එක්සත් ජනපදය හා ගඩාෆි: මිනීමරුවා අපරාධයේ පරීක්ෂනයක් ඉල්ල යි

The US and Gaddafi: The murderer calls for an investigation of the crime

24 October 2011

බලයෙන් පහකෙරුනු ලිබියානු නායක මුවම්මර් ගඩාෆි ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම පිලිබඳ පරීක්ෂනයකට වොෂින්ටනය "දැඩිලෙස සහාය වන” බව ඉරිදා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ගාම්භීරව ප‍්‍රකාශ කලා ය.

මේ වනවිටත් ඈ නොදන්නා කුමක් ගැන ද ක්ලින්ටන් නෝනාට සැබවින් ම පරීක්ෂනයක් අවශ්‍ය කරනු ලබන්නේ?

ඔහුගේ උපන් බිම වන සර්ත්වලින් පලායද්දී බ‍්‍රහස්පතින්දා ගඩාෆි අල්ලා ගැනුනි. පසුගිය මාසය පුරා සර්ත් නගරය විනාශකල හා ප‍්‍රකාශ නොකල සංඛ්‍යාවක් පුරවැසියන් මැරුනු හා තුවාල ලැබූ අඛන්ඩ නේටෝ ප‍්‍රහාරයන් හා ව්‍යාජ "කැරලිකරුවන්ගේ” ම්ලේච්ඡ ග‍්‍රහනය යටතේ විය.

එක්සත් ජනපද ඔත්තු යානා විසින් සොයා ගැනුනු ඔහුගේ ආරක්ෂක භට කන්ඩායමට පලමුව නෙවේඩා ගුවන් කඳවුරක දුරස්ථ පාලකයක් විසින් මෙහෙය වුනු නියමුවන් රහිත ඇමරිකානු ප‍්‍රහාරක ගුවන් යානයකින් පහර දෙනු ලැබින. ඊට පසු ඇමරිකානු ඒඩබ්ලිව්ඒසී සෝදිසි ගුවන් යානයක් ප‍්‍රන්ස ප‍්‍රහාරක ජෙට් යානා කැඳවී ය, මෙම යානා කර්නල් ගඩාෆි හා ඔහුගේ පිරිවර පලායමින් සිටි වාහනවලට රාත්තල් 500 බෝම්බ දෙකක් දැමී ය.

ගුවන් ප‍්‍රහාරයෙන් දුසිම් ගනනක් මියගිය අතර ලිබියානු නයකයා තුවාල ලැබී ය. ඊට පසු බි‍්‍රතාන්‍ය එස්ඒඑස් විශේෂ බලකාවල "උපදේශකයන්” සමග මෙහෙයුම් කරමින් සිටි නේටෝ සහාය ලද "කැරලිකරුවන්” විසින් ඔහු අල්ලා ගන්නා ලදී.

ගඩාෆිගේ අවසාන මොහොතවල් ඔහුගේ ප‍්‍රහාරකයන්ගේ ජංගම දුරකතනවල තිගැස්සෙන වීඩියෝ පට ගනනාවක පටිගත කෙරී ඇත. ඒවා ඔහු "අල්ලාහු අක්බර්” - "දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ටයි” යයි කෙඳිරිගාන අතරතුර ඔහුට සරදම් කරමින් පහරදෙමින් සිටි පිස්සු වැටුනු හමුදා භට රැලකට තුවාල වුන ගඩාෆි කෑගසනවා හා දුර්වල ලෙස විරෝධය දක්වනවා පෙන්ව යි. වාහනයක පියස්සට විසිකිරීමට පෙර ඔහු ඇදගෙන යන ලදී, පයින් ගසා පහර දෙන ලද අතර තවක්කු හා මුෂ්ටි ප‍්‍රහාරවලින් ලේ වැකි තුවාල සිදුකරන ලදී. වීඩියෝ දර්ශනය ඔහුගේ හිසට එල්ල කල තුවක්කුව හා ඊට පසු හිස්කබලේ පිටුපසින් ලේ ගලමින් පදික වේදිකාව මත තිබුන ඔහුගේ දේහය පෙන්ව යි.

නේටෝ සහාය ලත් බෙංගාසි පාදක ජාතික සංක‍්‍රමනීය මන්ඩලයේ (එන්ටීසී)සාමාජිකයෙකු සංක්ෂිප්තව පවසා ඇති පරිදි, "ඔවුහු ඔහුට රලු ලෙස පහර දුන්හ, ඊට පසු ඔවුහු ඔහු මැරූහ”.

භයානක ජංගම දුරකතන වීඩියෝවලට ඇගේ "දිරිය ප‍්‍රතිකි‍්‍රයාව” ගැන ඒබීසී හි කි‍්‍රස්ටීන් අමන්පෝ විසින් අසන ලදුව ක්ලින්ටන්, "හොඳයි, කි‍්‍රස්ටීන්, ඔබ දන්නවා, සැබවින් ම, එම තත්වයේ කිසි ම මනුෂ්‍යයෙක් දැකීමට කාටවත් අවශ්‍ය නැත” යි ප‍්‍රතිචාර දැක් වූවා ය.

ගඩාෆි අත්තනෝමතිකව මරා දැමීමේ දර්ශන මත ලෝක පරිමානව ඇති වූ පිලිකුල සමනය කිරීම ඉලක්ක කල ක්ලින්ටන්ගේ ප‍්‍රකාශ පැහැදිලිව හොඳින් පුහුනු වූ ඒවා ය. ඈ වාර්තාකරුවෙකුට "අපි අවා, අපි දැක්කා, ඔහු මැරිලා” යයි සිනාසෙමින් කිව් විට මරනය දවසේ ම ඇගේ "දිරිය ප‍්‍රතිකි‍්‍රයාව” මොනවට පැහදිලි විය.

සැබවින් ම, ගඩාෆි අත්තනෝමතිකව මරා දැමීමට යමතම් පැය 48ට පෙර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ටි‍්‍රපොලියට පියාසර කල අතර, එහි දී ඇය ලිබියානු නායකයා හැකි ඉක්මනින් "අල්ලා ගත යුතු ය නැතිනම් මරා දැමිය යුතු ය”යි ප‍්‍රකාශ කලා ය.

මෙය කොහෙත් ම නොසැලකිලිමත් ප‍්‍රකාශයක් නො වේ. ලිබියාවට එරෙහි සම්පූර්න මාස අටක එක්සත් ජනපද - නේටෝ යුද්ධය, ගඩාෆි ඉවත්කර බටහිර බලශක්ති සංගත සමග පෙලට වොෂින්ටනයේ හා එහි නේටෝ මිතුරන්ගේ ඉල්ලීම් කීකරුව ඉටුකල හැකි සේවාදායක පාලනයක් පිහිටුවීමේ "පාලනයේ වෙනසක” එල්ලය ඇතිව ගෙන ගොස් ඇත.

අසැල්වැසි ටියුනීසියාවේ හා ඊජිප්තුවේ මහජන නැගිටීම් ආවරනයක් ලෙස යොදා ගනිමින් එක්සත් ජනපදය හා එහි මිතුරෝ හිතාමතා ම ලිබියාව තුල ආයුධ සන්නද්ධ ගැටීමකට පෙලඹ වූ අතර සිවිල් වැසියන් ආරක්ෂා කිරීම යන ව්‍යාජ රැවටිල්ල මත සහයෝගය රැලිකර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවසරයත් සෙවූහ.

"මානුෂීය” ධජය යටතේ ගඩාෆි හා ඔහුගේ පවුල එල්ල කොට ඔවුහු නොකඩවා මිසයිල් ප‍්‍රහාරයන් එල්ල කරමින් හා බෝම්බ දමමින් උතුරු අපි‍්‍රකානු රටට එරෙහිව අනුකම්පා විරහිත හා සාපරාධී යුද්ධයක් ගෙන ගියහ. මැයි පලවෙනිදා ටි‍්‍රපොලිහි ගඩාෆිගේ නිවසට එල්ල කල මිසයිල් ප‍්‍රහාරයක් ගඩාෆිගේ පුතෙකු හා මුනුබුරන් තිදෙනෙකු මරා දැමූහ. ඇමරිකානු හා නේටෝ තාක්ෂනික සම්පත් සියල්ල ලිබියානු නායකයා සිටින තැන සොයා ගැනීමට හා මරා දැමීමට ලිබියාව තුල පුරුදුපුහුනු කරන ලදී.

මෙය එවැනි පලමු උත්සාහය නො වේ. 1969 තරම් ඈත දී, හෙන්රි කිසින්ගර් ඔහුගේ සිහිවටන හෙලි කල ආකාරයට, වැඩි වශයෙන් ඔහුගේ රැඩිකල් අරාබි ජාතිකවාදය, ඔපෙක් තෙල් ප‍්‍රතිපත්ති මත එක්සත් ජනපද -සවුදි පාලනයට ඔහුගේ බාධා කිරීම් හා අපි‍්‍රකානු රටක පෙන්ටගනයේ ලොකුම ගුවන් කඳවුර වසා දැමීම නිසා ගඩාෆි මරා දැමීමේ රහසිගත කි‍්‍රයාව ගැන එක්සත් ජනපද ආන්ඩුව තුල සාකච්ඡා පැවත් වුනි. 1986 දී, රේගන් පරිපාලනය, ගඩාෆිගේ ටි‍්‍රපොලි ගෘහාංගනයට එක්සත් ජනපද බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කලේ ය. 1990 දී, බි‍්‍රතාන්‍ය ඔත්තු සේවාව වන එම්අයි 6 ඉස්ලාමීය කන්ඩායම් සමග ඔහු මැරීමට කුමන්ත‍්‍රනය කලේ ය.

සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව "ජන සංහාරක අවි” පිලිබඳව බොරුවට දිව්රමින් හා එක්සත් ජනපදයේ "ත‍්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” සමග සහයෝගය දක්වමින් ගඩාෆි තමන් විසින් ම බටහිරට අනුගත වීමට උත්සාහ කල අතර අධිරාජ්‍යවාදී බලවේග ඔහුගේ එදිරිවාදිකම්වලට සමාව දුන්නේ හෝ අමතක කලේ හෝ නැත.

හිලරි ක්ලින්ටන් හා ඔබාමා පරිපාලනය ගඩාෆි ඝාතනය ගැන පරීක්ෂනයක් ඉල්ලීම නරුමත්වය ඉක්මවා යයි. අයිසන්හවර් පරිපාලනය පැටි‍්‍රක් ලුමුම්බා ඝාතනය පිලිබඳ පරීක්ෂනයක් ඉල්ලීම හෝ නික්සන්ගේ ධවල මන්දිරය සැල්වදෝර් ඇලන්ඩේ මියයාම පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලීම හා සමාන ය.

ප‍්‍රධාන වෙනස නම් එම දිනවල එහි ගුප්ත මෙහෙයුම් නිසා "නීතිගත මිනීමරුවා” ලෙස සීඅයිඒ සංවිධනය හඳුනා ගෙන තිබීම යි. දැන් එක්සත් ජනපදය සමස්තයක් ලෙස විවෘතව හා ලජ්ජාවකින් තොරව විදේශ ප‍්‍රතිපත්තියේ මූලික මෙවලමක් ලෙස ඝාතනය වැලඳගෙන සිටි යි.

මාස හයකට අඩු කාලයක දී අවස්ථා තුනක දී, ජනාධිපති බරක් ඔබාමා නීතිවිරෝධී ඝාතනයන් නිවේදනය කිරීමට රූපවාහිනිය ඉදිරියේ උජාරු ලෙස පෙනී සිට ඇත. පසුගිය මැයි මාසයේ දී, එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් හමුදා විසින් නිරායුදව සිටිය දී මරා දැමුනු ඔසාමා බින් ලේඩන් ඈවර කිරීම විය. සැප්තැම්බරයේ දී යේමනයේ දී හෙල්පයර් මිසයිල් ආධාරයෙන් එක්සත් ජනපද පුරවැසි අව්ලාකි මරා දැම්මේ ය. එම ප‍්‍රහාරයේ දී මියගිය දෙවැනි ඇමරිකානු පුරවැසියා සමීර් ඛාන් ය. දැන් ඔබාමා අත්තනෝමතිකව ගඩාෆි දඩයම් කිරීමේ ගෞරවය ඉල්ලා ඇත.

පකිස්තානය, යේමනය, සෝමාලියාව හා වෙනත් කොහේ දී හරි ගනන් නැති සංඛ්‍යාවක් කාහල නාදයකින් යුක්තව ඒ ආකාරයට ම ඝාතනය කර ඇත. අව්ලාකි ඝාතනයෙන් සති දෙකකට පසු, හෙල්පයර් මිසයිලයක් පියා මෙන් ම ඇමරිකානු පුරවැසියෙකු වන ඔහුගේ පුත් 16 හැවිරිදි අබ්දුල් රහ්මාන්ගේ ජීවිතය බිල්ලට ගත්තේ ය. වැඩිම දෙනෙකු ලාබාලයන් වූ තවත් අටදෙනෙක් ඝාතනය කල මෙම ප‍්‍රහාරය ඇමරිකානු මාධ්‍ය තුල සැබවින් ම වාර්තා තොකෙරුනි.

ඒ වෙනුවට මාධ්‍ය පන්ඩිතයෝ "විදේශ ප‍්‍රතිපත්තිය සාර්ථකවීම” ජනාධිපතිගේ නැවත පත්වීමේ ප්‍රයත්නයට උදව් කරනු ඇත් දැ යි වාද කරති, ඔබාමා ඵලදායක ලෙස එක්සත් ජනපද ආන්ඩුවේ නව අතිරේක - ව්‍යවස්ථාමය ශාඛාවක් වී ඇති රහස් කමිටුවක් සැකසූ "ඝාතන ලැයිස්තුවලට” අනුමැතිය දෙමින් "ප‍්‍රධාන ඝාතකයා” ලෙස වන ඔහුගේ වාර්තාව පවත්වා ගෙන යයි.

මුවම්මර් ගඩාෆි අශිෂ්ට ලෙස ඝාතනය කිරීම, ඇමරිකානු පාලක ප‍්‍රභූවේ සම්පූර්නයෙන් ම නීතිවිරෝධී හා ප‍්‍රචන්ඩ ප‍්‍රතිපත්තියක සලකුනකි, මෙම ප‍්‍රභූව තීරනාත්මක සම්පත් හා වෙලඳපොලවල පාලනය ඩැහැගැනීම එල්ලය කර ගත් අතොරක් නැති යුද්ධ හා කුපිත කිරීම් මාලාවක් මාර්ගයෙන් ඇමරිකානු ධනවාදයේ බිඳවැටීම මග හැරීමට මංමුලා සහගතව මානබලමින් සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ජාත්‍යන්තර අපරාධ උසාවිය ගඩාෆිගේ මරනය සම්බන්ධව පරීක්ෂනයක් කිරීම ගැන ඔවුන්ට බිය වීමට දෙයක් නැත යි ඔබාමා හා හිලරි ක්ලින්ටන් සහේතුකව විශ්වාස කරති. කෙසේ නමුත්, මැදපෙරදිග හා උතුරු අපි‍්‍රකාවේ යටත් විජිතවාදය නැවත කි‍්‍රයාවට දමීමට දරන මංමුලා සහගත උත්සාහය, ඇමරිකානු හා ලෝක ධනවාදයේ විසඳිය නොහැකි ආර්ථික හා සමාජ ප‍්‍රතිඝතිතාවන් සහ අර්බුදය විසඳනු නැති අතර එය ගැඹුරු කරනවා පමනි.

මෙම අර්බුදය ජාත්‍යන්තරව කම්කරු පන්තිය අරගලයට ගෙන එමින් හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අපරාධ සමග විප්ලවවාදීව ගනුදෙනු බේරා ගැනීමට තත්වය නිර්මානය කරමින් තිබේ.

බිල් වෑන් ඕකන්

Share this article: