ගී‍්‍රසිය නය පැහැර හැරීම වෙත පිය නගද්දී යුරෝපය ඉමට පැමින සිටියි

Europe on the brink as Greece staggers towards default

By Chris Marsden , 3 November 2011

යුරෝපීය සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපීය මහ බැංකුව වෙතින් ලැබීමට නියමිත අලුත් නය වාරිකයට ඇතුලත් කොන්දේසි ඉටු කිරීමට ග‍්‍රීසිය අසමත් වනු ඇතැයි වඩ වඩාත් පැහැදිලි වන තතු හමුවේ, අද ඇරඹෙන ජී 20 කන්ඩායමේ සමුලුව මංමුලාසහගත අර්බුදයකට මුහුනපා තිබේ.

පසුගිය සතියේ එකඟවුනු යුරෝ කලාපයේ ගලවා ගැනීමේ සැලැස්ම පිලිබඳ ජනමත විචාරනයක් පැවැත්වීමට ග‍්‍රීක අගමැති ජෝර්ජ් පැපැන්ද්‍රියෝ ගත් මවිතකර තීරනයෙන් පසුව ගෝලීය කොටස් වෙලඳපොලවල් දැවැන්ත අලාභ අත් විඳී ය. සිදුවිය හැකි ග‍්‍රීක පැහැර හැරීමක වසංගතය, ඉතාලියටත් යුරෝපය පුරාත් පැතිර යාම පිලිබඳ වැඩෙන කනස්සල්ල මග හැරීමට ඊයේ දිනයෙහි ඇතිවූ සීමිත ප‍්‍රකෘතිමත් වීම දායක වූයේ මඳ වශයෙනි.

”නැත” යන ඡන්දයක් ග‍්‍රීසියට යුරෝවෙන් ඉවත් වීමට බල කරනු ඇතැයි, ලෝක නායකයෝ බිය පත්ව සිටිති. සාර්වති‍්‍රකව එයට ප‍්‍රතිචාර දැක්වෙන්නේ තර්ජනයෙන් හා බියගැන්වීමෙනි.

ජනමත විචාරනය පැවැත්වීමට පෙර ග‍්‍රීසියට දීමට නියමිත යුරෝ බිලියන 8 ඊලඟ හදිසි ආධාරය තවමත් විවෘත ප‍්‍රශ්නයක්ව ඇතැයි ජර්මානු මුදල් ඇමති මාටින් කොතාඋ තර්ජනාත්මකව පැවසීය. "වාරිකය තවමත් ගෙවා නැත. අද දවසේ තත්වය එයයි. දේවල් සිදුවන ආකාරය ඉදිරියේදී දැකගත හැකිය” ඔහු පැවසී ය.

යුරෝ කලාපයට ග‍්‍රීසිය ගලවා ගැනීමේ පැකේජය යලි සලකා බැලීම පිලිබඳ ප‍්‍රශ්නය අදාල නතැයි ප‍්‍රන්සයේ යුරෝපීය කටයුතු පිලිබඳ ඇමති ජීන් ලියොනෙටි පැවසීය. "දැනටමත් ගෙන ඇති තීරන යලි සලකා බැලිය නොහැකි ය. ජනමත විචාරනය මූලික ප‍්‍රශ්නයක් මතු කරයි. එනම්, ඔබට යුරෝ කලාපයෙහි රැඳී සිටීමට අවශ්‍ය ද, නැද් ද යන්නයි. මක්නිසා ද යත් ඔබ ගිවිසුම පිලි නොගන්නේ නම් එහි තේරුම ඔබ රැඳී නොසිටින්නේය යන්න බැවිනි.”

යුරෝපීය කොමිසමේ සභාපති ජොසි මැනුවෙල් බරාසෝ ඇපදීමේ පියවරයන්ට සහාය පලකරමින් "ග‍්‍රීසියේ ජාතික හා දේශපාලන එකමුතුවක්” සඳහා කැඳවුම් කලේ "යුරෝපා සංගමය හා ජාමූඅ සහයෝගය ඇතිව ඉදිරිපත් කල වැඩසටහනට ග‍්‍රීසියේ එකඟත්වය නොලැබුන හොත් ග‍්‍රීක පුරවැසියන්ට මුහුන පෑමට සිදුවන කොන්දේසි, විශේෂයෙන්ම වඩාත් නැති බැරි අයට, බෙහෙවින් වේදනාකාරී වනු ඇත.”

එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමාගේ ප‍්‍රකාශක ජෙයි කානි, යුරෝපය "එයට අවසාන විසඳුමක් සැපයීම සදහා පසුගිය සතියේ එලඹුනු ඉතා වැදගත් නිගමන ක‍්‍රියාවට නැවීමේ” අවශ්‍යතාවය පිලිබඳව අනතුරු ඇඟවී ය.

ශක්‍ය ආයෝජන මූලාශ‍්‍රයක් ලෙස යුරෝපය විසින් හුවා දක්වන ලද චීනය, යුරෝපා සංගමයේ නායකයින්ට කියා සිටියේ "ජනමත විචාරන අදහස අත්හැර දමන ලෙස” ග‍්‍රීසිය ඒත්තු ගන්වන ලෙස ය.

"අපගේ තවත් රැස්වීමක් ග‍්‍රීසිය විසින් පැහැරගෙන ගොස් ඇත. මක්නිසා ද යත් පැපැන්ද්‍රියෝ ජනමත විචාරනයක් කැඳවුම්කර ඇති නිසා ය.” ජ්‍යෙෂ්ඨ ජී-20 නිලධාරියෙක් එසේ පැවසී ය.

ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල් හා ප‍්‍රන්ස ජනාධිපති නිකොලායි සාකෝසි පෞද්ගලිකව පැපැන්ද්‍රියෝට කැඳවුම් කලේ, ජී-20 සමස්ත කන්ඩායම ම ඔහුට දමන බලපෑමට පෙරාතුව ඔහු තෙම්පරාදු කිරීම පිනිස ය. එම සාකච්ඡාවන්ට ජාමූඅ විධායක අධ්‍යක්ෂ ක‍්‍රිස්ටීන් ලැගාඩි ද සහභාගි වීමට නියමිත ය.

ඇප දීමේ නය සහතික කිරීමේ යුරෝ ටි‍්‍රලියනයක නාමික පැකේජය සඳහා යුරෝපීය මූල්‍ය ස්ථාවරත්ව පහසුකම් (ඊඑස්එෆ්එස්) අරමුදල ශක්තිමත් කිරීම කේන්ද්‍ර කොට ගෙන යුරෝ කලාපීය ආර්ථිකයන් පිලිබඳ විශ්වාසය ගොඩනැගීම පිනිස බව පැවසෙන පුලුල් පියවර සමග ගී‍්‍රක නය පැකේජය බැඳී ඇත.

එම සැලැස්ම දැනටමත් කි‍්‍රයාවට නැගෙමින් ඇති බවක් පෙනී යයි. ඊඑස්එෆ්එස් ඊයේ අයර්ලන්තයේ ඇප දීමේ අරමුදල සඳහා දස වසරක බැඳුම්කර නිකුත් කිරීමට බලාපොරොත්තුවූ නමුදු ගැනුම්කරුවන්ගේ හිඟය නිසා ගනුදෙනුව අත්හිටුවන ලදී.

එක් ආයෝජකයෙක් ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත මෙසේ පැවසීය. "මෙය යුරෝ ටි‍්‍රලියනයක මෙහෙයුම් ශක්තියක් සහිත අරමුදලක් ලෙස නම්කර තිබුන ද එයට තවමත් යුරෝ බිලියන 3ක් වත් රැස්කර ගත හැකිවී නැත. එය බෙහෙවින් කනස්සල්ල දනවයි.”

යුරෝපීය මහ බැංකුවට එදින දහවල් ලන්ඩන්හි දී, යුරෝ බිලියන 1-2ත් අතර ගනන් බැලූ වටිනාකමක් සහිත ඉතාලි බැඳුම්කර මිලට ගැනීම සඳහා මැදිහත්වීමට බල කෙරුනි. යුරෝ බිලියන සිය ගනනක නය ගෙවීම් හමුවේ ඉතාලියට නිර්දේශ කර තිබෙන අයවැය කප්පාදු සලකා බැලීමට එරට කැබිනට් මන්ඩලයේ හදිසි රැස්වීමක් ඊයේ රාතී‍්‍රයේ පැවැත්වුනි. එරට යුරෝවට බැඳුනායින් පසුව ගෙවීමට සිදුව තිබෙන සියයට අටකටත් වඩා වැඩි තිරසාර නොවූ ඉහලම නය ගැනීමේ පොලී අනුපාතයක් ඉතාලියෙන් අය කරනු ලබයි.

පැපැන්ද්‍රියෝගේ ආන්ඩුව බිඳ වැටිය හැකි ය. අවම වශයෙන් දෙසැම්බර් 11ට වත් පෙර තම ජනමත විමසුම පැවැත්වීමට ඔහුට බලකෙරී ඇති අතර ඔහු පරාජය වන බව පෙනෙන්නට තිබේ. "මුලදී කල්පනා කරන ලද පරිදි ජනවාරියේ දී ඡන්දය පැවැත්වීම කාරනයෙන් බැහැරය.” ජාමූඅ නියෝජිතයෙක් පැවසී ය. ඒ දිනය දක්වා යුරෝ බිලියන 8 නය වාරිකය රඳවාගෙන සිටියහොත් ආන්ඩුවට වැටුප් බිල පවා ගෙවාගත නොහැකි වනු ඇත.

ඔහුගේ අවදානම් සීමාව හරහා දේශපාලන විජ්ජාවක් රඟ දැක්වීමට පැපැන්ද්‍රියෝ බලාපොරොත්තු වෙයි. තවමත් ඉතා ඉහල අනවබෝධයක් පවත්නේ වී නමුත් බොහෝ ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ ජනමත විමසුමෙන් අසනු ලබන්නේ ඇපදීම පිලිබඳව නොව යුරෝපා සංගමය හා යුරෝ කලාපයේ ගී‍්‍රක සාමාජිකත්වයට සහයෝගය දෙනවා ද නැද් ද යන්න බව ය. "අපගේ යුරෝපීය ගමන් මග හා යුරෝවට සම්බන්ධ වීම පිලිබඳව ගී‍්‍රසිය තුලට ද ඉන් පිටතට ද පැහැදිලි පනිවිඩයක් දීම සඳහා පැහැදිලි වරමක්” එමගින් සම්පාදනය කරනු ඇතැයි පැපැන්ද්‍රියෝ ඊයේ පැවසී ය.

ජනමත විචාරනයේ මාතෘකාව ඇපදීම පිලිබඳ කාරනය වුවත් පැපැන්ද්‍රියෝ, තම සැලැසුම් පිටුපස පෙල ගැසීමට විරුද්ධ පක්ෂවලට හා වෘත්තීය සමිති නිලධරයට බලකෙරෙන පරිදි ඔවුන්ගේ පම්පෝරිය ඇද ගැනීමට අදහස් කර තිබෙන බව පෙනෙන්නට තිබේ. කප්පාදු පියවරයන්ට ඔවුන්ගේ විරුද්ධත්වය පෑම පිටුපසින් ඇති යථාර්තය නම්, ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් විසින් දැරිය යුතුය යන්න පිලිබඳව ගී‍්‍රසියේ සෑම ප‍්‍රධාන පක්ෂයක්ම අධිෂ්ඨානශීලීව එක්සත්ව සිටින්නේය යන්න බව ඔහු හොඳින් දැන සිටියි.

එහෙත් ඔහුගේ පියවර මගින් ජයග‍්‍රහනය සහතික කරනු ඇතැයි සිතීම දුෂ්කර ය. 04 වන සිකුරාදා ගී‍්‍රක පාර්ලිමේන්තුවේදී පැපැන්ද්‍රියෝ විශ්වාසය පලකිරීමේ ඡන්දයකට මුහුන දෙන අතර ඉන් ඔහු ලෙහෙසියෙන්ම පරාජයට පත්විය හැකි ය. එක් මන්තී‍්‍රවරයෙක් ඉවත් වීමෙන් පසුව පැසොක් ආන්ඩුවේ බහුතරය දෙකක් දක්වා පහත වැටී ඇත. තවත් මන්තී‍්‍රන් හය දෙනෙක් ඔහුට ඉල්ලා අස්වන ලෙසට බල කරති.

පැපැන්ද්‍රියෝගේ ජනමත විමසුමට වඩා දැන් වඩාත් විය හැකි දේ ලෙස පෙනී යන, කලින් පැවැත්වෙන මැතිවරනයක් සඳහා, නව ප‍්‍රජාතන්ත‍්‍ර හා පැසොක් වෙතින් ඉවත්වූවන් විසින් නායකත්වය දෙන විරුද්ධ පක්ෂ දැනටමත් උද්ඝෝෂන අරඹා තිබේ.

කිසිදු පක්ෂයක් පුලුල් ජනතා සහාය නොලබන තතු හමුවේ ඇතිවිය හැකි ප‍්‍රතිඵලය නම්, ජාතික එකමුතුවේ ආන්ඩුවක් පිහිටුවීම යි. මෙය, විශේෂයෙන්ම සිරිසා හා ගී‍්‍රක කොමියුනිස්ට් පක්ෂය දක්වා ම ඇදී යා හැකි ව්‍යාජ වාම කන්ඩායම් ඉතා පහසුවෙන් වට ලා ගනු ඇත.

තව කෙටි කලකට බලයේ සිටීමට පැපැන්ද්‍රියෝගේ මංමුලා සහගත ඔට්ටුවට හැකි වුවත් නැතත්, නොඑසේ නම් බලයට පත්වන නව ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂය මූලිකත්වය ගන්නා නව උපාමාරු මධ්‍යයේ වුවත්, ග‍්‍රීක කම්කරු පන්තියට ප‍්‍රතිපලය එකක්ම වනු ඇත. එනම් තව තවත් සමාජ කාලකන්නිකමට ඇද වැටීම යි. පන්ති අරගලය පැතිරයාම නොවැලැක්විය හැකි ය.

නයදෙන සංවිධාන තුන සමග ඇති කර ගෙන තිබෙන එකඟත්වයට අනුව ගන්නා පියවර බෙහෙවින්ම අපකීර්තිමත් වන අතර ඊට ප‍්‍රතිචාර වශයෙන් මහජන විරෝධතා හා මහා වැඩ වර්ජන යලි යලිත් පැන නගිනු ඇත. මෙම පියවර අතර ආදායම් බදු සීමාව යුරෝ 10,000 සිට 5,000 දක්වා පහත හෙලීම, වැට් බද්ද සියයට 19 සිට සියයට 23 දක්වා හා විශ‍්‍රාම ගන්නා වයස අවුරුදු 61 සිට 65 දක්වා වැඩි කිරීම ද විශ‍්‍රාම දීමනා සියයට 20 සිට 40 දක්වා ප‍්‍රමානයන්ගෙන් කපා හැරීම, සියයට 30ක වැටුප් කප්පාදුවක් හා තවත් රැකියා විනාශයන් වැනි විනාශකාරී ප‍්‍රහාර වෙයි.

මේ මස පලමුවැනිදා පැපැන්ද්‍රියෝ හා ආරක්ෂක ඇමති පැනොස් බෙග්ලිටිස් විසින් ආරක්ෂක හමුදා ප‍්‍රධානීන් සේවයෙන් පහ කිරීමට ගත් අසාමාන්‍ය තීරනය විනිශ්චය කල යුත්තේ මෙම වාතාවරනයේ එලියෙනි. නව ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂය විසින් පත්කරන ලද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව හා අනදෙන කාර්ය මන්ඩලයේ ප‍්‍රධානීන් වෙනස් කිරීම සඳහා විදේශ කටයුතු පිලිබඳ කමිටුවේ අසාමාන්‍ය රැස්වීමක දී තීරනය කරන ලදී.

ග‍්‍රීක ජාතික ආරක්ෂක අනදෙන මන්ඩලයේ ජෙනරාල් ඉයොනිස් ගිආකොස් වෙනුවට ලූතිනන් ජෙනරාල් මිකාලිස් කොස්ටරාකොස් පත්කරන ලදී. ග‍්‍රීක හමුදා අනදෙන මන්ඩලයේ ප‍්‍රධානී ලුතිනන් ජෙනරාල් ෆ‍්‍රැග්කොස් ෆ‍්‍රැග්කොවුලිස් වෙනුවට ලූතිනන් ජෙනරාල් කොන්ස්ටන්ටිනොස් සාසියාස් පත්කරන ලදී. ග‍්‍රීක ගුවන් හමුදාවේ ප‍්‍රධානියාව සිටි ලුතිනන් ජෙනරාල් වසිලියොස් ක්ලොකෝසාස් වෙනුවට ගුවන් හමුදා මාර්ෂල් ඇන්ටොනිස් ක්ලොකෝසාස් ද ග‍්‍රීක නාවික හමුදාවේ අනදෙන මන්ඩල ප‍්‍රධානී වයිස් අද්මිරාල් ඩිමිටි‍්‍රයෝස් එලිෆ්සිනියෝටිස් වෙනුවට රියර් අද්මිරාල් කොස්මාස් ක‍්‍රිස්ටිඩිස් ද පත් කරන ලදී.

මෙම පියවර සාමාන්‍ය පරිපාටියක් ලෙස ලිස්සා හැරීමට දරන ලද ආරම්භක උත්සාහයන්, පැපැන්ද්‍රියෝ කුමන්ත‍්‍රනක් කල්තියා වැලැක්වීමට වෙර දරන්නේ ද යන ප‍්‍රශ්න මතු කලේ ය. ආන්ඩුව "කුමන්ත‍්‍රනයකින් බලය ඇල්ලීමට දරන උත්සාහය වැලැක්වීමට උත්සාහ කරන” බවට කෙලින්ම සමපේක්ෂනයේ යෙදුන ප‍්‍රධාන පුවත්පත වූයේ ඬේලි මේල් ය. මැයි මාසයේදී එක්සත් ජනපද සීඅයිඒ රහස් ඔත්තු සේවය පලකල වාර්තාවකින් ආන්ඩුවට පාලනය ගෙනයා නොහැකි වුවහොත් ග‍්‍රීසිය තුල කුමන්ත‍්‍රනයක් සිදුවිය හැකි බව නිගමනය කලේ ය.

තව ද, පැපැන්ද්‍රියෝගේ අරමුන හමුදාවන්ගේ පක්ෂපාතිත්වය සහතික කර ගැනීම නම් එවිට ද ඒවා ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්ට මෙන්ම ග‍්‍රීක කම්කරු පන්තියට ද එරෙහිව මාරක ප‍්‍රතිවිපාක ඇති කල හැකි පරිදි යෙදවිය හැකි වනු ඇත.

මිලිටරි මර්දනය හා පාලක පන්තිය විසින් අටවන මිලිටරි පාලනයක් පිලිබඳව පවා කෙරෙන විවෘත සාකච්ඡා යුරෝපය පුරා කම්කරුවන්ට කෙරෙන අනතුරු ඇඟවීමකි. ගෝලීය ආර්ථික අර්බුදය පැනනැගීමෙන් පසුව ජාත්‍යන්තරව පනවන ලද සමාජ කප්පාදු වටයන් සමග පාලක පන්තීන්ගේ ක‍්‍රියාවන් පාලනය කරන මූලධර්මය බවට පත්වූයේ, අද ග‍්‍රීසිය අනුගමනය කරන හා හෙට දිනයේ ඉතාලිය, ස්පාඤ්ඤය, පෘතුගාලය හා අවශේෂ යුරෝපය අනුගමනය කරනු ඇති ක‍්‍රමය යි.

Share this article: