එක්සත් ජනපද මහ බැංකුවේ ප‍්‍රධානියා ප‍්‍රාන්ත රාජ්‍යවලට නය දීම ප‍්‍රතික්ෂේප කරයි

US Federal Reserve chief rules out loans to the states

13 January 2011

පසු ගිය සිකුරාදා සෙනෙට් අයවැය කමිටුව හමුවේ කරුනු ඉදිරිපත් කල ෆෙඩරල් රිසර්ව් ප‍්‍රධානි බෙන් බර්නාන්කේ දැවැන්ත අයවැය හිඟයන්ට මුහුන පා සිටින රට පුරා ප‍්‍රාන්ත රාජ්‍යවලට හෝ ප‍්‍රාදේශීය ආන්ඩුවලට කිසිදු ආධාරයක් ලබා දීම ප‍්‍රතික්ෂේප කලේ ය. "ප‍්‍රාන්ත රාජ්‍යවල සහ ප‍්‍රාදේශීය මුදල් තත්ත්වයේ පැටලෙන්න අපට කිසි ම බලාපොරොත්තුවක් හෝ අදහසක් නැහැ” යි පැවසූ බර්නාන්කේ, ප‍්‍රාන්ත රාජ්‍යයන් "මහ බැංකුවෙන් නය අපේක්ෂා නොකල යුතු යැ”යි පසුව කියා සිටියේ ය.

පාර්ලිමේන්තු නියෝජිතයන් වත් සෙනෙට් නියෝජිතයන් වත් "ජනපද බේරා ගැනීම ගැන එතරම් උනන්දුවක් නොදක්වනු ඇතැ”යි පවසමින් කමිටුවේ ඩිමොක‍්‍රැටික් සභාපති උතුරු ඩැකෝටාවේ කෙන්ට් කොන්රඩ්, බර්නාන්කේට අනුබල දුන්නේ ය.

එක්සත් ජනපද මහ බැංකුවේ ප‍්‍රධානියා ප‍්‍රාන්ත රාජ්‍යවලට ආධාර දීම එක හෙලා ප‍්‍රතික්ෂේප කිරීමෙන් පැහැදිලි වන්නේ ආන්ඩුවේ සියලු ආයතනවලින් නියෝජනය වන සමාජ ප‍්‍රමුඛතාවන් සහ පන්ති අවශ්‍යතාවන් මොනවා ද යන්න යි.

වෝල් වීදියේ බැංකුවලට එක්සත් ජනපද භාන්ඩාගාරය ප‍්‍රයෝජනයට ගත හැකි තත්ත්වයක් නිර්මානය කල, මූල්‍ය ප‍්‍රභූව බේරා ගැනීම සඳහා ඩොලර් ටි‍්‍රලියන ගනනින් ජාතික ධනය කොල්ල කෑ මහ බැංකුව සහ ඔබාමා පාලනාධිකාරය දසමිලියන සංඛ්‍යාත මහජනයා බලාපොරොත්තු තබා ගෙන සිටින මූලික සමාජ සේවාවන්-අධ්‍යාපනය, සනීපාරක්ෂාව, ගිනි ආරක්ෂනය-සහ සෞඛ්‍ය රැකවරන, නිවාස සහ පෝෂන වැඩ සටහන් පවත්වා ගෙන යාම සඳහා අරමුදල් වෙන් කල යුතු බවට කරනු ලබන සියලු යෝජනා අවඥා සහගත අයුරින් ඉවත දමයි.

පොහොසතුන් වෙනුවෙන් බුෂ් යුගයේ බදු කැපීම් ද ඒ සමග පවුල් 6,600කට අතිරේක ඩොලර් බිලියන 23ක අනපේක්ෂිත ලාභයක් ලැබෙන බූදල් බදු කපා හැරීමක් ද පිරිනැමීමට ඔබාමා රිපබ්ලිකානුවන් සමග කල ගනුදෙනුවෙන් සති කිහිපයක් ගත වුනු තැන ය මෙය සිදු වූයේ.

මේ අතරවාරයේ පොලී අනුපාතික බිංදුවට ආසන්න මට්ටමක පවත්වා ගෙන යන සහ කොටස් වෙලඳ පොලට පොම්ප කරනු පිනිස ඩොලර් සියබිලියන ගනනින් ඉලෙක්ට්‍රොනිකව අච්චු ගසන බර්නාන්කේ, බැංකුවලට සහ සංගතවලට මුලුමනින් ම පාහේ නිදහස් නයක් සම්පාදනය කර දී සංගත ලාභ වාර්තාගත මට්ටමක පවත්වා ගෙන යයි. මෙම ප‍්‍රතිපත්තියෙන් රැකියා අර්බුදය විසඳීමට කිසිවක් සිදු නොවනු ඇති බව නිහඬව පිලිගන්නා ඔහු එලඹෙන වසරවල දී විරැකියාව සියයට 9 ආසන්නයේ හෝ ඊට ඉහලින් පවතිනු ඇතැයි ආත්ම තෘප්තියෙන් යුතුව පෙර දකියි.

එලඹෙන රාජ්‍ය ආදායම් වර්ෂයේ දී එක්සත් ජනපදයේ ප‍්‍රාන්ත රාජ්‍යයන් 50න් 40ක ඒකාබද්ධ අයවැය හිඟය ඩොලර් බිලියන 140කි. ආර්ථික පසු බැසීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් 2008 සහ 2009 අතරතුර දී ප‍්‍රාන්ත රාජ්‍යවල ආදායම් තුනෙන් එකකින් පමන පහත වැටින; ඒ අතරවාරයේ දුප්පතුන් සඳහා සැපයෙන ෆෙඩරල්-ප‍්‍රාන්ත රාජ්‍ය සෞඛ්‍ය රැකවරන වැඩ සටහන වන මෙඩිකේඩ් වැනි සමාජ වැඩ සටහන් සඳහා යන වියදම් අහස උසට නැග්ගේ ය. නාගරික ආන්ඩු ද සමාන අර්බුදයකට මුහුන පාමින් සිටී.

ඩිමොක‍්‍රැටික් මෙන් ම රිපබ්ලිකන් නිලධාරීන්ගේ ද පොදු ප‍්‍රතිචාරය වී ඇත්තේ සමාජ වැඩ සටහන් සහ මූලික සේවාවන් කප්පාදු කිරීමත් ආන්ඩුවේ සේවකයන්ට පහර දීමත් ය. මහා අවපාතයෙන් මෙපිට පැන නැගි දරුනු ම රැකියා අර්බුදය තවත් ගැඹුරු කරමින් පසු ගිය වසරේ ප‍්‍රාදේශීය ආන්ඩු රැකියා 212,000ක් කප්පාදු කලේ ය. රට පුරා කම්කරුවෝ වැටුප් රහිතව තාවකාලිකව විශ‍්‍රාම යැවීමෙන් ද වැටුප් සහ ප‍්‍රතිලාභ කැපීම්වලින් ද පීඩා විඳිමින් සිටිති.

ඔබාමා පාලනාධිකාරය 2009 දී සම්මත කල උත්තේජක පනතින් ජනපදවලට සැපයුනු සීමිත ආධාරය අවසන් වී ඇත; ප‍්‍රාන්ත රාජ්‍ය ආදායම් අර්බුදය තීව‍්‍ර වෙමින් පවතී. අයවැය අර්බුද පාලනය කර ගැනීමට ප‍්‍රාදේශීය ආන්ඩුවලට උපකාර කිරීම සඳහා නව සහනාධාර ලබා දීමට ඔබාමාට වත් ඩිමොක‍්‍රැටික් කොන්ග‍්‍රස් නායකයන්ට වත් කිසිදු අදහසක් නැත.

"ප‍්‍රකෘතිමත් වීමක්” පිලිබඳ නිල කතාබහ තිබිය දී ම, මාධ්‍යය 2011 වසර ආරම්භ කලේ රාජ්‍ය සේවකයන් අධිවැටුප් ලබන පරපෝෂිතයන් ලෙස චිත‍්‍රනය කිරීමේ සාමූහික ව්‍යාපාරයකිනි. මෙම මෙහෙයුමේ අරමුන වන්නේ වැටුප්වලට, විශ‍්‍රාම වැටුප්වලට, සාමූහික කේවෙල් කිරීමේ සහ වැඩ වර්ජනය කිරීමේ අයිතියට එල්ල කෙරෙන පෙර නුවූ විරූ ප‍්‍රහාර යුක්ති සහගත කර, සමාජ වැඩ සටහන්වල සිදු කෙරෙන බරපතල කප්පාදු නිසා පැන නගින මහජන විරුද්ධත්වය සංගත-මූල්‍ය ප‍්‍රභූවෙන් සහ ඔවුන් වෙනුවෙන් ලංසු තබන ඩිමොක‍්‍රැටිකයන්ගෙන් සහ රිපබ්ලිකානුවන්ගෙන් ඉවතට යොමු කිරීම යි.

"අයවැය අර්බුදය තුල දී රජයේ සේවකයෝ ආන්තික උල්ලංඝනයකට මුහුන පාති” යන මැයෙන් ජනවාරි 2 දා නිව් යෝක් ටයිම්ස් පුවත්පත මුල් පිටුවේ ලිපියක් පල කලේ ය. ආන්ඩුවේ සේවකයන්ගේ රැකියා සහ වැටුප් තව දුරටත් කපා දැමීම ඉල්ලා සිටින දේශපාලනඥයන් ප‍්‍රතිචාර දක්වමින් සිටින්නේ ජනතා හැඟීමකට යැයි ලිපිය ව්‍යාජ ප‍්‍රකාශයක් කලේ ය. මෙම ලිපියෙන් දින දෙකක් ගත වුනු තැන තවත් මුල් පිටුවේ ලිපියක් පල වූයේ රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිතිවලට එල්ල කරන ප‍්‍රහාර ඉහල යාම පිලිබඳව ය. "රජයේ සේවකයන් ඇත්තන් වුනු සහ බදු ගෙවන්නන් නැත්තන් වුනු සමාජයක අපට තව දුරටත් ජීවත් වෙන්න බැහැ” යි විස්කොන්සින්හි අලුතින් පත් වුනු රිපබ්ලිකන් ආන්ඩුකාර ස්කොට් වෝකර් පැවසූ බව ලිපිය උපුටා දැක්වූයේ ය.

පාලක පන්ති පටි තද කිරීමේ පිලිවෙත් වෙත හැරීමේ ජාත්‍යන්තර ස්වභාවය පිලිබිඹු කල බි‍්‍රතාන්‍ය ඉකොනොමිස්ට් සඟරාව සිය ජනවාරි 8 දා සංස්කරනයේ මුල් පිටුව සැරසුවේ "එලඹෙන සංග‍්‍රාමය: රාජ්‍ය අංශයේ වෘත්තීය සමිතිවලට මුහුන දීම” යන ශීර්ෂ පාඨයෙනි. "බාල් නටන රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති අන් සියලු දෙනාගේ වියදමින් කොතරම් ඩැහැ ගනිමින් සිටින්නේ ද යන්න පෞද්ගලික අංශය තුල සිටින ජනයා තේරුම් ගැනීමට පටන් ගත්තා පමනකි,” එය ලිවී ය.

සැබවින් ම, එක්සත් ජනපදය තුල සහ ලොව වටා රාජ්‍ය සේවක වෘත්තීය සමිති තම සාමාජිකයන්ගේ සහ සමස්ත කම්කරු පන්තියේ කෝපය සහ ප‍්‍රතිරෝධය මැඩීම සඳහාත් පටි තද කිරීමේ පියවරයන් පැටවීමට ආන්ඩුවලට හැකියාව ලබා දීම සඳහාත් හැකි මුලු වැර යොදා ක‍්‍රියා කර ඇත. එක්සත් ජනපදය තුල දී, මේ දක්වා පෞද්ගලික අංශය තුල සිදු වී ඇති තරම් දුරට රාජ්‍ය අංශය තුල වැටුප් කැපීම ගමන් කර නැත. ඇමරිකානු පාලක ප‍්‍රභූව වෙනස් කිරීමට තැත් කරමින් සිටින්නේ මෙම තත්ත්වය යි.

ජෙනරල් මෝටර්ස් සහ ක‍්‍රයිස්ලර් සංගත බලාත්කාරයෙන් බංකොලොත් කරමින් ද අලුතින් කුලියට ගත් මෝටර් රථ කම්කරුවන් මත සියයට 50ක වැටුප් කප්පාදුවක් පටවමින් ද ඔබාමා පාලනාධිකාරය පෞද්ගලික අංශය පුරා වැටුප් කැපීමට සංඥාව නිකුත් කලේ ය. දැන්, මිලිටරි නොවන ෆෙඩරල් කම්කරුවන් මත වැටුප් අත්හිටුවීම් පටවමින් ඔබාමා රාජ්‍ය සේවකයන් මත ප‍්‍රහාරය එල්ල කිරීමට තමන් සහාය දෙන බව සංඥා කර ඇත.

සෞඛ්‍ය ආරක්ෂන යෝජනා ක‍්‍රමය, අධ්‍යාපනය සහ සුභසාධන වැඩ සටහන් තුල ම්ලේච්ඡ කප්පාදු සඳහාත් ඒ සමග ජනපද සේවකයන්ගේ වැටුප් කැපීම් හෝ වැටුප් අත්හිටුවීම් සඳහාත් නිව් යෝකයේ ඇන්ඩෲ කු ඕමෝ සහ කැලිෆෝනියාවේ ජෙරී බ‍්‍රවුන් වැනි ඩිමොක‍්‍රැටික් ආන්ඩුකාරවරු මෙම සතියේ සැලසුම් නිවේදනය කලහ. නිව් ජර්සියේ ක‍්‍රිස් ක‍්‍රිස්ටි සහ ඔහියෝවේ ජෝන් කැසික් වැනි ඔවුන්ගේ රිපබ්ලිකානු සගයෝ ද සමාන පියවරයන් යෝජනා කරමින් සිටිති.

පක්ෂ දෙක අතර පවතින ප‍්‍රධාන වෙනස නම්, රිපබ්ලිකානුවන් ආයතන ලෙස සලකා වෘත්තීය සමිතිවලට ප‍්‍රහාර එල්ල කරමින් සහ වෘත්තීය සමිති නිලධරයන්ගේ අවශ්‍යතාවන්ට තර්ජනය කරමින් සිටීමත් ඒ අතරවාරයේ ඩිමොක‍්‍රැටිකයන් රැකියා අත්හිටුවීම සහ වැටුප් කැපීම් පැටවීම සඳහා වඩා ඵලදායී ලෙස වෘත්තීය සමිති ප‍්‍රයෝජනයට ගනු පිනිස වෘත්තීය සමිති විරෝධී ප‍්‍රලාප දෙසා බෑම අඩු කරමින් සිටීමත් ය. ප‍්‍රාන්ත රාජ්‍ය සහ ප‍්‍රාදේශීය ආන්ඩුවල කම්කරුවන්ට එල්ල කරන ප‍්‍රහාරය වෘත්තීය සමිතිවල අරමුදල් රැස් කිරීමේ ප‍්‍රතිවිපාකයක් ලෙස චිත‍්‍රනය කරමින් සහ ඩිමොක‍්‍රැටිකයන් වෙනුවෙන් උද්ඝෝෂනය කරමින් ඇමරිකානු රාජ්‍ය, ප‍්‍රාන්ත සහ නගර සභා සේවක සම්මේලනයේ (ඒඑෆ්එස්සීඑම්ඊ) සභාපති ජෙරල්ඩ් මැක්එන්ටී එම ප‍්‍රහාරවල වගකීම මුලුමනින් ම රිපබ්ලිකානුවන් මත පටවමින් සිටින්නේ මේ නිසා ය. ”මේක 2010 මැතිවරනයේ දී අපි ඉටු කරපු භූමිකාව නිසා කරන පලි ගැනීමක් හැටියටයි මම දකින්නෙ,” හේ නිව් යෝක් ටයිම්ස් පුවත්පතට පැවසී ය.

මහබැංකුව ප‍්‍රාන්ත රාජ්‍යවලට කිසිදු ආධාරයක් ලබා දීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් හෙලිදරව් වන්නේ රැකියා නිර්මානය කිරීම සහ විරැකියාව අවම කිරීම පිලිබඳව සිදු වන නිල කතාබහේ වංචනික ස්වභාවය යි. සැබවින් ම, වැටුප් කැපීම් සහ අනෙකුත් සහන පිලිගැනීමට කම්කරුවන් බලාත්කාරයෙන් කැමති කර ගනු වස් මහ බැංකුව සහ ඔබාමා පාලනාධිකාරය හිතාමතා විරැකියාව ඉහල මට්ටමක පවත්වා ගෙන යයි. ආර්ථික පරිහානිය මධ්‍යයේ වාර්තාගත මට්ටම්වලින් ලාභ ඉහලට තල්ලු වී යාමට බලපෑ ප‍්‍රධාන සාධකය බවට පත් වී ඇත්තේ සංගතවල වියදම් කප්පාදුව යි.

සිකුරාදා පල කල මුල් පිටුවේ ලිපියක දී වෝල් ස්ටී‍්‍රට් ජර්නල් පුවත්පත ඇමරිකානු කම්කරුවන්ගේ වැටුප් වේගයෙන් පහත වැටීම පිලිබඳව තරමක සතුටක් පල කලේ ය. 2007 ජනවාරි සහ 2009 අවසානය අතරතුර දී රැකියා අත්හිටුවන ලද සහ දැන් පූර්න කාලීන රැකියා සොයා ගෙන සිටින දිගු කාලීන කම්කරුවන්ගෙන් සියයට 54.9කට ලැබෙන්නේ පහල වැටුප් බව එය සඳහන් කලේ ය. තුනෙන් එකකට වැඩි සංඛ්‍යාවක වැටුප් සියයට 20කින් හෝ ඊට වැඩි ප‍්‍රමානයකින් පහත වැටී ඇත. "තනි තනි කම්කරුවන් දුෂ්කරතාවට පත්ව සිටින නමුත්, සමස්ත එක්සත් ජනපද කර්මාන්ත සහ සමාගම් වඩා තරගකාරී තත්ත්වයට පත් කිරීමට පහල වැටුප්වලට හැකි ය...,” ජර්නලය ලිවී ය.

එමෙන් ම, සමාජ සේවාවන් සහ කම්කරුවන්ගේ වැටුප් සහ ප‍්‍රතිලාභ මත පෙර නුවූ විරූ සහ ස්ථිර කප්පාදු පැටවිය හැකි වන පරිදි ප‍්‍රාන්ත රාජ්‍යයන් සහ නගර දැඩි මූල්‍ය සීමාවන් තුල තබා ගැනීමට ද වෝල් වීදියට සහ ආන්ඩුවට වුවමනා ය.

මෙය වනාහි කම්කරුවන් සඳහා යහපත් වැටුප් සහ ආර්ථික සුරක්ෂිතතාව යනු අතීතයේ දෙයක් බවට පත් කිරීමට තමන් ම නිර්මානය කල අර්බුදය යොදා ගැනීමට යන ඇමරිකානු ධනේශ්වරයේ පන්ති මූලෝපායේ කොටසකි. ඔබාමා පාලනාධිකාරය ද පක්ෂ දෙක ද මෙම පන්ති යුද්ධ න්‍යාය පත‍්‍රයට මුලුමනින් ම කැප වී සිටී. කම්කරු පන්තියෙන් මතු වන ප‍්‍රතිරෝධය මැඩීම සඳහාත් විනාශ කිරීම සඳහාත් ඔවුහු වෘත්තීය සමිති කෙරෙහි විශ්වාසය තබා සිටිති.

රැකියාවක්, ජීවත් විය හැකි ආදායමක්, විශ‍්‍රාම වැටුප් සහ සමාජ වැඩ සටහන් සඳහා පවතින අයිතිය ආරක්ෂා කිරීමට කම්කරු පන්තිය ඩිමොක‍්‍රැටික් පක්ෂයෙන් ද එහි වෘත්තීය සමිති සහචරයන්ගෙන් ද බිඳී සමාජවාදය උදෙසා සිය ස්වාධීන දේශපාලන අරගලයක් වර්ධනය කල යුතු ය. කම්කරු පන්තියේ නව විප්ලවවාදී ව්‍යාපාරයක් සඳහා සටන වර්ධනය කිරීම උදෙසා සමාජවාදී සමානතා පක්ෂය අපේ‍්‍රල් 9-10 දිනවල ඈන් ආබර්හි සහ මිචිගන්හි ද අපේ‍්‍රල් 16 දා ලොස් ඇන්ජලිස්හි ද අපේ‍්‍රල් 30 දා නිව් යෝකයෙහි ද මහජන සම්මේලන පවත්වයි. මෙම සම්මේලනවලට සහභාගි වීම සඳහා අද අද ම සැලසුම් කරන ලෙස මෙම අරගලයේ අවශ්‍යතාව අවබෝධ කර ගන්නා සියල්ලන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

(සම්මේලන පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා මෙහි ක්ලික් කරන්න.)

බැරී ගේ‍්‍ර