එක්සත් ජනපදයේ ඝාතන ප‍්‍රතිපත්තිය

The US policy of assassination

1 July 2011

ලිබියානු යුද්ධයට දින සියයක් ගත වී ඇති තැන එක්සත් ජනපද - නේටෝ යුද මූලෝපාය තවදුරටත් දේශපාලන ඝාතන වෙත නග්න ලෙස යොමු වී තිබේ.

එක්සත් ජනපද හා යුරෝපානු යුද යානා එකදිගටම ලිබියානු නායක මුඅම්මර් ගඩාෆිගේ වාසාස්ථාන ඉලක්ක කරගෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කොට ඔහුගේ ඥාතීන් ඝාතනයට ලක් කොට තිබේ. පැහැදිලි ප‍්‍රගතියක් නො පෙන්වා එක තැන සිර වී තිබෙන මෙහෙයුමේ කාලවකවානුව දිග් ගැස්සීම නිසා පාලන ත‍්‍රන්ත‍්‍රයේ බලය අනෙකුත් කන්ඩායම් අතරට සංක‍්‍රාමනය කරමින් ලිබියානු රාජ්‍ය නායකයා ඉවත් කිරීමට උත්සාහ කිරීම වෙත යුද මිලිටරි මූලෝපායන් සීග‍්‍රයෙන් යොමුවෙමින් පවතී. මෙය සාක්ෂාත් කරගත හැකිව පවතින්නේ ගඩාෆිගේ අභ්‍යන්තර කැරැල්ලක් මගින් හෝ එසේ නොමැති නම් ඝාතනය කිරීමක් මගිනි.

මේ සතියේ මුල දී රිපබ්ලිකන් කොන්ග‍්‍රස් සභිකයෙකු හා පාර්ලිමේන්තු හමුදා සේවා කොමිටියේ සාමාජිකයෙකු වන මයික් ටර්නර් විසින් අද්මිරාල් සැමුවෙල් ලොක්ලියර් සමග තිබු සාකච්ඡාවක් වාර්තා කල අතර එහි දී ඉතාලිය තුල නේටෝ හි කොමාන්ඩෝවරයා විසින් ඝාතන ප‍්‍රතිපත්තිය විවෘතව ම පිලිගත්තේ ය. ටේලර්ට අනුව "සිවිල් ජනතාව ආරක්ෂා කිරීමේ විෂය පථය ගඩාෆි ද ඇතුලත්ව ගඩාෆිගේ මිලිරියේ විධාන දීමේ දම්වැලේ පුරුක් ඉවත් කිරීමට අවසර දීම දක්වා අර්ථකතනය කරන බවට” ලොක් ලියර් පැහැදිලි කලේ ය.

අඟහාරුවාදා එක්සත් ජනපදයේ රාජ්‍ය යාන්ත‍්‍රනයට සමීප සම්බන්ධතා ඇති ස්ට‍්‍රැට්ෆොර් නම් මත ප‍්‍රකාශකයා විවේචනයක් කරමින් සඳහන් කලේ අන්තර් ජාතික යුද අපරාධ අධිකරනයේ ගඩාෆිට එරෙහිව නගා ඇති යුද අපරාධ චෝදනා "තන්ත‍්‍රය වෙනස් කිරීමේ” මෙහෙයුම සාර්ථක කිරීමට එනම්, ලිබියානු නායකයා ඝාතනය කිරීමට තැත් කිරීම සඳහා ගුවන් බලය යොදා ගැනීමේ නේටෝ වේ වර්තමාන ක‍්‍රමෝපායට අමතර ශක්තියක් ලැබෙන” බවයි.

අනතුරුව බදාදා එක්සත් ජනපදය තුල විශාල ප‍්‍රමානයේ සමාජ වැඩ සටහන් කප්පාදු කිරීමේ සැලසුම් කෙරෙහි කේන්ද්‍රගත වු මාධ්‍ය හමුවක දී ජනාධිපති බරැක් ඔබාමා එකී තර්කනයට සහාය පල කලේ ය. එක්සත් ජනපදයේ ක‍්‍රියාකලාපය හේතුවෙන් "ඇමරිකානු එක්සත් ජනපදයට එරෙහිව ත‍්‍රස්තවාදී කටයුතුවලට රාජ්‍ය අනුග‍්‍රහය ලබා දුන් මෙම පුද්ගලයා දැන් ග‍්‍රහනයට නතු කරගෙන ඇති අතර ඔහුගේ ගෙල වටා තොන්ඩුව හිර වෙමින් තිබේ” යයි ඔබාමා ප‍්‍රකාශ කලේ ය. නඩු නොමැතිව දන්ඩනයට නියම කිරීමේ අලුගෝසු භාෂාව ෆාඩාෆි සම්බන්ධයෙන් අඟවුම් කිරීමට ඔබාමා යොදාගත් පලමු අවස්ථාව මෙය නොවේ.

එක්සත් ජනපද නේටෝ ඝාතන ප‍්‍රතිපත්තිය සමස්ථයක් ලෙස ලිබියානු යුද්ධය මෙන්ම පැහැදිලිවම ජාත්‍යන්තර හා ජාතික නීතිය යටතේ අනීතික වේ. යුදමය ක‍්‍රියාමාර්ගයක් සඳහා කොන්ග‍්‍රසයේ අනුමැතිය අවශ්‍ය කෙරෙන යුද බල පනත උල්ලංඝනය නොවන බවට පැහැදිලි කිරීමේ උත්සාහයක් වශයෙන් ඔබාමා පරිපාලනය හාස්‍යජනක ලෙස සඳහන් කලේ ලිබියාවට බෝම්බ දැමීම "යුද්ධමය” මට්ටමට නැග නොමැති බවයි. කෙසේ නමුත් විදේශ රටක රාජ්‍ය නායකයෙකු ඝාතනය කිරීමේ ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලකඳවුරක නග්න උත්සාහය තුලින් ඝාතන ප‍්‍රතිපත්තිය හොඳින් නිරාවරනය වී තිබේ.

තමාගේ මාධ්‍ය සමුලූවේ දී ඔබාමා ලිබියාව සම්බන්ධයෙන් සුවිශේෂි ප‍්‍රකාශ මාලාවක් කලේ ය. වියට්නාමය එක්සත් ජනපද තුල යුද්ධයේ දී සිදු කරන ලද මහා අපරාධ හා මුසාවාද දෙසා බෑම් හෙලිදරව් වීමත් සමග සම්මත කර ගන්නා ලද යුද බල පනත යටතේ මතු කරනු ලැබ ඇති ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථා පිලිබඳ ප‍්‍රශ්න හුදු "කාර්ය පටිපාටිය හා කොන්ග‍්‍රසයේ මතය සලකා බැලීම සඳහා වූ ඝෝසාව” ලෙස නිෂ්ප‍්‍රභා කලේ ය. ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථා නීතිය පිලිබඳ හදාරා ඇති විද්‍යාර්ථියෙක් ලෙස සැලකෙන ජනාධිපති ඔබාමා ලිබියන් යුද්ධයේ අනීතික බව ප‍්‍රකාශ කරන විචාරකයින්ට සරදම් සහගතව පහර එල්ල කලේ ඔවුන් "අවුල්” නිර්මානය කරන්නන් ලෙස දක්වමිනි.

අනතුරුව තම ප‍්‍රතිපත්තිය කෙරෙහි සාවද්‍ය නෛතික තර්කනයක් වත් ඉදිරිපත් නො කරමින් ම ඔබාමා තර්ක කිරීමට පටන් ගත්තේ "ඔසාමා බින් ලාඩන්ට පූර්වයෙන් පෘථිවිය මත අන් සෑම අයෙකුටම වඩා ඇමරිකානු මරන වලට වගකිව යුත්තා” වූයේ ගඩාෆි බව දක්වමිනි.

මාධ්‍ය සමුලුවේ සිටි කිසිවකු මෙම ප‍්‍රකාශය මත ජනාධිපතිව හැගිස්සවීමට උත්සාහ කලේ නැත. මාර්තු මාසයේ දී ලිබියාවට බෝම්බ දැමීමට තීරනය කිරීමට ප‍්‍රථම ඇමරිකා එක්සත් ජනපදය ඇතුලුව සියලුම මහ බල කදවුරු සමග ගඩාෆි මිත‍්‍ර සබඳතා බුක්ති වින්දේ ය. 2003 දී ලිබියාව තම න්‍යෂ්ටික හා ජෛව විද්‍යාත්මක අවි නිෂ්පාදන වැඩසටහන් ඉවත දැමූ අතර එය උතුරු කොරියාව හා ඉරානයට ආදර්ශයක් වනු ඇති බවට දක්වමින් බුෂ් පරිපාලනය විසින් ඉහලින් වර්නනා කරනු ලැබිනි.

2009 අපේ‍්‍රල් මස දී ලිබියාවේ ජාතික ආරක්ෂක ඇමති වු ගඩාෆිගේ පුත‍්‍රයා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දී හිලරි ක්ලින්ටන් විසින් උනුසුම්ව පිලිගත් අතර ඊට මාස දෙකකට පසුව ඔබාමා හා ගඩාෆි විසින් සාමාන්‍ය අතුරු සිද්ධියක් සඳහා පුලුල් ප‍්‍රචාරයක් ලැබිනි.

මෙම කාල වකවානුව තුල ගඩාෆි එක්සත් ජනපදය සමග ප‍්‍රධාන තෙල් ගනුදෙනු කිහිපයකට ම අත්සන් තබමින් සිටියේ ය. අනතුරුව කිසිවිටෙක පැහැදිලි ලෙස විස්තර නො කරනු ලැබු නමුත් පැහැදිලිව යුරෝපානු බලවතුන්ගේ හා එක්සත් ජනපදයේ භූ-මූලෝපායික අවශ්‍යතාවයන් සමග බැඳී පවතින හේතු මත ගඩාෆි පාලන තන්ත‍්‍රය පෙරලා දමා අධිරාජ්‍යවාදී අවශ්‍යතාවයන්ට වඩාත් අවනත ආන්ඩුවක් පිහිටුවාලීමට තීරනයක් ගනු ලැබිනි.

බටහිරදිග "කැරලිකරුවන්ට” සහාය ලබාදීමෙන් ආන්ඩුව බලයෙන් ඉවත් කිරීමට පලමුව උත්සහා දැරීමෙන් පසුව දැන් එක්සත් ජනපදය හා නේටෝව වඩාත් ඍජු ක‍්‍රියාමාර්ගයක් වෙත එලඹ තිබේ.

කෙසේ නමුත් එක්සත් ජනපද ඝාතන ප‍්‍රතිපත්තිය ගඩාෆිට පමනක් සීමා වූවක් නොවේ. බදාදා ඔබාමා පරිපාලනය "ත‍්‍රස්තවාදයට එරෙහි ජාතික මූලෝපාය” නිකුත් කල අතර එය තම අවශ්‍යතාවයන්ට තර්ජනයක් ලෙස එක්සත් ජනපදය දකින අවස්ථාවක "ඉලක්ක කරගත් ඝාතන” සිදු කිරීමේ ක‍්‍රමෝපායක් එලි දක්වයි. ත‍්‍රස්තවාදී විරෝධී උපදේශක ජෝන් බ්‍රෙනන් එම මූලෝපාය එලිදක්වමින් කියා සිටියේ මෙසේය: "අපගේ හොඳම පහර දීම සැම විටම විදේශන්හි විශාල හමුදාවක් යෙදවීම මතම පදනම් වන්නේ නැත. එය ඉලක්ක කර ගත් ශල්‍යකර්ම ආකාරයේ පීඩනයක් අපට තර්ජනය කරන කන්ඩායම් මත යෙදවීම වෙතද යොමු ව තිබේ.”

නමුත් "ඉලක්ක කරගත් ශල්‍යකර්ම ආකාරයේ පීඩනයක්” යන්නෙන් අදහස් වන්නේ ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමට යොදා ගත් ආකාරයේ විශේෂ බටකායන් සමග එක්ව මිලිටරිය හා සීඅයිඑ් මගින් එල්ල කරනු ලබන ගුවනින් ප‍්‍රහාර එල්ල කිරීම ද ඇතුලත් වූ භාවිතාවකි. ඔබමා පරිපාලනය යටතේ එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ඉරාකය, යේමනය හා දැන් ලිබියාව තුලත් "කැරලි කරුවකු” හෝ "ත‍්‍රස්තවාදියෙකු” ලෙස ප‍්‍රකාශයට පත් කරන ඕනෑම අයෙකු මරා දැමීම සඳහා ගුවන් බෝම්බ ප‍්‍රහාර භාවිතා කිරීම අතිශයින්ම ඉහල දමා ඇත. පසුගිය සතියේ සෝමාලියාව තුල සිටිතියි කියනු ලබන අල් කයිඩාවට සම්බන්ධ සංවිධානයක නායකයා ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපද බෝම්බ යානා ප‍්‍රහාර එල්ල කිරීම සමග එකී ලැයිස්තුවට තවත් එක් රටක් එක් කරනු ලැබිනි.

එක්තරා පුර්ව ඓතිහාසික කාලපරිච්ඡේදයක දී එවැනි ප‍්‍රතිපත්තියක ඇති මහත් අවදානම් සහගත භාවය ඇමරිකානු පාලක පනතියේ කොටස් විසින් හඳුනා ගනු ලැබිනි. 1965 දී බලයට පත් වීමෙන් පසුව ලෝකයේ විවිධ ස්ථානවල එක්සත් ජනපදයේ ඝාතන උත්සායන් පිලිබඳ සාක්ෂි හෙලිදරව් වීමත් සමග ජනාධිපති ලින්ඩන් ජොන්සන් ප‍්‍රසිද්ධියේ ම කියා සිටියේ එක්සත් ජනපදය "ශාප ලත් මීනිමරු සන්ථාපිතයක් කි‍්‍රයාත්මක කරමින් සිටින” බවයි.

1976 දී සීඅයිඒ හි ඝාතන සැලැස්ම පිලිබඳ සෙනෙට් විමර්ශන සිදු කල දේවගැති කොමිටියේ නිගමනය වූයේ ඝාතන ප‍්‍රතිපත්තිය "අපගේ ජීවන ක‍්‍රමයට පදනම් වන්නා වූ සදාචාරමය ශික්ෂාවන් උල්ලංඝනය කරන බව” යි. කොමිටියේ නිර්දේශයන් අනුව එවැනි ක‍්‍රියාකාරීත්වයන් එලිපිටම තහනම් කරන විධායක නියෝගයක් ඉන් අනතුරුව නිකුත් කරනු ලැබිනි.

ඇත්ත වශයෙන් ම ඇමරිකන් අධිරාජ්‍යවාදයට කිසිවිටෙක ස්වර්නමය යුගයක් පැවතුනේ නැත. කෙසේ නමුත් පසුගිය වසර 35 ක් තුල දී නෛතික හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වගකීම් සහගතභාවය පිලිබඳ සෑම මවා පෑමක් ම බිඳවැටී ඇත. රාජ්‍ය ඝාතක ප‍්‍රතිපත්තියක් යනු ප‍්‍රචන්ඩත්වය, වද හින්සා දීම්, චෝදනා රහිතව සිරකර තබා ගැනීම සහ එක්සත් ජනපදය තුලමත් ප‍්‍රජතන්ත‍්‍රවාදී අයිතීන් සෝදාපාලුවට ලක් කල අවසානයක් නොමැති යුද්ධ ඇතුලත් වන්නා වූ ක‍්‍රියාවලියක මුදුන්පත් වීමකි. එක්සත් ජනපදය තුලමත් සමාජ සම්බන්ධතාවයන් පරිවර්තනය කිරීම, පරපෝශිත මූල්‍ය කතිපයාධිකාරීත්වය ඉහල නැංවීම සහ සමාජ අසමානත්වයේ විශ්මය ජනක වර්ධනයත් සමග මෙය බැඳී පවතී.

යුදමය ක‍්‍රමෝපයක් ලෙස ගඩාෆිගේ ඝාතනය හඹා යෑම වැනි ප‍්‍රතිපත්ති ප‍්‍රගාඪ ප‍්‍රතිවිපාක ජනිත කරනු ඇත. ඔබාමා පරිපාලනය හා ඇමරිකානු පාලක පන්තිය තමන්ට බාධකයක් ලෙස ඔවුන් සලකන ඕනෑම අයෙකු අධිකරනමය ක‍්‍රියාමාර්ගයකින් තොරව ම මරා දැමීමට තම අනුමැතිය ප‍්‍රකාශයට පත් කොට ඇත. එය වැඩි දුරටත් විදෙස් රටවල රාජ්‍ය නායකයන්ට හෝ දේශපාලන සංවිධානවලට කරනු ලබන අනතුරු ඇඟවීමක් පමනක් නොවේ; එක්සත් ජනපද නිලධාරීන් ඊට සමාන පියවරයන් දේශීය වශයෙන් පැන නගින සෑම විරෝධතාවයකට ම එරෙහිව යොදා ගනු ඇති බවට කිසිදු සැකයක් නැත.

ජෝසප් කිශෝර්