බිඳ වැටෙන ඇමරිකාවේ චිත්‍රනය

A portrait of America in decline

31 October 2011

දරිද්‍රතාව, වැටුප්, ආදායම් අසමානතාව හා සමාජ සංචලතාව පිලිබඳ පසුගිය දින දහයේ පලවූ වාර්තා මාලාවකින්, එක්සත් ජනපදය අසීමිත ආර්ථික අවස්ථාවන් සහිත භූමිය ය, ලෝකයේ ඉහල ම ජීවන තත්වයක් සහිත රට ය, යන නිල මිත්‍යාව සමග කෙලින්ම ගැටෙන ඇමරිකානු ප‍්‍රතිරූපයක් චිත්‍රනය කර ඇත.

ස්වභාවිකව ම ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙම වාර්තාවන්ට අවධානය යොමුකර ඇති නමුත් මෙම දත්ත රැස්කලේ මාක්ස්වාදී විචාරකයින් හා ඇමරිකානු ධනවාදයේ විරුද්ධවාදීන් නො වේ. ඊට විපරීතව මෙම සංඛ්‍යා නිකුත් වනුයේ පොදු ගිනුම් කාර්යාලය, කොන්ග‍්‍රස් අයවැය කාර්යාලය, සමාජ රක්ෂන පරිපාලනය, සංගනන බියුරෝව හා නිව් යෝර්ක්හි ෆෙඩරල් සංචිත බැංකුව වැනි එක්සත් ජනපද ආන්ඩුවේ ම ආයතන විසිනි.

එය 2011 ඇමරිකාවේ කටයුතු පිලිබඳ සැබෑ තත්වය වඩාත් විශ්වාසනීයව නිරූපනය කරයි. මූල්‍ය ප‍්‍රභූවේ නියෝජිතයින් විසින් පාලනය කෙරෙන ආතනවලට පවා ඇමරිකානු ජනතාවගෙන් විශාල බහුතරයකගේ ජීවන තත්වයන් විනාශකාරී බව පිලිගැනීමට බල කෙරී ඇත.

මෙම සංඛ්‍යා ලේඛන ඇමරිකාව වැඩී යන සමාජ අසමානතාවයේ රටක් බව පෙන්ව යි, එ රටෙහි වැඩ කරන හා සියලු ධනය නිෂ්පාදනය කරන අයට ඒ වෙනුවෙන් හිමිවන්නේ එන්ට එන්ටම අඩුවෙන පංගුවක් වන නමුත් මෙම ශ‍්‍රමයේ ලාභය එකතු කරගන්නා අය පරපුටු, විනාශකාරී හා සම්පූර්නයෙන් ම ප‍්‍රතිගාමී කාර්ය භාරයක් ඉටු කරමින් සිටින අතර, ඔවුන් සිය ධනය විශ්මයජනක ඉහල මට්ටම් කරා නංවාගෙන ඇත.

වාර්තා දෙකකින් ඇමරිකාව තුල ප‍්‍රමුඛ කොටම පොහොසතුන් හා දුප්පතුන් අතර නොව, පොහොසතුන් හා අවශේෂ සමාජයම අතර නාටකාකාර සමාජ ධ‍්‍රැවාන්තගතවීම කැටිකොට දක්වයි.

ඔක්තෝබර් 20 දා සමාජ ආරක්ෂක පරිපාලනය ප‍්‍රසිද්ධ කල සංඛ්‍යාවන්ට අනුව, 2010 දී ඇමරිකානු කම්කරුවෙකුගේ මධ්‍ය ආදායම ඩොලර් 26,364ක් විය. එය හතර දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා නිල දරිද්‍රතා මට්ටම වන ඩොලර් 22,025ට වඩා එතරම් වැඩි නැත. එය සැලකිල්ලට ගත් කල්හි නිල දරිද්‍රතා මට්ටමට වඩා දෙගුනයක් උපයන පවුලක් පවා සැබෑ දුෂ්කරතාවන්ට හා අනාරක්ෂිතභාවයට මුහුන දෙන අතර ඕනෑම යුක්ති සහගත අර්ථකතනයකට අනුව පවා වාර්තාව, "දුප්පත්තු” ඇමරිකානු ජනගහනයෙන් නියත බහුතරය නියෝජනය කරන බව පෙන්වීම අතිශයෝක්තියක් නො වේ.

ඔක්තෝබර් 25 දා නිකුත්කෙරුනු කොන්ග‍්‍රස් අයවැය කාර්යාලයේ අධ්‍යයනයකට අනුව පරාසයේ අනෙක් කෙලවරෙහි ඇති, එක්සත් ජනපද කුටුම්භයන්ගේ පොහොසත් ම සියයට 1, 1979 සිට 2007 දක්වා තමන්ගේ ආදායම සියයට 275ක් හා ජාතික ආදායමෙන් සිය පංගුව දෙගුනයකටත් වඩා වැඩි කරගෙන තිබේ. මෙම ස්ථරයෙහි ආදායම ආසන්නව තුන් ගුනයකින් වැඩිවූ අතර ජනගහනයේ මධ්‍යම සියයට 60 ආදායම අවුරුදු 28ක් තුල වර්ධනය වූයේ සියයට 40කිනි, දුප්පත් ම සියයට 20 ආදායම වැඩි වූයේ සියයට 18කින් පමනි.

හෙලිදරව්කාරී වෙනත් සංඛ්‍යාලේඛන:

අවුරුදු 55 හෝ ඊට වැඩි කම්කරුවන්ගේ විරක්ෂා අනුපාතය 2007 සිට දෙගුන වී ඇති අතර ඔවුන් රැකියා නොමැතිව ගෙවන කාලය තුන් ගුනයකින් වැඩිවී ඇත. අවුරුදු 65 හා ඊට වැඩි රැකියා නියුතු කම්කරුවන්ගෙන් තුනෙන් එකක් පැයකට ඩොලර් 11ට අඩුවෙන් උපයන අතර ජනගහනයේ මෙම කොටසෙහි දරිද්‍රතා අනුපාතය හා ආහාර මුද්දර මත යැපීම තියුනු ලෙස වැඩි වී ඇත.

2010 දී ගන්නා ලද ශිෂ්‍ය නය ප‍්‍රමානය ඩොලර් බිලියන 100 ඉක්මවා ගිය අතර එය මෙතෙක් එක් වසරක් තුල ලබා ගත් වැඩි ම නය මුදල යි. මුලු ශිෂ්‍ය නය 2011 දී ඩොලර් ටි‍්‍රලියන 1 කඩඉම ඉක්මවා ගිය අතර එය ක්‍රෙඩිට් කාඩ් නය සමස්තයට වඩා වැඩි විය. සිසුන්ට සිය පාසැල් අධ්‍යාපනය සඳහා යම්තම් අවුරුදු 10ට පෙර ගත් නය මුදලට වඩා දෙගුනයකටත් වඩා දැන් නය ගැනීමට සිදුවී තිබේ.

ඇමරිකාව තුල භූගෝලීය සංචලනය 1948න් පසු වාර්තා වූ අඩුම මට්ටමට වැටී ඇත. මෙය තරුනයන්ට අවස්ථාවන් නැතිවීම පිලිබඳ එක් පිලිබිඹුවකි. මිනිසුන්ට ඔවුන්ගේ නිවාස විකිනීමට හෝ නව නිවාස මිල දී ගැනීමට හෝ නොහැකිවී ඇත. තරුන විද්‍යාල උපාධිධාරීහු බහුතරයකට තමන්ගේ ම ජීවිතයක් ගොඩනගා ගැනීමට තරම් වැටුපක් ලැබෙන රැකියාවක් සොයා ගත නොහැකි වීම නිසා සිය දෙමව්පියන් සමග ජීවත් වීම සඳහා ආපසු ඔවුන් වෙතම යාමට බල කෙරී තිබේ.

සමාන උත්සුකයන් සහිත චීන කම්කරුවන් සියයට 6 සමග සන්සන්දනය කරන විට, ජනගහනයෙන් සියයට 19ක්, එනම් එමෙන් තුන් ගුනයක් ඇමරිකානු කම්කරුවෝ, තමාට ම හෝ තම පවුල ජීවත් කර වීමට හැකිවේ ද යන්න ගැන කනස්සලු වන බව ගලුප් මත විමසුම හඳුනා ගත්තේ ය. මූලික සමාජ අවශ්‍යතාවන් ඉටුකර ගැනීම පිලිබඳ ගලුප් තක්සේරුව කම්කරුවන් ආහාර, ප‍්‍රමානවත් නිවාස හා යහපත් වෛද්‍ය පහසුකම් සලසා ගැනීම වඩ වඩාත් දුෂ්කර වන බව හඳුනා ගනිමින් සිටින බව පෙන්වී ය.

මෙම සංඛ්‍යා ප‍්‍රකාශ කරන්නේ ප‍්‍රගාඪ සමාජ අර්බුදයක් හා දැවැන්ත ඓතිහාසික ප‍්‍රතිවර්තනයකි. කම්කරු පන්තියේ ජීවන තත්වයන් ද ඇතුලු සමාජ දර්ශකයන් වැඩිම ගනනක් තුල එක්සත් ජනපදය, ලෝකයේ ප‍්‍රමුඛස්ථානයේ සිට දැන් ජනගහනයේ වැඩි කොටස විනාශයට හා කාලකන්නි තත්වයන්ට ඇද හෙලා ඇති අඩුම වශයෙන් කාර්මික රටවල් අතර, නායකයා බවට පත්වන නව තත්වයකට උසස් වී ඇත.

ඇමරිකානු ධනවාදයේ බිඳවැටීම, කලක් ශක්තිමත්ව තිබූ එහි කාර්මික පදනමේ දිරාපත්වීමෙන් ද, ගරා වැටෙන මාර්ග, පාලම් හා අනෙකුත් සමාජ පොදු කාර්ය ව්‍යුහය සහ පාසල්, පුස්තකාල, රෝහල් හා අනෙකුත් මහජන සේවාවන් වැනසීම තුලින් ද ප‍්‍රදර්ශනය වේ. මෑතම මත විමසුමකට අනුව, ඇමරිකානු ජනයාගෙන් සියයට 80ට වැඩි කොටසක්, රට වැරදි මාර්ගයේ යන බව සිතීම පුදුමයක් නො වේ.

මෙම බිඳවැටීම අරා සිටින මූල්‍ය ප‍්‍රභූව, අවශේෂ සමාජය සමග ඇති ඔවුන්ගේ සම්බන්ධය මගින් සිහි කැඳවන්නේ, පූර්ව විප්ලවවාදී ප‍්‍රන්සයේ පෞරානික පාලනය යි.

වාර්තා හා ඇමරිකානු සමාජය පිලිබඳව ඒවායින් සැපයෙන චිත‍්‍රය, ඔබාමා පරිපාලනය පිලිබඳවත්, ඔබාමාගේ තේරී පත්වීම ඇමරිකානු දේශපාලනයේ පරිවර්තනීය සිද්ධියක් ලෙසත් හුවා දැක්වූ සියල්ලන්ට කෙරෙන සුවිශේෂී වූ සාපරාධී චෝදනාවකි. ඔබාමා විසින් අධීක්ෂනය හා දිරිමත් කෙරුනු, කම්කරු පන්තියෙන් මූල්‍ය ප‍්‍රභූව වෙත ධනය දැවැන්ත ලෙස යලි බෙදාහැරීම, පසු ගිය තෙ වසරෙහි සැබෑ අන්තර්ගතය වී ඇත. එය පමනයි ඉදිරියට යන්නේ.

කම්කරු පන්තිය සඳහා සියල්ලට ම වඩා වැදගත් දේශපාලන අවශ්‍යතාවය නම් සමාජ හා ආර්ථික පරිහානියේ මූලයන් ග‍්‍රහනය කර ගැනීම යි. එක්සත් ජනපදයේ හා ලෝක පරිමානව අසාර්ථක වී ඇත්තේ ධනවාදය යි. ලාභය සඳහා වන නිෂ්පාදන පද්ධතිය එහි මුදුනේ වන කුඩා සුලුතරයකට සැබවින් ම වාර්තා ගත ලාභයක් නිර්මානය කර තිබෙන නමුත් අතිවිශාල බහුතරය ඇතුලත් වන කම්කරු පන්තියට එය ආවෘත අන්තයක් වී ඇත.

රැකියා, හොඳ අධ්‍යාපනයක්, සුරක්ෂිත විශ‍්‍රාම ක‍්‍රමයක් හා අනෙකුත් මූලික සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීමේ දී කම්කරු පන්තිය තමන්ගේ ම ක‍්‍රියාමාර්ගයක් විස්තාරනය කල යුතු ය. මෙය කල හැකි වන්නේ කම්කරුවන්ගේ ආරක්ෂාවට යයි බොරුවට පවසන අතර, බැංකු හා සංගතවල අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින, නිල වෘත්තිය සමිති හා ඩිමොක‍්‍රටික් පක්ෂයේ ග‍්‍රහනයෙන් බිඳී වෙන්වීමෙන් පමනි.

අසමානතාවට හා සමස්ත දේශපාලන පද්ධතියේ සංගත පාලනය කෙරෙහි සනිටුහන් කෙරෙන වැඩෙන විරෝධය, වෝල් වීදිය වාඩිලාගනු ව්‍යාපාරයේ ප‍්‍රසාරනය හා මාස දෙකකට අඩු කාලයක දී එය දිනා ඇති මහජන සහාය යටින් පවතී. එහෙත් මෙය ඉදිරියේ දී ඇති වීමට නියමිත දෙයෙහි ආරම්භක ප‍්‍රකාශනය පමනි.

ධනවාදයේ අර්බුදයට උත්තරය නම්, ධනවාදීන්ට එරෙහි අභීත ප‍්‍රහාරයකි. කම්කරු පන්තිය සමාජවාදී ඉල්ලීම් සඳහා සටන් කල යුතු ය. එනම් ප‍්‍රකෝටිපතියන් හා සමස්ත පාලක මූල්‍ය කතිපයාධිකාරයේ දේපල අස්වාමික කිරීම, ප‍්‍රධාන බැංකු හා සංගත මහජන පාලනය යටතට ගැනීම, වැඩ කරන ජනතාව විසින් උත්පාදනය කරන අති විශාල ධන සම්පත් පෞද්ගලික ලාභය නොව, සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා ප‍්‍රයෝජනයට ගැනීම යි.

මෙම අරගලය ඉදිරියට ගෙන යාමේ දී තීරනාත්මක කාරනය වනුයේ, කම්කරු පන්තිය තුල නව විප්ලවවාදී නායකත්වයක්, එනම්, සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීම යි. සමාජවාදී සමානතා පක්ෂයට බැඳී මෙම ඉදිරිදර්ශනයට ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල සටන් කරන ලෙස අද දේශපාලන අරගලයට පිවිසෙන තරුනයන්ගෙන් හා කම්කරුවන්ගෙන් අපි ඉල්ලමු.

පැටි‍්‍රක් මාටින්

Share this article: