සිසැක් මෑන්හැටන්හි දී දේශනාවක් පවත්වයි :

"වාමාංශිකයෙක්” ලෙස වෙස්වලා ගෙන සිටින බුද්ධිමය වංචාකාරයෙක්

Zizek in Manhattan: An intellectual charlatan masquerading as “left”

By Bill Van Auken and Adam Haig , 12 November 2010

ස්ලෝවියානු ශාස්ත‍්‍රාලිකයෙක් සහ කතුවරයෙක් වන ස්ලැවොජ් සිසැක්, ගිය සඳුදා මෑන්හැටන්හි කූපර් යූනියන් ආයතනයේ ප‍්‍රධාන ශාලාවට පිරුනු අසන්නන් සමූහයක් ඉදිරියේ කතාවක් පැවැත්වීය. එහි දී ඔහු යුරෝපය පුරා ක‍්‍රියාත්මක කෙරෙන පටි තද කර ගැනීමේ පියවර ගැනත් ස්වභාව ධර්මයේ විනාශයන් ගැන තමා කරන අනතුරු හැඟවීම් ගැනත් ඔහු නිතරම කථා කිරීමට ආශා කරන්නා වූ ජනපි‍්‍රය සංස්කෘතිය තුල පවතින පරපීඩක-කාමෝද්දීපනමය අංශ ගැනත් අතිසතුටින් ප‍්‍රකාශ දෙමින් උමතු ලෙස මාතෘකාවෙන් මාතෘකාවට පනිමින් විනාඩි 90 ක් තිස්සේ තමාට ම කර ගැනුනු කතාවක් කලේ ය.

සිසැක්ව පිලිගැනෙන්නේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම ජනප‍්‍රිය බුද්ධිමතෙක් ලෙසත් ප‍්‍රමුඛ පශ්චාත් නූතන හෙවත් "පශ්චාත්-මාක්ස්වාදී” දර්ශනවාදියෙක් ලෙසත් "සංස්කෘතික න්‍යාය තුල එල්විස් ප්‍රෙස්ලි (ඇමරිකාවේ සිටි ජනප‍්‍රියතම සුරතල් ගායකයා -පරිවර්තක) කෙනෙක්” ලෙසත් ය. යුරෝපයේ සහ එක්සත් ජනපදයේ පීඨවලට පිටතින් පැමින ඉගැන්වීමේ පැවරුම සඳහා විශාල ඉල්ලුමක් ඔහු සඳහා ඇති අතර විශේෂයෙන් ම මෙම රැස්වීමේ සිටි අසන්නන් කන්ඩායම අතර නො අඩුව සිටියා වූ ත් ශාස්ත‍්‍රඥයන් සහ ශාස්ත‍්‍රඥයන් වීමට අපේක්ෂා කරන්නා වූ ත් කන්ඩායමක් ඇතුලත් ලෙන්ගතු අනුගාමිකත්වයක් ද ඔහුට සිටී.

සිසැක් ගේ විශ්වය වන්නේ මෙම තුනී සමාජ තට්ටුව යි. ඔහුගේ විහිලුකාර අභිනය නමැති ඇඳුම හැඩ ගන්වා මසා ඇත්තේ මේ අයවලුන් ඇවිස්සීමටත් කිතිකැවීමටත් ප‍්‍රමෝදයට පත් කිරීමටත් ය.

දාර්ශනිකව ගත්කල සිසැක් නව නිර්මානාත්මක හෝ නව්‍ය මත ඉදිරිපත් කරන චින්තකයෙක් නො වේ. එක් ශාස්ත‍්‍රාලීය ප‍්‍රශස්තිකරුවෙක් සිසැක්ට මූලික වසයෙන් බලපෑම් සිදු කල අය අතර හේගල් සහ මාක්ස් සිටින බව පැවසූවත් එම පැටිකිරිය බොරුවකි.

සිසැක් යනු ෂෙලිං, කියකගාඩ්, නීට්ෂේ සහ හයිඩැගර්ගේ බුද්ධිරෝධවාදයෙන් පැවත එන ප‍්‍රති-මාක්ස්වාදී හා ප‍්‍රති-භෞතිකවාදී ප‍්‍රතිගාමී සම්ප‍්‍රදාය තුලින් එලියට ඇදී ඇති මොටෙයියෙකි. විශේෂයෙන් ම ඔහු, තමා උපාධි ශිෂ්‍යයෙකු ව සිටිය දී මුන ගැසුනු ජැක් ලකාන් ගේ පශ්චාත් හයිඩැගරියානු මනෝ විශ්ලේෂනය ද ඇතුලු 1960 ගනන්වල මතු වූ ප‍්‍රන්ස පශ්චාත් ව්‍යුහවාදයේ ප‍්‍රධාන බුද්ධිමතුන්ගේ අදහස් හා නව-නීට්ෂෙයානු හා නව-හයිඩැගරියානු චින්තනවලින් සාරසංග‍්‍රහාවාදී ලෙස කෑලි මූට්ටු කිරීමේ යෙදී සිටී.

ප‍්‍රන්ස පශ්චාත් ව්‍යූහවාදීන් ගෙන් බොහෝ දෙනෙක් ස්ටැලින්වාදයේ හෝ මාවෝවාදයේ සමගාමීහු -උදාහරන වසයෙන් බෝඩි‍්‍රල්ලා, ඩෙරීඩා, ෆූකෝ, ගුවත්තාරී, සහ ක‍්‍රිස්ටීවා - වූහ. එම නිසා ම සිසැක් ඉඳහිට සෝවියට් සහ චීන ඒකාධිපතියන් වර්නනා කිරීම පුදුමයකට කරුනක් නො වේ.

සිසැක් සමහර අවස්ථාවල දී තමා "හොඳ ස්ටැලින්වාදියෙක්” යැයි තමන්ව ම හඳුන්වා ගනී. සමහර අවස්ථාවල දී ස්ටැලින් කලාක් මෙන් තමාගේ ම ප‍්‍රකාශවලට පේ‍්‍රක්ෂක සමූහයා සමග එක් ව අත්පුඩි ගැසීමට පෙලඹෙන හෙයින් ඔහු තමා චුට්ටි ස්ටැලින් කෙනෙක් බවට සිතින් මවාගෙන ඇතැයි සිතීමට හේතු පවතී. එවැනි අවස්ථාවල දී සිසැක් තම ජීවිතය තුල දී තමාට ආදර්ශයක් වූ අනුකාරකයා ගැන අසන්නන්ට පවසන්නේ දැවෙන උද්යෝගයකිනි.

තර්ක විරෝධය, පශ්චාත් ව්‍යූහවාදය සහ මනෝ විශ්ලේෂනයට අමතර ව සිසැක්ට ඉතා මෑත දී බලපෑම් ඇතිකල අයෙක් වන්නේ තම 70 ගනන්වල ජීවත් වන ප‍්‍රන්ස දර්ශනවාදියෙක් වන ඇලේන් බදියු ය. ඔහු මාඕට ආකර්ෂනය වී ඇත්තා වූත් "පක්ෂයක් නොමැති දේශපාලනය” යන සුලු ධනේශ්වර සංකල්පය ඉදිරිපත් කරන්නා වූත් "අප හැමවිට ම දේශපාලනයෙන් ආර්ථිකය කරා යා යුතුය හා කිසිවිටෙක ආර්ථිකයෙන් දේශපාලනය කරා නො යා යුතු ය” යන ස්වේච්ඡාවාදී මතයට පක්ෂව පෙනී සිටින්නා වූත් අයෙකි.1

සිසැක් ද ඒවාට සමාන අදහස් ප‍්‍රකාශ කර ඇති අතර සිද්ධිය නමැති බදියුගේ ගූඪවාදී සංකල්පය පිලිගෙන ඇත. සිසැක්ගේ ඔයැ The Parallax View (ද පැරලැක්ස් වීව්) 2009 2 නම් කෘතියේ ඉදිරිපත් කර ඇති අයුරු මෙය ස්වයං-සම්බන්ධිත වූත් ස්වයං අන්තර්ගත වූත් එය විසින් තමන් කැඳවන්නේ යැයි සලකන අයට පමනක් පෙනෙන්නා වූත් ප‍්‍රපංචයකි. බදියු සහ සිසැක් අතර දාර්ශනික මතභේද ද පැවතුනත් ඒවා දෙදෙනා ගේ මිත‍්‍රත්වය පලුදු කර ගැනීමට හෝ සිසැක් විසින් බදියු පෙරමුනට දැමීමට බාධා කිරීමට තරම් බලවත් ඒවා නො වේ.

පශ්චාත්-ව්‍යූහවාදීන් සහ පශ්චාත්-මා ඕවාදීන් මෙන් ම සිසැක් ද දේශපාලන අවස්ථාවාදියෙකි. එහෙත් ඔහු ඔවුන්ට වඩාකඨෝර හා අවිනීත අවස්ථාවාදියෙකි. ඔහු රැඩිකල් සද්දයක් ගෙන දෙන වචන ගොඩවල් කටින් කොතෙක් පිට කලත් ඔහු ගේ මොලය තුල හොල්මන් කරන්නා වූ දේශපාලන අවතාරවලට පිටින් පවතින සැබෑ දේශපාලනයට පැමිනි කල ඔහු ගේ ස්ථාවරයන් අවසානයේ දී බැස ගන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියට ද අව්‍යාජ සමාජවාදයට ද මුලුමනින් ම විරුද්ධ වූ අවශ්‍යතාවලට සේවය කිරීමට ය.

කලින් පැවතියා වූ යුගෝස්ලාවියානු සමූහාන්ඩුව ධනේශ්වර නිදහස් වෙලඳපොල පිලිවෙත් අනුව ප‍්‍රතිසංවිධානය කිරීම අධීක්ෂනය කල ස්ලොවීනියාවේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ (එල්ඩීඑස්) ආරම්භකයෙකු ලෙස හා මැතිවරන අපේක්ෂකයෙකු ලෙසත් කටයුතු කිරීමේ දේශපාලන ඉතිහාසයක් සිසැක්ට පවතී. ජනතාව රැවටීමේ උද්ඝෝෂන ව්‍යාපාරයකින් පසු ව පැවැත්වූ 2008 ඇමරිකන් ජනාධිපති මැතිවරනයේ දී ඔබාමා ගේ අපේක්ෂකත්වය සහ ජයග‍්‍රහනය ගැන මිත්‍යාවන් වැපිරීමේ වාර්තාවක් ද ඔහු සතු ව ඇත.

මෙම බුද්ධිමය හා දේශපාලන පසුබිම කූපර් යූනියන් ශාලාවේ දී පැවැත් වූ දේශනයේ දී පැහැදිලිව ම පෙනී ගියේ ය. කතිකයෙක් ලෙස සිසැක් අසන්නන්ගෙන් අවධානය ඉවතට හරවන්නා වූත් අවධානය පිහිටුවා ගැනීමේ අසමත්කම තමා තුලින් ම ද දර්ශනය කරන්නා වූත් වර්ගයේ අයෙක් විය. ඔහු උමතු අභිනය දැක් වීමක් ප‍්‍රදර්ශනය කල අතර තම නාසය කසා ඉන් පසුව ඇඟිලිවලින් තම කෙස් නො පීරා හෝ ශරීරයට නො සරිලන ටී ෂර්ට් එක එහා මෙහා නො කර වාක්‍යයක් අවසාන කිරීමට ඔහුට නො හැකි විය. ඔහුගේ පිලිවෙලක් නැති පෙනුම, විහිලුකාර ප‍්‍රකාශන සහ වේගයෙන් පිට කෙරුනු වාග්මාලාව මගින් ඔහුට බල කෙරුනේ "මේක විහිලුවක් නො වෙයි” යනුවෙන් නැවත නැවත ප‍්‍රකාශ කිරීමට ය.

නිව්යෝක් නගරයේ පෙනී සිටීම "ගෝලීය ධනේශ්වර ක‍්‍රමය ලෝක විනාශයට තුඩු දෙන ශූන්‍ය ලක්ෂයකට කිට්ටුවෙමින් පවතී”ය යන්න හා අලුතෙන් බිහි වි යැයි සැලකෙන බුද්ධිමය ශ‍්‍රමයේ "ආධිපත්‍යධාරී” තතු තුල ධනේශ්වර සූරාකෑම පිලිබඳ මාක්ස්ගේ අවබෝධය "බරපතල ලෙස යලි සිතා බැලිය යුතු” යැයි ඔහුගේ ඇනවීම අඩංගු අක‍්‍රමවත් ලෙස ගොනු කරන ලද නිරීක්ෂනවල එකතුවක් වන පිටු 402 කින් යුත් Living in the End Times (අවසාන යුගය තුල පැවැතීම) නම් ඔහුගේ අලූත් ම කෘතිය ප‍්‍රසිද්ධියට පත් කිරීම සඳහා කෙරෙන දිග ලෝක චාරිකාවක කොටසකි. ඒ අතරට රිංගවා ඇති කොටස් අතර අවතාර් නමැති චිත‍්‍රපටිය ගැන කෙරෙන කෙඳිරිලි ද ලකාන්ගේ මනෝ විශ්ලේෂන න්‍යායයන් පැහැදිලි කිරීම් වස් කුංෆු පැන්ඩා නමැති චිත‍්‍රපටිය ගැන විග‍්‍රහයක් ද ඇත.

හේගල් ගැන විද්වතෙක් යැයි තමන් විසින් ම හඳුන්වා ගන්නා සිසැක් අද්‍යතන දෘෂ්ටිවාදය හා සංස්කෘතිය තුල පවතින තුට්ටු දෙකේ "විරෝධාභාසයන්” හා "උත්ප‍්‍රාසයන්” ගැන නො නවත්වා ප‍්‍රකාශ දෙමින් තමන්ට අපෝහකය ගැන පවතින්නේ යැයි කියනු ලබන ප‍්‍රවීනත්වය ප‍්‍රකාශ කලේ ය.

සිසැක් ට අන් අය කම්පනයට පත් කිරීමේ ලදබොලඳ ආශාවක් පවතී. පශ්චාත් නූතනවාදී ශාස්ත‍්‍රඥයින්ගෙන් සමන්විත තමන්ගේ ම සමාජ පරිසරය ගැන හොඳින් ම දන්නා සිසැක්, ඔවුන් ගේ චින්තනයේ පවතින විකාර ස්වභාවය සහ පරස්පර විරෝධයන් පෙන්වා දෙමින් ද ඔවුන් ලැජ්ජාවට පත්කිරීමටත් "දේශපාලන නිවැරදි තාවය” උත්සාහ කරයි.

ඔහු "කොමියුනිස්ට්වාදයේ” පාක්ෂිකයෙක් ලෙස පෙනී සිටින නමුත් ඔහු නොපමාව ම පැහැදිලි කරන්නේ තමා ගේ කොමියුනිස්ට්වාදයට විසිවැනි සියවසේ අරගලවලට හෝ කම්කරු පන්තියේ අරගලවලට ද කිසිම සම්බන්ධයක් නොමැති බවයි. අවසානයේ දී ඔහු ගේ මතය වන්නේ යුක්ති සහගත භාවය, ආචාරශීලිබව සහ සමාජ සාමය සඳහා කෙරෙන ආයාචනයකට වැඩිමනත් දෙයක් නො වේ.

මේ කිසිසේත් ම පුදුමයක් නොවන්නේ යත් ධනපති ක‍්‍රමය අහෝසි කිරීම හා යුද්ධය අවසන් කිරීම සඳහා කම්කරු පන්තිය කරන ඒකාබද්ධ අරගලයට එරෙහිව දීර්ඝ වූත් ඉතා ඈත අනාගතයක බිහිවන්නා වූත් "එලඹෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය” ගැන ඩෙරීඩා ඉදිරිපත් කරන වර්ගයේ ප‍්‍රලාප සිසැක් විසින් අනුමත කර ඇති බැවිනි.

"අද කල හැක්ක සහ නො කල හැක්ක පුපුරා ඉතිරී යයි” යනුවෙන් ඔහු නො බැරෑරුම් ලෙස තම අසන්නන්ට ප‍්‍රකාශ කලේ පොහොසත් පුද්ගලයෙකුට අද ලබා ගත හැකි දෙය සහ සමස්තයක් වශයෙන් සමාජයට ලබා දී ඇත්තා වූ ඉක්මනින් ම හැකිලෙන්නා වූ සේවාවන් අතර ඇති නො නැවතී පලල් වන තත්වය පෙන්වා දෙමිනි.

තමාගේ ලිංගික විහිලුතහලු මල්ලට අත දමා එකක් ගනිමින් ඔහු එකක් මෙසේ ඉදිරිපත් කලේ ය: "ගැහැනු දෙන්නෙක් එක්ක එකවිට ඕක කරන්න පුලුවන්වෙන විධියට තම ලිංගය දෙකට කප්පවා ගෙන ඉන්නා අයෙක් නිව්යෝක් නුවර සිටිනවා යැයි මට ආරංචියි. එච්චර විතරක් නොවෙයි අද අජරාමරබව ලබා ගන්නත් පුලුවන්. අභ්‍යවකාශයට යන්නත් පුලුවන්. එනමුත් ස්‍යෙඛ්‍ය සේවාවන් යන්තමින් හෝ නඩත්තු කිරීමට බැහැ”. ඔහු අපගේ "ප‍්‍රමුඛතාවන් මඳක් යලි සකස් කර ගත යුතු” යැයි යෝජනා කලේ ය.

මින් අනතුරුව ඔහු පරිගනකවලින් ලිංගික සබඳතා සඳහා සහකරුවන් සොයා ගැනීමේ ක‍්‍රමය "ස්වයං-වෙලඳ භාන්ඩකරනයක්” යයි කියමින් ඒ ගැන දිග විස්තරයක් ඉදිරිපත් කලේ අසන්නන් අතර අරෙහෙන් මෙහෙන් සිනාව අවුස්සමිනි.

මිලිටරිවාදය සහ ඇෆ්ගනිස්ථානයේ යුද්ධය ඉතා කනගාටුදායක ලෙස වරද්දා ගෙන ඇති ප‍්‍රතිපත්ති බව ට සලකමින් ද "අර්බුදයක් ඇති වූ විට හැමවිටම ඉබේ ම වරද කරුවා වන්නේ එක්සත් ජනපදය නො වේ” යැයි කියමින් ද ඔහු තම දේශනය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට බලපත‍්‍රයක් ලබා දුන්නේ ය.

24 නමැති රූපවාහිනී වැඩසටහන් මාලාව - මෙය ඩික් චෙනී ද ඉතාමත් කැමැත්තෙන් නරඹන වැඩ සටහනකි - විසඳිය නොහැකි "සදාචාරාත්මක දේශපාලනාත්මක පරස්පර විරෝධයන්” හෙලිදරව් කරන හෙයින් එය "සදාචාරාත්මක හොලිවුඩ් පුරය” ට වඩා හොඳ යැයි ප‍්‍රකාශ කරමින් ඉන් අනතුරුව ඔහු දැන් තමා අසන්නන් "තව තවත් කම්පනයට පත් කරන බවට” අනතුරු ඇඟවූවේ තම දරුවා ත‍්‍රස්තවාදීන්ට අසුවී දරුවාට වද දීමට තමාට නියම කල හොත් තමා එය කිරීමට ඉඩ ඇතැයි කියමිනි. "මෙය කැත දෙයක් බවට පත් වන්නේ අපි එය ස්වභාවික තත්වයක් බවට පත් කල විට ය” යනුවෙන් ඔහු පැවසුවේ සැප්තැම්බර් 11 සිදු වීමේ සිට උපයෝගී කරගෙන ඇති ආන්තික තත්වයන් ඇතුලත දී එය වැලැක්වීමට නො හැකි දෙයක් බවට පත් වී ඇතැයි යෝජනා කරමිනි.

තමා අවට සිටින සහෝදර "වාමාංශික” කතිකාචාර්යවරු "කියුබාව, නිකරගුවාව සහ වැනිසියුලාව වැනි කරදර ගෙන නොදෙන ඈත ප‍්‍රදේශවල විප්ලව සිදු වීම දැකීමට කැමති අය වශයෙන් හඳුන්වමින් ඔවුන්ට ඔච්චම් කල” සිසැක් ඔවුන් එසේ කරන්නේ "ඈත සිදුවන සිදුවීම් මගින් මගේ හදවත කුල්මත් වන නමුත් මගේ ශාස්ත‍්‍රීය රැකියාව ප‍්‍රවර්ධනය කරමින් ජීවත් වීමට ඉඩ ලැබෙන නිසා” යයි කීවේ ය. එහෙත් අද ධනවාදයේ අර්බුදය මගින් "සැබෑ වෙනසක්” පිලිබඳ ප‍්‍රශ්නය ඔවුන් ඉදිරියට පමුනුවයි.

එහෙත් සිසැක් ගේ දේශනය තුල මේ "නියම වෙනස” වියුක්ත වූවක් සහ කෑලිවලට කඩා දමනු ලැබුනු එකක් විය. යුරෝපයේ සිට පැමිනි ඔහු ප‍්‍රන්සයේ දැවැන්ත වැඩවර්ජන ගැන හෝ මහාද්වීපය පුරා පුපුරා යන සමාජ අරගල ගැන සඳහන් නො කලේ ය.

සිසෙක් ගේ සංකල්පීය විශ්වය තුල සත්තකින් ම කම්කරු පන්තිය නො පවතී. එක් අවස්ථාවක දී ධනවාදයේ අර්බුදයේ "ප‍්‍රතිඵල නිසා දුක්විඳින දශලක්ෂ සංඛ්‍යාවක් වූ නිකරුනේ සිටින අහිංසකයින්” ගැන ඔහු යන්තමින් සඳහන් කලේ ය.

සිසැක් ගේ අතිමහත් සැලකිල්ලට ලක් ව ඇති මාතෘකාවක් නම් ස්වභාවික විනාශයන් ය. මෙක්සිකෝ බොක්කේ බීපී තෙල් කොම්පැනියේ තෙල් නල පුපුරා තෙල් ගැලීමෙන් ඇති වූ අර්බුදයේ දී කටයුතු කල "බොලඳ" ආකාරය නිසා තමා ඔබාමා ගැන කලකිරී සිටින බව පැවසූ ඔහු ආන්ඩුව කල යුතුව තිබුනේ හමුදාව මෙහෙය වීම හා වගකිව යුතු ඉහත කී සමාගම වන්දි ගෙවිය යුතු යැයි ඉල්ලීමට එහා යමින් කිසිම සමාගමක් නැවත එවැනි දෙයක් නො කිරීමට වගබලා ගැනීම තහවුරු කිරීම බවත් ප‍්‍රකාශ කලේ ය.

දේශගුන විපර්යාස හෝ වෙනත් ව්‍යසන නිසා ජනසමූහයන් තොග වශයෙන් ප‍්‍රදේශ මාරු කිරීමට ලක්වීම සිදු විය හැකි බවට ඔහු අනාවැකි පල කලේ ය. කලින් යුගවල දී මෙවැනි මාරු කිරීම් යුද්ධ සහ මහා ජනඝාතනයන් සමග සිදු වූ බව පෙන්වා දුන් ඔහු, "අපි එම මාරු කිරීම් සංවිධානය කරන්නේ කෙසේ දැ"යි ප‍්‍රශ්න කලේ ය. "ජාතික ස්වාධිපත්‍යය මුලු මනින් ම අලුතින් නිර්වචනය කල යුතු"යැයි ඔහු ප‍්‍රකාශ කලේ ය. මෙය කල යුත්තේ කවුද යන්නත් කරන්නේ කෙසේ ද යන්නත් ඔහු පැහැදිලි කලේ නැත.

සිසැක් ගේ නිගමනය වූයේ "නව සමාජ රූප සොයා ගත යුතු මොහොතක් සඳහා අප සූදානම් විය යුතු ය”යන්නයි. මේ සඳහා අපි "ඉතාමත් නිර්මානශීලි” විය යුතු බවත් "මූලිකවාදී ස්වභාවයක” වෙනසක් සොයා යා යුතු බවත් ඔහු අවධානය කල නමුත් ක‍්‍රියාමාර්ගයක් ලෙස ගත් කල මේ එකකින්වත් අර්ථවත් වන්නේ කුමක් ද යන්න ගැන හෝඩුවාවක්වත් නො දැක්වීය.

ස්ටැලින්වාදී නිලධරයන් කඩා වැටීමට පෙර පැවතියා වූ තත්වයට වඩා හත්පසින් ම වෙනස් වූ තත්වයන් ට ඊනියා "වම්මුන්” මුහුන දෙන බව ප‍්‍රකාශ කල ඔහු 20 වැනි සහ 21 වැනි සියවස් අතර චීන මහා ප‍්‍රාකාරයක් ඉදි කලේ ය.

ඔහුට අනුව කලින් කාලපරිච්ඡේදයේ දී "කල යුත්තේ කුමක් දැ”යි යන්න - එනම් සමාජවාදී විප්ලවය කල යුතු බව - වම දැන ගෙන සිටි නමුත් එය සඳහා සුදුසු කොන්දේසි ඇති වන තුරු බලා සිටීමට සිදු විය. එහෙත් අද "කල යුත්තේ කුමක් ද යන්න අප නො දන්නා නමුත්, කිසි පියවරක් නො ගත හොත් මහා විනාශයක් සිදු වන හෙයින් අපට දැන් ම කි‍්‍රයා කිරීමට සිදු ව ඇත” යයි ඔහු අවධාරනය කලේ ය. එසේ නම් කල යුත්තේ කුමක් ද? සිසැක් පිලිගත්තේ තමන් සතුව ක‍්‍රියා මාර්ගයක් නැති බවයි. "ලෙහෙසි, පැහැදිලි විසඳුම් නැත” යයි ඔහු ප‍්‍රකාශ කලේ ය.

කෙටි ප‍්‍රශ්නෝත්තර කාලයක් තුල දී මෙම ස්ලෝවියානු ජාතික ශාස්ත‍්‍රඥයා "කොමියුනිස්ට්වාදය” ගැන තමා දරන අදහස පැහැදිලි කලේ ය. "ලෙනින්වාදී පක්ෂයක් බලය ගනු ඇතැයි යන අදහස බැහැර කරන ලෙස” තම ශ‍්‍රාවකයට කී ඔහු විප්ලවය ප‍්‍රතික්ෂේප කලේ ය.

ඒ වෙනුවට ඔහු, ඔහුගේ "කොමියුනිස්ට්වාදය” බොහෝ රූපාකාර ගනු ඇතැයි සඳහන් කලේ ය. උදාහරනයක් ලෙස 1990 දී නෝර්වේ රටේ වෘත්තීය සමිති, සංගත සහ ආන්ඩුව අතර ඇති කර ගත් "සහෝදරත්ව ගිවිසුම” ගැන සඳහන් කලේ සීමිත වැටුප් වැඩි කිරීම් මගින් නෝවීජියානු ධනපති ක‍්‍රමය වඩාත් තරගකාරී වී විරැකියා වැඩි වනු ඇතැ යි අපේක්ෂා කැරිනි. "ඒක සාර්ථක වුනා” යනුවෙන් ඔහු පැවසී ය.

"කල හැකි හැමදෙයක් ම කරන්න. මගේ අදහස ඒකයි” යනුවෙන් ඔහු සමාප්ත කලේ ය. මුලින් "රැඩිකල් විප්ලවය”ට පක්ෂ වෙමින් ඊලඟට සංගතවාදී සහයෝගිතාවයට පක්ෂ වන්නේ යැයි තමාට චෝදනා කිරීම හරියට ම "අද මම චිකන් බුරියානි කන නමුත් ඊයේ පිට්සා කෑවා යැයි තමාට චෝදනා කිරීමට සමාන දෙයක්” බව ඔහු පැවසී ය.

යුරෝපා සහ ඇමරිකා යන මහාද්වීප දෙක තුල ම විශ්ව විද්‍යාල තුල ද අර්ධ-බුද්ධිමතුන් ගේ තට්ටුවක් අතර ද මෙම වර්ගයේ බොලඳ චින්තනයක් උත්කර්ෂයට නැංවීම ධනේශ්වර දෘෂ්ටිවාදයේ අර්බුදය අති ගැඹුරට ම කිඳා බැස ඇති බව පැහැදිලිව ම හෙලිදරව් කරන්නකි.

තම දේශනයේ දී සිසැක් ෆෙඩ්රික් ජේම්සන් හා ඇලන් බදියු වැනි තම ශාස්ත‍්‍රීය සගයන්ගේ පමනක් නො ව මේ වසර මුල දී බි‍්‍රතාන්‍ය සමාජවාදී කම්කරු පක්ෂය (සකප) විසින් අනුග‍්‍රහය දැක්වූ "2010 මාක්ස්වාදය” වැඩසටහනට ඔහු සමග එකට සහභාගි වූ එම පක්ෂයේ නායක ඇලෙක්ස් කැලනිකෝස් ගේ නම ද සඳහන් කලේ ය. කූපර් යුනියන් දේශනයට ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයේ ග‍්‍රන්ථ ප‍්‍රකාශක අංශය වන හේමාර්කට්බුක්ස් සමාගම ද පැමින සිටියේ ය.

කලින් රැඩිකලුන් ව සිටි අය රොත්තක් විසින් ම සිසැක් වැනි බොරුකාරයෙක් සහ ප‍්‍රති-මාක්ස්වාදියෙක් වැදගත් දර්ශනවාදියෙක් ලෙස හුවා දැක්වීම එම සමාජ රංචුවේ ගැඹුරු බුද්ධිමය සහ දේශපාලන මංමුලාවේ භයානක රෝග ලක්ෂනයකි.

[1] බලන්න: බදියුගේ “On the Idea of Communism” (කොමියුනිස්ට්වාදය ගැන අදහස්) (YouTube video) [back]

[2] බලන්න: සිසැක්ගේ The Parallax View (අසම්පාතී දැකීම) (See on Google Books.) [back]

Share this article: