමට, යට කිරීම කම්කරු පන්තිය විසින් නො කල යුතු ය. වෘත්තීය සමිති නායකයන් විසින් ගෙන ඇති ආස්ථානයට කම්කරුවන් විරුද්ධ විය යුතු ය. වෘත්තීය සමිතිවල සාකච්ඡා මගින් වැටුප් සහ සහන කැපීම සිදු කරනු ලැබිය යුතු යයි යන ඔවුන් යෝජනා කරන පිලිවෙත පිලි නො ගත යුතු ය.

මෙම කප්පාදුවලට එරෙහි හා සහජ මුලු හදින් ම වේදනාකාරී කප්පාදු කෙරෙහි සාමාන්‍ය කම්කරුවන් දක්වන්නා වූ විරුද්ධත්වය ද අනෙක් අතට මෙම කප්පාදු කිරීම්වල දී තමන්ගේ ම භූමිකාව සහ වැටුප් සහ සහන කප්පාදු තුලින් වරප‍්‍රසාද සහිත නිලධාරි තන්ත‍්‍රයට සැපයෙන ආදායම සහතික කරනවා නම් එම කප්පාදුවලට සහයෝගය දීමට සූදානම් වෘත්තීය සමිති නිලධරයින්ගේ රඟපෑම් ද අතර අතිමහත් සමාජමය පරතරයක් සහ දුරස්ථ භාවයක් පවතී.

මේ අනුව විස්කොන්සින් ප‍්‍රාන්ත නිලධාරීන්ගේ සංගමයේ නායකයා වූ මාටි බෙල් ඊයේ මෙසේ කී ය: "ප‍්‍රාන්ත රාජ්‍යයේ අයවැය හිඟය පියවීම සඳහා අවශ්‍ය මූල්‍ය කප්පාදු ක‍්‍රියාත්මක කිරීමට අපි සූදානම් ව සිටිමු; එහෙත්... මා යලිත් කියා සිටින්නේ සාමුහිකව කේවෙල් කිරීමට අපට පවත්නා අයිතීන් නම් නැති කර ගැනීමට අප සූදානම් නැති බව ය.” කෙසේ වෙතත්, මෙහි දී මූලික ප‍්‍රශ්නය යට ගසනු ලැබේ. සියලුම කප්පාදුවලට එකඟ වීමට ඔවුන් සූදානම් නම් කේවෙල් කිරීමට ඉතුරු ව ඇත්තේ කුමක් ගැන ද?

ඒඑෆ්එල්-සීඅයි ඕ සභාපති රිචඩ් ටෘම්කා මැඩිසන් නගරයේ දී සිකුරාදා පැවැත්වුනු රැස්වීමක දී ප‍්‍රකාශ කලේ ප‍්‍රාන්ත රාජ්‍යයේ කප්පාදුවලට හේතු ලෙස දක්වනු ලබන ආර්ථික කාරනා පිලිගැනීමට වෘත්තීය සමිති සූදානම් බව ය. ඔවුන්ට එම අයිතිය දුන්නේ කවුද? දැනට තිබෙන වැටුප් උග‍්‍ර වන්නා වූ උද්ධමනයේ තතු තුල දෙකොන ගැට ගසා ගැනීම වඩවඩාත් අමාරු වන තතු තුල සටන් කරන කම්කරුවන් ගැන හෝ සෞඛ්‍ය සේවා සහ විශ‍්‍රාම වැටුප් සැලසුම් බිඳ දැමීම තුලින් අමාරුවට වැටී සිටින සාමාන්‍ය ජනයා පිලිබඳ ව හෝ කතා කිරීමට ටෘම්කා ඉදිරිපත් වන්නේ නැත. ඔහු පෙනී සිටින්නේ වෘත්තීය සමිති මහා සංගතවල සහ ආන්ඩුවේ ඉල්ලීම් වන ජීවන තතු හා වැටුප් කප්පාදු කිරීම මහජනතාව මත බලෙන් පටවන උපකරන බවට වෘත්තීය සමිති පරිවර්තනය කර ඇති මහා පඩි ලබන නිලධාරි හොර නඩයේ උවමනාකම් සඳහා ය.

ටෘම්කා සහ සමාගම විස්කොන්සින් ප‍්‍රාන්තය සඳහා සකස් කර ගෙන ඇති සැලැස්ම නම්, කම්කරු පන්තිය තමන්ගේ දැවැන්ත සමාජ බලය සැබැවින් ම ප‍්‍රදර්ශනය කරමින් ආන්ඩුකාර වෝකර් වැනි අන්ත දක්ෂිනාංශික දේශපාලකයින්ගේ දුබලකම සහ හුදෙකලාව එලිදරව් කරන්නා වූ සියලු පාලනය ඉක්මවන්නා වූ පුපුරා යාමක් ඇති වීම වලක්වාලීම ය. විස්කොන්සින් ප‍්‍රාන්තයේ අතිමහත් ජනකායකින් වැඩි කොටස ප‍්‍රාන්ත රාජ්‍ය කම්කරුවන් සමග සානුකම්පිකව හිතවත් බව ද බරපතල දිග් ගැසුනු අරගලයක් තුල තම සහාය ඔවුන්ට ලබා දීමට සූදානම් බව ද නිසැකව ම පැහැදිලි ය. ඒඑෆ්එල්-සීඅයි ඕ වෘත්තීය සමිති සංවිධාන සලකන්නේ කම්කරු පන්තිය විසින් කරනු ලබන එවන් ප‍්‍රහාරයක් කොයියම් ආකාරයකින් හෝ වලක්වා ගත යුතු මහා ව්‍යසනයක් බව ය.

ඒඑෆ්එල්-සීඅයි ඕවේ ඉලක්කය වන්නේ කම්කරුවන් වෝකර් ආන්ඩුකාරයාගේ පාලනාධිකාරයට එරෙහිව සම්පූර්න අරගලයකට එලඹීම වැලැක්වීම සඳහා ඩිමොක‍්‍රටික් පක්ෂය කෙරෙහි මිථ්‍යාවන් වපුරමින් මෙම නීති පැනවීම තාවකාලිකව වලක්වාගෙන සිටින ඩිමොක‍්‍රටික් ප‍්‍රාන්ත මන්ත‍්‍රීවරුන් ගෙන යන උප්පරවැට්ටිය හුවා දැක්වීම ය. එය උසාවිවලට අභියාචනා කිරීම, ඔබාමා පාලනාධිකාරයට බලපෑම් දැමීම සහ අන්තිමේ දී 2012 මැතිවරනයේ දී ඩිමොක‍්‍රටික් පාක්ෂිකයින්ට සහාය දැක්වීම මගින් දැන් වැඩෙන වැඩ වර්ජන ව්‍යාපාරය වසා දැමීමට උත්සාහ කරනු ඇත.

කෙසේ වෙතත් සත්‍යය නම් ඩිමොක‍්‍රටික් පක්ෂය ද කර ගෙන යන්නේ ප‍්‍රාදේශීය, ප‍්‍රාන්ත සහ ෆෙඩරල් මට්ටමේ දී කම්කරුවන්ට එරෙහිව මේ හා සමාන ම ප‍්‍රහාරයක් එල්ල කිරීම ය. විස්කොන්සින් කම්කරුවන්ට එරෙහි මුර්ග ප‍්‍රහාරයන් කිසිසේත් ම මෙම ප‍්‍රාන්තයට සුවිශේෂ ඒවා නො වේ. ඒවා වනාහි රටේ සෑම ප‍්‍රදේශයක ම කෙරී ගෙන යන වර්ගයේ ප‍්‍රහාරයන් ය. නිව්යෝක්, උතුරු කැරොලිනා, ඉලිනොයිස් සහ කැලිෆෝනියාවේ ඩිමොක‍්‍රටික් පාක්ෂික ආන්ඩුකාරවරු මේ ජාතියෙන් ම කප්පාදු ඉල්ලා සිටිති. වැටුප් සහ විශ‍්‍රාම වැටුප් කැපීම, රැකියා කැපීම සහ වැඩ වර්ජනය කිරීමට ඇති අයිතිය වැනි ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් කැපීම මීට ඇතුලත් ය.

ඔබාමා සම්බන්ධයෙන් ගතහොත් ඔහු දැනට ම ෆෙඩරල් කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම දෙවසකට තහනම් කරමින් ජ්‍යෙෂ්ඨත්වය සහ රැකියා ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් පාසල් ගුරුවරුන්ට පහර දෙමින් වෝකර් ආන්ඩුකාරයා සමග අතිනත ගෙන වැඩට බැස සිටී. ඔබාමා පාලනාධිකාරය දැන් යෝජනා කරන්නේ දේශීය සමාජ සේවා වියදම් කපා දැමීම මගින් කලින් තමා වෝල් වීදිය බේරාගැනීමට ධනවතුන්ගේ බදු කපා ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ අධිරාජ්‍යවාදී යුද්ධ සඳහා වියදම් වැඩි කිරීමෙන් උත්සන්න කරනු ලැබ ඇති අයවැය හිඟය පියවා ගැනීමට ය.

ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙක අතර ඇති එකම වෙනස නම්; ඩිමොක‍්‍රටික් පක්ෂය කප්පාදු මහජනතාව මත පැටවීමේ උපකරනයක් ලෙස වෘත්තීය සමිති පාවිච්චි කරන අතර රිපබ්ලිකන් පක්ෂය වෘත්තීය සමිති මුලුමනින් ම පැත්තකට දැමිය යුතු යයි යෝජනා කරයි. මෙම වෙනස වෘත්තීය සමිති නිලධාරීන්ට අතිමහත් වැදගත්කමක් දරයි - පරදුවට තබා ඇත්තේ ඔවුන්ගේ ආදායම් සහ වරප‍්‍රසාදයන් ය. එහෙත්, ඉහත කී පිලිවෙත් දෙකින් ම කම්කරුවන්ට ලැබෙන්නේ එකම සන්තෑසිය යි.

විස්කොන්සින් ප‍්‍රාන්තයේ කම්කරුවන් ද මුලු රට පුරා ම ඔවුන්ට සහාය දෙන්නවුන් ද විසින් වටහා ගත යුතු කරුනක් නම් වැටුප්, රැකියා, සහන සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි සැබෑ අරගලයක් සඳහා ගත යුතු ප‍්‍රථම පියවර වන්නේ මහා ජාවාරම්කාර පක්ෂ දෙකෙන් ම, ඩිමොක‍්‍රටික් පාක්ෂිකයන් සහ රිපබ්ලිකන් පාක්ෂිකයන් යන දෙගොල්ලන්ගෙන් ම දේශපාලන වසයෙන් කැඩී වෙන්වීම ය යන්න ය. කම්කරු පන්තිය සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ නව මහා දේශපාලන පක්ෂයක් තැනීම සඳහා කම්කරුවන් ද තරුනයන් ද තරුන රක්ෂා විරහිතයන් ද වැඩිහිටියන් ද යන සකල පීඩිත ජනතාව මෙහෙයවා ගත යුතු ය.

විස්කොන්සින් හි පෙලපාලි දක්වන කම්කරුවන්ගෙන් බොහෝ දෙනෙක් වෝකර් ආන්ඩුකාරයා ඊජිප්තුවේ පලවා හරිනු ලැබූ ඒකාධිපති හොස්නි මුබාරක්ට සමකරන්නා වූ සටන් පාඨ පුවරු අතැතිව සිටිති; පසුගිය මාසය පුරා ඊජිප්තු කම්කරුවන් විසින් පවත්වා ගිය තරම් ම බලගතු ද විමුක්තිදායක ද වූ කැරැල්ලක් ක‍්‍රියාත්මක කිරීමට කැමැත්ත දක්වන්නා වූ සටන් පාඨ විස්කොන්සින් කම්කරුවන් අත ද තිබේ. ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලයන් සමග සහජාසයෙන් ඇති කර ගෙන තිබෙන මෙම අනන්‍යතාවය තුල ප‍්‍රගාඪ වෛෂයික සත්‍යයක් ගැබ් ව පවතී.

ඊජිප්තුවේ කම්කරුවන් මෙන් ම විස්කොන්සින් කම්කරුවන් ද ඉදිරියට තල්ලු කරන්නේ ලෝක ධනේශ්වර පද්ධතියේ අර්බුදය සහ බිඳවැටීම විසිනි. ඔවුන්ට මෙන් ම විස්කොන්සින් කම්කරුවන්ට ද ජයග‍්‍රහන සඳහා අත්‍යවශ්‍ය වූ සංවිධාන නායකත්වය සහ දේශපාලන ක‍්‍රියාමාර්ග ඇත්තේ නැත. සමාජවාදී සමානතා පක්ෂය ද ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද පමනක් ම අත්‍යවශ්‍ය වූ විප්ලවවාදී විකල්පය ගොඩනැගීමට ජාත්‍යන්තර ව සටන් වැද සිටියි.

පැටි‍්‍රක් මාටින්