ධනවතුන්ගේ ආරක්ෂාව සඳහා වන ජනතාවාදය

Demagogy in defense of the rich

19 September 2011

ජනාධිපති ඔබාමා ඩොලර් ටි‍්‍රලියන 04ක අයවැය හිඟ අඩුකිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස ඩොලර් බිලියන සිය ගනනකින් සෞඛ්‍ය පහසුකම් හා සෞඛ්‍ය ආරක්ෂන වියදම් කපාහැරීමේ හා සංගත හා ධනවතුන්ගේ බදු අඩුකිරීමේ සැලැස්මක් වන සිය ව්‍යාජ "රැකියා” සැපයීමේ ව්‍යාපාරයට පිදෙන තිලිනය අද දිනයේදී නිරාවරනය කරනු ඇත.

ඒවායින් අරමුනු කරන දෙයෙහි විරුද්ධ පැත්ත අර්ථවත් කරන ප‍්‍රතිපත්තීන්ට මහජන සහාය රැලිකරන උද්ඝෝෂන ස්වභාවයේ සිදුවීම් මාලාවකට සම්බන්ධ වන ධවල මන්දිරයේ නරුමත්වය අතිශයෝක්තියට නැඟීම අපහසුය.

වැඩිම වුනොත් රැකියා අතලොස්සක් නිර්මානය කරන අතරතුර සමාජ ආරක්ෂන අරමුදල් සිඳී යන හා සංගත සඳහා නව බදු වාසනාව සපයන පියවර කොන්ග‍්‍රසය විසින් අනුමත කල යුතු යයි ඉල්ලා සිටින ජනතාවගේ ව්‍යායාමයක් තුලට අමතර වැඩ කරන ජනතාව ද ගාල් කෙරෙනු ඇත. රිපබ්ලිකානුවන් බොහෝ කොටම සහාය දක්වන යෝජනා ද ඇතුලත් කර ගන්නා මෙම ඊනියා "රැකියා නිර්මානය කිරීමේ” වැඩසටහන- දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවන්ට විනාශකාරී ප‍්‍රතිවිපාක ජනනය කරනු ඇති සෞඛ්‍ය පහසුකම් හා අනෙකුත් සමාජ වැඩසටහන් වලට එල්ල කෙරෙන ප‍්‍රහාරයකට සීනි දවටනයක් යෙදීම පිනිස යොදාගනිමින් තිබේ.

මහා අවපාතයෙන් පසුව හටගෙන තිබෙන ගැඹුරුම රැකියා අර්බුදය විසඳීම සඳහා ඔබාමා පුලුල් ප‍්‍රසිද්ධ වැඩ පිලිබඳ ක‍්‍රියාමාර්ගයක් වැනි සැබෑ පියවර යෝජනා නොකරන අතර ඔහු හුවාදක්වන්නේ රැකියා විරහිතයින්ගේ දුෂ්කරතා වැඩි දියුනු වනු ඇති සමාජ සහන කප්පාදුවකි.

කුමන හෝ එකඟතාවක අවසාන ආකෘතිය තීරනය කරනවා ඇත්තේ බෙහෙවින් අතිශයෝක්තියට නැංවූ නය සීමා අර්බුදයට විසඳුම් ලෙස අගෝස්තුවේදී සම්මත කරන ලද පනතිකින් පිහිටවූ ද්විපාර්ශවීය අයවැය කමිටුව විසිනි. තරයේම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මෙම "සුපිරි කමිටුවට” ඇමරිකානු ජනතාව එකහෙලා ප‍්‍රතික්ෂේප කරන පියවර ගැනීම සඳහා පුලුල් බලතල පවරා තිබේ.

සිය රැකියා යෝජනා සියල්ල සඳහා වියදම් කප්පාදු හා අනෙකුත් හිඟ පියවීමේ ආරම්භකත්වයන් තුලින් වියදම් දරන බව ඔබාමා අවධාරනය කර තිබේ. නොවැම්බරයේ සිය සැලැස්ම නිවේදනය කිරීමට නියමිත කමිටුවෙන් ඔහු ඉල්ලා සිටින්නේ ඊලඟ දශකයේදී හිඟ ටි‍්‍රලියන 1.5ක අඩුකිරීමේ වරපත‍්‍රය ඉක්මවා යමින් "ලොකු වැඩක්” කරන ලෙස ය.

ජනතාවාදය වාත්තු කිරීම පිනිස ඔබාමා සුපිරි ධනපතීන් සාමාන්‍ය ජනතාවට වඩා අඩුවෙන් බදු නොගෙවන බවට වගබලා ගන්නා අවම බදු අනුපාතයක් වන ඊනියා "බෆට් බද්දක්” යෝජනා කරනු ඇත. ඔබාමා හොඳින්ම දන්නා පරිදි රේගන් පාලනයේ පලමු වසරවල පැවති ධනපතියන්ගේ බදු අනුපාතික වත් යලි ඇතිකිරීමක් නොවන මෙම ආන්තිකව සීමිත යෝජනාව බොහෝ ඩිමොක‍්‍රටිකයන්ගේ මෙන්ම රිපබ්ලිකානුවන්ගේ ද විරෝධය හමුවේ ලත් තැනම ලොප්වී ගියේය.

සෙනේට් සභාවේ රිපබ්ලිකානු සුලූතරයේ නායක මිච් මැක්කොනෙල් සඳහන් කලේ මේ හා සමාන යෝජනාවක් 2009 වසරේදී කොන්ග‍්‍රසය තුල විශාල ඩිමොක‍්‍රටික් බහුතරයක් පැවතිය දී සභා දෙක තුලදී ම පරාජයට පත්ව ඇති බවය. ඔහු තවදුරටත් පැවසුවේ ඩිමොක‍්‍රටිකයින් හා රිපබ්ලිකානුවන් එකඟ වන බොහෝ කාරනා ඇති අතර කමිටුවෙන් "ප‍්‍රධාන ද්විපාර්ශවීය එකඟත්වයක්” පලවනු ඇති බව තමන් අපේක්ෂා කරන බවයි.

සමස්ත ක‍්‍රියාවලියේ ප‍්‍රතිපලය වනු ඇත්තේ ධනය කම්කරු පන්තිය වෙතින් ධනපතියන් වෙත තවදුරටත් යලි බෙදාහැරීමයි.

තෙවසරකට පෙරාතුව මූල්‍ය බිඳවැටීම අද්දර ඇමරිකානු පාලක පන්තිය ලෝක ඉතිහාසයේ විශාලතම බැංකු ඇපදීමට මුලපිරීය. මෙය කොටස් වෙලඳපොලේ පිම්බීමකට හා සුපිරි ධනපතියන්ගේ බැංකු ගිනුම් ආවරනය කිරීමකට තුඩු දුන්නේය. ප‍්‍රතිපල වශයෙන් හටගත් නය අර්බුදය යොදාගනු ලබන්නේ කම්කරු පන්තිය 20 වන සියවස තුල දිනාගත් සමාජ සහන සියල්ලට වල කැපීම හා අවසන් වශයෙන් බිඳ දැමීම පිනිස ලැබුනු අවස්ථාවක් ලෙසය.

ඇමරිකානු සමාජ සම්බන්ධතාවන්හි යථා ස්වභාවය නිල දේශපාලන ජීවිතය තුල කිසිදු ප‍්‍රකාශනයක් අත්කර ගන්නේ නැත. දශලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ජීවත් වන්නේ නිවාස නොමැතිකම- සාගින්න හා අපේක්ෂා භංගය අද්දරය. පසුගිය තෙවසර අත්දුටුවේ ජීවන තත්වයන් කාබාසීනියා වීමයි.

පසුගිය සතියේ නිකුත් කල එක්සත් ජනපද ජන සංඛ්‍යාලේන වාර්තාවේ සඳහන් කෙරෙන පරිදි එරට දුගී ජන සංඛ්‍යාව 1959 දක්වා අපස්සට දිවෙන වාර්තාවල ඉහලම මට්ටමයි. 2009ට වඩා 2010 වසරේදී මිලියන 2.6න් වැඩිවී දැන් මුලු ගනන මිලියන 46.2ක් වන ජනතාව ආන්ඩුවේ කමකට නැති දරිද්‍රතා සීමාවට පහතින් ජීවත්වේ.

එසේම වාර්තාව 1996 අවසන් වරට දක්නට ලැබුනු මට්ටම් කරා මධ්‍යම තරමේ ආදායම් ලාභීන්ගේ තියුනු පහත වැටීමක් ද පෙන්වා දෙයි. මහා අවපාතයෙන් පසුව ජනගහනය ඒසා පරිමානයේ දිගු කාලීන ආදායම් එකතැන පල්වීමක් අත්විඳින පලමු අවස්ථාව මෙයයි.

පෙර නොවූ පරිමානයේ දිගු කාලීන විරැකියා මට්ටම් ද සමග සමාජ කාලකන්නිකමේ ප‍්‍රධාන ගාමකය විරැකියාව බවට පත්ව තිබේ. 2010දී අවුරුදු 18ත් 24ත් අතර වයසේ පසුවූවන් මිලියන 48ක් එක් සතියක් හෝ වැඩකර නැත. ඊට පෙර වසරට වඩා මෙය මිලියන 3කටත් වැඩි සංඛ්‍යාවකි. ඉතාමත් අඩු බලාපොරොත්තු දැල්වෙන රැකියා වෙලඳපොලවලට පවා දහස් සංඛ්‍යාත මිනිසුන් ඇදී එයි.

දැනටමත් ව්‍යසනකාරී වන ආර්ථික තත්වය තවත් නරක අතට හැරෙන බවට පැහැදිලි සලකුනු දක්නට ලැබෙයි පසුගිය මාසයේ ශුන්‍ය රැකියා සම්පාදනයේ වාර්තාවට අමතරව මෑත ආර්ථික දත්ත පෙන්නුම් කරන්නේ අලුත්වන අවපාතයකි. එක්සත් ජනපදයේ ප‍්‍රාන්ත වැඩි ගනනක් අත්දුටුවේ ඒවායේ විරැකියා අනුපාතයේ නැඟීමකි. විරැකියා සහන ඉල්ලීම් පසුගිය සතියේදී ජූනි මාසයෙන් පසු එහි ඉහලම අගය වාර්තා කල අතර කුටුම්භ ධනය වසරකට පසුව පලමු වතාවට දෙවන කාර්තුවේදී පහල ගියේය.

මේ අතර සංගත මුදල් රැස්කරගෙන සිටියි. ජූනියේදී මූල්‍ය නොවන සමාගම්වල ශේෂ පත‍්‍රයන්හි ඒකරාශී වී ඇති ටි‍්‍රලියන 2කට වැඩි මුදල් සම්භාරය මාර්තුවේ පටන් ඩොලර් බිලියන 100කින් පමන ඉහල යාමකි. වැටුප් කැපීම පිනිස පොදු විරැකියාව යොදාගන්නා ව්‍යාපාරික මූල්‍ය ප‍්‍රභූව විරැකියාව ඉහලින් තබාගැනීම සඳහා ආයෝජන වර්ජනයක යෙදී සිටියි. ඒ අතර ඔවුන් අලුතින් බඳවා ගැනීම් සඳහා පූර්ව කොන්දේසියක් ලෙස දරුනු කප්පාදු පියවර ඉල්ලා සිටියි.

එක්සත් ජනපදය පුපුරන සුලු පන්ති අරගල සඳහා මෝරා ඇත. සමාජ ආතතීන් නැගෙමින් ඇති අතර දේශපාලන පද්ධතිය කිසිදු විසඳුමක් ඉදිරිපත් කිරීමට අපොහොසත්ව සිටියි. දේශපාලන පක්ෂ ද්විත්වයම මත ආධිපත්‍යය පතුරවාගෙන සිටින හා ක‍්‍රියාත්මක ඒකාධිපතිත්වයක් හරඹ කරන මූල්‍ය කතිපයාධිකාරය විරුද්ධ වන කිසිවක් ක‍්‍රියාවට නැඟිය නොහැකිය.

පාලක පන්තියමත් මෙහි ඇඟවුම් කෙරෙහි කනස්සල්ල පල කරයි. නිව් යෝර්ක්හි ප‍්‍රකෝටිපති නගරාධිපති මයිකල් බ්ලූම්බර්ග් පසුගිය සතියේ විශේෂයෙන්ම තරුනයින් අතර ඉහල විරැකියාවේ ප‍්‍රතිපල වශයෙන් කැරලි හටගැනීම පිලිබඳව අනතුරු ඇඟවීය. "කයිරෝහි සිදුවූයේ එයයි, මැඩ්රිඩ්හි සිදුවූයේ එයයි” යනුවෙන් ඔහු නොසංසුන්ව කියා සිටියේය.

ධනපතීන් වෙනුවෙන්වූ ඔබාමාගේ ජනතාවාදය කිසිවක් විසඳනු නැත. මෙවන් ක‍්‍රියා ජනතාව මීට පෙර ද දැක තිබේ.

කම්කරුවන් මුහුනදෙන අර්බුදයට පොදු අරගලයකින් තොර විසඳුමක් ඇත්තේ නැත. ඝනීභූතවූ දේශපාලන ව්‍යුහයට හා වෘත්තීය සමිති මෙන්ම ඩිමොක‍්‍රටික් පක්ෂයේ උපාංගයන් වන විවිධ ව්‍යාජ වම්මුන් ද ඇතුලු එහි විවිධ මුක්කු වලින් කැඩී වෙන්වන- විරෝධතාවේ රූපාකාරයන් සහිත පොදු ක‍්‍රියාවන්ට මිලියන ගනන් ජනතාවගේ සහභාගිත්වයට පිටින් පරම වශයෙන්ම කිසිවක් කල නොහැකිය. එවන් අරගල අවශ්‍යවනවා පමනක් නොව නොවැලැක්විය හැකිය. ගොඩනැඟී එමින් ඇති හා පිටවීමේ මගක් සොයාගත යුතු අතෘප්තියේ-ඉච්ඡා භංඟයේ හා කෝපයේ මහා වේරම්භයක් පවතියි. එහෙත් මෙම විරුද්ධත්වය සාක්ෂාත් වීමට නම් එය දේශපාලනිකව දැනුවත් රූපයක් ගත යුතුය. මෙහිදී විප්ලවවාදී නායකත්වය හා සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් වර්ධනය කිරීම තීරනාත්මක ප‍්‍රශ්නය වන්නේය.

ආර්ථික හා දේශපාලන ජීවිතයේ මූලික ප‍්‍රතිසංවිධානයකට නොඅඩු කිසිවක් නොසෑහෙනු ඇති බව වැඩකරන ජනතාව තේරුම් ගැනීම අවශ්‍ය වන්නේය. පාලක පන්තියට හා එහි දේශපාලන නියෝජිතයින්ට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට හා එම ව්‍යාපාරය සමාජවාදී හා විප්ලවවාදී ක‍්‍රියාමාර්ගයකින් සන්නද්ධ කිරීමට සටන් වදින එකම සංවිධානය සමාජවාදී සමානතා පක්ෂය පමනි. ඔබාමාගේ හා සමස්ත දේශපාලන සංස්ථාපිතයේ ප‍්‍රති විප්ලවවාදී ප‍්‍රතිපත්තීන්ට පිලිතුර කම්කරු බලය හා සමාජවාදී අරගලය සඳහා සසප ගොඩනැඟීමයි.

ජෝසෆ් කිෂෝර්