පැරනි වම හා බ්‍රිතාන්‍ය කැරලි

The ex-left and the British riots

25 August 2011

මෙම මස මුල දී ලන්ඩනය හා අනෙකුත් නගර හඹා ගිය කැරලි එක්සත් රාජධානියේ සමාජ සම්බන්ධතාවන්ගේ සැබෑ තත්වය මත අප්‍රිය එලියක් විහිදවූයේ ය. ඒවා‚ සමහරෙක් අසමාන සු‍ඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා බලා ඉඳීම ට අනෙකුන්ට බල කෙරෙන ‍ අතර ඇඹරෙන අනවරත දරිද්‍ර ජීවිතයකින් දශලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ට හා තරුනයින්ට ගැලවීමක් ‍නොමැති දුර්දම පන්ති බෙදීම්වලින් සුනුවිසුනු වී ගොස් ඇති ජාතියක් ලෙසට එක්සත් රාජධානිය පත්ව ඇති පරිමාව හෙලි කරයි.

ඔවුන්ගේ දුක්ගැනවිල්ල ප්‍රකාශ කිරීමට හෝ වඩා යහපත් ජීවිතයක් සඳහා වන ඔවුන්ගේ අභිලාෂයන් මුඳුන් පමුනුවා ගැනීමට හෝ මාවතක් නොමැති නිසා ලක්ෂ සංඛ්‍යාත තරුනයෝ කැරලි ගැසූහ. පාලක කොන්සර්වැටිව්වාදීන් හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් මෙන් ම පාලක ප්‍රභූවේ දූෂිත සෙල්ලම්බඩු තරම් වන කම්කරු පක්ෂය හා වෘත්තීය සමිති හරහා මෙම අභිලාෂයන් ඉටු කර ගැනීමට ඇත්තේ අඩු ම හැකියාවකි. සමස්ථ සමාජ හා ‍දේශපාලන රටාව ම සුපිරි ‍පො‍හොසතුන්ගේ අවශ්‍යතාවයන් තුල සිටුවා ඇති බැවින් වර්ෂයක් පාසා වෙනසක් ‍නොමැතිව නැතහොත් ‍වෙනසක ස්ථිර හැකියාවක් පවා ‍නොමැතිව අඛන්ඩව ඇදී ඇති පිරිහෙන තත්වයක් පවතී.

කැරලිවලට ආන්ඩුවේ‚ දේශපාලන සංස්ථාපිත‍යේ හා මාධ්‍යයේ ‍පොදු ප්‍රතිචාරය පාලක ප්‍රභූවෙන් හා එහි එල්ලී සිටින්නන්ගෙන් කිසි ‍දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව තහවුරු කර ඇත. මෘග පොලිස් මර්දනය‚ විශාල ‍ලෙස අත්අඩංඟුවට ගැනීම්‚ සුලු වැරදිවලට දැඩි සිර දඬුවම් පැමිනවීම; යුක්තිසහගත සමාජ ඉල්ලීම් කැරලි තුල කිසිදු ක්‍රියාකලාපයක් ඉටු ‍නොක‍ලේ ය යන්න සමග බද්ධ කර පැවතිනි. නිල අර්ථකතනවලට අනුව ඒවා තනිකර ම අපරාධකාරී "පාතාලයේ” නිර්මිතයන් ය.

මේ හේතුව නිසා‚ කැරලි හුදෙක් පවතින්නේ කුමක් ද යන්න හෙලි කිරීම පමනක් ‍නොව අනාගතය පිලිබඳ ‍පෙර නිමිත්තක් ද විය. ඒවා‚ කම්කරු පන්තියට හා තරුන පරම්පරාවට පවතින පද්ධතිය විප්ලවීය ලෙස පෙරලා දැමීමෙන් පිටත කිසි දෙයක් අත්පත් කර ගත ‍නොහැකි යයි ප්‍රදර්ශනය කරයි. එය තවත් වැදගත් දේශපාලන කර්තව්‍යයක් ඉටු කරයි. එනම් තමන් ම "සමාජවාදීන්”‚ ‍"කොමියුනිස්ට්වාදීන්” සහ "ට්‍රොට්ස්කිවාදීන්” යැයි ප්‍රදර්ශනය කර ගන්නා බොරු වාම කාන්ඩ ගැසීම් ධනපති "නීතිය හා සාමය රැකීමේ” කප්පිත්තන් බව හෙලිදරව් කිරීමය.

බ්‍රිතාන්‍ය ‍කොමියුනිස්ට් පක්ෂ‍යේ මෝනිං ස්ටාර් ප්‍රවෘත්ති පත්‍රය මෙසේ ගුගුලේ ය ‚ "නිවාස හා ව්‍යාපාර ආරක්ෂා කල යුතු ය‚‍ මෙහි අර්ථය නම් ප්‍රචන්ඩ පිපිරීම් මැඩීමට ‍පොලීසියට සම්පත් තිබිය යුතු ය යන්නයි”.

පොලිස් පීරී‍මෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 2,000 ඉක් ම යනවාත් සමග ම අ‍ගෝස්තු 11දා ‍‍ මෝනිං ස්ටාර් පත්‍රය අගමැති ‍ඩේවිඩ් කැමරන් "දරඳඩු ‍ලෙස ‍පොලිස් අයවැය කප්පාදුව පිලිබඳ නැවත සිතීම ඉවත දමා ඇතැ” යි තර‍හෙන් ‍චෝදනා ක‍ලේ ය.‍ ටෝරි - ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩුව "1980 ගනන්වල මාග්‍රට් තැචර් ආන්ඩුවටත් වඩා” අන්තිම නරක යැයි එය කී ය‚මන් ද ‚ "අයවැය කප්පාදු හරහා ‍පොලීසිය හතුරු කර ගැනී‍මේ එහි කැමැත්ත” නිසා ය.

ස්ටැලින්වාදීන්ගේ දීර්ග කාලීන ‍දේශපාලන සග‍යෙකු වන සමාජවාදී පක්ෂය ‍(එස්පී) මෙම නීතිය හා පරිපාටිය ‍දෝංකාර නැංවී ය. නි‍යෝජ්‍ය මහා ‍ලේකම් හැනා සෙල්‚ එම කාන්ඩාය‍මේ ද ‍සෝෂලිස්ට් පත්‍රයෙහි ලියමින් "ආන්ඩුවේ ඇමතිවරු ප්‍රමාදව 'නීතිය හා සාමය රැකීමට' උත්සාහ දැරීම සඳහා තම නිවාඩු ගත කිරීම් වලින් අපහසුවෙන් ආපසු අවුත් ඇත”යි චෝදනා කලා ය.

"‍‍පොලීසිය ඵලදායක ‍ලෙස මහජනයා‍ගේ නිවාස හා පලාත් බද කුඩා ව්‍යාපාර හා කඩසාප්පු ආරක්ෂා ‍නොකිරීම පිලිබඳ පලල්ව පැතිරුනු ‍කෝපයක් පවතී”යයි සේරා සැච්ස්- එඩ්‍රිජ් ලීවා ය.

ඇය‚‍ මෙ‍ට්‍රෝ ‍පොලිස් ‍ෆෙඩ‍රේෂන‍යේ පෝල් ඩෙලර්ගේ ප්‍රකාශයක් සහානුකම්පිකව උපුටා දැක්වුවා ය‚ "ස්වදේශීය ලේකම් හා ආන්ඩුව විසින් පොලීසියේ වැටුප් හා සේවා පුනරීක්ෂනය ආකාරයෙන් ඔවුන් මත නොකඩවා කෙරෙන ප්‍රහාර හේතුවෙන් මෙම සිදුවීම සමග කටයුතු කරන පොලිස් නිලධාරීන් අතර හා සමස්තයක් වශයෙන් පොලිස් සේවාව තුල අධිෂ්ඨානශීලීබාවය කවදාවත් නොවූ තරම් පහල ය”.

සමාජවාදී පක්ෂය‚ "කැරලි ගැසීම් කාලයේ දී ප්‍රදේශ කීපයක ව්‍යාපාරික ස්ථාන හා නිවාස ආරක්ෂා කිරීමට ඒකරාසිවීමේ ප්‍රාදේශීය වෙලඳසැල් පවත්වන්නන්ගේ ක්‍රියාව... කැරලි ඉදිරියට ගියේ නම් මෙම ආරම්භකත්වය‚ තෝරා පත් කර ගත් සංවිධාන කමිටු සමග ප්‍රජාතාන්ත්‍රිකව සංවිධානය වූ‚ මහජන‚ එක්සත් ආරක්ෂක කමිටු බවට වර්ධනය වීමට ඉඩ තිබුනි”යි පවසමින් ප්‍රශංසා ගොඩ ගැසීමට ඉදිරියට ගියේ ය. මෙම ඉදිරිදර්ශනයට කම්කරු පන්තිය හා සමාජවාදයට වඩා ෆැසිස්ට්වාදය සමග කිරීමට බො‍හෝ දේ ඇත.

මෙම ආස්ථානය ම විශාල ලෙස වෙනත් කන්ඩායම් හා ප්‍රකාශන විසින් ගනු ලැබිනි. වීක්ලි වර්කර් පත්‍රය "ප්‍රකෝපිත හිතුවක්කාර විනාශකාරිත්වයක්” ඇති හා "අපගේ කවුන්සිලයේ දේපල මත හොරෙන් රැඳී සිටින සමාජ විරෝධී කල්ලි” යයි තරුනයන්ට චෝදනා කලේ ය. "කැරලිකරුවන් පලවාහැරීමෙන් සාර්ථක වී” සිටි කුඩා කඩ හිමියන් "කැරලිකරුවන්ට‚ කොල්ලකාරින්ට‚ බ්‍රිතාන්‍ය ආරක්ෂක ලීග‍යේ මැරවරයන්ට සහ -ඔව්- ‍පොලිස් මැරකම්වලට එ‍රෙහි අප‍ගේ ම ආරක්ෂාව සපයා ගැනීම” සඳහා "ස්ථිර ස්වයං ආරක්ෂක ඒකක ‍ගොඩනැගීම”‚ "වම්මුන්” සඳහා ආදර්ශයකැ යි ද එය ප්‍රශංසා ක‍ලේ ය.

"පොලිස් මැරකම්” ගැන පැකිලීමෙන් කරන සඳහන් කිරීම නීතිය හා සාමය රැකීමට කරන ඉල්ලීම්වලට විනිවිද ‍පෙ‍නෙන ‍දේශපාලන තිර ‍රෙදි දැමීමකි.

පැරනි ව‍මේ කාන්ඩ ගැසීම් ‍ටෝරි දක්ෂිනාංශ‍යෙන් හා ධ‍නේශ්වර මාධ්‍යයෙන් ‍වෙන් වන්නේ වෘත්තීය සමිති විසින් සංවිධානය ‍කෙ‍රෙන වැඩවර්ජන හා වි‍රෝධතා‚ කැරලි ගැසීම් ‍වෙනුවට කම්කරු පන්තියට හා තරුනයන්ට ඇති නීත්‍යානුකූල විකල්පයන්ය යන ඔවුන්ගේ ප්‍රකාශය තුල පමනි. සමාජවාදී පක්ෂය වියදම් කප්පාදූවට එ‍රෙහිව "වැඩවර්ජන එක්සත් දිනයක්”සංවිධානය කරමින් කැරලිවලට ප්‍රතිචාර දක්වන ‍ලෙස "වෘත්තිය සමිති නායකයින්ගෙන්”අයැදී ය.

එවැනි ප්‍රකාශන දැනුවත් වංචාවකි. තරුන‍යෝ හු‍දෙක් වෘත්තීය සමිති නායකයින්ගේ මෑත අක්‍රියාකාරිත්වය නිසා නොනැගිටී ය. ජාතික වශ‍යෙන් 20 %ක් පමන වන වෘත්තීය සමිති සාමාජිකත්වය අද දින තරුනයන් අතර ‍නොපවතී‚ ඔවුන්ගෙන් ‍බො‍හෝ ‍දෙ‍නෙකුට රැකියාවක් පවා ‍නොමැත. ‍ මෙය හුදෙක් වර්තමාන සභාග ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහි වීමට ඔවුන් කිසි ‍දෙයක් ‍නොකර ඇති නිසා ‍පමනක් නොවේ. ඔවුහු 1984-1985 අවුරුද්දක් පැවති ජාතික පතල් කම්කරුවන්ගේ වැඩවර්ජනය පාවාදුන්නාට පසු එක දු වැදගත් කාර්මික අරගලයක් සංවිධානය කර ‍නොමැත.

ශතවර්ෂයකින් කාලකට වඩා වැඩි කාලයක් පුරා‚ දුප්පතුන් ‍වෙතින් සුපිරි ‍පොහොසතුන්ට හා ඉහල මධ්‍යම පන්ති‍යේ ධනවත් තට්ටුවකට සමාජ ධන‍යේ ‍ඓතිහාසික මාරු‍වක් තුල දී වෘත්තිය සමිති සම්මුති ගසා ඇත. දෙවනුව සඳහන් කෙරුන අය "වෘත්තීය සමිති නායකයන්” විසින් නියෝජනය කෙරෙන වරප්‍රසාදිත තට්ටුව යි. පැරනි වාමාංශික කන්ඩායම් කතා කරන්නේ මෙම තට්ටුව සඳහා ය.

මොවුන් ගෙන් ඉහලම තට්ටුව බොහෝ විට වෘත්තීය සමිති ව්‍යුහය ඇතුලත (නිතර ම උසස් ම මට්ටමේ) හෝ ශාස්ත්‍රීය ලෝකය තුල හා පලාත් පාලන දෙපාර්තමේන්තු තුල තිරසාරව සුරක්ෂිත වේ. ඔවුහු වෘත්තීය සමිති සමාජ පෙරලියේ කාරකය ලෙස අවංකව දකින්නේ නැති නමුත් පන්ති අරගලය මැඩීමේ හා පවත්නා වූ ක්‍රමය ආරක්ෂා කිරීමේ හොඳ ම මාර්ගය ලෙස දකිති. වෘත්තීය සමිති නිලධරයේ දේශපාලනික හා සංවිධානමය බන්ධනය බිඳ දැමීමට තර්ජනය කරන ඕනෑ ම ව්‍යාපාරයකට විරුද්ධවීම සඳහා ඔවුහු සමාජවාදී වාග්පාඨ යොදති.

"පොලීසියේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා ගත් ප්‍රාදේශීය පොලිස් කමිටුවල ආනුභාවය යටතේ තබන ලෙසට” හා "වෘත්තීය සමිතිවල හා ප්‍රජා සංවිධානවල පත් කර ගත් නියෝජිතයන් සම්බන්ධවන ප්‍රජාතන්ත්‍රවාදීව කෙරෙන පරීක්ෂනයක්; එයට මේ වන විටත් පනවා ඇති දඬුවම් පුනරීක්ෂනය කිරීමට අයිතිය ඇති අතර නීති විරෝධී ක්‍රියා පිලිබඳව කටයුතු කරන්නේ කෙසේ ද යන්න මත පරාමිතීන් පිහිටුවිය හැක; කැරලි පිලිබඳව සංවිධානය කිරීමට ඉල්ලීමට” ඔවුන් " වෘත්තීය සමිති ව්‍යාපාරය”පොලඹවන විට, සමාජවාදී පක්ෂය මෙය ඇතිපදම් පැහදිලි කරයි.

වීදි මුර සංචාරය කිරීම‚ පොලීසිය සමග සාකච්ඡා කිරීම‚ දඬුවම්දීම් තීන්දු කිරීම වැනි දේවල් ය, පැරනි වමේ දේශපාලන අභිලාෂයන්. කම්කරුවන් හා තරුනයන් මෙය මතක තබා ගත යුතු ය. රාත්‍රී කීපයක කැරලිවලට ඔවුන්ගේ ප්‍රතිචාරයයි මේ. ධනපති ක්‍රමයට බරපතල විප්ලවවාදී අනතුරක් මතුවීමේ අවස්ථාවක මෙම බලවේග පාලක පන්තියේ හා එහි මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රනයේ පැත්ත ගන්නවා ඇත.

ක්‍රිස් මාස්ඩන්