එක්සත් ජනපදයේ රැකියා වාර්තාව

The US jobs report

6 June 2011

ජූනි 03දා නිකුත් කල එක්සත් ජනපදයේ සේවා නියුක්ති වර්තාව දැනටමත් රක්ත හීනතාවයෙන් පෙලෙන ආර්ථික "ප‍්‍රකෘතියේ” තියුනු කඩාවැටීමක් හා නරක අතට හැරෙමින් තිබෙන විරැකියාව පිලිබඳ යථාර්තය ගෙනහැර දක්වයි. අව්‍යාජ ප‍්‍රකෘතියක් කෙසේ වෙතත් කම්කරු පන්තිය මහා අවපාතයෙන් පසුව මුහුන දෙන ගැඹුරු වෙමින් තිබෙන නරකම රැකියා අර්බුදය ඉන් එලිමහනට ගෙනැවිත් තිබේ.

එක්සත් ජනපදයේ පසුබෑම පුලුල් ජාත්‍යන්තර සංසිද්ධියක කොටසකි. පසුගිය සතිය පුරා නිකුත් කල සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන්නේ නිෂ්පාදනයේ වර්ධනය පහත වැටීම එක්සත් ජනපදයේ සිට යුරෝපය හා චීනය දක්වා ම දිවෙන ගෝලීය ප‍්‍රපංචයක් බවයි. 2008 වෝල් වීදියේ බිඳ වැටීමේ තැන් පටන් ලෝක ආර්ථික වර්ධනයේ ප‍්‍රධාන යාන්ත‍්‍රනයව පැවති ආසියානු ආර්ථිකයන් මන්දගාමී වෙමින් තිබේ.

ජූනි 04දා "ස්ටැග්ෆ්ලේෂන් (ඉල්ලුමේ හෝ රැකියා අවස්ථාවන්හි අනුරූපී වර්ධනයකින් තොර උද්ධමනය) නපුර සමග පොරබැදීම” යන හිසින් ෆිනෑන්ෂල් ටයිම්ස්හි පලවූ අඳුරු කතුවැකියක් තුල මෙසේ ලියා තිබුනි: "මීට පෙර පැවති පසුබෑම් වලට වඩා ප‍්‍රකෘතිය බෙහෙවින් නොගැඹුරු වුවත් එය ද පහව යමින් තිබේ. බොහෝ දර්ශක දැන් වැරදි දිශාව පෙන්නුම් කරන එක්සත් ජනපදය තුල මෙය සලකුනු කෙරේ: විරැකියාව නැගෙන්නට පටන්ගෙන ඇති අතර නිවාස මිල ගනන් මෙන්ම පැයක සාමාන්‍ය වැටුප් ද පහත වැටෙමින් තිබේ. පාරිභෝගික හා ව්‍යාපාරික වියදම් හැකිලෙමින් ඇත. මේ අතර මහා බි‍්‍රතාන්‍යයේ කතන්දරය ද මීට නොඅඩු ලෙසින් සැර බාලය. ඇනවුම් වාර්තා කැටිගැසී තිබෙන බව මේ සතියේ හෙලිදරව් වීමත් සමග නිෂ්පාදන ක‍්‍රියාවලිය පෞද්ගලික අංශය යලි පනගැන්වීමට තුඩුදෙනු ඇති බවට පැවති බලාපොරොත්තු බොඳවීමට පටන්ගෙන ඇත.”

ගෝලීය මූල්‍ය අර්බුදයේ දෙවසරක් හා නව මාසයක ඇවෑමෙන් ද එක්සත් ජනපද පසුබෑම අවසන් බවට පලවූ නිල නිවේදන වලින් පසුව එක්සත් ජනපදයේ හා ලෝකය පුරා කම්කරු පන්තිය මුහුන දෙන කුරිරු යථාර්තය දෙස් දෙන්නේ වත්මන් ආර්ථික හැකිලීම හුදු චක‍්‍රීය පසුබෑමක් නොව ලෝක ධනේශ්වර පද්ධතියේ පද්ධතිමය බිඳවැටීමක්ය යන කාරනයටයි.

මෙයට ජාත්‍යන්තර ධනපති ප‍්‍රභූවේ ප‍්‍රතිචාරය වී ඇත්තේ කම්කරු පන්තියට එරෙහිව ප‍්‍රති විප්ලවවාදී ප‍්‍රති ප‍්‍රහාරයක් දියත් කිරීම පිනිස අර්බුදය ගසා කෑමයි. මූල්‍ය වංශාධිපතිත්වයේ බොල් නය පියවා ගැනීමට රාජ්‍ය භාන්ඩාගාර කොල්ලකා ඇති අතර සියලු ආන්ඩු පසුගිය සියවස තුල කම්කරුවන් විසින් පාලක පන්තීන්ගෙන් උදුරාගෙන ඇති සෑම ප‍්‍රතිසංස්කරනයක්ම විනාශ කිරීම සඳහා නිමිත්ත ලෙස අයවැය හිඟ හා රාජ්‍ය නයගැති භාවය හරඹ කරති. මහා විරැකියාව සමග අත්වැල් බැඳගත් කප්පාදු කම්කරුවන්ගේ කුමන හෝ සමාජ ආරක්ෂාවක් අහිමි කිරීම පිනිස යොදා ගනියි. එහි අරමුන වන්නේ දරිද්‍රතා වැටුප් සහිත රැකියා හා වහල් ශ‍්‍රම තත්වයන් පිලිගන්නා මංමුලා සහගත තැනකට ඔවුන් ඇද දැමීමයි.

මෙම ප‍්‍රතිපත්තිය පසුගිය සතියේදී එක්සත් ජනපදයේ නය වර්ගීකරන ආයතනයක් වන මූඞීස්හි කටයුතු තුලින් දිස් විය. 01දා එය ග‍්‍රීක රාජ්‍ය බැඳුම්කර සඳහා වර්ගීකරනය පුරුක් තුනකින් පහත හෙලන බව නිවේදනය කලේය. පසු දිනයේ එය එක්සත් ජනපදයේ නය සීමාව වැඩිකිරීමේ එකඟත්වයක කොටසක් ලෙස සමාජ වියදම් ඩොලර් ටි‍්‍රලියන ගනනකින් කපාහැරීම පිනිස රිපබ්ලිකානු කොන්ග‍්‍රසය හා ඔබාමා පරිපාලනය අතර ගිවිසුමක් ඇතිකර නොගතහොත් එලඹෙන සය මාසය සඳහා එක්සත් ජනපද නය අනුපාතය කපාහරිනු ඇති බවට අනතුරු ඇඟවීය. මෙම අවස්ථා දෙකෙහි දී ම කසය කරකවමින් වෝල් වීදිය සඳහා දරුනු කප්පාදු පියවර ඉල්ලුම් කිරීමට නය වර්ගීකරන ආයතනය මැදිහත් වෙමින් සිටියි.

දෙමසකට පෙර එක්සත් ජනපද සෙනේට් සභාවේ පරීක්ෂන පිලිබඳ අනු කමිටුව මූල්‍ය අර්බුදය තුල බැංකු නියාමන ආයතන හා මූඩීස් මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් වැනි නය වර්ගීකරන ආයතන විසින් ඉටුකර තිබෙන වංචනික හා සාපරාධී ක‍්‍රියාකලාපය ගොනුකරමින් විශාල වාර්තාවක් නිකුත් කලේය. දේශපාලන සංස්ථාපිතය හා මාධ්‍ය විසින් මුලුමනින්ම පාහේ නොතකාහල වාර්තාව මූඩීස් හා ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් නීතිය උල්ලංඝනය කරමින් හා වංචනික ලෙස ඉතා දැනුවත්ව ආයෝජකයින්ගේ උකස්කරයන් සම්බන්ධ සුරැකුම් සඳහා නය වර්ගීකරන පුම්බා ඇති බව පැහැදිලිව ම ගෙනහැර දැක්වීය.

වංචා කරන ලද මෙම ආයතන හෝ බැංකු හා ආරක්ෂිත අරමුදල් ඒවා සිදුකල අපරාධ සම්බන්ධයෙන් නීතිය හමුවට පැමිනවීම කෙසේ වෙතත් අර්බුදය වෙනුවෙන් ගෙවීම කම්කරු පන්තිය මත පැටවීමේ ක‍්‍රියාදාමයේදී මෙම සමාගම් පෙරමුනේම සිටිති.

දිගු කාලීන විරැකියාව මිලියන ගනන් නිවාස අත්පත්කර ගැනීම්, පසුගිය තෙවසර පුරා ආහාර මුද්දරපත් සියයට 70කින් වැඩිකිරීම, දුප්පතුන් සඳහා ආන්ඩුවේ සේවා වැඩසටහන වන මෙඩිකෙයාඩ් ලාභීන් සංඛ්‍යාව සියයට 20කටත් වඩා ඉහල නැගීම පිලිබඳ වාර්තාගත මට්ටම් වැනි එක්සත් ජනපදයේ වැඩෙන සමාජ ආතතිය පිලිබඳ නිමක් නැති දත්ත තිබේ. එහෙත් ඔබාමා පාලනාධිකාරයේ පටන් ප‍්‍රාන්ත රාජ්‍ය හා පලාත් පාලන ආන්ඩු දක්වා වන එක්සත් ජනපදයේ දේශපාලන ප‍්‍රභූ පැලැන්තියෙහි ප‍්‍රතිචාරය වී ඇත්තේ කම්කරුවන් දුගී ජනතාව හා වයස්ගත වූවන් සඳහා වන සෞඛ්‍ය පහසුකම් ආහාර මුද්දර හා සුවසේවා මෙන්ම අනෙකුත් සමාජ වැඩ සටහන් කපා හැරීමයි.

සංඛ්‍යාන දෙකට ආසන්නව නැගෙන විරැකියාව හමුවේ එක්සත් ජනපදයේ ප‍්‍රාන්ත රාජ්‍ය පහක් විරැකියා සහන පිරිනමන සති ගනන කපාහැර තිබෙන අතර අනෙක්වා එය ක‍්‍රියාත්මක කිරීමට සූදානම් වෙමින් සිටිති.

ඔබාමා කියන "රැකියා නිර්මානය” වනාහි කම්කරු පන්තියේ හා සමස්ත සමාජයේම වියදමෙන් ව්‍යාපාරික ලාභ ප‍්‍රවර්ධනය කිරීමේ තවත් පියවර සඳහා වන වහෙන් ඔරෝ බසකි. පරිපාලනයේ සැබෑ ප‍්‍රතිපත්තිය වන්නේ වැටුප් කැපීම හා ව්‍යාපාර ලාභ හා එක්සත් ජනපද නිර්යාත නැංවීම වෙනුවෙන් ඉහල විරැකියා මට්ටමක් පවත්වා ගැනීමයි. එහි එකම උත්සුකය නම් පාරිභෝජනයේ පරිපූර්න බිඳ වැටීමක් හා නව මූල්‍ය අර්බුදයක් වලක්වා ගැනීමයි.

03දා සේවා නියුක්ති වාර්තාවට පරිපාලනය දැක්වූ ප‍්‍රතිචාරයෙන් මෙය සලකුනු කලේය. එදින ඔබාමා සිය වැටුප් කැපීමේ මෝටර් රථවාහන ඇපදීම් පිලිබඳ ඊනියා සාර්ථකත්වය හුවා දක්වමින් ඔහියෝ ප‍්‍රාන්තයේ ටොලිඩෝහි ක‍්‍රයිස්ලර් කම්හලේ රැස්වීමක් ඇමතුව ද වාර්තාව ගැන කෙලින් කථාකලේවත් නැත.

ආර්ථික උපදේශකයින්ගේ ධවල මන්දිර කමිටුවේ සභාපති ඔස්ටන් ගූල්ස්බී වාර්තාව හුදෙක් "පාරේ ඇති ගොඩැල්ලක්” ලෙස හැඳින්වීය. රැකියා නිර්මානය කල හැක්කේ පෞද්ගලික අංශයට පමනක් බව අවධාරනය කරමින් ව්‍යාපාර සඳහා නව බදු කැපීම් හා ව්‍යාපාර නියාමනය තවත් අඩු කරන ප‍්‍රතිපත්තිය ගැන ඔහු යලි කියා සිටියේය. රැකියා වාර්තාව හිඟය අඩුකිරීමේ සිට රැකියා නිර්මානය කිරීම කරා මාරුවකට තුඩුදෙන "අවදි කරවන හඬක්” ද යනුවෙන් අසන ලද ප‍්‍රශ්නයකට පිලිතුරු වශයෙන් ගූල්ස්බී කියා සිටියේ, "අප ජීවත්විය යුත්තේ අපට හැකි පරිදිය. සියල්ලන්ම ‘ඔබ ඔබගේ බිල්පත් ගෙවිය යුතුය’ යන මූඩීස් කියමන සමග එකඟ වනවා ඇත” යනුවෙනි.

රැකියා වැඩසටහන් හා රැකියා නොමැති අය සඳහා පුලුල් වශයෙන් සහන සැලසීමට අවශ්‍ය අරමුදල් වල හිඟයක් ඇත්තේ නැත. රැකියා නිර්මානයේ ඊනියා යාන්ත‍්‍රනය වන ව්‍යාපාරික ඇමරිකාව වර්තමානයේ හිඳ සිටින්නේ ටි‍්‍රලියන දෙකක මුදල් කන්දක් මතය. ඒවා උපයා ඇත්තේ වැටුප් කප්පාදුව හා එක්සත් ජනපද මහ බැංකුවෙන් නොමිලයේම වාගේ සැපයෙන නය යොදාගනිමින් අත්කරගත් වාර්තාගත ලාභ හා පිම්බෙන කොටස් මිල මගිනි. ප‍්‍රධාන විධායකයින්ගේ වැටුප් යලි වතාවක් පුපුරන සුලු මට්ටම් කරා ලඟාවී තිබේ. ඔවුන් වසරකට මිලියන ගනනින් ද සමහර ආරක්ෂිත අරමුදල් කලමනාකරුවන් ඩොලර් බිලියන ගනනින් ද ගෙදර ගෙන යයි.

එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තරව ද ආර්ථික ජීවිතයේ ලීවරයන් මත පරපුටු මූල්‍ය ප‍්‍රභූව යොදන මාරක ග‍්‍රහනය මූලික ප‍්‍රශ්නයයි. රැකියා සඳහා සටන කම්කරුවන්ගේ බලය අරගලය හා සමාජය සමාජවාදී ලෙස ප‍්‍රතිවර්තනය කිරීම පිනිස කම්කරු පන්තිය බලමුලු ගැන්වීමෙන් වියෝ කල නොහැකිය.

එක්සත් ජනපදයේදී මෙහි අර්ථය වන්නේ සියලූ අයවැය කප්පාදුන්ට හා දොට්ට දැමීම් වලට එරෙහිවත් ඔබාමා පාලනයට හා මහා ව්‍යාපාරිකයේ පක්ෂ දෙකටම එරෙහිව කම්කරු පන්තියේ මහජන විරෝධතා සංවිධානය කිරීමයි. සමාජවාදී සමානතා පක්ෂය ජීවත් වීමට සරිලන වැටුපක් සහිත සුරක්ෂිත රැකියාවක් කිරීමේ අයිතිය සෑම මිනිසෙකුගේම මූලික සමාජ අයිතියක් බව අවධාරනය කරයි. එහෙත් මෙම අයිතිය සුරක්ෂිත කල හැක්කේ මහා ව්‍යාපාර හා බැංකු අත්පත් කරගෙන ඒවා වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනය යටතේ පොදු ව්‍යවසායන් බවට පරිවර්තනය කිරීමේ අරමුන සහිත විප්ලවකාරී දේශපාලන ක‍්‍රියාමාර්ගයක පදනම මත කෙරෙන මහජන අරගලයක් තුලින් පමනි.

මෙම අරගලයේ කොටසක් ලෙස රැකියා සම්පාදනය හා රටේ ගරාවැටෙන යටිතල ව්‍යුහය ගොඩනැගීම සඳහා දැවැන්ත පොදු වැඩ සටහනක් අපි කැඳවුම් කර සිටිමු. වැඩකරන ජනතාවට සහන සැලසීම පිනිස හා ව්‍යාපාර හා ධනවතුන් මත බර පැටවෙන බදු ක‍්‍රමයේ පෙරලිකාරී වෙනසක් සඳහා අපි කැඳවුම් කරන්නෙමු. ධනවතුන්ගෙන් සියයට දහයක අධි බද්දක් අයකිරීමෙන් ඩොලර් ටි‍්‍රලියන 1. 5ක් සොයාගත හැකිය. එය සමාජවාදී නොව සාධාරන ප‍්‍රජාතන්ත‍්‍ර පියවරක් පමනි. එහෙත් එවන් පියවරක් නොවරදවාම ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකානු යන දෙපක්ෂයම මත පාලනය පවත්වන සමස්ත ව්‍යාපාරික හා මූල්‍ය ප‍්‍රභූවේ කටුක විරුද්ධත්වයකට මුහුන දෙනු ඇත.

තීරනාත්මක ප‍්‍රශ්නය වන්නේ කම්කරු පන්තියේ මතුව එමින් තිබෙන මහා අරගලයන් සඳහා විප්ලවවාදී ඉදිරිදර්ශනයක් හා ක‍්‍රියාමාර්ගයක් සහිත නව නායකත්වයක් සම්පාදනය කිරීමෙහිලා සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීමයි. සටන් කිරීමට අවශ්‍ය හා අති මූලික වෙනසක් දැකීමට අවශ්‍ය තරුනයින් හා කම්කරුවන් සසප ක‍්‍රියාමාර්ගය හදාරමින් අපගේ පක්ෂයට බැඳීමේ තීන්දුව ගත යුතුය.

බැරී ගේ‍්‍ර