ට්‍රෝයි ඩේවිස් ඝාතනය

The execution of Troy Davis

22 September 2011

මරනීය දන්ඩනයට නියම වූවන් පෙලක සහවාසකයෙකු ලෙස ට්‍රෝයි ඩේවිස් ජෝර්ජියාහි ජැක්සන්වලට ආසන්නයේ රජයේ සිරගෙයක දී මරනීය එන්නතකින් ඝාතනය කරනු ලැබීම බදාදා රාත‍්‍රියේ ලෝකයා තුෂ්නිම්භූතව බලා උන්හ.

රජය විසින් අනුමත ඝාතනය දශක දෙකකට වඩා පැතිරුනු අධිකරන ප‍්‍රහාසකයක අවසාන රෞද්‍ර සිදුවීම යි. එය සමස්ථ දේශපාලන පර්යායේ විනාශකාරී අධිචෝදනාවක් ලෙස ද එක්සත් ජනපද ඉතිහාසයේ ලැජ්ජා සහගත සිද්ධියක් ලෙස ද පවති යි.

එක්සත් ජනපද ශේෂ්ඨාධිකරනය, රාත‍්‍රී 10.20ට පමන මරන දන්ඩනය අත්හිටවීම සඳහා අවසාන මොහොතේ ඉදිරිපත් කෙරුනු අභියාචනයක් ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු ඩේවිස්ගේ මරනය තහවුරු කෙරුනි. රාත‍්‍රී 10.53ට, ඔහු සිහිසුන් කරවමින් ඔහුගේ රුධිර නාලිකාවලට නිර්වින්ධකයක් එන්නත් කෙරුනි, දෙවැනි එන්නත හුස්ම හිරකිරීමක් ඇතිකරවමින් සියළු මාංශපේෂි අඝාත කලේ ය, අවසාන එන්නත රාත‍්‍රී 11.08ට මරනය ගෙන දෙමින් ප‍්‍රබල හෘදයාබාධයක් ඇති කලේ ය.

බදාදා රාත‍්‍රියෙහි දී සන්තතියේ ම්ලේච්ඡත්වය එහි සංක්ෂේපයට ලඟා විය. මුලින් රාත‍්‍රී 7.00ට නියමිතව තිබූ මරනීය මිශ‍්‍රනය විදීමට පෙර පැයවල දී, ශේෂ්ඨාධිකරනය සාකච්ඡා කල අතරවාරයේ දී පටිවලින් ට්‍රොලියට බඳින ලදුව ඩේවිස් පොරොත්තුව සිටියේ ය. ආරංචි බලාපොරොත්තුවෙන් පවුලේ සාමාජිකයෝ හා හිතවත්තු උසාවි බිත්තිවලට පිටත සන්තාපයෙන් සිටියහ. විස්තර කිරීමකින් හෝ ඉහත දෙන ලද තීන්දුවෙන් බැහැර වීමෙන් තොරව, තනි පේලියක ප‍්‍රතික්ෂේප කිරීමක් ආකාරයෙන් තීන්දුව පැමිනියේ ය.

ඝාතනය ක‍්‍රියාත්මක කිරීම නැවතීමට විනිශ්චයකාරයන් පස්දෙනෙකුගේ ඡන්දය පමනක් සෑහීමට ඉඩ තිබුනි. අවසානයේ දී, මෙම තාවකාලික පියවර පවා කලු ලෝගු ලා ගත් අළුගෝසුවන් විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී.

ඇතමෙකු කැරලි මර්දන ආම්පන්නවලින් සන්නද්ධ සිය ගනනක් පොලිස් නිලධාරීන් විසින්, එක් අවස්ථාවක දී දහස් ගනනක් වූ, සිරගෙයින් පිටත සිටි සාමකාමී විරෝධතාකරුවන් වට කරන ලද අතර ඔවුන්ගේ හිසට ඉහලින් හෙලිකොප්ටර් යානා රවුම් ගැසූහ. එදින සන්ධ්‍යාව මුල දී හිරගෙදර පසුකර යන මාර්ගය හරහා ගිය පෙලපාලිකරුවන් අත්අඩංගුවට ගෙන ඉවතට ගෙන යන ලදහ .

ඔහුගේ ඝාතනයට පෙර ඩේවිස් ලිඛිත ප‍්‍රකාශයක් නිකුත් කලේ ය, "සාධාරනය සඳහා වන අරගලය මගෙන් අවසන් නොවේ. මෙම අරගලය මට පෙර පැමිනියා වූ ද මට පසු පැමිනෙන්නා වූ ද සියලු ම ට්‍රෝයි ඩේවිස්වරුන් වෙනුවෙනි” යි එය පැවසී ය.

ඔහුගේ නඩුව රට පුරා ද ලෝකය වටා ද මිලියන ගනනක් මිනිසුන්ගේ අවධානය ආකර්ෂනය කර ගෙන තිබුනි. මරන දඬුවම අත්හිටුවන ලෙස ඉල්ලා සිටින පෙත්සමක් 600,000ට වැඩි දෙනෙකු විසින් අත්සන් කරන ලදී. ඔහුගේ, ගොරතර හා අනවශ්‍ය මරනය මහජන සිත්වල ගැඹුරෙහි යමක්, එනම් කිසි දා අමතක නොකෙරෙන සහ වනචාරී, නිර්දය හා කුරිරු පද්ධතිය තවදුරටත් අවමානයට පත් කිරීමට හා යට පත් කිරීමට උදව් කරන යමක් කාවද්දනු ඇත.

ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය බෙහෙවින් ම උදාසීන ප‍්‍රතිචාරයක් දැක් වී ය.විශේෂයෙන් ම නඩුව තුල මැදිහත් වීම ප‍්‍රතික්ෂේප කල බරක් ඔබාමාගේ බියසුලු නිහඬියාව සැලකිය යුතු ය. මාධ්‍ය ලේකම් –කාර්නේ, බදාදා දිනයේ, ජනාධිපති "අපරාධ අධිකරන පද්ධතිය තුල නිවරැදි බව හා සාධාරනත්වය තහවුරු කිරීමට කටයුතු කර” තිබූ බව හා ඩේවිස්ගේ නඩුව "රාජ්‍ය නඩුවක්” වූ නිසා ඔහු එයට බර නොදමන්නට ඇත යි ප‍්‍රමුදිතව ප‍්‍රකාශ කලේ ය.

කාර්මික ජාතින්ගේ විශාල බහුතරය විසින් තහනම් කෙරී ඇති භාවිතයක් වන මරන දන්ඩනයට සහායදීම මත ඔබාමා වාර්තා ගත ය.

ඉලක්ක කල ඝාතනයන්ට, වදහිංසාවලට, රහස් හිරගෙවල්වලට සහ ගුවන් ප‍්‍රහාර, ආක‍්‍රමන හා වාඩිලා ගැනීම් යොදා ගැනීම හරහා ස්වාධීන ජාතීන් යටත් කිරිමේ අයිතියට සමාව දෙන ඇමරිකාව තුල සමස්ථ දේශපාලන සංස්ථාපිතයේ, එනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා රිපබ්ලිකානු ප‍්‍රතිපත්ති සමග මෙය සම්බන්ධ ය.

ට්‍රෝයි ඩේවිස්ට මරනීය රසායන එන්නත් දීමට යම්තම් දවසකට පෙර, ලිබියාවට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ශේෂ්ඨ ජයග‍්‍රහනයක් යයි ආචාර කරමින් ඔබාමා එක්සත් ජාතින්ගේ සංවිධානය ඉදිරියේ කතා කලේ ය.

බදාදා ඝාතනය, තම නිර්දෝෂිභාවය වෙනුවෙන් සටන් කරමින් අවරුදු 22ක් මරන පෝලිමේ ගත කල ඩේවිස් මරනයට මුහුන දුන් හතරවන හා අවසාන නියම යයි. මීට පෙර අවස්ථා තුනක දී ඔහුගේ ඝාතනය නියම කෙරුනි. මින් අවස්ථා දෙකකදී සැලසුම් කල එන්නත දීමට යන්තම් පැය කීපයකට පමනක් පෙර නවත්වන ලදී.

1989 දී සේවයෙන් බැහර පොලිස් නිලධාරී මාක් මැක්පේල් ඝාතනයට සම්බන්ධව ඩේවිස් අත්අඩංගුවට ගත් දා සිට, ආන්ඩුවේ සෑම මට්ටමක බලධාරීන් ඔහුගේ මූලික අයිතීන්ට එරෙහිව ප‍්‍රහාරයක් ගෙන ගොස් ඇත. පැමිනිලිකාර දුශ්චර්යාව, නියම ක‍්‍රියා පිලිවෙත ප‍්‍රතික්ෂේප කිරීම හා අසාධාරනය මගින් නඩුව ව්‍යාකූල කෙරුනි.

ඩේවිස්ගේ නිර්දෝෂිභාවය වෙතට යොමුවෙන සාක්ෂි රාසියක් ඇත. නමුත් රජයේ ප‍්‍රාවාචික මන්ඩලය, (විශේෂ හේතු මත සිරකරුවෙකු නිදහස් කිරීමට නිර්දේශය දෙන මන්ඩලය) ඔහුගේ නඩුවේ සාක්ෂිකරුවන් නවදෙනෙකුගෙන් හත්දෙනෙකු පොලිස් බියවැද්දීම් නිසා තම සාක්ෂි ඉවත් කර ගැනීම නොතකා ඔහුට සමාව දීම අගහරුවාදා ප‍්‍රතික්ෂේප කල අතර ජූරි සභිකයින් ප‍්‍රසිද්ධියේ ඔවුන්ගේ අදහස් පිලකෙව් කලේය.

රාජ්‍ය අභියාචනා ක‍්‍රියාවලිය අතරතුර දී ඩේවිස්ට නීතිමය නියෝජනයක් ලබා දුන්නේ නැත. ප‍්‍රධාන සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ඉල්ලා අස් කර ගැනීම් ඬේවිස්ගේ අපරාධය පිලිබඳ සැකයක් ඇති කලත් ඔහුට නව නඩු විභාගයකට අවසර නොදෙන ලද බව දිස්ත‍්‍රික් විනිශ්චයකාරවරයා පිලිගත්තේය. ඔහු ඝාතනය කෙරෙන දිනයේ දී, තම නිර්දෝෂිභාවය ඔප්පු කිරීම සඳහා බහුරේඛීය පරීක්ෂාවක් (කායික ස්වභාවයේ සිදුවන වෙනස්කම් පිලිබඳ පරීක්ෂාව) කරන ලෙස ගර්හිත මිනිසා කල ඉල්ලීම බන්ධනාගාර නිලධාරීහු ප‍්‍රතික්ෂේප කලහ.

ට්‍රෝයි ඩේවිස් නීතිමය අවනීතියෙන් මරා දැමීම 21වැනි සියවසේ ඇමරිකානු සමාජයේ නිර්දය තිරස්චීනත්වය අවධානයට යොමු කෙරේ. ඔහු, එක්සත් ජනපදය හරහා මරන පෝලිම්වල පසුවන 3,251ක් පමන වූ හිරකරුවන්ගෙන් එක් අයෙකි, එමෙන් ම 2011 වසර තුල මරා දැමීමට නියම වූ 35වැනි පුද්ගලයා යි.

සංඛ්‍යාවලින් හා ප‍්‍රතිශතයෙන් යන දෙකෙන් ම ලෝකයේ ලොකු ම බන්ධනාගාර ගහනය ඇමරිකාව සතු ය. පවතින අලුත් ම සංඛ්‍යා මිලියන 2.3ක පුද්ගලයන් බන්ධනාගාර ගත කර ඇති බව පෙන්වයි, එනම් එක්සත් ජනපදයේ සෑම පුරවැසියන් 100,000කට ම 750ක පමන අනුපාතයකි. රටේ බන්ධනාගාර ද වාර්ගික හා ජනවර්ග සුලුතරයන්ගේ සාමාජිකයන්ගෙන් අසමානුපාතිකව පිරී ඇත.

අප‍්‍රිකානු ඇමරිකානුවෙකු වන ට්‍රෝයි ඩේවිස්, ඔහුගේ නඩුව ආරම්භයේ දී වයස අවරුදු 22 පසු විය. සෑම දිනක ම එක්සත් ජනපදය හරහා පොලිස් ස්ථානවල හා උසාවි කාමර තුල ඔහුගේ නඩුවට සමාන නඩු රඟ දැක්වේ. 2009 වසර වන විට පැවැති පරිදි, වයස අවුරුදු 25 - 29 අතර කලු ජාතික පිරිමි 10දෙනෙකුට එක් අයෙක් අත්අඩංගුවේ ය, නැතිනම් බන්ධනාගාරයේ ය.

අන්තිමේ දී මැදිහත් නොවීමට ඉහල උසාවිය ගත් තීරනය පිටුපස ඇති කිසි සැකයකින් තොර එක කරුනක් වනුයේ ඩේවිස් ඝාතනයේ සාධාරනත්වය පිලිබඳ ප‍්‍රශ්න මතුකිරීම එක්සත් ජනපදයේ රාජ්‍ය මර්දනයේ සමස්ථ පද්ධතිය පිලිබඳ සැක ඇති කරනු ඇත යි යන උත්සුකය යි.

මෙම පද්ධතිවලට පසුබිම වනුයේ දරිද්‍රතාව සහ ජනතාවගේ අතිවිශාල බහුතරය හා කුඩා අශ්ලීල ධනවත් ප‍්‍රභූවක් අතර වැඩෙන අගාදය විසින් විනාශ කෙරුනු සමාජය යි. දීර්ග කාලීනව රැකියා විරහිත පෝලිම්වල සිටින මිලියන 6ට වැඩි සංඛ්‍යාව සමග ඇමරිකානුවන් මිලියන 26ට රැකියා නොමැත. සංගත ලාභ හා ප‍්‍රධාන විධායක නිලධාරීන්ගේ වැටුප් අඛන්ඩව වැඩිවන අතර රැකියා අර්බුදය හෝ දරිද්‍රතාව, සාගින්න, නිවාස නොමැතිකම හෝ දශලක්ෂ ගනනක් සඳහා යහපත් අධ්‍යාපනයක් හෝ වෛද්‍ය රැකවරනය මදිකම වෙතට යොමුවෙන රජයේ වැඩසටහන් නොමැත.

ට්‍රෝයි ඩේවිස් නීත්‍යානුකූලව ඝාතනය කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික ප‍්‍රත්පත්ති සඳහා කැප වු කොටසක් ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය තුල නොමැත යන කරුන අවධාරනය කරයි. පොදුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සමග මරනීය දන්ඩනයේ කුරිරු හා පරපීඩාකාමී භාවිතයන් අවසන් කිරීම කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන, සමාජවාදී ව්‍යාපාරයක වර්ධනය මත රඳා පවතී.

කේට් රැන්ඩල්