බ‍්‍රැඩ්ලි මැනිං නිදහස් කරනු!

Free Bradley Manning!

4 March 2011

ඔබාමා පාලනාධිකාරය සහ පෙන්ටගනය හමුදාවේ සාමාන්‍ය සෙබල බ‍්‍රැඩ්ලි මැනිංට එරෙහිව අමතර අපරාධ චෝදනා 22 ක් පැවරීමට තීන්දු කර ඇත. ඉන් එකක් මරන දඬුවම ගෙන ආ හැකි එකකි. මෙය වනාහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පලිගන්නා සුලු ස්වභාවය පිලිබඳ මුර්ග උදාහරනයකි. මෙම ධෛර්යමත් තරුනයාට එරෙහිව පහර එල්ල කිරීමේ දී ඇමරිකා එක්සත් ජනපද ආන්ඩුව උත්සාහ කරන්නේ සංගත සහ මූල්‍ය ප‍්‍රභූවේ යුද පිලිවෙත්වලට එරෙහි සකල විරුද්ධත්වය ම බිය කොට පසුබැස්සීමට ය.

මැනිං කලා යයි කියන අපරාධය කුමක් ද? එය වනාහි, ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ එක්සත් ජනපද මුර්ග ක‍්‍රියා සහ ලෝකය පුරාම රාජ්‍ය තන්ත‍්‍රික යටිකූට්ටු එලිදරව් කල විකිලික්ස් වෙබ් අඩවියට ලියවිලි සම්පාදනය කිරීම ය.

මැනිංට එරෙහි අලුත් ම බරපතල චෝදනාව නම් "සෘජුව සහ වක‍්‍රව” තොරතුරු සැපයීම මගින් "සතුරාට උදව් කිරීම ය.” මෙම චෝදනාව එල්ල කර ඇත්තේ, Uniform Code of Military Justice(සමරූපී යුදමය යුක්තියේ නීතිය) 104 වන වගන්තිය යටතේ ය. "සතුරා” කවුදැයි නම නියම නො කල පෙන්ටගනය, මෙම සතුරා විකිලීක්ස් වෙබ් අඩවිය ම යයි නම් කිරීමට ඉඩ තබා ගත්තේ ය. විකිලීක්ස් වෙබ් අඩවිය වනාහි රාජ්‍ය සහ මහා සංගත වල රහස් එලිදරව් කිරීම මගින් ජනතාවට අනතුරු හැඟ වූ විකිලීක්ස් වෙබ් අඩවියේ වැඩකටයුතු මුලූමනින් ම නීත්‍යානුකූල ය. ඒවා ලෝකය පුරාම මහජනතාවගේ ගෞරවය දිනා ගෙන ඇත. විකිලීක්ස් වෙබ් අඩවිය එක්සත් ජනපදයේ "සතුරකු” යයි නම් කිරීම මගින් ඇඟවෙන්නේ මෙම වෙබ් අඩවිය ට එරෙහිව හමුදා ක‍්‍රියා ඇති කල හැකි බව ය. එක් අතකින් සයිබර් යුද්ධය පාවිච්චි කිරීම ද අනෙක් අතට එහි ආරම්භකයා වන ජුලියන් අසාන්ජ් වැනි පුද්ගලයන්ට විරුද්ධව මරනීය ප‍්‍රහාර ද මීට ඇතුලත් වේ.

"සතුරා” යනුවෙන් මෙහි අදහස් කෙරුනේ අල් කයිඩා හෝ තලිබාන් නම් - එක්සත් ජනපදයේ යුද්ධමය සහ රාජ්‍ය තන්ත‍්‍රික රහස් ලියවිලි අන්තර් ජාලයේ පල කිරීම මගින් ඒවා කියවා ගැනීමට අවස්ථාව ලැබීම නිසා - එහි විපාකය වඩාත් පුලුල් ය, වඩාත් ප‍්‍රතිගාමී ය. මැනිං පමනක් නො ව විකිලීක්ස් එලිදරව් කිරීම් යලි පල කර, ඒවා ප‍්‍රසිද්ධ කල සහ ඒවා ගැන අදහස් පල කල ඕනෑම රටක වෙබ් අඩවි හෝ ප‍්‍රකාශනයන් හෝ පුවත් පත් යන සියල්ල ද මෙම චෝදනාවට ලක් වනු ඇත. අන්තර් ජාලයේ සෑම තැනම පැතිර පැවතීම නිසා විකිලීක්ස් වලට පමනක් නො ව, ඕනෑම මාධ්‍ය ප‍්‍රකාශනයකට රහසිගත තොරතුරු එලිදරව් කරන ඕනෑම කෙනෙකුට "සතුරාට උදව් කිරීම” යන චෝදනාව යටතේ නඩු පැවරිය හැක. 1971 දී නිව් යෝක් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් යන පුවත් පත් වලට පෙන්ටගනයේ රහස් තොරතුරු පත‍්‍රිකා (Pentagon Papers) සම්පාදනය කල ඩැනියල් එල්ස්බර්ග් සම්බන්ධයෙන් නික්සන් පාලනාධිකාරය ගත්තේ ද මෙවන් ම ආස්ථානයකි.

පෙන්ටගන් පේපර්ස් එලිදරව් කිරීමෙන් අවුරුදු හතලිහකට පසුව අද දින ඇමරිකානු මාධ්‍යයන් මිලිටරි රහස් ඔත්තු තන්ත‍්‍රයෙන් යාන්තම් හෝ ස්වාධීන වීම නවතා දමා ඇත. බිල් කෙලර් නම් ටයිම්ස් කර්තෘවරයා තමා පෙන්ටගනයට සහ සීඅයිඒ වාරකයන්ට යටත් බව විවෘත ව ප‍්‍රකාශ කරමින් කියා සිටින්නේ, පුවත් පතේ නිදහස සමන්විත වන්නේ ජාතික ආරක්ෂාවට හානිකර යයි ආන්ඩුව විසින් දක්නා ලබන කරුනු කාරනා සත්‍ය වුවත් පල නො කර සිටීමට ඇති "නිදහස” ය යන්න ය.

වියට්නාම් යුද්ධය සමයේ දී එම ප‍්‍රමිතිය ම යොදා ගනු ලැබුවේ නම්, ඩැනියල් එල්ස්බර්ග් පමනක් නො ව මහිලා හි ඝාතනයේ තොරතුරු එලිදරව් කල සෙයිමෝර් හ(ර්)ෂ් ද තවත් පුවත් පත් කලාවේදීන් දුසිම් ගනනක් ද එක්සත් ජනපද යුද හමුදාව සහ ජොන්සන් සහ නික්සන් යන පාලනාධිකාරයන් විසින් කරන ලද අපරාධ වාර්තා කිරීමේ වරදට සිරගත කරනු ලබනු ඇත. 1971 දී නිව්යෝක් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් යන පුවත් පත් උපරිමාධිකරනයෙන් ලබා ගත් තීන්දුවක් මගින් පෙන්ටගන් පේපර්ස් පල කිරීමට තමන්ට ඇති අයිතිය තහවුරු කර ගති! මෙම තීන්දුව අන්තිමේ දී නික්සන් පාලනාධිකාරය එල්ස්බර්ග් ට විරුද්ධව නඩු පවරාලීම වලක්වාලී ය. අද දින බ‍්‍රැඩ්ලි මැනිංට එරෙහි යුදමය මර්දනය පහසු කිරීමේ ලා ප‍්‍රධාන සාධකයක් ව ඇත්තේ එක්සත් ජනපද මාධ්‍යයන් එම මර්දනයට දක්වන සහාය යි.

බ‍්‍රැඩ්ලි අත් අඩංගුවට ගැනීම සහ ඔහුට විරුද්ධව නඩු පැවරීම එක්සත් ජනපද මාධ්‍යයන් විසින් අනුමත කර තිබෙනවා පමනක් නො ව, මැනිං ව සිරගත කර තිබුනු සම්පූර්න කාලය තුල ඔහුට එල්ල කෙරුනු මිලිටරි පීඩනය පිලිබඳව සම්පූර්න නිශ්ශබ්දතාවයක් ද පවත්වා ගෙන යනු ලැබ ඇත. මෙම විසිතුන් හැවිරිදි සොල්දාදුවා මාස දහයක් තිස්සේ හුදෙකලාව සිරගත කරනු ලැබ දරුනු ලෙස අපයෝජනකාරී තනිකිරීමේ විධික‍්‍රමවලට පාත‍්‍ර කරනු ලැබ සිටී. මෙම විධික‍්‍රමයන් වධබන්ධනයන් යයි මානව අයිතිවාසිකම් කන්ඩායම් විසින් හෙලා දකිනු ලැබේ. වෙන ඕනෑ ම රටක යුද සිරකරුවකු ලෙස ඇමරිකානු සොල්දාදුවෙකු මෙවන් තත්ත්වයන්ට භාජන කරනු ලැබුවේ නම් ඔහුගේ බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව යුද අපරාධ පිලිබඳ චෝදනා නැගිය යුතු යයි එක්සත් ජනපද ආන්ඩුව ද එක්සත් ජනපද මාධ්‍යයන් ද නිරනුමානයෙන් ම බලකර සිටිනු ඇත. ඔබාමා පාලනාධිකාරය බ‍්‍රැඩ්ලි මැනිං ව භාජන කර මෙම පලිගැනීමේ ආඝාතය ඇමරිකානු පාලක ප‍්‍රභූවේ සැබෑ අපරාධකරුවන් දැඩි සේ ආරක්ෂා කිරීමට එය ක‍්‍රියා කර ඇති ආකාරයට තියුනු ලෙස වෙනස් ය.

ඔබාමා ධවල මන්දිරයට ඇතුල් ව අවුරුදු දෙකකට වැඩි කාලයක් ගත වී තිබේ. මෙම සම්පුර්න කාල පරිච්ඡේදය තුල ඇමරිකානු ජනයාට බොරු කීම මත පදනම් වූ නීති විරෝධී යුද්ධයක් (ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ) පවත්වාගෙන යාම ගැන බුෂ් පාලනාධිකාරයේ එකදු නිලධාරියකුට හෝ විරුද්ධව චෝදනා නැගීමට ඔබාමා පාලනාධිකාරය අසමත් ව ඇත. ඇත්ත වශයෙන් ම විකිලික්ස් මගින් නිකුත් කරන ලද ලියවිලි ගනනාවක් ම වෙනත් රටවල් තුල එවන් නඩු පැවරීම් වලක්වාලීමට ඔබාමා පාලනාධිකාරය දරන්නා වූ අධිෂ්ඨාන සහගත ප‍්‍රයත්නයන් එලිදරව් කරයි. සිරකරුවන්ට වධබන්ධන පැමිනවීම ගැන එක ම රහස් ඔත්තු නිලධාරියකුට විරුද්ධ ව හෝ නඩු පවරා නැත. ලෝක ඉතිහාසයේ දරුනු ම මූල්‍ය බිඳ වැටීම ඇති කලා වූ අපරාධකාරී භාවිතාවන් ගැන එක ම ප‍්‍රධාන බැංකුකරුවකුට හෝ සංගත විධායක නිලධාරියකුට හෝ නඩු පවරා නැත. මෙක්සිකෝ බොක්කේ තෙල් සුලිය මගින් ඇති කරන ලද මහා විනාශය ගැන බීපී නමැති මහා ඉන්ධන සමාගමේ එකම විධායකයෙකුට වත් එරෙහිව චෝදනා කර නැත.

එහෙත්, එක්සත් ජනපදයේ යුද අපරාධවලට විරුද්ධ ව පවත්නා දැවැන්ත සාක්ෂි සම්භාරය මහජනතාවගේ අවධානයට යොමු කිරීම සඳහා - නුරෙන්බර්ග් අපරාධ නඩු විභාග වල දී තහවුරු කරන ලද මූලධර්මවලට අනුව - තමාගේ යුතුකම යයි සැලකූ බව පෙනෙන වීරෝධාර හමුදා භටයෙකුට විරුද්ධව ඇමරිකානු ධනපති රාජ්‍යයේ සම්පූර්න පීඩාකාරී බලය යොමු කොට ඇත.

විකිලීක්ස් වෙබ් අඩවිය අතට මුලින් ම පත් කරන ලද තොරතුරු වලට එක්සත් ජනපද හෙලිකොප්ටර් ගන්ෂිප් ගුවන් යානයක් විසින් බැග්ඩෑඩ් නුවර ජනාවාසයක ඉරාක සිවිල් වැසියන් රාශියක් මරා දැමෙනු දැක්වෙන තුවක්කු වලට සවි කල කැමරාවකින් ගත් ඡායාරූප ද ඇතුලත් විය. මෙසේ මරනු ලැබුවන් අතර රොයිටර් වාර්තාකරුවන් දෙදෙනෙකු ද වූහ. ඔබාමා අන් කිසිවක් නො කලේ යයි අප මොහොතකට සිතුව ද, ඔහුගේ පාලනාධිකාරය බුෂ් සහ චෙයිනිගේ ප‍්‍රතිගාමී යුද පිලිවෙතට නො අඩු ප‍්‍රතිගාමී පිලිවෙතක් ගෙන යන බවට බ‍්‍රැඩ්ලි මැනිංට විරුද්ධ නඩු විභාගය ම සෑහෙයි.

ඉරාකයේ යුද්ධයට බුෂ් පාලනාධිකාරය පැන ගැනීමට එරෙහි ව මිලියන සංඛ්‍යාත ජනයා පෙලපාලි ගියෝ ය. ඔබාමා ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තේරී පත්වීමේ දී ද, 2008 මැතිවරනයේ දී ජයග‍්‍රාහී වීමේ ද ප‍්‍රධාන හේතුවක් වූයේ මහජනතාව තුල පැවති දැඩි යුද විරෝධය යි. ඔබාමා තෝරා පත් වූවායින් පසුව බුෂ්ගේ ප‍්‍රධාන පෙන්ටගන් නිලධාරියා වූ රොබට් ගේට්ස් ද ඔහුගේ ප‍්‍රධාන අනදෙන නිලධාරියා වූ ජෙනරල් පෙටෙ‍්‍රයස් ද එම තනතුරු රඳවා ගෙන සිටී! ඔබාමා, බුෂ් පාලනාධිකාරය විසින් නියම කරන ලද කාලසටහනකට අනුව, ඉරාකයෙන් "ඉවත්වීම” යන මවා පෙන්වීමට පිටුපසින් ඉරාකය දිගින් දිගට ම අල්ලා ගෙන සිටින අතර ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය තුල යුද්ධය අති දරනු ලෙස උග‍්‍ර කර ඇත. දැන් මෙම පාලනාධිකාරය තෙල් නිෂ්පාදනය කරන ප‍්‍රදේශයේ තවත් ස්ථානයක තුන් වන එක්සත් ජනපද යුද්ධයක් ආරම්භ කිරීම සඳහා ප‍්‍රසිද්ධියේ සාකච්ඡා පවත්වා ගෙන යන අතර ලිබියාවට මැදිහත් වීම සඳහා යුද උපකරන යොමු කර ගනිමින් සිටී.

මේ සියලුම පියවර ගනු ලැබ ඇත්තේ, බුෂ් පාලනාධිකාරය හෙලා දුටුවා වූ විරෝධතා සංවිධානවල බින්දු මාත‍්‍ර වූ හෝ විරෝධතාවයකින් තොරව ය. මුලුමනින් ම ඩිමොක‍්‍රටික් පක්ෂයට යටත් වූ වාම ලිබරල් පදාසය මහා යුද විරෝධී ව්‍යාපාරයක වර්ධනය කඩාකප්පල් කිරීම සඳහා සෘජුව වැඩට බැස ඇත.

බ‍්‍රැඩ්ලි මැනිංගේ හිසට මරන දඬුවම් තීන්දුවක් එල්ල කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තරව ම ද පන්ති අරගලය යලි පැන නගින්නා වූ තතු යටතේ ය. ඇමරිකානු පාලක පන්තියේ නියෝජිතයන් මැනිංට එරෙහිව එල්ල කර ඇති මුර්ගත්වය ද මහා සංගතයන්ගේ එම නියෝජිතයන් ම කම්කරු පන්තියට එරෙහිව වැඩට බැස සිටින දුෂ්ට භාවය ද අතර ආවේනික සම්බන්ධතාවයක් පවතී.

යුද්ධයට එරෙහි අරගලය යලි පන ගැන්විය යුතු ය. එහෙත් එය කල හැකි වන්නේ, නව දේශපාලන පදනමක් මත ය: එම පදනම නම් ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ සහ ඔවුන් විසින් ආරක්ෂා කරනු ලබන ධනපති පර්යායට විරුද්ධවීම ය. බ‍්‍රැඩ්ලි මැනිං නිදහස් කල යුතු ය යන ඉල්ලීම කම්කරු පන්තියේ නව මහා සමාජවාදී ව්‍යාපාරයක ධජයේ සලකුනු කල යුතු ව ඇත.

පැටි‍්‍රක් මාටින්