සුඩානය: අපි‍්‍රකාවේ ලේ හා තෙල් පිලිබඳ කතාවක්

Sudan: A tale of blood and oil in Africa

11 January 2011

සූඩානයේ දකුනු පලාත් වෙන් වී යා යුතු ද නැද්ද යන්න තීරනය කිරීමට පැවැත්වෙන ජනමත විචාරනය පිලිබඳ මාධ්‍ය වාර්තා, සති අන්තයේ ඡන්ද විමසීම් අවසන් වීමටත් පෙරම උත්සවශී‍්‍රයක් ගෙන ඇත. ජනාධිපති බැරැක් ඔබාමා නිව් යෝක් ටයිම්ස් පුවත් පතට ලියන ලද තීරු ලිපියක් ද එම තානය ම ගෙන තිබේ.

මෙම "ඓතිහාසික ඡන්දය බොහෝ කාලයක් තිස්සේ අවශ්‍යව තිබූ ස්වයං-නීර්නයේ පෙරහුරුවකි” යයි ඔහු පැවසීය. "සාර්ථක ඡන්ද විමසීමක් උත්සවයකට හේතුවක් මෙන්ම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සාධාරනත්වය කරා අපි‍්‍රකාවේ දීර්ඝ චාරිකාවේ දිරිමත් ඉදිරි පියවරක් ද වනු ඇත.”

එවන් ප‍්‍රකාශ බොරු ය. උතුර හා දකුන අතර දශක ගනනාවක් තිස්සේ පවතින සිවිල් යුද්ධයෙන් මායිම සලකුනු කරනු ඇතැයි යන බලාපොරොත්තුව නිසා දකුනු ප‍්‍රදේශ තුල නිසැකව ම වෙන් වී යාමට උනන්දුවක් පැවතිය හැක. 1956 නිදහස ලද මොහොතේ ඇරඹුනු ගැටුම මිලියන දෙකක ජනකායකට මරු කැඳවමින් 2005 දක්වා ඇදී ගිය අතර අවසන් වසර 21 වඩාත් ව්‍යසනකාරී විය. අවතැන් වූ ප‍්‍රමානය මිලියන 4කට ආසන්න ය. පරම්පරා කිහිපයක් වැඩුනේ අවතැන් කඳවුරු තුලය.

එහෙත් ජනමත විමසුමට ස්වයං-නීර්නය, සාමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමග මොනම සම්බන්ධයක්වත් නැත. සුඩාන තෙල් කර්මාන්තය මත ආධිපත්‍යය දරන චීනයට එරෙහිව මූලෝපායික වාසියක් ලබාගැනීමට දරන එක්සත් ජනපද උත්සාහය එමගින් ප‍්‍රකාශිත වන අතර, තෙල් කර්මාන්තයෙන් සියයට 80ක් පිහිටා ඇත්තේ දකුනේ ය. සමස්ත කලාපය අලලාගත් එක්සත් ජනපද ආධිපත්‍යයේ වේදිකාවක් බවට පත්වනු ඇති රූකඩ රාජ්‍යයක් නිර්මානය කිරීම එහි අරමුනයි.

දකුන වෙන්වී යාම හා නව ධනේශ්වර රාජ්‍යයක් නිර්මානය කිරීම, යලි යුද්ධය ඇරඹීමට පමනක් තුඩුදිය හැකි, ආගමික හා වාර්ගික ගැටුම් සඳහා වේදිකාව සකසනු ඇත. උතුර හා දකුනේ නව රාජ්‍යය අතර යෝජිත දේශසීමාව මත හටගත් ගැටුම්වල දී මිනිසුන් 30කට අධික ප‍්‍රමානයක් දැනටමත් මියගොස් ඇතැයි වාර්තා වේ.

එවැනි හැකියාවක් ගැන එක්සත් ජනපදය හොඳින් ම දැනුවත් ය. එක්සත් ජනපදයේ සහයෝගය ලබනු ඇති, උතුරේ කාටුම් වෙත එල්ල කරන අනාගත ප‍්‍රහාරයක් සඳහා සූදානම තුල වොෂින්ටනය, දකුනේ සූඩාන මහජන විමුක්ති හමුදාව (එස්පීඑල්ඒ) සන්නද්ධ කර හා පුහුනු කර තිබේ. "ඔබ ඔබගේ වගකීම් සම්පූර්න කර සාමය තෝරාගන්නේ නම් ආර්ථික සම්බාධක ඉවත් කිරීම හා එක්සත් ජනපදයේ නීතියට අනුකූලව, සූඩානය ත‍්‍රස්තවාදයට උදවු දෙන රටවල නාමාවලියෙන් ඉවත් කිරීම ඇතුලත් එක්සත් ජනපදය සමග සාමාන්‍ය සබඳතා සඳහා මාවතක් තිබේ. ඊට විපරීතව තම ජාත්‍යන්තර වගකීම් උල්ලංඝනය කරන්නන් වැඩි පීඩනයකට හා හුදකලා වීමට මුහුන දෙනු ඇත” යයි ඔබාමා, ඕමාර් අල්-බෂීර්ගේ ආන්ඩුවට කරන සැඟවුනු අනතුරු ඇඟවීමට යටින් පවතින තර්ජනය මෙය යි.

දැනට අපි‍්‍රකාවේ පවතින 50කට අධික රාජ්‍ය හා ඒවායේ දේශසීමා සියල්ල පැරනි යටත් විජිත බලවතුන්ගේ ඓතිහාසික කුමන්ත‍්‍රන මගින් මුද්‍රා තබා ඇත. තම ප‍්‍රතිමල්ලවයන්ට එරෙහිව තමන්ගේ අනසක සහිත කලාප නිශ්චය කිරීමට වර්තමාන දේශසීමා සලකුනු කල බි‍්‍රතාන්‍යය, ප‍්‍රන්සය, ජර්මනිය, බෙල්ජියම හා පෘතුගාලය වැනි බලවතුන්, බෙදා වෙන්කිරීම, අල්ලාගැනීම හා පාලනය කිරීමේ මූලෝපායේ කොටසක් ලෙස වාර්ගික ගැටුම්වලට උල්පන්දම් දෙමින් ඒවා ගසාකෑම සඳහා මත් දේශසීමා සලකුනු කලහ. චිරකාලීන ප‍්‍රති විපාක ගෙන ආ, 19වන ශතවර්ෂයේ "අපි‍්‍රකාව තුල කුලල් කාගැනීමේ” උරුමයකි මෙය.

දකුනු සුඩානයේ පිහිටුවීමට යෝජිත රාජ්‍යය. පූර්වයෙන් නයිජීරියානු සිවිල් යුද්ධ සමයේ බියාෆ‍්‍රා ජනරජය නිර්මානය කිරීමේ අපකීර්තිමත් පෙලපතට වඩා අඩු දෙයක් නො වේ. සුඩානයේ මෙන් ම නයිජීරියාවේ ද දේශසීමා නීර්නය කරන ලද්දේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ප‍්‍රතිබද්ධ අවශ්‍යතා මගිනි. 1960 නිදහසෙන් පසුව උතුරේ කාන්තාර ප‍්‍රදේශවල අර්ධ-ස්වාධීන මුස්ලිම් වැඩවසම් ප‍්‍රාන්ත හා රටෙහි තෙල් සංචිත පිහිටා ඇති දකුනේ හා නැගෙනහිරේ කි‍්‍රස්තියානි හා ආත්මවාදී රාජධානි අතර ගැටුම මගින් රට ඉරා දැමී ය. 1967 දී නැගෙනහිර කලාපයේ මිලිටරි පාලකයෝ බියාෆ‍්‍රාවේ නිදහස ප‍්‍රකාශයට පත්කල අතර, බියාෆ‍්‍රාව යලි නයිජීරියාවට ඈඳාගනු ලැබුවේ සිවිල් වැසියන් මිලියනයකගේ ජීවිත විනාශ කල යුද්ධයක් ඇවිලී යාමෙන් පසුව පමනි.

හිටපු යටත් විජිත බලවතා වූ බි‍්‍රතාන්‍යය, බියාෆ‍්‍රාව පිලි නො ගත් අතර නයිජීරියානු රාජ්‍යය සමග ලන්ඩනයට පැවති සබඳතා සමග බැඳී තිබුනු ෂෙල් තෙල් සමාගමේ ලාභ ආරක්ෂා කරගැනීමට එයට අවශ්‍ය වූ නිසා ඉබෝ ජනයාගේ දුක් පීඩාවලින් සැලීමට පත්වුනේ නැත. වොෂින්ටනය ද නයිජිරියාවට සහයෝගය දැක්වීය. ප‍්‍රන්සය, පෘතුගාලය, ඊස්රායලය, රොඩේෂියාව, දකුනු අපි‍්‍රකාව හා වතිකානුව බියාෆ‍්‍රානු බෙදුම්වාදීන්ට සහයෝගය පලකලහ.

සුඩානය තුල ම අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රනවල බිහිසුනු ඉතිහාසය ද යමෙකු මතකයට ගත යුතු ය. 1880 ගනන් පටන් බි‍්‍රතාන්‍යය සුඩානය මත පාලනය ඩැහැගැනීමට උත්සාහ දැරුවේ, නයිල් නදියේ ජලය පාලනය කරනු ලබන කලාපයක් ඈඳාගැනීමෙන් ප‍්‍රන්සය වැලැක්වීමට ය. අපි‍්‍රකානු හමුදා භටයන් මහා පරිමානව සංහාරය කිරීමෙන් පසු 1898 දී සුඩානය බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්විය.

උතුරු-දකුනු වර්තමාන බෙදීම බි‍්‍රතාන්‍ය පාලනයේ උරුමයකි. බි‍්‍රතාන්‍යය එක් ගෝත‍්‍රයක්, වාර්ගික හා ආගමික කන්ඩායමක් තවෙකකට එරෙහිව උසිගැන්වීය. එවැනි බෙදීම් අවුස්සාලීමේ දී ඔබාමා අනුගමනය කරන්නේ බි‍්‍රතාන්‍ය පා සලකුනුය. විකිලීක්ස් මගින් ප‍්‍රසිද්ධ කරන ලද රාජ්‍යතාන්ති‍්‍රක කේබල් පනිවුඩ, ප‍්‍රසිද්ධියේ සාමය ගැන කතාකරමින් එක්සත් ජනපදය, රහසේ දකුනට ආයුධ සැපයුවේ කෙසේදැයි හෙලි කරයි. සිවිල් යුද්ධය අවසන් කල 2005 සාම ගිවිසුම යටතේ එස්පීඑල්ඒ සඳහා මාරක නො වන අවි ආයුධ හා පුහුනුව සම්පාදනය කිරීමට වොෂින්ටනයට අවසර ලැබේ. 2008 දී සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් අල්ලා ගන්නා ලද යුද ටැංකි, ග්‍රෙනේඩ් විදිනයන් හා ගුවන්යානා නාශක තුවක්කු සහිත නෞකාවක්, ඒ සමයේ එක්සත් ජනපදය කියා පෑ ආකාරයට කෙන්යාවට නොව දකුනු සූඩානයට පැමිනීමට නියමිතව තිබුනු බව විකිලීක්ස් තහවුරු කලේ ය. ආයුධ නෞකාව වර්තමාන ජනමත විචාරනයට හා බෙදී වෙන්වීමට සූදානම් වීමේ දී එස්පීඑල්ඒ සන්නද්ධ කිරීමේ උත්සාහයෙහි කොටසකි.

අපි‍්‍රකාව තුල එක්සත් ජනපද පිලිවෙතේ කේන්ද්‍රය වන්නේ චීනයේ නැගීම කෙරෙහි ඇති විරුද්ධත්වය යි. අපි‍්‍රකානු කටයුතු පිලිබඳ එක්සත් ජනපද සහකාර ලේකම් ජොනී කාර්සන්, චීනය අපි‍්‍රකාව තුල රැඳී සිටීම පිලිබඳව පලකල අදහස් විකිලීක්ස් වෙබ් අඩවිය ප‍්‍රසිද්ධ කලේ ය. එක්සත් ජනපදය වෙතින් මිලිටරි ප‍්‍රතිචාරයක් ජනනය කලහැකි යයි ඔහු හඳුනාගත් "අනතුරු වයර” ගැන හෙතෙම සඳහන් කලේය. "ඔවුන් මිලිටරි කඳවුරු ගිවිසුම්වලට අත්සන් කොට තිබේ ද? ඔවුන් හමුදා පුහුනු කරමින් සිටී ද? ඔවුන් රහස් තොරතුරු මෙහෙයුම් වර්ධනය කොට තිබේ ද? මෙම ක්ෂේත‍්‍ර වර්ධනය වීම ඇරඹුනු කල එක්සත් ජනපදයට කනගාටු වීමට සිදුවනු ඇත.” කාර්සන් මෙසේ ද කීවේ ය: "චීනය අපි‍්‍රකාව තුල සිටින්නේ පරහිතකාමී හේතු නිසා නො වේ. චීනය අපි‍්‍රකාව තුල රැඳී සිටින්නේ ප‍්‍රමුඛවම චීනය වෙනුවෙනි.”

ඇත්ත වසයෙන් එය ම ඇමරිකාව සම්බන්ධයෙන් ද සත්‍ය වන අතර මිලිටරි ගොඩනැගීමේ කටයුතු හා මහාද්වීපය පුරා පාලන තන්ත‍්‍රයන්ට ආයුධ සම්පාදනය කිරීමේදී ඉදිරියෙන් සිටින්නේ ද චීනය නොව එක්සත් ජනපදය යි.

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස් මෑත දී චීනයේ වර්ධනය වන මිලිටරි ශයක්‍යතා පිලිබඳව සිය කනස්සල්ල පලකොට ඇත. බීජිං වෙත කරන සංචාරයකට පෙර, චීනයේ වැඩිවන මිලිටරි ආයෝජනවලට ප‍්‍රතිචාර ලෙස එක්සත් ජනපදය සිය මිලිටරි බලය පුලුල් කරනු ඇතැයි ගේට්ස් අනතුරු ඇඟවීය. "අප අපගේ ම වැඩපිලිවෙලවල් සමගින් සුදුසු පරිදි ප‍්‍රතිචාර දැක්විය යුතු” යයි ඔහු තර්ජනය කලේ ය.

එහි තෙල් හා ඛනිජ සම්පත්වලට ස්තුති වන්නට ලෝකය යලි බෙදාගැනීම සඳහා දිගහැරෙන අරගලයේ දී, මූලෝපායික සටන් බිම්වලින් එකක් බවට පත්වීමට නියමිත අපි‍්‍රකාව තුල එක්සත් ජනපදය ආයුධ තරගයකට මුලපුරමින් සිටී.

ප‍්‍රධාන බලවතුන් ද ඔවුන්ගේ හෙන්චයියන් ලෙස කටයුතු කරන ප‍්‍රාදේශීය ප‍්‍රභූන්ගේ ද කොල්ලකාරී සැලසුම් සඳහා සූඩානයේ ද සමස්ත අපි‍්‍රකානු මහාද්වීපයේ ද මහජනයා ප‍්‍රාන ඇපකරුවන් බවට පත්කරනු ලැබෙමින් පවතී. හදිසි අවශ්‍යතාවය වන්නේ එක්සත් ජනපදයේ, ආසියාවේ, යුරෝපයේ හා ලතින් ඇමරිකාවේ කම්කරු පන්තිය සමග සන්ධානගතව මහාද්වීපයේ සමාජවාදී විමුක්තියට කැපවුනු අපි‍්‍රකානු කම්කරු පන්තියේ හා ගොවීන්ගේ මහජන සමාජවාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීම යි.

ඈන් ටැල්බට්