පියසීලි විජේගුනසිංහ අනුස්මරන දේශනයක් ගාල්ලේ දී

02 November 2011

මාක්ස්වාදී කලා විචාරිකා පියසීලි විජේගුනසිංහ සහෝදරියගේ ජීවිතය අගය කරනුවස්, "වත්මන් සිනමාවේ හා සංස්කෘතියේ අර්බුදය” මැයින්, සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද දේශනයක්, නොවැම්බර් 03 දින පස්වරු 3.30ට ගාල්ල නගර ශාලාවේ දී පැවැත්වේ.

1970 දශකයේ මුල් භාගයේ එවකට පැවති ශී‍්‍ර ලංකා - සමසමාජ - කොමියුනිස්ට් හවුල් ආන්ඩුව ආරම්භ කල කලා දඩයමට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පෙර ගමන්කරු වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ආරම්භ කල අරගලයේ නායිකාවක් ලෙස මාක්ස්වාදී කලා විචාරයට ප‍්‍රවිෂ්ට වූ පියසීලි විජේගුනසිංහ සහෝදරිය පසුගිය වසරේ සැප්තැම්බර් 02 වනදා අප අතරින් වියෝවන තෙක් මාක්ස්වාදී කලා විචාරයට කරන ලද සුවිශිෂ්ට ප‍්‍රතිපදානය අද දින කලා හා සංස්කෘතික ක්ෂේත‍්‍රයන් මුහුන දී ඇති අර්බුදයට විසඳුම් සොයන හා රාජ්‍ය මර්දනයට එරෙහිව කලාවේ නිදහස වෙනුවෙන් සටන් වදින කලාකරුවන් සහ බුද්ධිමතුන් සඳහා මග පෙන්වනු ඇත.

පියසීලි විජේගුනසිංහ ඇතුලු විකොස හා සසප සහෝදර සහෝදරියන් කලාව හා සංස්කෘතිය ක්ෂේත‍්‍රයේ කරන ලද අරගලය ඉදිරියට ගෙනයාමේ කොටසක් ලෙස පැවැත්වෙන උක්ත දේශනය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛක පානිනී විජේසිරිවර්ධන විසින් සිදු කෙරෙන අතර දේශනය අවසානයේ, ප‍්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂිත "පුරහඳ කළුවර” චිත‍්‍රපටය නොමිලේ ප‍්‍රදර්ශනය කෙරේ. මෙම අවස්ථාවට සහභාගි වන ලෙස කම්කරුවන්, තරුනයන්, බුද්ධිමතුන් හා කලාකරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

දිනය හා වේලාව: නොවැම්බර් 03 වන බ්‍රහස්පතින්දා සවස 3.30

ස්ථානය: ගාල්ල නගර ශාලාව

Share this article: