මර්ඩොක් හා කතිපයාධිකාරයේ පාලනය

Murdoch and the rule of the oligarchy

11 July 2011

ජනාධිපති බැරැක් ඔබාමා සහ පක්ෂ දෙකේම කොන්ග‍්‍රස් නායකයන් අතර ධවල මන්දිරයෙහි අද පැවති සමුලුව හිතාමතා පිලියෙල කල නරුම මවා පෑමක කොටසකි. එය පසුපස පවතින්නේ සෞඛ්‍ය පහසුකම් අදාල කරගත් සාමාජීය වැඩ සටහන්වලින් විශාල කොටසක් බිඳ විසුරුවා ලීමට පක්ෂ දෙක එක්ව සූදානම් කරමින් තිබෙන සැලැස්මකි.

රූපට් මර්ඩොක්ගේ නිව්ස් ඔෆ් ද වර්ල්ඩ්හි සේවකයින් හොර රහසේ අනුන්ගේ දහස් ගනන් දුරකථන හා පරිගනක තුලට ක‍්‍රමානුකූලව කඩා වැදීම හෙලිදරව් වීමේ තත්වය බි‍්‍රතාන්‍යයේ මෙන්ම ජාත්‍යන්තරව ද වරප‍්‍රසාදිත ව්‍යාපාරික හා දේශපාලන පැලැන්තියේ පැතිර පවත්නා සාපරාධිත්වයේ තරම එලිමහනට ගෙන ආවේය. අවම වශයෙන් පුද්ගලයෝ 7,000ක් වත් ඊට ගොදුරුවී ඇති අතර සිය පුද්ගලිකත්වය කෙලෙසීමට ලක්ව සිටිති. පුද්ගලික තොරතුරු පසුපස එලවීම සඳහා එලූ මෙම දැල දේශපාලඥයින් රාජකීය පවුලේ සාමාජිකයින් මරාදමන ලද පුද්ගලයින් හා ඇෆ්ගනිස්ථානයේදී ඝාතනයට ලක්වූ සෙබලුන් ඇතුලු බොහෝ දෙනෙකුගේ පුද්ගලික තොරතුරු රැස්කර ගැනීමේ එල්ලය ඇතිව ක‍්‍රියාත්මක විය.

මෙම සෝලිය ප‍්‍රධාන පක්ෂ පාර්ලිමේන්තුව අධිකරනය හා මාධ්‍ය ද ඇතුලු බි‍්‍රතාන්‍යයේ සියලු නිල ආයතන හා ප‍්‍රජාතන්ත‍්‍රයේ ගැඹුරට කා වැදුනු දිරාපත්වීම නිරාවරනය කලේය. නිරන්තරයෙන්ම "නීතිය හා සාමය” ගැන දේශනා කල බි‍්‍රතාන්‍යයේ ඉතා බලවත් මාධ්‍ය සමාගම එක් මන්ත‍්‍රීවරයෙක් පැවසූ පරිදි "කාර්මික පරිමානයකින්” සිදුවූ හොරෙන් ඇතුලු වීම් ද සමඟ බරපතල ලෙස නීතිය උල්ලංඝනය කිරීමට මැදිහත්ව තිබේ. ඔවුන් වසරක් වසරක් පාසා නීතියේ සම්පූර්න රැකවරනය ද ඇතිව මෙසේ කටයුතු කර තිබේ.

නිව්ස් ඉන්ටර්නැෂනල්හි කටයුතු පිලිබඳව නැත්නම් මර්ඩොක් පවුලේ උදහසට ලක්වන අයුරු විවේචනයෙහි යෙදෙන දේශපාලඥයින් හා වෙනත් වගකිව යුත්තන්ට තර්ජනය කිරීම හා අඩන්තේට්ටම් කිරීම පිලිබඳව ද මර්ඩොක් විධායකයින් හා මාධ්‍යකරුවන් කුප‍්‍රකටය.

දැන් වාර්තාවන පරිදි නිව්ස් ඔෆ් ද වර්ල්ඩ් විධායකයින් දෝෂාරෝපන හා අපරාධ චෝදනාවන්ට ලක්වීමේ හැකියාව සහිත විද්‍යුත් තැපෑලේ මිලියන ගනනක් වැඩිදුර පරීක්ෂන අවහිර කිරීම පිනිස විනාශකර තිබේ.

කොන්සර්වේටිව් හා ලේබර් යන ප‍්‍රධාන පක්ෂ දෙකම මෙම අපරාධවලට හසුවී ඇත්තේ මර්ඩොක්ගේ බි‍්‍රතාන්‍ය මාධ්‍ය ජාලයේ මවු සමාගම වන නිව්ස් ඉන්ටර්නැෂනල් නීතියේ රැහැනට අසුකර ගනීම ඔවුන් විසින් ප‍්‍රතික්ෂේප කිරීම නිසා පමනක් නොව මර්ඩොක්ගේ මාධ්‍ය අධිරාජ්‍යය සමඟ ඔවුන්ට ඇති සමීප සම්බන්ධකම් ද නිසාවෙනි. පොලිස් නිලධාරීන් නිව්ස් ඔෆ් ද වර්ල්ඩ් වෙතින් පවුම් දස දහස් ගනනින් අල්ලස් ලබාගෙන ඇති බව හෙලිවී තිබියදීත් මෙම නීති විරෝධී කටයුතු තනි මැරවර මාධ්‍යවේදියෙකුගේ හා තනි පුද්ගලික රහස් පරීක්ෂකයෙකුගේ ක‍්‍රියා බවට කෙරෙන අභූත ප‍්‍රකාශ පිලිගැනීම මුල්කරගෙන ඔවුහු කිසිවිටෙකත් මෙට්රොපොලිටන් පොලිසියට අභියෝග නොකලහ

සිය දුරකථන වලට හොරෙන් පිවිසීමට එරෙහිව ප‍්‍රසිද්ධ පුද්ගලයින් පුවත්පතට එරෙහිව විවිධ සිවිල් නඩු පැවරීමෙන් පසුව පමනක් ජනවාරියේදී ක‍්‍රවුන් පැමිනිලි සේවය "අලුත් අපරාධ නඩුවක් සූදානම් වන්නේ නම් තක්සේරුවක් කිරීම” පිනිස නිව්ස් ඔෆ් ද වර්ල්ඩ් හි සිදුවූ දුරකථන වලට හොරෙන් පිවිසීමට අදාලව පොලිසිය අත තිබෙන තොරතුරු විමර්ෂනය කරන බව නිවේදනය කලේය.

මර්ඩොක් පුවත් සේවය සමග නිල ආරවුලක් ඇතිව තිබෙන බව පිලිගැනීමට 08දා අගමැති ඩ්විඩ් කැමරන්හට සිදුවිය. ඔහු මෙසේ පැවසීය: "සත්‍යය නම් මාධ්‍ය දේශපාලඥයින් හා සියලු පක්ෂවල නායකයින් යන අපි සියලු දෙනාම මේ සිද්ධියට පැටලී සිටිමු. ඔව් ඊට මා ද ඇතුලත්ය.”

ඔහු මෙසේ ද පැවසීය, "පසුගිය ආන්ඩු සමයේදී පොලිස් පරීක්ෂනයක් සිදුව තිබේ. එය නොසෑහෙන අතර සෑහෙන තරම් දෙයක් සිදුව නැත. තොරතුරු කොමසාරිස්වරයාගේ වාර්තා තිබුනු නමුත් ඒවා නොතකා හැර තිබේ. දුරකථන වලට හොරෙන් පිවිසීම පිලිබඳ තේරීම් කමිටු වාර්තා තිබුනු නමුත් ඉන් පසුව කිසිවක් සිදුව නැත. සියලු අනතුරු ඇඟවීම් සියලු උත්සුකයන් යන මේ සියලු දේ අතරතුර එවක ආන්ඩුව කිසිවක් සිදුකර නැත. අවංකව ම පැවසුවහොත් විපක්ෂය ද කිසිවක් කලේ නැත.”

මෙම හා හූව සෝලියෙන් තම ආන්ඩුවට සිදුවන හානිය අවමකර ගැනීමේ කැමරන්ගේ උත්සාහයකි. මෙය සිදුවූයේ නිව්ස් ඔෆ් ද වර්ල්ඩ්හි හිටපු ප‍්‍රවෘති සංස්කාරක ඇන්ඩි කෝල්සන් අත්අඩංඟුවට ගත් එම උදෑසනම ය. ජනවාරියේදී ඉල්ලා අස්වීමට බලකෙරුන තෙක්ම ඔහු කැමරන්ගේ සන්නිවේදන ප‍්‍රධානියා ලෙස කටයුතු කර තිබුනි. කෙසේ වුවත් කැමරන්ගේ වගකීම භාරගැනීම හෝ කලින් පැවති ලේබර් ආන්ඩු වලට එරෙහි ඔහුගේ ප‍්‍රවේශම් සහගත ප‍්‍රහාරය හෝ මර්ඩොක්ගේ අධිරාජ්‍ය හා බි‍්‍රතාන්‍යයේ දේශපාලන ප‍්‍රභූ පැලැන්තිය අතර දශක ගනනාවක් පැවති කුපාඩි සම්බන්ධතාවන් සාධාරනීකරනය කරනුයේ නැත.

මර්ඩොක්, මාගරට් තැචර්ගේ හා ජෝන් මේජර්ගේ කොන්සවේටිව් ආන්ඩු හා සියල්ලටත් වඩා කම්කරු පන්තියට එරෙහි තැචර්ගේ රුදුරු ප‍්‍රහාරය සමඟ අඛන්ඩව ම බැඳී සිටියේ ය. සියල්ලන්ටමත් වඩා පොහොසතුන්ගේ හා සමාගම්වල බදු කපාහැරීමෙන් වාසි ලැබූ ඔහු ඇය විසින් ක‍්‍රියාවට නැඟූ අනෙකුත් පියවර එනම්, ලංඩන් නාගරිකය විසුරුවා හැරීම හා පුද්ගලීකරනයන්ට හුරේ දැමීය. නිව්ස් ඉන්ටර්නැෂනල් කුප‍්‍රකට වෘත්තීය සමිති බිඳීමේ මෙහෙයුමක් ගෙන යමින් මුද්‍රන කම්කරුවන් 6,000ක් දොට්ට දැමූ අතර 1986දී නිෂ්පාදනය ලංඩන්හි නැගෙනහිර අන්තයේ වැපිං වෙත මාරු කලේය

කම්කරු පන්තියට පහර දීමේ හා පාලක ප‍්‍රභූව ධනවත් කිරීමේ වාහකය ලෙස ටෝරීන් සිය ප‍්‍රයෝජනවත්කම අහිමිකර ගැනීමෙන් පසුව මර්ඩොක් සිය කේවෙලය ඉටුකිරීම පිනිස ඕනෑවටත් වඩා සූදානම්ව සිටි ලේබර් පක්ෂය වෙත නැඹුරු විය. කෙතරම් දුරකට මර්ඩොක් ආන්ඩුවේ ප‍්‍රතිපත්ති කෙරෙහි බලපෑම් කලේ ද යත් හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ගේ මාධ්‍ය උපදේශකව සිටි ලාන්ස් ප‍්‍රයිස් මර්ඩොක් හැඳින්වූයේ "කැබිනට්ටුවේ 24වන සාමාජිකයා” ලෙස ය. "ඔහුගේ සහභාගිත්වය හැම විටම දකින්ට තිබුන” බව ද ඔහු පැවසීය

යුරෝපය පිලිබඳව ද "බි‍්‍රතාන්‍යයේ නීතිය හා සාමය බිඳ දැමීමේ” ලා ද ලේබර් ආන්ඩුවේ න්‍යායපත‍්‍රය සකස්කල බවට ඔහු ප‍්‍රසිද්ධියේම පාරම් බෑවේය. මර්ඩොක් මාධ්‍යය ආක‍්‍රමනයේ යුද්ධ නිර්දය ලෙස හුවා දැක්වූ අතර ඉන් වඩාත්ම කැපී පෙනුනේ 2003 වසරේ සිදුකල නීති විරෝධී ඉරාක ආක‍්‍රමනයයි. එක්සත් ජනපද-බි‍්‍රතාන්‍ය ආක‍්‍රමනය සූදානම් කෙරෙමින් තිබූ දිනවල බ්ලෙයාර් තුන් වතාවක දී ම මර්ඩොක්ට පුද්ගලිකව දුරකථනයෙන් කතා කලේය.

දැන් නිව්ස් ඔෆ් ද වර්ල්ඩ්හි විවේචකයෙකු ලෙස පෙනී සිටින වත්මන් කම්කරු පක්ෂ නායක එඩ් මිලිබෑන්ඩ් කෝල්සන් හා මර්ඩොක්ගේ මාධ්‍ය විධායකයෙකු වන රෙබෙකා බෲක්ස් සමග කැමරන්ගේ සම්බන්ධතාවන් දේශපාලන වාසි ලබාගැනීම සඳහා ගසාකෑමට උත්සාහ කරයි. මෙය විනිවිද පෙනෙන වංචාවකි.

නිව්ස් ඔෆ් ද වර්ල්ඩ් තොරතුරු අපයෝජන සෝලිය මුල් වතාවට එලිමහනට පැමිනියේ, 2006 වසරේදී ය. එහෙත් බ්ලෙයාර්ගේ හා ඔහුගේ අනුප‍්‍රාප්තික ගෝර්ඩන් බ‍්‍රවුන්ගේ ලේබර් ආන්ඩුවල කිසිදු අභියෝගයකින් තොරව මෙට්රොපොලිටන් පොලිසිය විසින් එය පාපිස්ස යටට අතුගා දමන ලදී. "තමන්ගේ සමාගමට හානි කරන අනතුරක් ලෙස තමන්ට හැඟී ගිය කලකෝලාහලයේ දේශපාලන උනුසුම පහකිරීම පිනිස උදව් කරන ලෙස ඉල්ලා පසුගිය වසරේදී තුන්වන පාර්ශවයක් හරහා මර්ඩොක් බ‍්‍රවුන් වෙත පනිවිඩ යැවූ බව” අපේ‍්‍රල් 09 දා හිටපු ඇමතිවරයෙක් නිර්නාමික ලෙස ගාඩියන් පුවත්පතට පැවසීය.

සේයා කැබිනට්ටුවේ විදේශ ලේකම් ඩග්ලස් ඇලෙක්සැන්ඩර්, ස්වදේශ ලේකම් යෙටී කූපර්, මුදල් ලේකම් එඩ් බෝල්ස් හා ටොම් බෝල්ඩ්වින් හා ස්ටුවට් වුඩ් යන සමීප උපදේශයින් දෙදෙනෙකු ද පිරිවරාගෙන ලංඩන්හි පැවති නිව්ස් ඉන්ටර්නැෂනල්හි ග‍්‍රීෂ්ම සාදයට ලේබර් නායක මිලිබෑන්ඩ් සහභාගී වූයේ යන්තම් පසුගිය මාසයේදී ය. එවකදී ගාඩියන් පත‍්‍රය සඳහන් කලේ ලේබර් ප‍්‍රමුඛයින් කන්ඩායම කැමරන් හා ඔහුගේ බිරිඳ සමන්තා විසින් පිරිවරාගත් කොන්සවේටිව් කන්ඩායමට වඩා සංඛ්‍යාවෙන් වැඩි බවය.

මෙම සම්බන්ධතා පෙන්නුම් කරන්නේ බි‍්‍රතාන්‍යයේ මැතිවරන ක‍්‍රියාවලියේ විකාර සහගත භාවයයි. රාජ්‍ය ප‍්‍රතිපත්ති නීර්නය කරන්නේ කොන්සවේටිව් හෝ ලේබර් ආන්ඩුවක් තෝරාගන්නා ජනතාවගේ කැමැත්ත විසින් නොව මාධ්‍ය මත ඔහුගේ පාලනයට පින්සිදු වන්නට මර්ඩොක් විශේෂිතවම බලපෑම් සහගත සාමාජිකයෙකු වන සියලු ප‍්‍රධාන පක්ෂවල න්‍යායපත‍්‍ර සකස් කරන ප‍්‍රකෝටිපතියන් කල්ලියක් විසිනි.

බාධාවකින් හෝ අවහිරයකින් තොරව එවන් පුලුල් සාපරාධී කටයුතුවල යෙදීමට නිව්ස් ඉන්ටර්නැෂනල්හි සේවකයින්ට හැකිවූයේ කෙසේදැයි වෙනත් අයුරකින් සිතිය හැකි ද? බි‍්‍රතාන්‍යයේ මෙන්ම ජාත්‍යන්තරව ද දේශපාලන හා මාධ්‍යයේ නිල ව්‍යුහය පොදු ජනතාවගෙන් මුලුමනින්ම වියෝවී ඇති අතර ඔවුන්ගේ අවශ්‍යතා කෙරෙහි විවෘතව සතුරු තැනකට ගමන්කර තිබේ. එම පසුබිම නීතිමය සීමාවන් නොතකන, ඒකාධිපති ස්ථරයකගේ ක්ෂේමභූමිය බවට පත්ව තිබේ.

බි‍්‍රතාන්‍යයේ අතිශයින්ම ප‍්‍රබල පුද්ගලයා ද ලෝකයේ බලගතුම පුද්ගලයින් අතරින් කෙනෙක් ලෙස ද මර්ඩොක් පුලුල් වශයෙන් පිලිගනු ලබයි. සමාජ අසමානතාවයේ පෙර නොවූ විරූ වර්ධනය හා මූල්‍ය පරපුටු භාවයේ පදනම මත නැඟී ආ ගෝලීය මූල්‍ය කතිපයාධිකාරයේ පුරාකෘතික නියෝජිතයා නම් ඔහු ය.

මර්ඩොක් ද අයත්වන සුපිරි ධනවතුන් තුනී තට්ටුවක් දශක තුනකට අධික කාලයක් තිස්සේ දේශපාලන ආර්ථික හා සමාජ ජීවිතයේ සෑම අංශයක් තුලම අධිකාරය දරති. බි‍්‍රතාන්‍යයේ ස්කයි හා එක්සත් ජනපදයේ ෆොක්ස් රූපවාහිනී නාලිකාවන් ද ඇතුලුව 175ක් පමන වන ඔහුගේ රූපවාහිනී හා ප‍්‍රවෘති පත‍්‍ර දේශපාලන සංස්ථාපිතය ඇතුලත රජුන් තනන්නා ලෙස පුලුල් ලෙස දැකගනු ලබයි.

ලිංගික සෝලි ද ධනවතුන්ගේ හා වැදගතුන්ගේ පුරාවෘත ඇවිස්සීමේ ද යෙදී සිටින තුප්පහි මාධ්‍ය කලාවේ විශේෂ වර්ගයක් සපයන ප‍්‍රමුඛයා වන මර්ඩොක්ගේ අභිලාෂය වන්නේ ජනතාව නොමඟ යවා ව්‍යාකූල කිරීමත් අතිශයින්ම පසුගාමී මනෝගතීන් දිරිමත් කිරීමත් ය.

එක්සත් ජනපද පාලක ප‍්‍රභූවේ අතිශයින්ම ප‍්‍රතිගාමී කොටස්වල දේශපාලන න්‍යායපත‍්‍රය වෝල් ස්ට්‍රීට් ජර්නලයේ කතුවැකිය මඟින් ප‍්‍රකාශයට පත්කරන අතර මහා බි‍්‍රතාන්‍යයේ සන් - නිව්ස් ඔෆ් ද වර්ල්ඩ් (මර්ඩොක් විසින් 17දා මෙය වසා දැමීමට නියමිත ය.) හා ස්කයි රූපවාහිනිය සේම ඇමරිකාවේ ෆොක්ස් නිව්ස් හා නිව් යෝර්ක් පෝස්ට් ද එම සේවයම ඉටු කරයි. යුදවාදය ජාතික ස්වෝත්තමවාදය "නිදහස් ව්‍යවසායකත්වය’’ හුවාදැක්වීම හා දශ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ පැවැත්ම රඳා පවත්නා අත්‍යවශ්‍ය සේවා කපාහරින ලෙස ඉල්ලමින් දක්ෂිනාංශික සමාජ ප‍්‍රතිකර්මයේ අනවරත ප‍්‍රවාහයක් සමග මර්ඩොක්ගේ මාධ්‍ය ජාල සමාජ හා බුද්ධිමය ජීවිතය කෙලෙසයි.

මෙ මගින් නිර්මානය කර තිබෙන දේශපාලන හා දෘෂ්ටිමය කුනුවීමේ අතිශයින්ම වැදගත් ප‍්‍රකාශනය දැකගත හැක්කේ බි‍්‍රතාන්‍යයේ ලේබර් පක්ෂය වැනි පැරනි සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂ තුලය. 2008 මූල්‍ය බිඳවැටීමෙන් පසුව ඉල්ලා සිටින දරුනු කප්පාදු පියවරයන්ගේ නිර්ලජ්ජිත ආරක්ෂකයින් ලෙස ඉස්මතු වෙමින් ඔවුන් සියලු දෙනා මර්ඩොක්ගේ වර්ගයේ දේශපාලනයට පහසුවෙන්ම අනුගත වෙයි.

නිව්ස් ඔෆ් ද වර්ල්ඩ්හි හෙලිදරව් වී තිබෙන සාපරාධී ක‍්‍රියාවලියේ පරිමාව ඉල්ලා සිටින්නේ පූර්න හා ප‍්‍රසිද්ධ පරීක්ෂනයකි. කෝල්සන් බෲක්ස් හා මර්ඩොක් ද ඇතුලු නිව්ස් ඉන්ටර්නැෂනල් සමග සම්බන්ධ සියලු ප‍්‍රමුඛ පුද්ගලයින් පූර්න පරිමානයේ අපරාධ පරීක්ෂනයක කොටසක් ලෙස දිව්රුමකට යටත්ව ප‍්‍රශ්න කිරීමට ලක්විය යුතුය. එවන් කුමන හෝ පරීක්ෂනයක දී බ්ලෙයාර් බ‍්‍රවුන් කැමරන් හා ඔවුන්ගේ සහකරුවන් ද ඊට එක්කල යුතුය.

කෙසේ වෙතත් බි‍්‍රතාන්‍ය පාලක පන්තිය එවන් පරීක්ෂනයක් නොපවත්වන බව ඕනෑවටත් වඩා පැහැදිලිය. වත්මන් දේශපාලන සංස්ථාපිතයේ පාලනය යටතේ සිදුවන කුමන හෝ පරීක්ෂනයක් දේශපාලන සංස්ථාපිතය හා රාජ්‍ය යාන්ත‍්‍රනය තුල සිටින නිව්ස් ඉන්ටර්නැෂනල් හා එහි මිතුරන් ආරක්ෂා කිරීමේ අරමුන සහිත වසං කිරීමක් වනු ඇත.

නීතිය ආරක්ෂා කල යුතුය. මාධ්‍ය වංශවතුන්ගේ කොල්ලකාරී හා සමාජීය වශයෙන් විනාශකාරී කටයුතු නතර කල යුතුය. එය කල හැක්කේ පාලනයට මුලුමනින්ම නොගැලපෙන බව පෙන්නුම් කර තිබෙන ප‍්‍රභූ පැලැන්තිය බලයෙන් පහකිරීමට කැපවීගත් කම්කරු පන්තියේ මහජන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම සමඟ සම්බන්ධව පමනි.

ක‍්‍රිස් මාස්ඩන්