එක්සත් ජනදපය, එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙමල ජාතික සන්ධානයේ නියෝජිත කන්ඩායම නොසලකා හරී

US, UN snub Tamil National Alliance delegation

By Wije Dias, 11 November 2011

ශී‍්‍ර ලංකාවේ දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) නියෝජිත කන්ඩායමක් පසුගිය මාසයේ අග එක්සත් ජනපදයට කල සංචාරය, දෙමල ජනතාවගේ අයිතීන් පිලිගැනීම දෙසට තැබුනු තීරනාත්මක ඉදිරි පියවරක් ලෙස දෙමල පක්ෂ සහ මාධ්‍ය විසින් උත්කර්ෂයට නංවනු ලැබුනි. කෙසේවෙතත්, එම සංචාරය අවසන් වූයේ, ජ්‍යෙෂ්ඨ ඇමරිකානු හා එක්සත් ජාතීන්ගේ නිලධාරින්ගේ රාජ්‍යතාන්ති‍්‍රක නොසලකා හැරීම් සහිතව, නින්දිත ලෙස ය. එමගින් යලිත් වරක් පෙන්නුම් කෙරුනේ, සහන ලබාගැනීම පිනිස ශී‍්‍ර ලංකාවේ ආන්ඩුවට බලපෑම් දමන ලෙසට මහ බලවතුන්ට ටීඑන්ඒ කරන ආයාචනාවන්හි නිරර්ථක භාවය යි.

එහි එලඹෙන එක්සත් ජනපද සංචාරය සම්බන්ධයෙන් ටීඑන්ඒ සංවිධානයට උද්යෝගිමත් ලෙස සුභපතමින්, ප‍්‍රතිවාදී සන්ධානයක් වන දෙමල ජාතික ජනතා පෙරමුන සිදු කල අදහස් දැක්වීමක් ඔක්තෝබර් 23 දා ටැමිල්නෙට් වෙබ් අඩවිය වාර්තා කලේ ය. සංචාරය, "දශක ගනනාවක් තිස්සේ බහුතරවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුල දුක් විඳ ඇති දෙමල ජනතාවගේ දේශපාලන තත්වය වැඩි දියුනු කිරීමේ විභවය” සහිත "අර්ථභාරී ඓතිහාසික ප‍්‍රථම අවස්ථාව” වනු ඇතැයි පෙරමුන ප‍්‍රකාශ කලේ ය.

සාමාන්‍ය දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සඳහා එක්සත් ජනපදයේ හා එක්සත් ජාතීන්ගේ සහයෝගය සහතික කරගැනීම කිසිදාක ටීඑන්ඒ නියෝජිත කන්ඩායමේ එල්ලය වූයේ නැත. ඒ වෙනුවට එය ශී‍්‍ර ලංකාව තුල සිය දේශපාලන තත්වය ඉහල දමාගැනීම උදෙසා සහයෝගය පිනිස දෙමල ප‍්‍රභූව බඩගාමින් කරන ආයාචනා ඉදිරියට ගෙනයාමකි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ පාර්ලිමේන්තු හොරනෑව ලෙස කි‍්‍රයාත්මක වූ ටීඑන්ඒ, 2009 මැයි මස එල්ටීටීඊයේ මිලිටරි පරාජයෙන් පසුව කොලඹ දේශපාලන සංස්ථාපිතය තුලට යලි ඒකාග‍්‍ර වී ගැනීම පිනිස මංමුලා සහගත ප‍්‍රයත්නයක යෙදී සිටී.

සංචාරය බලාපොරොත්තු වූ ප‍්‍රතිඵලය ගෙන ආවේ නැත. ටීඑන්ඒ සංවිධානයට රාජ්‍ය ලේකම් හිලිරි ක්ලින්ටන් වත් දකුනු හා මධ්‍යම ආසියාව පිලිබඳ සහකාර ලේකම් රොබර්ට් ඔ බ්ලේක් වත් හමු විය නොහැකි විය. බ්ලේක් සැප්තැම්බරයේ දිවයිනට කල සංචාරයේ දී රාජ්‍ය දෙපාර්තමේන්තුවට සංචාරයක යෙදෙන ලෙස ටීඑන්ඒ සංවිධානයට නාමමාත‍්‍ර ආරාධනාවක් කර තිබුනි. එහෙත්, නියෝජිත කන්ඩායමට කතා කරන ලෙස භාර දී තිබුනේ, සැප්තැම්බරයේ සිට දේශපාලන කටයුතු පිලිබඳ උප ලේකම් ලෙස සේවය කර ඇති වෙන්ඩි ෂර්මන් නම් සාපේක්ෂව කනිෂ්ඨ නිලධාරියෙකුට ය.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දී මුහුන දුන් ව්‍යසනයට පසුව, ටීඑන්ඒ නියෝජිත කන්ඩායම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන් හමුවීමට උත්සාහ කල මුත්, තවත් අවමානයකට මුහුන දුනි. කලින් යොදා ගෙන තිබූ හමුවීම කිසිදු පැහැදිලි කිරීමක් නැතිව අවසාන මොහොතේදී අවලංගු කෙරුනු අතර බෑන්ගේ උප ලේකම්වරයකු වන ලින් පැස්කෝ ටීඑන්ඒ නියෝජිත කන්ඩායමට කතා කරනු පිනිස එවනු ලැබුවේ ඔවුන්ගේ බලාපොරොත්තු කඩකරමිනි.

ටීඑන්ඒ සංවිධානය හෝ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ සංචාරය පිලිබඳ නිල නිවේදනයක් නිකුත් කලේ නැත. කෙසේවෙතත්, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකා වික්ටෝරියා නුලාන්ඩ් පසුගිය සිකුරාදා කල සැඳහුමක් මගින් කරුනු එලිදරව් කෙරුනි. නිතිපතා පවත්වන මාධ්‍ය සාකච්ඡාවක් තුල දී, ඇය වාර්තා කලේ, වෙන්ඩි ෂර්මන් ටීඑන්ඒ නියෝජිත කන්ඩායම හමු වී ඇත්තේ, එක්සත් ජනපදයට "මේ මස අග දී නිකුත් වීමට නියමිත උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිෂමේ වාර්තාව ගැන ඉහල බලාපොරොත්තු -- වාර්තාව ඉහලම ගුනාත්මක භාවයක් ගනු ඇති බවට පමනක් නොව ශී‍්‍ර ලංකා ආන්ඩුව එය කි‍්‍රයාවට දැමීමට පියවර ගනු ඇති බවට ද -- ” ඇති බව අවධාරනය කිරීමට බවයි.

මොන යම් නාමික හෝ සහයෝගයක් දීම පිලිබඳ බිංදු මාත‍්‍රයක හෝ අභිප‍්‍රායක් වොෂිංටනයට නොමැති බවට ෂර්මන්ගේ ප‍්‍රකාශ මගින් ටීඑන්ඒ නියෝජිත කන්ඩායමට වහාම පැහැදිලි කෙරෙන්නට ඇත. උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිෂම වනාහි එල්ටීටීඊයට එරෙහි සිය යුද්ධය තුල දී මිලිටරිය විසින් සිදු කරන ලද ජනඝාතක කි‍්‍රයාවන් යටගසනු පිනිස ශී‍්‍ර ලංකා ආන්ඩුව දැරූ ගොරහැඩි ප‍්‍රයත්නයකි. එවන් වංචාවක් යුක්තියුක්ත ප‍්‍රයත්නයක් ලෙස එක්සත් ජනපදය සලකයි යන කරුන මගින් සංඥා කෙරෙන්නේ, ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ පිලිබඳව ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා එය කලින් කල ඉල්ලීමෙන් ඉවතට හැරීමකි.

වොෂිංටනය සහ එහි සගයන් ශී‍්‍ර ලංකා මිලිටරියේ කි‍්‍රයාවන් පිලිබඳව සීමිත විවේචන මතු කලේ, දෙමල සුලුතරය ගැන කිසිදු උත්සුකතාවකින් නොව, ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව මත පීඩනය යෙදීම පිනිස එය ප‍්‍රයෝජනවත් වූ හෙයිනි. යුද්ධයේ අවසන් මාස ගනනාව තුල දී, චීනයේ වැඩෙන ආනුභාවය පිලිබඳව එක්සත් ජනපදය කනස්සල්ලට පත්ව සිටියේ ය. චීනය යුද්ධය තුල දී රාජපක්ෂ ආන්ඩුවට සැලකිය යුතු මූල්‍යමය හා මිලිටරි සහයෝගයක් ප‍්‍රදානය කොට තිබුනි. ඔබාමා පාලනාධිකාරය, බෙයිජිං පාලනයට වඩා සමීප වීමේ පිලිවෙතට එරෙහිව රාජපක්ෂ අනතුරු ඇඟවීම පිනිස යුද අපරාධ පිලිබඳ නඩු විභාගයක ව්‍යංග තර්ජනය යොදා ගති.

ටීඑන්ඒ රාජ්‍යතාන්ති‍්‍රක මෙහෙයුමේ අසාර්ථකත්වය කොලඹ මාධ්‍ය තුල ජයග‍්‍රාහී ඝෝෂාවකට තුඩු දී තිබේ. සංචාරයට පෙරාතුව, ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව සහ මාධ්‍ය, ටීඑන්ඒ සමග මොන යම් හෝ ඉහල පෙලේ හමුවකට එරෙහිව එක්සත් ජනපදයට හා එක්සත් ජාතීන්ට අනතුරු ඇඟවී ය. සන්ඩේ ටයිම්ස් ඔක්තෝබර් 30 කතුවැකිය කෝපභරිතව මෙසේ ප‍්‍රකාශ කලේය: "වොෂිංටනයේ දී ටීඑන්ඒ සමග සාකච්ඡාවන්ට එක්සත් ජනපද ආන්ඩුව සහභාගි වීම ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමකට බෙහෙවින් ම ආසන්න කි‍්‍රයාවක් විය හැකිය.” සංචාරයෙන් ක්ෂනික ඉක්බිතිව විදේශ කටයුතු ඇමති ජී.එල්. පීරිස්, ටීඑන්ඒ සංවිධානයට මිලක් ගෙවීමට සිදුවනු ඇතැයි අනතුරු ඇඟවූයේ, මෙසේය: "ටීඑන්ඒ අනෙක් ආන්ඩු වෙත යාම හා ඒවාට කතා කිරීම මේ රට තුල මහජන මතය ශක්තිමත් කිරීමට තුඩු දෙනු ඇත.”

"ටීඑන්ඒ සංවිධානයේ බටහිර සංචාරය සහ දෙමල ජනතාවගේ ඉරනම” යන මැයෙන් යුක්ත ඩේලි මිරර් නොවැම්බර් 7 කලාපයේ කතුවැකියක් ටීඑන්ඒ සංවිධානයට ඔච්චම් කලේ ය. ඔවුන් "ඉන්දියාවේ සහාය ඇතිව දෙමල ජනතාවගේ ගැටලුවලට ශක්‍ය විසඳුමක් සොයා ගත” යුතු ය යන යෝජනාවෙන් සෑහීමට පත් වීමට එක්සත් ජනපදය දෙමල නියෝජිත කන්ඩායම පොලඹවාලූ බවත් "ශී‍්‍ර ලංකාවේ සන්නද්ධ හමුදාවන්ට එරෙහි යුද අපරාධ චෝදනා වල දමන” ලෙස ඔවුන්ට උපදෙස් දුන් බවත් එය කියාපෑවේ ය.

එය ඉන්දියාව දෙසට හැරුන හොත්, ටීඑන්ඒ සංවිධානයට ලැබෙනු ඇත්තේ මීට සමාන ඇල් මැරුනු පිලිගැනීමකි. එහි වොෂිංටන් සංචාරය ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර පැවති පොදු රාජ්‍ය මන්ඩලයේ රාජ්‍ය නායක සමුලුව සමග සම්පාත විය. එහි දී ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් වාර්තාව පිලිබඳ විවේචන අපසරනය කරනු පිනිස ඉන්දියාව ප‍්‍රමුඛ කි‍්‍රයාකලාපයක් ඉටු කලේ ය. ඊලඟ පොදු රාජ්‍ය මන්ඩලයේ රාජ්‍ය නායක සමුලුව ජනාධිපති රාජපක්ෂගේ සත්කාරත්වයෙන් 2013 වසරේ දී ශී‍්‍ර ලංකාවේ පැවැත්විය යුතු යයි මෙවර සමුලුව ඒකමතිකව තීන්දු කලේ, ස්ථානය වෙනස් කෙරෙනු ඇති බවට පැවති සියලු යෝජනා වලකාලමිනි. ආන්ඩුව ලද රාජ්‍යතාන්ති‍්‍රක ජයග‍්‍රහනයක් ලෙස එම තීන්දුව කොලඹ දී ප‍්‍රශංසාවට ලක් කෙරුනි.

ටීඑන්ඒ සංවිධානය නොසලකා හැරීමේ එක්සත් ජනපද තීන්දුව මගින් පෙන්නුම් කෙරෙන්නේ, එය ශී‍්‍ර ලංකා මිලිටරියට එරෙහි යුද අපරාධ චෝදනා පිලිබඳ කාරනාව වල දමා ඇති බවයි. මෙම වෙනස මුලින්ම සංඥා කෙරුනේ 2009 දෙසැම්බරයේ දී ය. ඒ එක්සත් ජනපද සෙනෙට් විදේශ සබදතා කමිටුවේ වාර්තාවක් "එක්සත් ජනපදයට ශී‍්‍ර ලංකාව අහිමි කර ගත නොහැකි” බව තීන්දු කිරීමෙනි. "ශී‍්‍ර ලංකාව තුල ද එක්සත් ජනපද භූ-මූලෝපායික අවශ්‍යතාවන්ගේ ද නව දේශපාලන හා ආර්ථික යථාර්ථයන් වටහා ගන්නා වඩා පුලුල් හා වඩා ශක්තිමක් ප‍්‍රවිෂ්ටයක් ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ගත යුතු” බවට එය නිර්දේශ කලේ ය.

මේ කිසිවක් ටීඑන්ඒ සංවිධානයේ දිශාවනතිය වෙනස් කොට නැත. ව්‍යාජෝපායන්, නොසලකා හැරීම් හා කඩවුනු පොරොන්දු නොතකා, ටීඑන්ඒ සංවිධානය දිගටම යෙදී සිටින්නේ, "දේශපාලන විසඳුමක්” පතා රාජපක්ෂ ආන්ඩුවට ඇවිටිලි කරන අතර, "ජාත්‍යන්තර ප‍්‍රජාවේ” සහයෝගය යැදීමෙහි ය. එවන් එකඟතාවක් කම්කරු පන්තිය ඒකාබද්ධව සූරාකෑමේ කොටසක් ලෙස දෙමල ජනයා පාලනය කිරීමෙහිලා සිංහල ප‍්‍රභූව සමග සහයෝගී වීමේ සීමිත කාර්යභාරයක් දිවයිනේ දෙමල ප‍්‍රභූවට ලබා දෙනු ඇත.

ටීඑන්ඒ සංවිධානයේ නිවට යටත්වීම සෘජුවම ගලා එන්නේ, දෙමල ධනේශ්වරයේ දේශපාලන නියෝජිතයා ලෙස එය ඉටු කරන කි‍්‍රයාකලාපයෙනි. එල්ටීටීඊය මෙන්ම, එය ද, වැඩ කරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් වෙනුවෙන් ස්ථිරසාර අරගලයක් ගෙනයාමට සමත් එකම සමාජ බලවේගය වන කම්කරු පන්තිය වෙත කිසිදු ආයාචනයක් කිරීමට ඓන්ද්‍රියව අසමත් ය. මොන යම් හෝ මහජන ව්‍යාපාරයකින් සිය වරප‍්‍රසාදිත තත්වයට එල්ල වන තර්ජනය හමුවේ බියපත්ව, ටීඑන්ඒ සංවිධානය, දේශපාලන බලයේ කුඩා කොටසක් වෙනුවෙන් කොලඹ ආන්ඩුවට හා මහ බලවතුන්ට නිරර්ථක ආයාචනා කිරීමේ දිගටම යෙදී සිටී.

අවශ්‍ය දේශපාලන පාඩම් උකහා ගන්නා ලෙස දෙමල කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටී. අනුප‍්‍රාප්තික කොලඹ ආන්ඩු, සිංහල ස්වෝත්තමවාදය හා දෙමල විරෝධී වෙනස්කම් කිරීම් ප‍්‍රවර්ධනය කිරීමේ ඔවුන්ගේ පිලිවෙත් මගින්, දිවයින ව්‍යසනයට ලක් කල දිග්ගැසුනු සිවිල් යුද්ධය සම්බන්ධයෙන් වගකිව යුතු විය. කෙසේවෙතත්, එල්ටීටීඊයේ හා ටීඑන්ඒ සංවිධානයේ වාර්ගික දේශපාලනය, කම්කරු පන්තිය භේදව තබා ගැනීම හා ධනේශ්වර පාලනයට අභියෝගයක් මතුවීම වලකාලීම මගින් ව්‍යසනයට සෘජුවම දායක වී තිබේ.

මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කරගත හැකි වන්නේ, කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටන තුල කම්කරුවන් ද ඔවුන් පිටුපස පීඩිත ගම්බද ජනතාව ද ඒකාබද්ධ කිරීමේ හා බලමුලු ගැන්වීමේ අරගලයේ කොටසක් ලෙස පමනි. දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා වන වඩා පුලුල් අරගලයේ ඒකාග‍්‍ර කොටසක් වන ශී‍්‍ර ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සසප කරන කැඳවුමේ පදනම එය යි.

Share this article: