එක්සත් ජාතීන්ගේ වාර්තාව ඩොලරයේ බිඳ වැටීම පිලිබඳව අනතුරු අඟවයි

United Nations report warns of dollar "collapse"

By Andre Damon, 31 May 2011

පසුගිය සතියේ එක්සත් ජාතීන් පලකල වාර්තාවකට අනුව වැඩිවන පාරිභෝගික භාන්ඩ මිලගනන් පිලිබඳ අන්තරාය, අඛන්ඩව පවතින ඉහල විරැකියාව හා රාජ්‍ය නය පැහැර හැරීම ද සමග බැඳුනු "ඩොලරයේ බිඳවැටීම පිලිබඳ එල්බී ඇති අවදානමට” ලෝක ආර්ථිකය මුහුනපා ඇත.

මේ වසරේ මුල් භාගයේ නිකුත් කරන ලද ලෝක ආර්ථිකය පිලිබඳ පිටු 200න් යුත් මධ්‍ය වාර්ෂික සමීක්ෂන වාර්තාව නව සහශ‍්‍රකය ආරම්භයේ පටන් ඩොලරයේ ඉක්මන් වැටීම ලෝක සංචිත මුදලේ "විශ්වාසය පිලිබඳ අර්බුදය” හා අසමතුලිතයක හැකියාව පිලිබඳ පෙරනිමිත්තක් බව කියා සිටියි.

ඩොලරය කඩාවැටීමේ අවදානම වාර්තාවෙන් ගෙනහැර දක්වන ආර්ථික ගිනිකෙලියේ එක් පැතිකඩක් පමනි. එය මුලින් දැක්වූ තක්සේරුවෙන් සුලු වර්ධනයක් පෙන්වන ආර්ථික වර්ධනය පිලිබඳ වාර්තාවේ ශීර්ෂගත නිගමනය ලෝක ආර්ථිකය ගැන එය ගෙනහැර දක්වන අන් සියලු කාරනාවල එනම්, ඉහල යන ආහාර මිල ගනන්, පහත වැටෙන ජීවන තත්වයන්, රාජ්‍ය නය පැහැර හැරීමේ හැකියාව හා මූල්‍ය පද්ධතීන්ගේ අසමතුලිතය පිලිබඳ අවදානම මගින් වසාගෙන ඇත.

පෘතුලව පැතිර පවතින විරැකියාව විශේෂයෙන්ම තරුන ජනතාව අතර ඊජිප්තුවේ හා ටියුනීසියාවේ දක්නට ලැබුනු ආකාරයේ දේශපාලන කැලඹීම් අවුලුවාලීමේ හැකියාව පිලිබඳව ද වාර්තාව අනතුරු අඟවයි. 2009 වසර අවසානයේ "ගෝලීය තරුන විරැකියා අනුපාතය 2008 වසරට වඩා සියයට 0.9කින් ඉහල ගොස් සියයට 13ක්ව පැවති අතර ගනන් බලා ඇති අන්දමට එය මිලියන 81ක් විය.”

එහි මෙසේ ද සඳහන් වේ: "2007 හා 2009 අවසානය අතර කාලයේ ගෝලීය මූල්‍ය අර්බුදයේ ප‍්‍රතිපල වශයෙන් ලෝක පරිමානව අඩුම තරමින් රැකියා මිලියන 30ක් අහෝසිවී ගියේය. එබැවින් ගෝලීය ආර්ථිකය පූර්ව අර්බුද ගෝලීය සේවා නියුක්ති මට්ටමට ලඟාවීමට නම් අවම වශයෙන් තවත් රැකියා මිලියන 22ක් වත් අලුතෙන් නිර්මානය කිරීම අවශ්‍යය. ප‍්‍රකෘතියේ වත්මන් වේගය අනුව බලන කල මේ සඳහා අවම වශයෙන් වසර පහක්වත් ගතවනු ඇත.”

එක්සත් ජාතීන්ගේ පෙර වාර්තාවෙන් බලාපොරොත්තු වූවාට වඩා සැලකිය යුතු වේගයකින් ආහාර හා තෙල් මිල ඉහල ගොස් තිබේ. පසුගිය වසර පුරා ආහාර මිල සියයට 36කින් ඉහලට පිනුවේය. පසුගිය සය මාසය තුල පමනක් ගෑස් මිල සියයට 60න් නැඟුනේය.

ඉහල යන ආහාර හා තෙල් මිල ගනන් ලෝකයේ දුප්පතුන්ගේ මූර්ත ආදායම හීන කර තිබේ යයි වාර්තාව සඳහන් කරයි. වර්තමාන මට්ටම් වලින් මිල ඉහල යාම දිගටම සිදු වුනොත් එය "දරිද්‍රතා ආදායමේ එලිපත්ත ලෙස සැලකෙන එක් අයෙකුගේ දිනක ආදායම ඩොලර් 1.25ට අඩු ජන සංඛ්‍යාවට තවත් මිලියන 64ක් එකතු කරනු ඇත.”

එසේම ආහාර හා ඉන්ධන මිල වත්මන් අනුපාතයට වැඩිවීම නිසා ආර්ථික ක‍්‍රියාකාරිත්වය පහතට ඇද දමනු ලබයි. මිල ගනන් ඒවායේ වර්තමාන මට්ටම් වලට අනුව දිගටම වැඩි වුවහොත් උද්ධමනය පාලනය කිරීමට ගන්නා ආන්ඩු පියවරයන් ද සමග ලෝක ආර්ථික වර්ධනය මේ වසරේ සියයට 0.7න් ද 2012 වසරේ සියයට 1න් ද හැකිලෙනු ඇත.

ප‍්‍රකෘතිමත් වීම "දුබලව පවතිනු” ඇති අතර "වෙනසක්” ඇතිවීමේ ඉඩකඩ පවතින්නේ යයි සඳහන් කරන එක්සත් ජාතීන්ගේ වාර්තාව සංවර්ධිත ලෝකයේ ආර්ථික වර්ධනය සඳහා අඳුරු දැක්මක් සිතුවම් කරයි. විශේෂයෙන් ම ස්පාඤ්ඤය, ග‍්‍රීසිය හා පෘතුගාලය වැනි රටවල් රාජ්‍ය නය අර්බුදයේ කසපහර යටතේ කප්පාදු පියවරයන්ට මුහුන දී සිටින තතු තුල "බොහෝ සංවර්ධිත ආර්ථිකයන්හි නිමැවුමේ වර්ධනය පිලිබඳ දැක්ම දුබලය.”

2010 වසරේ සංවර්ධිත ලෝකය සඳහා ආන්ඩු වියදම් සියයට එකකින් පමන නැතහොත් කලාපයේ ආර්ථික වර්ධනයේ වේගයෙන් අඩකින් පමන වැඩිවූ බව එය සඳහන් කරයි. මේ වසරේ කප්පාදු පියවර වඩාත් දරුනු විය හැකි බැවින් එය "ගෝලීය ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපානු ඇත.”

පසුගිය දශකය පුරා අනෙකුත් ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ අගය සියයට 27න් පහත වැටී ඇත. ගෝලීය මූල්‍ය අර්බුදය මධ්‍යයේ ආයෝජකයින් ඩොලරය සාපේක්ෂව ආරක්ෂාකාරී යයි සලකා එයට මාරුවීම නිසා මෙම කි‍්‍රයාවලිය ඛන්ඩනය වී තිබියදීත් එසේ සිදුවිය. කෙසේ වුවත් 2009 මැද භාගයේ පටන් ඩොලරයේ අගය සියයට 23න් හැලී ගොස් ඇත්තේ කඩාවැටීමට පෙර තිබුනාටත් වඩා පහත මට්ටමකට ඇද වැටෙමිනි. සැබවින්ම ඩොලරය එහි පහත් ම අගය වාර්තා කල 1970 ගනන් වලින් පසු අවම මට්ටමට වැටී ඇත.

සෘජු අනතුරු ඇඟවීමෙන් පසුව වාර්තාව "සංවර්ධනය වෙමින් පවතින රටවල මුදල් ද ඇතුලත් එස්ඩීආර් (නමැති විශේෂ ගැනුම් හිමිකමට අදාල) මුදල් පැස පුලුල් වන අතර ජාත්‍යන්තතර ද්‍රවශීලතාවය ලෙස විශේෂ ගැනුම් හිමිකම්වල ක‍්‍රියාකලාපය වර්ධනය කිරීම ද ඇතුලු ප‍්‍රධාන සංචිත මුදල ලෙස ඩොලරය මත රඳාපැවැත්ම” පහත හෙලනු ඇති. "ගෝලීය සංචිත පද්ධතියේ ගැඹුරු ප‍්‍රතිසංස්කරන” සඳහා කැඳවුම් කරයි. අවශ්‍යයෙන්ම එක්සත් ජනපද ඩොලරයෙන් ඉවත්වීම සඳහා එක්සත් ජාතීන් කරන මෙම කැඳවුම ගෝලීය සංචිත මුදල ලෙස ඩොලරයේ භූමිකාව අරභයා ප‍්‍රධාන ජාත්‍යන්තර ගැටුම් පෙර සලකුනු කරන පියවරකි.

එක්සත් ජනපදයේ කතිපයාධිකාරී මූල්‍ය ප‍්‍රභූවේ අවශ්‍යතා තුල මුල්බැස ඇති එරට පාලක පන්තියේ හුවමාරු අනුපාතික ප‍්‍රතිපත්තියේ කොල්ලකාරී හා විනාශකාරී ස්වභාවය වාර්තාව සලකුනු කරයි. දශකයක් පුරා ගෙනගිය අපරික්ෂාකාරී මූල්‍ය ප‍්‍රතිපත්තිය තුලින් එක්සත් ජනපද ආන්ඩුව ලෝකය අවපාතයක් තුලට ඇද දැමූ විනාශකාරී මූල්‍ය බුබුලක් නිර්මානය කිරීමට සමත්ව ඇතුවා පමනක් නොව අනෙකුත් ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව ඩොලරයේ අඛන්ඩ අවප‍්‍රමානයකට ද මඟ පාදා තිබේ. අර්බුදය ආරම්භ වූ තැන් පටන් මේ ක‍්‍රියාවලිය උත්සන්න වී තිබේ. ඩොලරයේ වැටීම සිය තරගකාරිත්වය නංවා ගැනීමට උපයෝගී කරගත් ඇමරිකානු අපනයන ව්‍යාපාරයට සහන සැලසීම සඳහා ඔබාමා පාලනාධිකාරය උත්සාහ දරා ඇත.

වාර්තාව 2008-09 බැංකු ඇපදීම් හා වත්මන් රාජ්‍ය නය අර්බුදය තුල එහි භූමිකාව පිලිබඳ සෘජු හා ඇස් අරවන සුලු ගුනාංගීකරනයක් ද ගෝලීය පරිමාවකින් ගෙනහැර දක්වා තිබේ. එය මෙසේ කියයි "පසුගිය දෙවසර තුල ආන්ඩුවල මහා පරිමානයේ ඇපදීමේ වැඩසටහන් පෞද්ගලික මූල්‍ය විශේෂයෙන්ම බැංකු ක්ෂේත‍්‍රයේ අවදානම රාජ්‍ය අංශයට හරවා යවා ඇත.”

මේ අනුව බැංකු අවදානම සමාජීයකරනය වී ඇති අතර ලාභය පුද්ගලීකරනය වී තිබේ. ගෝලීය කප්පාදු වැඩපිලිවෙල තුලින් අයවැය කප්පාදුවේ වත්මන් වටය සමාජ වැඩසටහන් සඳහා වියදම් කපා හැර ඒවා බැංකුවල සේප්පු තුලට කාන්දු කිරීම පිනිස යොදා ගනියි. මෙය මූල්‍ය ප‍්‍රභූවේ තෘප්තියට හේතුවන පරිදි සිදු නොවුවහොත් එක්සත් ජනපද රාජ්‍ය නය වර්ගීකරනය පහත හෙලීමට ඉතාම මෑතකදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් කල තර්ජනය හා ග‍්‍රීසිය මත මුලුමනින්ම පාහේ යුරෝපීය බැංකුවල ඒකාධිකාරය පැනවීම වැනි දන්ඩන පියවර ඒවාට ගත හැකිය.

මේ සියල්ල මගින් පෙර සලකුනු කරන්නේ පුපුරන සුලු ආර්ථික හා මූල්‍ය අර්බුදය පමනක් නොව එක් අතකින් කම්කරු පන්තිය සමග ද අනෙක් අතට බැංකු හා ආන්ඩු අතර ද කප්පාදු වැඩසටහන් මත සිදුවන සෘජු ගැටුම් ද වේ.