හියුම්බර්ටෝ ලීල් ගාර්ෂියාගේ නීති විරෝධී රාජ්‍ය ඝාතනය

The illegal state murder of Humberto Leal Garcia

9 July 2011

බ‍්‍රහස්පතින්දා ටෙක්සාස් ප‍්‍රාන්තයේ දී සිදුකරන ලද හියුම්බර්ටෝ ලීල් ගාර්ෂියා මරාදැමීම රටෙන් පිටත අපරාධකාරීත්වය හා රට තුල කෲරත්වය මගින් සංලක්ෂනය කරනු ලබන ඇමරිකානු ධනේශ්වර සමාජයේ ගැඹුරු අර්බුදය පිලිබඳ රෝග ලක්ෂනයකි.

වයස අවුරුදු 2 පටන් එක්සත් ජනපදයේ ජීවත්ව තිබුනු 38 හැවිරිදි මෙක්සිකානු ජාතිකයෙක් වන ලීල්ව ආසනයකට තබා බඳිනු ලැබ මාරාන්තික ඖෂධයක් ඇතුලු කරන ලදී. මාරාන්තික මිශ‍්‍රනය ඔහුගේ රුධිර පද්ධතියට ඇතුල් වනවිට ලීල් දෙවරක් "මෙක්සිකෝව දිනේවා” යයි කෑගැසුවේ ය.

16 හැවිරිදි ගැහැනු ලමයෙක් දූෂනය කොට ඝාතනය කිරීම නිසා ලීල්ව වසර 16කට පෙර වැරදිකරු කොට ඔහුට මරනීය දන්ඩනය පනවන ලදී. ඔහුගේ සිද්ධිය හා මරනීය දන්ඩනය නියම කරන ලද තවත් මෙක්සිකානු ජාතිකයන් 50 දෙනකුගේ නඩු ඔවුන් 51 දෙනාට ම මෙක්සිකානු තානාපති කාර්යාලයේ සහාය ලැබීම අහිමි කරනු ලැබීම නිසා එම නඩු යලි විමර්ශනය කල යුතු යයි 2004 ජාත්‍යන්තර අධිකරනය කල නියෝගයකට විෂයය විය. වොෂින්ටනය ද අත්සන් තබා ඇති වියානා ප‍්‍රඥප්තියට අනුව තමන්ගේ ම රටෙන් පිටත දී අත්අඩංගුවට ගනු ලබන සියලු පුද්ගලයන්ට තානාපති සේවය ලැබීම අයිතිවාසිකමකි.

මරනීය දන්ඩනය නියමව ඇති අනෙක් මෙක්සිකානුවන් මෙන් ම ලීල්ගේ සිද්ධියේ දී ද තානාපති ප‍්‍රවේශය ලැබීම ඔවුහු එක්සත් ජනපද නීතිය යටතේ තම අයිතිවාසිකම් අවබෝධ කරගෙන තිබේ ද යන්න හා ඔවුන්ට සුදුසු නීතිඥයන් ලැබී ඇද්ද යන්න තීරනය කරන ජීවිතයත් මරනයත් අතර ගැටලුවක් වන අතර ලීල්ගේ නඩුවේ දී උසාවිය මගින් පත්කල නීතිඥයා අදක්ෂතාව හා ආචාර ධර්ම උල්ලංඝනය කිරීම නිසා කිහිප වරක් තාවකාලික තහනමට හා තරවටුවට ලක්කරනු ලබන ලදී.

ඔබාමාගේ ධවල මන්දිරය, අධිකරන දෙපාර්තමේන්තුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා මෙක්සිකානු ආන්ඩුව මගින් කරන ලද ආයාචනා නො තකා ටෙක්සාස් ආන්ඩුකාර රික් පෙරී හා 5ට4ක නියෝගයකින් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය ඝාතනය නතර කිරීම ප‍්‍රතික්ෂේප කලහ. ලීල්ගේ ඝාතනය "අත්තනෝමතික ලෙස ජීවිතය අහිමි කිරීමක්” යයි සාධාරන ලෙස විස්තර කල නීතියට පරිබාහිරව කෙරෙන ඝාතන පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවා මරනීය දන්ඩනය වසර 16 තුල ඔහුව භාජනය කරන ලද කොන්දේසි "ජාත්‍යන්තර නීතියේ ස්ථාපිත සම්මතයන්ට අනුව කෲර, අමානුෂික හෝ අවමානීය සැලකීමකට සමාන” යයි කීවේ ය.

2008 දී ටෙක්සාස් ප‍්‍රාන්ත ආන්ඩුව ජාත්‍යන්තර අධිකරන තීන්දුවක් මගින් ආවරනය වනු ලබන මෙක්සිකානු ජාතිකයෙකු මරනයට පත්කල අවස්ථාවේ දී මෙන් ආන්ඩුකාරවරයා දැරූ අදහස වන්නේ ජාත්‍යන්තර අධිකරන හා ජාත්‍යන්තර නීතිය ටෙක්සාස් ප‍්‍රාන්තයට අදාල නො වන බව යි.

ඝාතනය නිසැකව ම තමන් රිපබ්ලිකානු ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තබන ලංසුවේ වත්කමක් යයි පෙරී දැකගන්නට ඇත. මෙහි දී ඔහු, ආන්ඩුකාරවරුන්ව සිටිය දී අධිකරන ඝාතන අධීක්ෂනය කිරීම තම ජනාධිපතිවරන උද්ඝෝෂනයේ දී ප‍්‍රදර්ශනාත්මක ලෙස යොදාගත් ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් හා ඩිමොක‍්‍රටික බිල් ක්ලින්ටන්ගේ අඩිපාර අනුගමනය කරමින් සිටියේ ය.

මේ වසරේ ටෙක්සාස් ප‍්‍රාන්තය විසින් මරනයට පත්කරන ලද හත්වන පුද්ගලයා ලීල් ය. වර්තමානය හා සැප්තැම්බරය අතර කාලයේ තවත් ඝාතන අටක් කි‍්‍රයාවට දැමීමට එය ලේඛන ගතකොට තිබේ.

ලෝකයේ රටවලින් තුනෙන් දෙකක් ම්ලේච්ඡත්වයේ සංකේතයක් ලෙස සලකා අහෝසි කරනු ලැබ ඇති රාජ්‍ය ඝාතන ක‍්‍රමයක් වන මරනීය දන්ඩනය කි‍්‍රයාත්මක වන එකම දියුනු ධනේශ්වර රට එක්සත් ජනපදය යි. චීනය, ඉරානය, සවුදි අරාබිය හා පාකිස්තානය සමග එකපෙලට ඝාතන අතින් ඉහල ම පස්දෙනා අතරට එය අයත් වේ.

ඝාතනය නැවැත්වීමක් ප‍්‍රදානය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරනයෙන් ඉල්ලා තර්ක කිරීමේ දී ඔබාමා පරිපාලනය මරනීය දන්ඩනය විවේචනය නො කල අතර ලීල් මරන කුටියට මුහුන පා සිටිය දී ඔහුගේ අයිතිවාසිකම් පිලිබඳ ආයාචනයක් ද නො කරන ලදී.

ඒ වෙනුවට එය තර්ක කලේ අතිශයින් ම ජාතික අවශ්‍යතාවේ පදනම මත ය. ලීල්ගේ ඝාතනය "ඉහල ම මට්ටමේ විදෙස් පිලිවෙත් අවශ්‍යතාවලට සුව කල නො හැකි හානියක්” කරනු ඇතැයි එක්සත් ජනපද සොලිසිටර් ජනරාල්වරයා ඉහල අධිකරනයට කීවේ ය. එය "එක්සත් ජනපද විදේශ සබඳතා, නීති බලාත්මක කිරීම හා මෙක්සිකෝව සමග වන අනෙකුත් සබඳතාවලට බරපතල ප‍්‍රතිවිපාක” ජනනය කරනු ඇතැයි ඉල්ලීම තර්ක කලේ ය.

කෙටියෙන් කියතොත් ඔබාමා පරිපාලනයේ උත්සුකයන් වූයේ ප‍්‍රජාතාන්ති‍්‍රක හිමිකම් හෝ ජාත්‍යන්තර නීතිය පිලිබඳව පවා නොව ජීවිත දස දහස් ගනනක් බිලිගෙන ඇති කෲර මත්ද්‍රව්‍ය යුද්ධය දියත් කිරීමේ දී මෙක්සිකානු ආන්ඩුව සමග වන සබඳතා දිගට ම පවත්වා ගැනීම, එක්සත් ජනපද-මෙක්සිකානු දේශසීමාව මිලිටරීකරනය කිරීම හා දේශසීමාවේ දකුනු දිග ශ‍්‍රමය සූරාකෑම මගින් ලාභ උකහා ගැනීම යි.

පරිපාලනයේ ආයාචනය ප‍්‍රතික්ෂේප කිරීමේ දී ඝතානයේ විදෙස් පිලිවෙත් ගම්‍යයන් ගැන "නිදහසේ දිගඇදෙන අවධාරනයන්” යයි අවඥා සහගත ලෙස සඳහන් කල උසාවියේ දක්ෂිනාංශය, එනම් කෝපාවිෂ්ට ලෙස මරන දන්ඩන හිතවාදී බහුතරය ආයාචනය "ඒත්තු ගන්වන සුලු නෛතික කියාපෑමකට” අසමත්ව ඇතැයි නිගමනය කලේ ය.

ලීල් හා අනෙකුත් අයට ඇහුම්කන් දීමක් බලාත්මක කරන සම්මත වීමට නියමිත කොංග‍්‍රස් පනත ලෝක අධිකරනයේ නියෝග මගින් බලපෑමට ලක්ව ඇති නිසා මරන දන්ඩනය කි‍්‍රයාවට නො දමන ලෙස පරිපාලනය කල ඉල්ලීම උසාවියේ බහුතරය ප‍්‍රතික්ෂේප කලේ ය. එවැනි ඇහුම්කන් දීම් කිරීම "අව්‍යාජ ප‍්‍රමුඛතාවක්” නම් ඒවා බලාත්මක කරන නීතිය "මේ වනවිට කි‍්‍රයාවට දමනු ලැබ තිබිය යුතු” ය යන අදහස එය විසින් දරනු ලැබී ය.

එම තර්කය ප‍්‍රතික්ෂේප කරනු ලැබිය නො හැක. ජාත්‍යන්තර නීතිය දිරිගැන්වීම හා ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම එක්සත් ජනපද පාලක සංස්ථාපිතයේ කිසිදු කොටසක හෝ එහි ප‍්‍රධාන පක්ෂ දෙකේ ප‍්‍රමුඛතාවක් නො වේ.

ටෙක්සාස් ඝාතනයේ දී ලෝක මතයට හා ජාත්‍යන්තර නීතියට දක්වා ඇති පිලිකුල යම් අපේරනයක් නොව ගැඹුරු හා දිග්ගැස්සුනු දේශපාලන හා සමාජිය කි‍්‍රයාදාමයන්ගේ ප‍්‍රතිඵලය යි.

එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය විසින් 1945 දී ස්ථාපනය කරන ලද ජාත්‍යන්තර අධිකරනය නිර්මානය කිරීමේ දී ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉෂ්ට කල වොෂින්ටනය එහි අධිකාරය පිලිගත්තේ ය. එහෙත් එම අධිකරනය නිකරගුවාවට එරෙහි සීඅයිඒ හි ත‍්‍රස්ත යුද්ධය සමග එක්සත් ජනපදය වැරදි යයි දැනගත් විට වසර හතලිහකට පසු රීගන් පරිපාලනය එහි පොදු අධිකාරය පිලිගැනීම ඉවත් කරගත්තේ ය. එහෙත් රටින් පිටත එක්සත් ජනපද රාජ්‍ය තාන්ති‍්‍රකයන් හා පුරවැසියන් ආරක්ෂා කිරීමේ උපයෝගී උපකරනයක් ලෙස දැකගත් වියානා ප‍්‍රඥප්තිය පිලිබඳ අධිකරනයේ ආඥාව එය දිගට ම පිලිගත්තේ ය. එක්සත් ජනපද මරන පෝලිමේ සිටි මෙක්සිකානු ජාතිකයන් පිලිබඳ නියෝගයෙන් පසුව බුෂ් පරිපාලනයෙන් එම අධිකාරය ද හකුලා ගත්තේ ය.

නීති විරෝධී ආක‍්‍රමනකාරී යුද්ධ දියත් කිරීම හා "අතිඅසාමාන්‍ය රඳවාගැනීම,” නඩු නොමැතිව රඳවාගැනීම හා වධබන්ධනවලට ලක්කිරීම වැනි අපරාධ විධික‍්‍රම භාවිතා කිරීම සමගින් පසුගිය දශකය පුරා ජාත්‍යන්තර නීතිය හා ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතිවාසිකම් කෙරෙහි වොෂින්ටනයේ පිලිකුල තවදුර තීව‍්‍ර වී තිබේ. රට තුල මූලික ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතිවාසිකම් මත කෙරෙන අනවරත ප‍්‍රහාරයක් මගින් මෙය පිලිබිඹු කරනු ලැබ ඇත. ඔබාමා පරිපාලනය බුෂ්ගේ මිලිටරිවාදී හා ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පිලිවෙත් ගැඹුරු කර ඇති තතු යටතේ මෙය හුදෙක් එක් පරිපාලනයක දෘෂ්ටිවාදයේ ප‍්‍රතිඵලයක් පමනක් ය යන්න ප‍්‍රතික්ෂේප කෙරේ.

කිසිදු තථ්‍ය ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතියක් තහවුරු කිරීමට නො හැකි තත්වයක් නිර්මානය කර ඇති එක්සත් ජනපද ධනවාදයේ ඓතිහාසික අර්බුදය සහ ඇමරිකානු සමාජය පුරා පැතිර පවතින ආන්තික සමාජ අසමානතාවය තුල මෙම විධික‍්‍රම මුල්බැස ඇත. අධිකරනමය ඝාතන හා මිලියන ගනන් ඇමරිකානුවන් සිරගත කිරීම වනාහි ආර්ථික හා සමාජ අර්බුදයට ප‍්‍රගතිශීලී විසඳුමක් දිය නො හැකි නව පන්ති අරගල හා සමාජ කලබගෑනිවලට බියවන පාලක ප‍්‍රභූවේ ප‍්‍රතිචාරය යි.

ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ඒ සමගින් මරන දඬුවම අහෝසි කිරීම ද එක්සත් ජනපද මිලිටරි, බුද්ධි අංශය, පොලිස් හා බන්ධනාගාර අහෝසි කිරීම සමාජය සමාජවාදී ලෙස ප‍්‍රතිසංවිධානය කිරීමේ පදනම මත කම්කරු පන්තිය විසින් පමනක් භාරගනු ලැබිය හැකි කර්තව්‍යයකි.

බිල් වෑන් ඕකන්