ජවිපෙ අර්බුදය සහ ශී‍්‍ර ලංකාව තුල මාක්ස්වාදය සඳහා සසප අරගලය

The JVP crisis and the SEP’s struggle for Marxism in Sri Lanka

By the International Students for Social Equality , 8 November 2011

ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ව්‍යාපාරය, නොවැම්බර් 17 දා කොලඹ දී, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) අභ්‍යන්තර අර්බුදය පිලිබඳව ප‍්‍රසිද්ධ දේශනයක් පවත්වනු ඇත.

පක්ෂ නායකත්වය අවස්ථාවාදයට ගොස් ඇතැයි චෝදනා කරමින් ද පක්ෂයේ මහජන සහයෝගය බිඳවැටීම ගැන නායකත්වයට දොස් නගමින් ද විපරිමතධාරී කන්ඩායමක් එලිමහනට පැමිනීමත් සමග, ජවිපෙ තුල තත්වාකාර භේදයක් මතු වී ඇත. 2004 දී කුමාරතුංග ආන්ඩුවට එකතුවීම, 2005 මැතිවරනයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයෝගය දීම සහ පසුගිය වසරේ ජනාධිපතිවරනයේ දී හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට සහාය දීම මගින් තමන් "වැරදි” කර ඇතැයි කන්ඩායම් දෙකම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබේ. එකදු කන්ඩායමක් වත් ඒවා පිලිබඳ කිසිදු පැහැදිලි කිරීමක් සිදු කර නැත.

ඔවුන්ගේ කියාපෑම් කෙසේ වෙතත්, ජවිපෙ කිසිදාක මාක්ස්වාදී පක්ෂයක් නො වී ය. එය ආරම්භයේ පටන් ම පදනම් වූයේ, ස්ටැලින්වාදය, කැස්ත්‍රෝවාදය හා සිංහල ජනතාවාදය මත ය. පසුගිය දශක දෙකක කාලය තිස්සේ, පක්ෂය කොලඹ දේශපාලන සංස්ථාපිතයට ඒකාග‍්‍ර වී ඇති අතර රටේ දෙමල සුලුතරයට එරෙහි වර්ගවාදී යුද්ධයේ ඝෝෂාකාරී ආධාරකරුවෝ ද වූහ. කම්කරුවන් හා තරුනයන් අතර පුලුල්ව අපකීර්තියට පත්ව ඇති ජවිපෙ කම්කරු පන්තියට නව දේශපාලන උගුලක් ලෙස පුනර්ජීවනය කිරීමේ මංමුලා සහගත උත්සාහයක විපරිමතධාරී කන්ඩායම යෙදී සිටී.

සසප සහ එහි පූර්වප‍්‍රාප්තික විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) පසුගිය දශක හතරක කාලය මුලුල්ලේ, අව්‍යාජ මාක්ස්වාදයේ පදනම මත ජවිපෙට එරෙහිව සප‍්‍රතිපත්තික දේශපාලන අරගලයක යෙදී තිබේ. විකොස හිටපු ප‍්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය විසින් 1970 දී රචිත ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය සහ පන්ති ස්වභාවය නම් කෘතිය, ජවිපෙ ආරම්භය හා එහි විකාශනය අවබෝධ කරගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකු කියවිය යුතු අත්‍යවශ්‍ය ලේඛනයක් ලෙස තවමත් පවතී.

සසජාශි රැස්වීම, සෑම රූපාකාරයකම ජාතිකවාදයන්ට හා වර්ගවාදයන්ට අතිමූලිකව එරෙහි අව්‍යාජ මාක්ස්වාදය මත පදනම්ව ජවිපෙ අර්බුදය පිලිබඳ විශ්ලේෂනයක් ඉදිරිපත් කරනු ඇත. මෙම අගනා සාකච්ඡාවට සහභාගි වන ලෙස කම්කරුවන්ට, තරුනයන්ට හා ශිෂ්‍යයන්ට අපි ආරාධනා කර සිටිමු.

කතිකයා: සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස්

ස්ථානය: මහවැලි කේන්ද්‍රය, ගී‍්‍රන් පාත්, කොලඹ.

දිනය: නොවැම්බර් 17 වන බ‍්‍රහස්පතින්දා

වේලාව: සවස 3.30

Share this article: