9/11, දස වසරක ඇවෑමෙන්

9/11, Ten years on

12 September 2011

සැප්තැම්බර් 11 (9/11) දසවැනි සංවත්සරය බලාපොරොත්තු වියහැකි අයුරෙන්ම ඇමරිකානු ජනතාවගේ දැවෙන ශක්තීන් දියකර හැර ඔවුන්ගේ නාමයෙන් පසුගිය දශකය තුල සිදුකරන ලද අපරාධ යුක්තිසහගත කිරීමේ තවත් උත්සාහයක් සඳහා එක්සත් ජනපද පාලක ප‍්‍රභූව ගසාකෑවේය.

සැප්තැම්බර් 11 (9/11) දසවැනි සංවත්සරය බලාපොරොත්තු වියහැකි අයුරෙන්ම ඇමරිකානු ජනතාවගේ දැවෙන ශක්තීන් දියකර හැර ඔවුන්ගේ නාමයෙන් පසුගිය දශකය තුල සිදුකරන ලද අපරාධ යුක්තිසහගත කිරීමේ තවත් උත්සාහයක් සඳහා එක්සත් ජනපද පාලක ප‍්‍රභූව හා මාධ්‍ය විසින් ගසාකෑවේය.

කෙසේ වෙතත් මෙම උත්සාහයන් ද ක්ෂයවී යන බවට පැහැදිලි හැඟීමක් ඇත. ඇමරිකානු ජීවිතයේ අනෙක් සියලුදේ මෙන්ම 9/11 නිල අනුස්මරන උත්සව ද ජනතාවගේ සැබෑ උත්සුකයන් සමග එන්ට එන්ටම හීන වෙමින් සම්බන්ධ වෙන චාරිත‍්‍රානුකූල ස්වභාවයක් ගෙන තිබේ.

තුන් දහසකගේ ජීවිත බිලිගනිමින් දස වසරකට පෙර සිදුකල බිහිසුනු අපරාධය සිහිපත් කල යුතු අතර ඔවුන්ගේ පවුල් වලට උදව් කල යුතුය. එහෙත් මෙය ඔවුන්ගේ ශෝක ජනක මරන අතිශයින් දුෂ්ඨ අරමුනු සඳහා යලි යලිත් ගසාකෑමට දරන උත්සාහයට වඩා මුලුමනින්ම වෙනස් කාරනයකි.

ප‍්‍රහාරයෙන් පැය කිහිපයක් තුල 2001 සැප්තැම්බර් 12 දින පලකල ප‍්‍රකාශයකින් පාලක ප‍්‍රභූවේ භූ දේශපාලනික හා ආර්ථික අවශ්‍යතා සපුරාගැනීම් වස් යුද්ධයට එලඹීම නීතියුක්ත හා යුක්ති සහගත කිරීම පිනිස දේශපාලන සංස්ථාපිතය ඒවා උපයෝගී කරගනු ඇති බවට ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවීය.

මෙම ප‍්‍රකාශය මුලුමනින්ම සනාථවී තිබේ.

මෙම වසරේ අනුස්මරනයට ජෝර්ජ්. ඩබ්ලිව්. බුෂ් හා ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්ගේ ප‍්‍රමුඛ සහභාගිත්වය මගින් දුෂ්ඨ ස්වභාවයක් අත්කර දුන්නේය. දෙදෙනාම යුද අපරාධ චෝදනා යටතේ අත්අඬංඟුවට ගැනීම පිලිබඳ බියෙන් තොරව එක්සත් ජනපද භූමියෙන් පිටතට යා නොහැකි අය වන අතර 9/11න් පසුව සිදුවූ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලිකවම වගකිවයුතු ද වේ.

දසවන සංවත්සරයට අදාලව පැනනඟින සියල්ල අභිබවා යන ගැටලුව නම් 9/11 පටන් විනාශකාරී යුද්ධ, මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පාගා දැමීම, සමාජ දිරාපත්වීම හා ආර්ථික අර්බුද මගින් සනිටුහන් කල කටුක අත්දැකීම් තුලින් ඇමරිකානු ජනතාව දස අවුරුද්දක් පසුකර තිබීමයි. සංවත්සරය වටා පැවති මර්දනකාරී ආරක්ෂක කඩාවැදීම් තුලින් ප‍්‍රතාශිතවූ පරිදි අලුත් ත‍්‍රස්ත ප‍්‍රහාර පිලිබඳ තර්ජනයෙන් ජනතාව බිය වැද්දීමට දේශපාලන සංස්ථාපිතය ඉහලම උත්සාහය දරද්දී වුවත් ජනගහනයෙන් ඉමහත් බහුතරයකට පැවතියේ ආන්ඩුව හා පාලක පන්තිය තමන්ට කුමක් කරනු ඇත් ද යන වැඩිමනත් බියයි. වැඩකරන ජනතාව මුහුනපා ඇත්තේ සිය රැකියා නිවාස අහිමිවීම හා අත්‍යවශ්‍ය සමාජ සහන විනාශ කිරීම පිලිබඳ නිරන්තර තර්ජනයටය.

9/11 අප සියල්ලන් එකට එක් කලේ කෙසේදැයි කියාපාන ලිපි හා කතුවැකි මාධ්‍ය විසින් පලකරද්දී යථාර්තය නම් පටන්ගැනීමේ සිටම ප‍්‍රකාශිතව තිබුනු පන්ති භේදයයි. දෙබිඩි කුලුනු විනාශ වීම ලක්ෂ ගනනක ජනතාවට සිය රැකියා වලින් වන්දි ගෙවීමට සිදුවූ හා නිව් යෝර්ක් නඟරය නිවාස අහිමිවූවන්ගේ කූඩාරම් වලින් පුරවාලූ ආර්ථික පසුබෑමකට දායකත්වය සම්පාදනය කල නමුත් ව්‍යාපාරික විධායකයෝ එම ප‍්‍රහාර සිය ලාභ පොදිගැසීමට බාධාවක් නොවීම පිනිස වගබලා ගත්හ. ඔවුහු කේවලයේ පහත්ම මිලට දශ ලක්ෂ ගනනක් කොටස් මඩිගසා ගැනීම පිනිස එම ඛේදවාචකය ගසාකෑහ.

ව්‍යසනයට ප‍්‍රතිචාර දක්වා දැන් පිලිකා හා අනෙකුත් ආබාධයන්ට ගොදුරුවූ ගිනි නිවන භටයින් හා වෙනත් අයට සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් කේවෙල් කිරීමට බලකෙරී තිබිය දී ලෝක වෙලඳ මධ්‍යස්ථානයේ හිමිකරුවන්ට ලොකු ලාභ සහතික කර දීම පිනිස දැවැන්ත සහන පිරිනමා ඇත.

9/11 පිලිබඳ මිත්‍යා ප‍්‍රබන්ධනයේ උත්සාහයන් මධ්‍යයේ ජනගහනයේ විශාල කොටස් එදින සිදුවූයේ කුමක් ද යන්න පිලිබඳ ආන්ඩුවේ නිල කතන්දර පිලිගන්නේ නැත. එම ශෝකාන්තයේ පීඩාව දරාගත් නිව් යෝර්ක් වාසීන්ගෙන් සම්පූර්න අඩක්ම යම් මට්ටමකදී ආන්ඩුව 9/11 ප‍්‍රහාර කල්තියා දැනසිටි බවත් හිතාමතාම එය සිදුවීමට ඉඩහල බවත් විශ්වාස කරන බව මත විමසුම් වලින් පෙන්නුම් කර තිබේ. සමහර විට ප‍්‍රහාර සිදුවූ නිව් යෝර්ක්හි තමන්ගේ නාමයෙන් යුද්ධ දියත් කිරීමට බරපතලම විරෝධය පැනනැඟීම ද එසේම වැදගත්ය.

සිදුවීම් රහස්‍යභාවය හා වසංකිරීම තුල සැඟවී පවතියි. 2004 දී තම වාර්තාව නිකුත් කල 9/11 කොමිසමේ සටහන් හා ලිපිලේඛන ප‍්‍රසිද්ධියට පත්කරනු ඇතැයි ප‍්‍රකාශිතව තිබුන ද එහි බෙහෙවින් සංශෝධනය කල පිටපත් ජාතික ලේඛනාගාරයේ මුද්‍රා තබා තැන්පත් කර ඇති බව පසුගිය සතියේ වාර්තා විය.

කෙසේ වෙතත් එම කොමිසමට පවරා තිබුනේ ප‍්‍රහාර හා ඊට පෙර සිදුවූ දේ පිලිබඳ වෛෂයික පරීක්ෂනයක් පැවැත්වීමට නොව එක්සත් ජනපද බුද්ධි යාන්ත‍්‍රනයේ කොටස් ඒවා පිලිබඳව කල්තියා හඳුනාගත් සාක්ෂි හා ඒ පිලිබඳව දැක්වූ නොතැකීම දැනුවත්ව වසං කිරීමය.

ප‍්‍රහාරයන්ට සම්බන්ධවූවන් ගනනාවක් 9/11 පෙර දෙවසරක පමන කාලයක් තිස්සේ සීඅයිඒ හා එෆ්බීඅයි සංවිධාන විසින් දැඩිසේ නිරීක්ෂනයට භාජනය කර තිබුනු බව අප දන්නෙමු. ධවල මන්දිරයේ හිටපු ත‍්‍රස්ත මර්දන ප‍්‍රධාන උපදේශක රිචඩ් ක්ලාක් සීඅයිඒ සංවිධානය ප‍්‍රහාරයන්ට කලින් තුවන් යානා පැහැර ගැනීමට සම්බන්ධවූවන් දෙදෙනෙක් එක්සත් ජනපදයට ඇතුල්වී සිටින බව දැන සිටියත් එම තොරතුර අනෙකුත් සංවිධාන වලින් වසං කල බවට චෝදනා කරමින් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් පසුගිය මාසයේදී ප‍්‍රසිද්ධ කෙරුනි.

එක් දෙයක් පැහැදිලිය එනම් ප‍්‍රහාරයන්ගෙන් පසු දස වසර තුල ජෝර්ජ්. ඩබ්ලිව් බුෂ්ගේ හෝ බිල් ක්ලින්ටන්ගේ ආන්ඩුවල, එක්සත් ජනපද බුද්ධි අංශවල, මිලිටරියේ හෝ පරිපාලනයේ එකදු පුද්ගලයෙකුට හෝ රටේ ඉතිහාසය තුල සිදුවූ අතිශයින්ම ව්‍යසනකාරී ඔත්තු සේවා හා ආරක්ෂක බිඳවැටීම ලෙස ප‍්‍රකට බොහෝ කොටම නින්දාවක් වූ සිද්ධි සම්බන්ධයෙන් චෝදනා නඟා නැත.

කිසිවෙකු හෝ වගකීමට යටත් කලහොත් එහි නොවැලැක්විය හැකි ඇඟවුම වන්නේ එය අනිවාර්යයෙන්ම රාජ්‍යයේ සම්බන්ධය පිලිබඳ වරද පැටවෙන සාක්ෂි හෙලිදරව් වීමේ තර්ජනය ගෙන එන ප‍්‍රතිචෝදනාවන්ට තුඩු දීමයි.

අවසානයේදී 9/11න් සිදුවූයේ කුමක් ද

9/11 සියල්ල වෙනස් කල බව යලි වතාවක් ඇමරිකානු ජනතාවට කියනු ලබයි. සත්‍යය නම් සිද්ධීන්ගෙන් පසුව ක‍්‍රියාත්මක කල ප‍්‍රතිපත්ති හා වැඩ සටහන් අඩුම තරමින් ප‍්‍රහාර සිදුවීමට වසර දහයකටවත් පෙර පටන් සූදානම් කෙරෙමින් තිබූ බවයි.

1991 දෙසැම්බරයේදී සෝවියට් සංඟමය ඈවර කිරීම "ගෝලීය ආධිපත්‍ය පෙරට ගැනීම සඳහා ලෝකයේ එකම සුපිරි බලවතා බව කියාපෑමට” එක්සත් ජනපදයට කියා නිමකල නොහැකි අවස්ථාවක් විවර කලේය. සීතල යුද්ධය මඟින් එක්සත් ජනපද මිලිටරිවාදය මත පනවා තිබුනු සීමාවන් බිඳ වැටුනි. ඇමරිකානු පාලක ප‍්‍රභූවේ ප‍්‍රමුඛ කොටස් එක්සත් ජනපදයේ ගෝලීය ආර්ථික තත්වයෙහි දිග් ගැස්සුනු පරිහානිය පිරිමසා ගැනීම සඳහා සුදුසු මාධ්‍යයන් ලෙස ඇමරිකාවේ අනභිබවනීය මිලිටරි ආධිපත්‍යය යොදාගැනීමේ හැකියාව දකින්නට පටන් ගත්තේය.

ජනාධිපති කාටර්ගේ ආරක්ෂක උපදේශකව සිටි හා ඇෆ්ගනිස්ථානයේ සෝවියට් පිටුබලය සහිත තන්ත‍්‍රයට එරෙහි ඉස්ලාමීය මුජහිදීන්වරුන්ගේ සීඅයිඒ අනුබලය ලත් යුද්ධයේ ප‍්‍රධාන නිර්මාපකයා ද වූ සිබිග්නිව් බ්‍රෙසසින්ස්කි 1997දී කිසිදු ප‍්‍රාදේශීය පසමිතුරෙකු හිස එසවීම වලක්වමින් එක්සත් ජනපදයට යුරේෂියාවේ අධිකාරවත් බලවතා බවට පත්වීම පිනිස අත්‍යවශය මූලෝපායික විධීන් ගෙනහැර දැක්වීය. ඔහුගේ ‘ග‍්‍රෑන්ඩ් චෙස්බෝඩ්’ කෘතිය තුල බ්‍රෙසසින්ස්කි ඇමරිකානු ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර සහජාසය ඒ අන්තය කරා ආක‍්‍රමනශීලී ලෙස එක්සත් ජනපද මිලිටරි බලය යොදාගැනීමට බාධාවක් බව ට දැනමුතුකම් දුන්නේය. දේශීය යහ පැවැත්ම පිලිබඳ පොදු හැඟීමට හදිසියේම අභියෝග හෝ තර්ජනය කරන තත්වයන් යටතේ පමනක් මෙම ගැටලුව ජයගත හැකි බවට ඔහු අනුශාසනා කලේය.

නිව් යෝර්ක් හා වොෂින්ටන් වෙත එල්ලවූ ප‍්‍රහාර වෙනුවෙන් පලිගැනීමේ නාමයෙන් මිලිටරි මෙහෙයුම් සඳහා අවම වශයෙන් තාවකාලික මහජන සහයෝගයක් ගොඩනැඟූ හරියටම එවන් හදිසි අභියෝගයක් හෝ තර්ජනයක් 9/11 මගින් සම්පාදනය කලේය.

පලමු යුද්ධය දියත්කරනු ලැබුවේ ඇෆ්ගනිස්ථානයේ තලිබාන් ආන්ඩුව පෙරලා දැමීමටය. එහෙත් වොෂින්ටනය එම ආන්ඩුව බලයට පත්කිරීම සඳහා කලින් පිටුබලය දී තිබුනි. යුද්ධය ආරම්භවී දස වසරකට ආසන්න කාලයකට පසුව සැලකිය යුතු අල් කයිඩා බලපෑමක් නොමැති බවට එක්සත් ජනපද නිලධාරීන් පිලිගෙන තිබෙන එම රට තුල ලක්ෂයක හමුදාවක් තවමත් රඳවා තිබේ.

ලෝකයේ සොයාගෙන තිබෙන තෙල් සංචිත වලින් සියයට 20ක් පමන ද ගෑස් සංචිත වලින් අටෙන් එකක් ද පිහිටා තිබෙන කැස්පියන් ද්‍රෝනියට සමීප මූලෝපායික ප‍්‍රහාරක වේදිකාවක් එය මගින් සම්පාදනය කර තිබේ.

ඇෆ්ගනිස්ථාන යුද්ධයෙන් පසුව 2008දී සිය අවශ්‍යතාවන්ට තර්ජනයක් වියහැකි යයි සැලකෙන ඕනෑම ජාතියකට එරෙහිව පූර්වභංග යුද්ධයක් ගෙනයාමේ වොෂින්ටනයේ අයිතිය කියා සිටින ජාතික ආරක්ෂක මූලෝපායක් බුෂ් විසින් ගෙනහැර දැක්වීය. සැබවින්ම මේ මූලෝපාය නාසීන්ට එරෙහිව නඟන ලද ප‍්‍රධාන යුද අපරාධ චෝදනාවේ මූලද්‍රව්‍යය සකස් කල නියුරම්බර්ග් නඩුවිභාග මගින් පැහැදිලිවම ප‍්‍රතික්ෂේප කර තිබෙන ආක‍්‍රමනකාරී යුද්ධය ගෙනයාමේ බලපත‍්‍රයක් විය.

වසර 2003දී ලෝකයේ සොයාගෙන ඇති දෙවන විශාලතම තෙල් සංචිත පිහිටි ඉරාකයේ පාලන තන්ත‍්‍ර වෙනසක් සඳහා කුපිත කරනු නොලැබූ යුද්ධය තුලින් මෙම ධර්මතාව ක‍්‍රියාවට නඟනු ලැබුනි. මෙම යුද්ධය යුක්ති සහගත කරනු ලැබුවේ අල් කයිඩා සමග ඉරාක සම්බන්ධතා හා ජනසංහාරක අවි යන නොපැවතියාවූ දේ ගැන ගොතන ලද බොරු මගිනි.

එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්තියේ ගැඹුරට දිවගිය සාපරාධිත්වයේ ආරම්භක සන්ධිස්ථාන මේ සිදුවීම් විය. වොෂින්ටනයේ ආක‍්‍රමනික යුද්ධ ඉරාකයේ දශ ලක්ෂයකට වැඩි හා ඇෆ්ගනිස්ථානයේ, පකිස්ථානයේ හා දැන් ලිබියාවේ දස දහස් ගනන් පිට දස දහස් ගනන් ජීවිත සංඛ්‍යාවක් බිලිගෙන තිබේ.

මෙම යුද්ධ සමග අත්වැල් බැඳගෙන රාජ්‍ය ප‍්‍රතිපත්තිය බව විවෘතව කියා සිටින ලෝක පරිමානව පිලිකුලට ලක්වූ වධදීම් හා ඝාතන ද ගුවන්තනාමෝ, අබුග‍්‍රයිබ්, බගරම් ගුවන් තොට හා සීඅයිඒ කලු මධ්‍යස්ථානයන්හි ම්ලේච්ඡ ක‍්‍රියා පිලිබඳ හෙලිදරව්වන් ද වැනි කවරදාකටත් වඩා නින්දිත චරියා රටාවන් බැසගෙන ඇත.

ඇමරිකානු මිලිටරිය මුදාහැරීම සමග අත්වැල් බැඳගෙන පකිස්ථානයේ, යේමනයේ, සෝමාලියාවේ හා වෙනත් රටවල දහස් ගනනක් මරා දමන ලද දඩයක්කාරී ඩ්‍රෝන් ප‍්‍රහාරක බලඇනි ක‍්‍රියාත්මක කරන සීඅයිඒ සංවිධානය වඩ වඩාත් මිලිටරීකරනය කර තිබේ. කිසිවෙකුටත් වග නොකියන බ්ලැක්වෝටර් වැනි මෙවලම් මගින් මෙහෙයවන දැවැන්ත ලෙස මුදල් ගිලගන්නා කුලී හමුදාවන් ද මේ සමග දැකගත හැකිය.

හරිකේන් කැතරිනා හා බීපී තෙල් කාන්දුව ද ඇතුලු එක් ව්‍යසනයකින් පසුව තවෙකක් වශයෙන් පසුගිය දස වසර පුරා හටගත් දේශිය ව්‍යසනයන් පොදු යටිතල ව්‍යුහයේ බිඳවැටීමත් පැතිර පවතින සමාජ අසමානතාවත් ජනගහනයේ පුලුල් කොටස්වල අඩමාන ජීවන තත්වයන් හා බැංකු හා සංගත වලට ආර්ථික ජීවිතයේ සෑම මුහුනුවරකම යටත්වීමත් සමග එක්ව ගෙන කවරදාකටත් වඩා ජනගහනයේ සියයට එකක් අත ධනයේ නග්න සමුච්ඡකරනයත් හෙලිදරව් කලේය.

ඇමරිකානු ධනවාදය මූල්‍යකරනය වීමත් සමපේක්ෂනය පූර්න සාපරාධිත්වයෙන් වෙන්කරන රේඛා මැකී යාමත් අවසානයේදී තුඩු දුන්නේ දශ ලක්ෂ 25ක ඇමරිකානුවන්ට රැකියා අහිමි කල වෝල් වීදියේ බිඳවැටීමටයි. මහා පරිමානයෙන් දේශීය ඔත්තු බැලීම් හා ත‍්‍රස්තවාදය පිලිබඳ තහවුරු නොකල චෝදනා මත පදනම්ව ඇමරිකානු පුරවැසියෙක් ඝාතනය කිරීමේ අයිතියට පවා ඉඩ දෙමින් බුෂ්ගේ සිට ඔබාමා ආන්ඩු දක්වා ආරම්භ කල හබෙයාස් කෝපුස් අයිතිය අත්හිටුවීම දක්වාවූ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට පහර ගැසීම දේශපාලන ජීවිතයේ අධිකාරය දරා තිබේ.

ඔබාමා බලයට පත්වීමෙන් පෙන්නුම් කරන්නේ යුද්ධයට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් විනාශ කිරීමට ධනේශ්වර ද්වි පක්ෂ ක‍්‍රමයේ රාමුව තුල විරුද්ධත්වය පලකල නොහැකි බවයි. ඔහු බලයට පත්වී තෙවසරකට ආසන්න කාලයකට පසුවත් එක්සත් ජනපද හමුදා ඉරාකය තුල රැඳී සිටින අතර ඇෆ්ගනිස්ථානයේ යුද්ධය තියුනු ලෙස පුලුල් කර ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන්ට හා සාරධර්මයන්ට තර්ජනයක් සේ එය දකින ඕනෑම තැනකදී යුද්ධය දියත් කිරීමේ අයිතිය පවරා ගනිමින් ඩිමොක‍්‍රටික් පක්ෂ ජනාධිපති, බුෂ් ධර්මතාවය ඉක්මවා ගොස් තිබේ. එක්සත් ජනපද බැංකු හා සංගත විසින් නිර්දේශ කරන නිදහස් වෙලඳ ප‍්‍රතිපත්ති හා ඒවා තුලින් උපයන ලාභ අර්ථවත් කරන වෙලඳාම නිදහසේ ගලායාම මෙම සාරධර්මයන්ට ඇතුලත් වන්නේය.

එක්සත් ජනපද හා බටහිර තෙල් සමාගම්වල අවශ්‍යතාවන්ට වඩාත් යටහත් පහත් රූකඩ තන්ත‍්‍රයක් ඇටවීම පිනිස පාලන තන්ත‍්‍ර වෙනසක් ඇතිකිරීමේ එල්ලය ඇතිව ලිබියාවට එරෙහිව ප‍්‍රකෝපකිරීමකින් තොර යුද්ධය තුල මෙම නව ධර්මතාවය ක‍්‍රියාවට නඟා ඇත .

ඇමරිකානු ශාස්ත‍්‍රාලිකයින්ගේ යමක් ඉතිරිව ඇත්නම් ඒවායේ ආන්තික දිරාපත්වීම හෙලිදරව් කිරීමට ද 9/11 හා ඉන් පසුව පැනනැඟි යුද්ධ ඉවහල්වී තිබේ. 1990 ගනන්වල සමපේක්ෂන උත්පාතය මගින් දොර විවර කල ධනය සමුච්ඡයකරන ක‍්‍රියාවලිය තුල සහභාගිත්වය මගින් ඒ වන විටත් එහි අවංක භාවය ඛාදනයට ලක්ව තිබුනි. අලූතින් මුන ගැසුනු සමාජ අවශ්‍යතා මෙම ස්ථරය තුල බොහෝ දෙනෙක් ඉරාක යුද්ධය නීතියුක්ත බව හුවා දැක්වීමත් වොෂින්ටනයේ අපරාධ සඳහා ලිබරල් යුක්තිකරන ඉදිරිපත් කිරීමත් පූර්ව අවධියේ යුද විරෝධී මනෝගතීන් පිලිකෙව් කිරීමත් තුලින් අධිරාජ්‍යවාදයට අනුගතවීම කරා මෙහෙයවනු ලැබ ඇත.

මෙම ක‍්‍රියාවලිය ලිබියානු යුද්ධය තුල එහි පරිපූර්නත්වයට එලඹියේය. යුද්ධය ලිබරල් ශාස්ත‍්‍රාලිකයින්ගේ ද පැරනි යටත් විජිත රාජ්‍යය අධිරාජ්‍යවාදයේ ග‍්‍රහනයට ගැනීම මානව අයිතීන් සුරැකීමේ ව්‍යායාමයක් ලෙස වෙස් ගැන්වීමට උදව් කල පැරනි වම්මුන්ගේ පුලුල් ස්ථරයන්ගේ ද උද්යෝගිමත් සහයෝගය දිනා ගත්තේය.

මෙම පොදු ප‍්‍රවනතාවයේ ආන්තික ප‍්‍රකාශන අතර සෑම මිලිටරි ක‍්‍රියාවකදීම දේශපේ‍්‍රමී හුරේ දමන්නෙක් ලෙස සේවය කරන හා ඒවා යුක්තිසහගත කිරීම සඳහා බොරු කාන්දු කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වන හමුදාවට අනුබද්ධ සිය මාධ්‍යකරුවන් ද සමග මාධ්‍ය ඉෂ්ඨ කරන නින්දිත ක‍්‍රියාකලාපය ද වෙයි.

මෙම දෘෂ්ටිවාදාත්මක දකුනට හැරීම සිද්ධවී ඇත්තේ වඩාත් උත්සන්නවී ඇති නමුත් ද්වි පක්ෂ දේශපාලන සැකැස්ම තුල සැලකිය යුතු ප‍්‍රකාශනයක් අත්කර ගැනීමට නොහැකිවී ඇති ජනතා යුද විරෝධයේ කොන්දේසි යටතේය.

9/11 නිමිත්ත ලෙස යොදාගෙන 2001දී එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ආරම්භ කල මෙම ව්‍යායාමය අපේක්ෂිත ප‍්‍රතිපල අත්කරදී නැත. ඇෆ්ගනිස්ථානයේ මෙන්ම ඉරාකයේ ද යුද්ධ ලේ වැකි ව්‍යසනයන් බවට පත් විය. නව තෙල්බිම් අල්ලාගැනීමේ මිලිටරි මෙහෙයුම් මගින් ගෙන එන ලාභ ඉමහත් වාසි ගෙන එනවා වෙනුවට දස වසරක යුද්ධයට කල ඩොලර් ටි‍්‍රලියන ගනනක වියදම් එක්සත් ජනපදයේ මූල්‍ය අර්බුදය ගැඹුරු කර ඇතුවා පමනි.

කෙසේ වුවත් මෙම අසාර්ථකත්වයන් එක්සත් ජනපද මිලිටරිවාදයේ අවසානයක් සලකුනු නොකරනු ඇත. සිදුවන්නේ එහි ප‍්‍රතිවිරුද්ධයයි. ඒවා ඇඟවුම් කරන්නේ එලඹීමට නියමිත වඩාත් පුලුල් හා මාරාන්තික යුද්ධ ය ඉරාකයෙන් තවත් හමුදා ආපසු කැඳවීම පිලිබඳ සාකච්ඡා ඉරානයට එරෙහිව සීඅයිඒ මෙහෙයුම් පුල්ල් කිරීමේ ඉල්ලීම් සමඟ අත්වැල් බැඳගනියි. ලිබියාවේ පාලන තන්ත‍්‍රය වෙනස් කිරීමේ නිර්ලජ්ජිත යුද්ධය මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ වෙනත් තැනක ද සිදුවනු ඇතැයි අපේක්ෂා කල හැකිය. එසේම පෙන්ටගනය චීනයට එරෙහි යුද්ධයකට සූදානම් වෙමින් සිටියි.

21 වන සියවසේ යුද්ධ ගැන කථාකල අවස්ථාවේ බුෂ් සඳහන් කල දේ අඩුවක් නැතිව දිගටම කෙරෙනු ඇති අතර නව හා විශාල විනාශයක් අනිවාර්යයෙන්ම ලඟාකර දෙනු ඇත.

9/11 සිට ගතව ඇති දශකයේ තීරනාත්මක පාඩම වන්නේ මිලිටරිවාදයේත් ප‍්‍රතිගාමිත්වයේත් මූලය වන ලාභ පද්ධතියට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලුගැන්වීමක පදනම මත පමනක් යුද්ධයට එරෙහිව ද මූලික සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් රැකගැනීම සඳහා ද අරගලය ගෙනයා හැකි බවය.

ඇමරිකානු හා ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදය විප්ලවවාදී නැඟිටීම් වල නව අවධියක් පෙර සලකුනු කරයි. ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ එලඹෙන අරගල විසඳුම් සැපයිය හැකි සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගයකින් සන්නද්ධ කිරීම පිනිස විප්ලවවාදී නායකත්වය හා ඉදිරිදර්ශනය සම්පාදනය කිරීමය. මෙහි අර්ථය සියල්ලටත් වඩා සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැඟීමයි.

බිල් වෑන් ඕකන්