එක්සත් ජනපද ප‍්‍රාන්ත ආන්ඩුවල අයවැය අර්බුදය: මුදල් ගලා ආ යුත්තේ කොතැනින් ද?

The US states’ budget crisis: Where should the money come from?

7 March 2011

ප‍්‍රාන්තයකින් පසුව තවත් ප‍්‍රාන්තයක ඩිමොක‍්‍රටික් මෙන්ම රිපබ්ලිකානු ආන්ඩුකාරයින් කියා සිටින්නේ වැටුප්, සෞඛ්‍ය සහන, රාජ්‍ය සේවකයින්ගේ විශ‍්‍රාම දීමනා මෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම්, හා අනෙකුත් අත්‍යවශ්‍ය සමාජ සේවා දැඩි ලෙස කපා හැරීම වෙනුවට වෙනත් ගත හැකි විකල්පයක් නැති බවයි. "මුදල් නැති නිසා” කප්පාදුව හැරෙන්නට තමන්ට වෙනත් විකල්පයක් නැතැයි යන තර්කය නොවිසඳිය හැකි අයවැය හිඟයන්ට ප‍්‍රාන්ත ආන්ඩු මුහුනපා තිබීම යුක්ති සහගත කිරීම සඳහා යොදා ගැනෙයි.

ඩොලර් බිලියන 3.6 ක හිඟය අඩු කිරීමේ වැඩ සටහනේ කොටසක් ලෙස රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ සාක්කු වලින් මිලියන 300ක් උදුරා ගැනීමේ හා ඔවුන්ගේ සාමුහික කේවෙල් කිරීමේ අයිතියෙන් වැඩි හරියක් අහෝසි කිරීමේ සැලැස්ම විස්කොන්සින්හි ආන්ඩුකාර ස්කොට් වෝකර් විසින් එලි දක්වා ඇත. එක් රූපවාහිනී වැඩ සටහනක දී ඔහු කියා සිටියේ "අප බංකොලොත්වී සිටින බැවින් අපගේ අයවැය තුලනය කිරීමේ දී අප එහි පතුලට ම අත දමා ඇති තත්වය තුල ඒ පිලිබඳව සාකච්ඡා කිරීමට කිසිවක් ඉතිරිව නැත.” යනුවෙනි.

කථානායක ජෝන් බොයෙනර්ගේ පටන් ඔබාමා දක්වා වන වොෂින්ටනයේ ඩිමොක‍්‍රටික් මෙන්ම රිපබ්ලිකානු දේශපාලඥයින් සියලු දෙනා ම මේ හේතු දැක්වීමට එකඟ වෙයි. "අපි බංකොලොත් වී සිටින්නෙමු” නිශ්චිත පදනමක තව තවත් කප්පාදු නිර්දේශ යුක්ති සහගත කිරීම පිනිස බොයෙනර් එසේ ප‍්‍රකාශ කරයි. සිය රාජ්‍ය තත්ත්ව වාර්තාව ඉදිරිපත් කරමින් ඔබාමා මෙසේ පැවසීය. "අපගේ ආන්ඩුව ලැබෙනවාට වඩා වියදම් කරන්නේය යන කාරනයට අප මුහුන දිය යුතු ය. එය දිගට ම කල නොහැකි ය.”

බංකොලොත් භාවය පිලිබඳ මේ සියලු කතාන්තර පිටුපස ඇති නොපවසන යථාර්තය ගැන කිසිදු විමසීමකින් තොරව ව්‍යාපාර පාලිත මාධ්‍ය මෙම ප‍්‍රකාශ ගිරවුන් මෙන් හඬ නගති. එනම්, මූල්‍ය පැලැන්තිය විසින් එක් කොනක අසීමිත ලෙස ධනය රැස් කර ගෙන සිටීමත් සමාජයේ අනෙක් කොනෙහි විරැකියාව, දුප්පත්කම හා සපුරාගත නොහැකි සමාජ අවශ්‍යතා ද වශයෙන් ඇමරිකාවේ දැවැන්ත සමාජ ධ‍්‍රැවාන්තගතවීම අවිවාදිතව පිලිගැනීමයි.

මාධ්‍ය, අයවැය කප්පාදුවට එරෙහි වීම අතාර්කික හා අයථා දෙයක් ලෙස පෙන්නුම් කරන්නේ ගනිතයේ නියාමයන් හමුවේ එසේ වන්නේ යයි පිලිගත යුතු සේ ය. ආර්ථික අර්බුදය විසඳීම සඳහා ඇමරිකානු සමාජය තුල සිදු කල යුතු වඩාත් මූලික ව්‍යුහාත්මක වෙනස්කම් වෙත පිවිසීමටත් මත්තෙන් අපට, හිඟයන් පියවීමට පමනක් නොව, අත්‍යවශ්‍ය සමාජ සේවාවන් ඉමහත් ලෙස පුලුල් කිරීමට අවශ්‍ය සම්පත් ලබාගත හැකි නිශ්චිත තැන් සොයාගත හැකි ය.

විස්කොන්සින් ප‍්‍රාන්තයේ දෙවසරක් සඳහා ගනන් බැලු හිඟය, ඇමරිකානු මූල්‍ය වංශාධිපතීන්ගේ අසීමිත ධන සම්භාරය සමග ගත් කල සොච්චම් ඩොලර් බිලියන 3.6 ක් පමනි. ආන්ඩුකාර වෝකර්ගේ අන්ත දක්ෂිනාංශික හවුල්කරුවන් වන කොච් සහෝදරයින්ට එම හිඟය චෙක්පතකින් ගෙවා දැමීමෙන් පසුවත් ප‍්‍රකෝටිපතියන් ලෙස තවදුරටත් සිටිය හැකිය.

ප‍්‍රාන්ත පනහේ ම මේ වසර සඳහා ගනන් බලා ඇති හිඟයේ එකතුව වන ඩොලර් බිලියන 130 පියවීමට පහසුවෙන් ම මුදල් සොයාගත හැකි තැන් අපි සලකා බලමු.

* ඔබාමා පාලනාධිකාරයේ ද අනුමැතිය ඇතිව දෙසැම්බරයේ දී ඩිමොක‍්‍රටික් පාලිත කොන්ග‍්‍රසය විසින් ධනවතුන් සඳහා බදු සහන සැලසූ බුෂ්ගේ සැලැස්ම දීර්ග කල අතර ඒ යටතේ ඉදිරි දස වසර සඳහා ඩොලර් බිලියන 700ක් ධනපතියන්ගේ සාක්කු වලට වැටෙනු ඇත. ඉන් දෙවසරක බදු සහන අහෝසි කල හොත් ප‍්‍රාන්ත සියල්ලේ ම ඒකාබද්ධ හිඟය පියවිය හැකිය.

* වෝල් ස්ටී‍්‍රට් ජර්නලයේ විශ්ලේෂනයකට අනුව වෝල් වීදියේ බැංකු හා සුරැකුම් ආයතන 2010 වසරේ දී ඒවා මෙතෙක් ලැබූ ඉහල ම ආදායම වන ඩොලර් බිලියන 417ක් හිමිකරගත් අතර පසුගිය වසර සඳහා ඒවාට ගෙවූ වන්දි මුදල වාර්තාගත බිලියන 130ක් විය. වෝල් වීදියේ ඇප ලද්දවුන්ට තම සාක්කුවෙන් ම ප‍්‍රාන්ත ආන්ඩුවලට ඇප ලබාදිය හැකි ය.

* එක්සත් ජනපදයේ පොහොසත්ම 400 දෙනා වත්කම් වශයෙන් හිමිකරගෙන සිටින දැවැන්ත වටිනාකම ඩොලර් ටි‍්‍රලියන 1.4කි. එක්අයෙකුගේ වටිනාකම මිලියන 350කි. මෙම ප‍්‍රකෝටිපතියන් සතු සම්පත් වලින් සියයට 10ක බද්දක් අයකිරීමෙන් ද ප‍්‍රාන්ත පනහේ ම හිඟය මකා දැමිය හැකි ය.

* 2010 වසරේ අහස උසට නැඟුනු සියලු ඇමරිකානු සමාගම්වල ඒකාබද්ධ ලාභය තෙවැනි කාර්තුවේ දී වාර්ෂික අනුපාතයකට අනුව ගනන් බැලූ කල ඩොලර් ටි‍්‍රලියන 1.66ක් විය. වෝකර් ගුරුවරුන් හා උද්‍යාන පාලකයින් මත පැටවීමට කැස කවන කප්පාදුව වන සියයට අටේ ප‍්‍රතිශතයට ම අනුව එම ලාභ වලින් බද්දක් අය කලහොත් ප‍්‍රාන්ත හිඟය අහෝසි කිරීමට එය ප‍්‍රමානවත් වනු ඇත.

* එක්සත් ජනපද සමාගම් දැන් ඩොලර් ටි‍්‍රලියන 2ක ද්‍රවශීල වත්කම් සතු කර ගෙන සිටින අතර කම්කරුවන් බඳවාගැනීමේ දී ඒවාට දිරිගැන්වීමක් වශයෙන් දෙනවා යයි කියන බදු සහන තිබිය දී පවා එවැන්නකට යොමුවීම ප‍්‍රතික්ෂේප කරයි. එම නිෂ්ක‍්‍රීය මුදල් වලින් අය කරන සියයට දහයක බද්දක් වුවත්, ප‍්‍රාන්තවල පමනක් නොව සියලු නාගරිකයන්හි මෙන් ම පලාත් ආයතනවල හිඟය තුරන් කිරීමට ද ලක්ෂ ගනනාවක් වන රජයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීමට ද පවා ප‍්‍රමානවත් වනු ඇත.

* ආරක්ෂිත අරමුදල්වල වත්කම් 2010 වසරේ දී ඩොලර් ටි‍්‍රලියන 1.92 දක්වා ඉහල ගියේ ය. වසර ආරම්භයේ දී එම සංඛ්‍යාව පැවතුනේ ටි‍්‍රලියන 1.18ක් ලෙස ය. ඉපැයීම්වල පොදු මිම්මකට අනුව සියලු වත්කම්වලට සියයට දෙකක් හා වැඩිවන ප‍්‍රමානයට අමතරව සියයට 20ක් එකතු කලහොත් ආරක්ෂිත අරමුදල් ප‍්‍රධානීන් පුද්ගලික ආදායම ලෙස දල වශයෙන් ඩොලර් බිලියන 186ක් සාක්කුවේ දමා ගනියි. අයිසන්හවර් පාලනාධිකාරය යටතේ දශ ලක්ෂපතියන්ගෙන් අයකලාට වඩා අඩු සියයට 80ක බද්දක් අයකලහොත් එය, ප‍්‍රාන්ත පනහ ම නය බරින් මුදාලීමට ප‍්‍රමානවත් වනු ඇත. ලොකු ම ආරක්ෂිත අරමුදල් කලමනාකරුවා වන ජෝන් පෝල්සන් 2010 ලත් පුද්ගලික ශුද්ධ ලාභය ඩොලර් බිලියන 5 ඉක්මවීය. දුසිමකට වැඩි ආරක්ෂිත අරමුදල් කලමනාකරුවන්ගේ පුද්ගලික ආදායම බිලියන දෙක ඉක්මවූ අතර තවත් බොහෝ දෙනෙක් බිලියනයට වැඩි ආදායම් උපයා ගත්හ.

දේශපාලඥයින් හා මාධ්‍ය කියා සිටිනවාට සපුරා වෙනස් අයුරින් ප‍්‍රාන්ත හා පලාත් ආයතන අයවැය හිඟයන් පියවීමට පමනක් නොව දැවැන්ත සමාජ සංවර්ධන කටයුතු සඳහා ද ප‍්‍රමානවත් තරම් මුදල් සොයාගැනීම අමාරු කටයුත්තක් නොවේ. ඉහතින් ඉදිරිපත්කල සමහර යෝජනා ක‍්‍රියාවට නැඟීම මඟින් අවශ්‍ය තරම් අරමුදල් සපයාගත හැකි ය. නිදසුනක් ලෙස ඉදිරි මාස දෙක තුල ඇමරිකානුවන් මිලියන 5කට ඒ අනුව රැකියා සැපයිය හැකි ය.

ඒ කිසිවක් සමාජවාදී පියවර නොවූව ද ඒවා, සමාජ අසමානතාවය සඳහා පිලියමක් මෙන්ම අර්බුදය විසඳීම සඳහා ද දුප්පත්කම හා සාගින්න තුරන් කර පුලුල් ජනතාවගේ ජීවන තත්වයන් නඟා සිටුවා සමාජ අසමානතාවය අවසන් කරන ව්‍යුහාත්මක වෙනස්කම්, එනම් බැංකු හා ප‍්‍රධාන සමාගම් වැඩ කරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ ජනසතු කර පොදු අයිතිය ඇති ව්‍යවසායන් බවට පරිවර්තනය කිරීම, ප‍්‍රජාතන්ත‍්‍ර ආර්ථික සැලසුම්කරනය, ඇමරිකානු හා ලෝක ආර්ථිකය තර්කානුකූල හා ප‍්‍රගතිශීලී ආකාරයකට ඒකාග‍්‍රකරනය දෙසට ද ගන්නා වැදගත් පියවරයන් වනු ඇත.

ගැටලුවකට ඇත්තේ ධනේශ්වර පාලක පන්තිය අත ඒකරාශී වූ බලය හා දේශපාලන පද්ධතිය මත එහි පරිපූර්න ආධිපත්‍යය යි. තහවුරු වී තිබෙන ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ දෙකම මුලූමනින් ම මූල්‍ය පැලැන්තියේ අත්අඩංඟුව යටතේ තිබෙන උපාංගයන් පමනි. මෙම පක්ෂ දෙකම බැංකු හා යෝධ සමාගම් සතු දේපල හා ලාභ ආරක්ෂා කරයි.

විස්කොන්සින්හි දී පෙන්නුම් කල ආකාරයට කම්කරු පන්තිය, රැකියා ජීවන තත්වයන් හා සමාජ සේවාවන් රැකගැනීම සඳහා සටන් කිරීමට සූදානම් ය. එහෙත් පැරනි වෘත්තීය සමිති සංවිධාන තරයේ ම කුනුවී ගොසින් ය. ඒවා ඩිමොක‍්‍රටික් පක්ෂය හා ධනවාදය රැකගැනීම වෙනුවෙන් නොපසුබටව කැප වී සිටියි. සමිති නායකයින් ඉලක්කම් හයේ වැටුප් හා ප‍්‍රතිලාභ භුක්ති විඳින තතු තුල වෘත්තීය සමිතිමත් ඒවායේ සැලකිය යුතු පංගුවකට හිමිකම් කියයි.

කම්කරුවන්, 21 වන සියවසේ! ඇමරිකානු සමාජයට යහපත් පාසැල්, සෞඛ්‍ය සේවා, නිවාස හා අනෙකුත් අවශ්‍යතා සම්පාදනය තවදුරටත් ඔරොත්තු නොදෙන්නේය යන වංචනික කථා ප‍්‍රතික්ෂේප කල යුතු ය. මිලියන සිය ගනන් වැඩ කරන ජනතාව තම ශ‍්‍රමයෙන් නිර්මානය කරන එහෙත් ඉහල සිටින සූරාකන්නවුන්ගේ තුනී තට්ටුවක් විසින් ගසාකනු ලබන සම්පත් අසීමිත ය. මෙම සම්පත්, සමාජයේ ප‍්‍රයෝජනය සඳහා ද ජනගහනයේ අති මහත් බහුතරය වන වැඩ කරන ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ද යලි අත්පත් කර ගත යුතු ය.

මෙය වනාහි, ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ වලින් බිඳීම ද ජනතා සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම ද ඉල්ලා සිටින දේශපාලන අරගලයකි. සමාජවාදී සමානතා පක්ෂය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජ සමානතාවය සඳහා වන ජාත්‍යන්තර ශිෂ්‍යයෝ සංවිධානය, මෙම අරගලය ගෙනයාම සඳහා අවශ්‍ය සංවිධානාත්මක රූපාකාරයන් හා දේශපාලන ක‍්‍රියාමාර්ගය සාකච්ඡා කිරීම පිනිස අපේ‍්‍රල් මාසයේ දී රට පුරාම සම්මේලන මාලාවක් ගොඩනැඟීමට මූලිකත්වය ගෙන සිටියි. අපගේ සියලු පාඨකයින්ගෙන් ද පාලක පන්තියේ ප‍්‍රතිපත්තිවලට එරෙහිව බැරෑරුම් සටනක් කිරීමට අවශ්‍ය සියල්ලන්ගෙන් ද එයට සහභාගී වීම සඳහා අද සිට ම සූදානම් වන ලෙස අපි ඉල්ලා සිටිමු.

පැටි‍්‍රක් මාටින්