ශී‍්‍ර ලංකාවේ සසප මැයි දින රැස්වීම කොලඹ දී

Sri Lankan SEP to hold May Day meeting

By The Socialist Equality Party, 21 April 2012

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ජාත්‍යන්තර කම්කරු දිනය සමරනු වස් මැයි 1 දා කොලඹ දී ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.

ආන්ඩු ගැඹුරු වන ආර්ථික අර්බුදයේ බර කම්කරුවන්ගේ කර මත පටවන තතු තුල, ලොව පුරා කම්කරුවෝ සිය රැකියා, වැටුප්, ජීවන හා සේවා කොන්දේසි සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහිව උත්සන්න වන ප‍්‍රහාරයන්ට මුහුන දී සිටිති. කම්කරුවන් සිය අයිතීන් ආරක්ෂා කරගැනීමට සටන් වදින කොන්දේසි යටතේ මෙය ලොව වටා පන්ති අරගලය උත්සන්න කර ඇත.

ගෝලීය ආර්ථික බිඳවැටීම අන්තර්-අධිරාජ්‍යවාදී සතුරුකම් අවුලවයි. ලිබියාවේ රූකඩ තන්ත‍්‍රයක් පිහිටුවීමෙන් පසුව, එක්සත් ජනපදය සහ සෙසු බටහිර බලවත්තු සිරියාවේ දී එවන් තන්ත‍්‍ර වෙනසක් කිරීමට උත්සාහ කරන අතර ඉරානයට එරෙහි මිලිටරි ආක‍්‍රමනයක් සඳහා ද සූදානම් වෙති.

දකුනු ආසියාව මෙම ගෝලීය සන්තතීන්ගේ සෘජු බලපෑමට හසුව තිබේ. ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව, චීනය සමග එක්සත් ජනපදයේ ආක‍්‍රමනික ගැටුමට මැදිවෙමින් තිබෙන අතර ගෝලීය ආර්ථික පසුබැස්මේ ද ප‍්‍රහාරයට ලක්ව ඇත. පසුගිය මාසයේ දී, ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යටතේ තවදුර කප්පාදු පිලිවෙත් හඳුන්වා දෙමින් වැඩ කරන ජනතාවට එරෙහි සිය ප‍්‍රහාරය ගැඹුරු කලේ, වඩා රුදුරු වියදම් කැපීම් පිලිබඳ අනතුරු ද අඟවමිනි.

කම්කරුවන් හා තරුනයන් සඳහා පවතින එකම ඉදිරි මාවත වැටී ඇත්තේ, අධිරාජ්‍යවාදී යුද්ධයේ හා ඔවුන්ගේ අයිතීන් මත එල්ල වන වැඩෙන ප‍්‍රහාරයේ මූල හේතුව වන ධනපති ක‍්‍රමය අහෝසි කිරීමේ අරගලය තුලය. අවශ්‍යව පවතින්නේ, ලෝක සමාජවාදයේ ඉදිරිදර්ශනය මත පදනම් වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ දේශපාලන ව්‍යාපාරයකි. සසප සහ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂ, එනම් ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, පමනක්ම මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් වදී. අපගේ රැස්වීමට සහභාගි වී මෙම වැදගත් සාකච්ඡාාවට සම්බන්ධ වන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

ප‍්‍රධාන කතිකයා: සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස්

ස්ථානය: නව නගර ශාලාව, ගී‍්‍රන් පාත්, කොලඹ 7

දිනය හා වේලාව: මැයි 1 දා සවස 3

Share this article: