පරිභෝජන වියදම් පහල යෑමෙන් එක්සත් ජනපද ආර්ථිකයට පහර වැදේ

Consumer spending slowdown hits US economy

By Patrick Martin ,28 July 2012

වානිජ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, පරිභෝජන වියදම් පහල වැටීමත් සමග, 2012 දෙවන කාර්තුවේදී එක්සත් ජනපද ආර්ථිකය සැලකියයුතු තරමින් පහත වැටින. මෙම පහල වැටීමට විශාල ලෙස බලපෑවේ නව මෝටර් රථ මිලදී ගැනීම් විශේෂිතවම අඩුවීමයි.

එක්සත් ජනපද දල දේශීය නිෂ්පාදනය අප්‍රේල් සිට ජූනි දක්වා සියයට 1.5 කින් වර්ධනය වූ අතර එය වසරේ පලමු මාස 3 තුනේ පැවති (මුලින් වාර්තා වුන සියයට 1.9 ට වඩා ස්වල්පයකින් ඉහල ගිය) සියයට 2 වඩා පහත වැටීමකි. එය 2011 හතරවන කාර්තුවේදී සියයට 4.1 ක් වූ වර්ධන අනුපාතයට වඩා අඩු විය.

පලමු මාස තුනේ කාලසීමාවේදී පැවති සියයට 2.4 හා සැසඳීමේදී, දෙවන කාර්තුවේදී සියයට 1.5 කින් ඉහල ගියද, පරිභෝජන වියදම් ආර්ථිකය පහලයෑමේ ප්‍රධාන දායකත්වය සැපයීය. එම කාර්තුවේදී, මෝටර් රථ සහ ගෘහභාන්ඩ වැනි කල් පවතින භාන්ඩ සඳහා වියදම් සත්‍ය වශයෙන්ම සියයට 1.0 කින් පහල ගියේය. රජයේ සහ පලාත් ආන්ඩුවල වියදම් පවා සියයට 2.1 කට ඇද වැටෙමින් පහල ගියේය.

සියයට 5.3 කට ඉහල ගිය ගොඩනැගිලි සහ උපකරන මත ව්‍යාපාර ආයෝජන, ප්‍රමානාත්මක වර්ධනයක් පෙන් වූ අංශ කිහිපයකින් එකක් වුවද, එයින්ද පලමු කාර්තුවේ සියයට 7.5 ක් වූ වර්ධන අනුපාතයෙන් පහල යාමක් නිරූපනය විය. නිල විරැකියා අනුපාතය සියයට 8.2 හි පවතින බැවින්, මෙම වියදම් මගින් සැලකිය යුතු නව බඳවා ගැනීම් ගැන යමක් ප්‍රකාශවන්නේ නැත.

වානිජ දෙපාර්තමේන්තුවේ ආර්ථික විශ්ලේෂන බියුරෝව මගින් සැපයූ විස්තරාත්මක ලැයිස්තුවකට අනුව, මෝටර් රථ නිෂ්පාදනය පලමු කාර්තුවේදී දදේනි වර්ධනයට සැපයූ සියයට 0.72 සාධනීය දායකත්වය හා සැසඳීමේදී, දෙවන කාර්තුවේදී එය 0.13 ක් විය. සියයට 0.59 ක අගයකින් පහත වැටීම දදේනි වර්ධන අනුපාතයේ සමස්ත පහත වැටීමට වඩා වැඩි වීමේ තේරුම වන්නේ, සමස්ථ ආර්ථිකයේ සම්පූර්න ඇදවැටීමට සැබැවින්ම වාහන නිෂ්පාදනයේ පහල යෑම වග කිව යුතු බවයි.

සතියකට පෙර පිටවූ වානිජ දෙපාර්තමේන්තු වාර්තාවකට අනුව මෝටර් රථ අලෙවිහල්, ගෘහභාන්ඩ හා ගෘහ උපකරන අලෙවිහල්, ගෙවතු හා අංගන සපයන්නන්, සහ සාප්පු සංකීර්න ඇතුලු සියලු ස්ථානවල විකිනුම් මැයි මාසය හා සැසඳීමේදී, ජූනි මාසය තුල සියයට 0.5 කින් සිල්ලර වෙලඳාම පහත වැටීම, සැමට පොදුවේ පිලිගත හැකි ඇද වැටීමක් ඉදිරිපත් කලේය. 2008 මූල්‍ය බිඳවැටීමේ සිට, පලමු එවැනි පහලයෑම සනිටුහන් කරමින්, සිල්ලර වෙලඳාම පිට පිට තුන්වන මාසයේදීද පහල වැටින.

වැඩි කොටසක් ඉතිරි කොට අඩුවෙන් වියදම් කරන්නට ගත් පාරිභෝගිකයන්ගේ තීරනය, මෙම පහලයෑමට ප්‍රධාන සාධකයක් විය. පලමු කාර්තුවේ ඩො. බිලියන 143.1 කට ඉහල යාම හා සැසඳීමේදී, පුද්ගලික වියදම් ඩො බිලියන 59.9 කට පමනක් ඉහල යන අතරේ, දෙවන කාර්තුවේ පුද්ගලික ඉතිරිකිරීම් ඩො බිලියන 55.8 කට ඉහල ගියේය.

ඇත්ත වශයෙන්ම, බොහෝ මිනිසුන් මෝටර් රථ මිලදී නොගන්නට තීරනය කිරීමත් ඒ වෙනුවට තම අමතර ආදායමෙන් සෑම ඩොලර් දෙකකටම ආසන්නව එක ඩොලරයක් ඉතිරිකිරීම, රැකියා සුරක්ෂිතතාව සහ ජීවන වියදම ඉහලයාම සම්බන්ධව වැඩෙන සැලකිල්ල ගැන පැහැදිලි ඉඟියකි.

දිගු කාලීන විරැකියාව සහ රැකියා නැතිවීමේ බිය නිසා පරිභෝජන වියදම් කැපීමත්, දුර්වල විකිනුම් හා අඩු පාරිභෝගිකයන් සහිත සුලු ව්‍යාපාර වලට බඳවාගැනීම් නොකලහැකි නිසාත් එජ ආර්ථිකය පහල දිශානුගත සර්පිලයක රැඳී තිබේ. නව කම්කරුවන් බඳවා ගැනීම හෝ ආයෝජනය කිරීම ප්‍රතික්ෂේප කරමින් සංගත ඩො ට්‍රිලියන 2 කට වැඩි මුදල් සම්භාරයක් මත රැඳෙන අතරේදී, ඇත්තටම පසුගිය වසර දෙක පුරා වැටෙමින් පවතින රාජ්‍ය වියදම්, ආර්ථිකයෙහි දියුනුවට වන ශුද්ධ බාධකයයි.

පවතින රැකියා අර්බුදය ගැන කිසිදු වගකීමක් ප්‍රතික්ෂේප කරන අතරේදී, දදේනි වර්ධනයේ අඳුරු ගනන්හිලව් සම්බන්ධව ඔබාමා පරිපාලනයේ ප්‍රතිචාරය වන්නේ, එය ඝන කලු වලාකුලක රිදී රේඛාවක් බවයි.

ධවල මන්දිර ආර්ථික උපදේශකවරුන්ගේ කවුන්සිලයේ (ආඋක) සභාපති වන ඇලන් බී. කෘගර් නිකුත් කල ප්‍රකාශයක කියවෙන්නේ, "ආර්ථිකය තම ධනාත්මක වර්ධනයේ පිට පිටම දොලොස්වන කාර්තුව වාර්තා කල බව අද වාර්තාවෙන් පෙනේ" යනුවෙනි. ග්‍රීක වර්ගයේ ඇදවැටීමක් හා සැසඳීමේදී පමනක් දෙවන කාර්තුව "ධනාත්මක වර්ධනයකි."

"පසුගිය වසර තුන පුරාම, ආර්ථිකය සමස්ථයක් ලෙස සියයට 6.7 කින් පුලුල් වූ අතර දදේනි යේ පුද්ගලික සංඝටක සියයට 9.9 කින් වර්ධනය වී තිබේ" යැයි කෘගර් එකතු කලේය. මෙය ඔබාමාගේ අතිශයින්ම අපකීර්තිමත් ප්‍රකාශයනයක් වන, පසුගිය මාසයේ ඔහු පැවසූ "පුද්ගලික අංශය හොඳින් ක්‍රියාත්මක වෙනවා" යන්න සමග නැවත ගොනුවේ.

ආඋක සභාපති මෙසේ නිගමනය කලේය, "ආර්ථිකය නිවැරදි මාර්ගයේ දිගටම ගමන් ගන්නා අතරේදී, 2007 අගදී ආරම්භ වූ ගැඹුරු මන්දාවධමනයේදී නැතිවුන රැකියා නැවත ලබාගන්නට අමතර වර්ධනයක් අවශ්‍යය."

මන්දාවධමනයේ ආරම්භය 2007 දී වුන බව පෙන්වාදීම, චෝදනාව ඔබාමාගෙන් ඔහුගේ පූර්වගමිකයා වන ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් වෙත හරවන්නට කල විනිවිද පෙනෙන උත්සාහයකි. කෙසේවුවද, කෘගර්වත් ඔබාමා පරිපාලනයේ අන් කිසි නිලධාරියෙක්වත් මෙම "අමතර වර්ධනය" උත්පාදනය කරන්නේ කෙලෙසදැයි පෙන්වා දී නැත.

ඔබාමා සහ ඔහුගේ රිපබ්ලිකන් ප්‍රතිවාදියා වන මිට් රොම්නි යන දෙදෙනාම කිසියම් වූ වර්ධනයක් පුද්ගලික අංශයෙන් පැමිනිය යුතු යයිද මිලියන දස ගනනක් වූ රැකියා විරහිතයන්ට ෆෙඩරල් ආන්ඩුවෙන් සෘජුවම රැකියා සපයන්නට ක්‍රියාමාර්ගයක් නොගත යුතු යයිද එකඟතාවයක සිටී. විරැකියාවෙන් පෙලෙන බොහොමයක් වසරක් හෝ ඊට වැඩි කාලයක් රැකියාවක් කර නැත.

නමුත් පුද්ගලික ප්‍රාග්ධනය රැකියා සැපයීම ප්‍රතික්ෂේප කරයි. එක් ගනනය කිරීමකට අනුව, 2006 දී සිටි ගනනටම ආසන්නව, එජයේ රැකියා විරහිත කම්කරුවන්ගේ සංඛ්‍යාව මිලියන 142.4 ක් වුවද වසර හයකට සිටි ගනනට වඩා වැඩකරන වයසේ පසුවන මිලියන 17 ක් දැනට සිටී. කෙටි කාලීන රැකියා මිලියන 8 කින් ඉහල යන අතරේදී, සතියකට පැය 35 හෝ වැඩි, දිගු කාලීන පැය ගනනක් වැඩකරන කම්කරුවන්ගේ ප්‍රමානය සැලකිය යුතු ලෙස අඩු වී තිබේ.

එක්සත් ජනපද ආර්ථිකයේ එක තැන පල්වීම ධනවාදී ක්‍රමයේ ලෝක පරිමානව ගැඹුරු වන අර්බුදයේ ප්‍රධාන සංඝටකයකි. ගිය සතියේදී පමනක්, ස්පාඤ්ඤ ආර්ථිකය දෙවන කාර්තුවේදී සියයට 0.4 කින් හැකිලෙන අතරේදී, එම කාල සීමාවේදීම තම සත්‍ය ආර්ථික පසුබැස්ම සියයට 0.7 ක් වූ බව බ්‍රිතාන්‍ය ආන්ඩුව වාර්තා කලේය. චීනයේ, ඉන්දියාවේ සහ බ්‍රසීලයේ සියලු වර්ධන අනුපාතයන් පහල යන අතරේදී, ජර්මනියේ ව්‍යාපාරික විශ්වාසවන්තබාවය වේගයෙන් ඇදවැටුනේය.

Share this article: