අධිරාජ්‍යවාදී බලවත්තු සිය යෝජිත සිරියානු මිලිටරි බලවතා හෙලි කරති

Imperialist powers unveil their proposed Syrian military strongman

, 28 July 2012

මේ සතියේ දී, එක්සත් ජනපදය හා එහි සගයන් ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ තන්ත‍්‍රය පෙරලා දැමීමට සමත් වුව හොත්, බලයේ පිහිටුවීමට නියමිත, යෝජිත අන්තර්-වාර ජාතික එකමුතු ආන්ඩුවක ප‍්‍රධානියා ලෙස, සිරියානු ජෙනරාල් මනාෆ් ට්ලාස් ඉදිරිපත් කෙරුනි.

ට්ලාස් අසාද් තන්ත‍්‍රයෙන් බිඳී පැති මාරු කලේ යන්තම් ජුලි 6 දාය. ඊට පෙර ඔහු ජනරජ හමුදාවේ ප‍්‍රභූ 104 වන බල ඇනියේ ජෙනරාල්වරයෙක් විය. හිටපු ආරක්ෂක ඇමතිවරයකුගේ පුත‍්‍රයා වන ඔහු, සිරියාවේ සුන්නි ව්‍යාපාරික ප‍්‍රජාව සමග සබඳතා ශක්තිමත් කරගැනීමට උදව් කරමින්, වසර ගනනාවක් තිස්සේ, අසාද්ගේ දකුනත ලෙස කි‍්‍රයා කලේය.

තිරයට පිටුපසින් වොෂිංටනය ඔහුට අනුග‍්‍රහය දක්වමින් සිටී. වෝල් ස්ටී‍්‍රට් ජර්නල් මෙසේ වාර්තා කලේය, “එක්සත් ජනපද හා මැද පෙරදිග නිලධාරින්ට අනුව, ඔබාමා පාලනාධිකාරය සහ සමහර අරාබි හා බටහිර රටවල නිලධාරියෝ, අරාබි රාජ්‍යයේ දේශපාලන සංක‍්‍රාන්තියක හරි මැද, පැති මාරු කල සිරියාවේ ඉහල පෙලේ මිලිටරි නිලධාරියා, ස්ථාපිත කිරීමේ විධික‍්‍රම සාකච්ඡා කරමින් සිටිති.”

ට්ලාස් සවුදි-පාදක අල්-ඇරබියා රූපවාහිනියේ පෙනී සිටිමින්, සකස් කල නිවේදනයක් කියවූ අතර එහි දී ඔහු එකමුතුව සඳහා කැඳවුම් කරමින්, තමන් කතා කරන්නේ, දැන් “(විපාර්ශ්වික) නිදහස් සිරියානු හමුදාවේ අංශයක්” බවට පත් විය යුතු “ගෞරවනීය හමුදා” කරා ප‍්‍රවිෂ්ට විය හැකි “සිරියානු අරාබි හමුදාවේ පුත‍්‍රයකු” ලෙස බව අවධාරනය කලේය.

ඔහු සිය ඉස්ලාම් අක්තපත‍්‍ර තව දුරටත් ශක්තිමත් කරගැනීමේ එල්ලය ඇතිව, මක්කමේ වන්දනාවක යෙදෙමින් සිටියේය. ඔහුගේ සංචාරය සංවිධානය කරනු ලැබුවේ සවුදි අරාබියේ නව ඔත්තු සේවා ප‍්‍රධානි බන්දාර් බින් සුල්තාන් කුමරු විසිනි.

බලය අල්ලාගැනීමේ ඔහුගේ ප‍්‍රයත්නය සාර්ථක වීම හෝ නොවීම කෙසේවෙතත්, ට්ලාස්ට පිටුබලය සැපයීම මගින්, අසාද් පාලනය පෙරලාදැමීමේ අපේක්ෂිත කි‍්‍රයාව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුගයක උදාව ලෙස පින්තාරු කිරීමේ සියලූ ප‍්‍රයත්නයන්ගේ ප්‍රෝඩාකාරී බව එලිදරව් කෙරී තිබේ. එක්සත් ජනපදයට, ප‍්‍රන්සයට, බි‍්‍රතාන්‍යයට හා සෙසු අධිරාජ්‍යවාදී බලයන්ට අසාද් ඉවත් කිරීමට අවශ්‍යව ඇත්තේ, ඔහු ඉරානය මත ඕනෑවට වඩා රඳා පවතින අයකු ලෙස දකින බැවිනි. ඔවුන්ගේ එල්ලය වන්නේ, යුදවාදීභාවයෙන් හා ආඥාදායක ස්වභාවයෙන් අසාද්ට සමාන, එහෙත් ඔවුන්ගේ පාලනය යටතේ පවත්නා, තන්ත‍්‍රයක් ඇටවීමටයි.

ට්ලාස්ට අනුමැතිය දෙන්නේද නැද්ද යන්න මත සිරියානු ජාතික මන්ඩලය (එස්එන්සී) භේද වී තිබේ. පසුගිය සතියේ දී, එස්එන්සී නායක අබ්දෙල් බසෙට් සයිඩා පශ්චාත්-අසාද් තන්ත‍්‍රයක් සඳහා වූ සිය සැලැස්ම එලිදරව් කලේය. එස්එන්සී, “තන්ත‍්‍රය බිඳවැටුනු වහාම රටේ ආරක්ෂාව හා එකමුතුව සහතික කරනු” පිනිස මිලිටරියේ සහාය ඇතිව අන්තර්-වාර ආන්ඩුවකට නායකත්වය දෙනු ඇත.

මෙම යෝජනාවේ පන්ති ස්වභාවය ට්ලාස් බලයට පත් කිරීමේ සැලසුම්වල පන්ති ස්වභාවය සමග බොහෝ සෙයින් අනන්‍ය වේ. එක්සත් ජනපද මැදිහත්වීම මගින් උත්සන්න කෙරුනු ජනවාර්ගික හා නිකායික ආතතීන් මෘග ලෙස මැඩීම මගින් සිය බලය රැකගනු ඇති මිලිටරි තන්ත‍්‍රයක් සඳහා පෙරමුනක් ලෙස, විවිධ ධනේශ්වර කන්ඩායම් නියෝජනය කරන ඉස්ලාම්වාදී හා අධිරාජ්‍ය-ගැති පක්ෂ, කි‍්‍රයා කරනු ඇත.

එවන් තන්ත‍්‍රයකට නායකත්වය දීම පිනිස ට්ලාස් තත්වාරක්ෂක වැඩි බව ඔප්පු වුව හොත්, ඒ සඳහා වෙනත් අපේක්ෂකයෝ සිටිති. ඉරාකයේ හිටපු සිරියානු රාජ්‍යතාන්ති‍්‍රක නියෝජිත, නවාෆ් අල්-ෆෙයාර්ස්ගේ වැදගත්කම මුල් බැස ඇත්තේ, බල වැයික්කි තහවුරු කරගැනීම පිනිස ගෝති‍්‍රක සබඳතා යොදාගැනීමේ ප‍්‍රයත්නයන් තුල බව, සිරියානු විචාරක හසාන් ගාර්ඩියන් පත‍්‍රයට ලියූ ලිපියක සටහන් කලේය. ඔහුගේ නැගෙනහිර වංශය, සිරියාවේ භූමි ප‍්‍රදේශයෙන් සියයට 40ක් පුරා පැතිරුනු අඩු ගනනේ මිලියන 1.5ක සාමාජිකත්වයක් සිටින සහ “සවුදි අරාබියට, කුවේටයට හා කටාර් දේශයට ඥාති සබඳතා” ඇති ප‍්‍රබල ඉගායිඩට් ග්‍රෝතික සම්මේලයේ කොටසකි.

ට්ලාස් ඉදිරියට දැමිම, එස්එන්සී හා සෙසු “විපාර්ශ්වික” හමුදා අධීක්ෂනය කරන මහ බලවතුන් සහ ඔවුන්ගේ කලාපීය සගයන් වන ගල්ෆ් රාජ්‍ය හා තුර්කිය විසින් ගනු ලැබ ඇති මෑතම මූලිකත්වය පමනි.

පශ්චාත්-අසාද් සිරියානු ආන්ඩුවක් සඳහා සැලසුම් සැකසීම පිනිස ජ්‍යෙෂ්ට සිරියානු “විපාර්ශ්වික” කන්ඩායම් 40ක් එක්සත් ජනපද සාමය සඳහා වූ ආයතනයේ (යූඑස්අයිපී) අනුග‍්‍රහය යටතේ අඩු ගනනේ හය මාසයක් තිස්සේ ජර්මනියේ දී හමු වී ඇති බව ෆොරීන් පොලිසි සඟරාව වාර්තා කලේය. ව්‍යාපෘති නායකයා ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රාලික ස්ටීවන් හෙයිඩමාන් ය. එහෙත් යූඑස්අයිපී සංවිධානයට අරමුදල් සපයන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුව යි. “මෙය එක්සත් ජනපදයේ කි‍්‍රයාකලාපය උවමනාවට වඩා දෘශ්‍යමාන වීම අපේක්ෂිත ප‍්‍රතිඵලයට ගැඹුරින්ම හානිකර වන අවස්ථාවක්” යයි හෙයිඩමාන් පැවසීය.

“සන්නද්ධ විපාර්ශ්වයට පුහුනුව හා යුද උපකරන සැපයීම අධීක්ෂනය කරන තනි, මධ්‍යගත ආයතනයක් පිහිටුවීමට (සිරියාවේ) මිතුරෝ කන්ඩායම ඉක්මනින්ම කි‍්‍රයාකල යුතුය. නොවැලැක්විය හැකි ලෙසම, මෙහි දී, සිරියානු දේශසීමාවට යාබද ප‍්‍රදේශ තුල එෆ්එස්ඒ හමුදාවට වත්මන් සත්කාරත්වය සපයන තුර්කියට, සැලකිය යුතු කාර්යභාරයක් පැවරෙනු ඇත.” යයි ෆොරීන් පොලිසි සඟරාවේ පෙබරවාරි කලාපයට ලියූ ලිපියක ඔහු තර්ක කලේය.

මෙම යෝජනාව මුලූමනින්ම කි‍්‍රයාවට දමනු ලැබ ඇත. තුර්කිය විපාර්ශ්වය මෙහෙයවීම, සන්නද්ධ කිරීම හා එයට පුහුනුව සැපයීම පිනිස, සවුදි අරාබිය හා කටාර් දේශය සමග වැඩ කරන, රහස් කඳවුරක් ගොඩනගා ඇති බව සිකුරාදා රොයිටර් පුවත් සේවය හෙලි කලේය. එහි කාර්ය මන්ඩලයට හිටපු සිරියානු ජෙනරාල්වරු 20ක් ඇතුලත්ය.

මිලිටරි බලවතකු ඉදිරියට දැමීම, අසාද්ට එරෙහිව මහ බලවතුන් බලමුලුගන්වා ඇති බලවේග -- මුස්ලිම් සහෝදරත්වය පමනක් නොව, ගල්ෆ් රාජ්‍ය මගින් අවි ආයුධ හා පුහුනුව ලබා දෙන අල්-කයිඩා හා සෙසු සලාෆ්වාදී කන්ඩායම් ද ඇතුලු, ඉස්ලාම්වාදීන් -- මැඩ පැවැත්වීමේ ප‍්‍රයත්නයක කොටසකි.

නාමික ලිබරල් මාධ්‍ය, ආරම්භයේ පටන්ම ඔවුන් පිටුබලය සපයා ඇති ගැටුමේ නිකායික ස්වභාවයත් අසාද්ගේ ඇදවැටීමෙන් අනතුරුව ලේවැගිරීමක් ඇතිවීමේ අන්තරායත් ගැන දැන් විවෘතවම සාකච්ඡා කරයි. “පූර්න නිකායික යුද්ධයකට සම්බන්ධ විය හැකි, බෝල්කනීකරනයකට සිරියාව ලක් වීමේ විභවය” යටතේ, “එය අගාධයකට වැටීම වැලැක්විය හැකි එක ආකාරයක් නම් දෘඩතර පුද්ගලයකු බලයට පත් කිරීම” යයි, ට්ලාස්ට සැඳහුම් කරමින් ගාර්ඩියන් පුවත්පතේ මාටින් චුලොව් නිගමනය කලේය.

එහෙත්, බටහිර බලවතුන් විසින් සිය ඒජන්තයන් යොදවාගෙන ගෙනයනු ලබන යුද්ධයක් මගින් මිලිටරි තන්ත‍්‍රයක් බලයට පත් කිරීමට සහාය දීමේ දී ලිබරල් මාධ්‍ය තනි වී නැත. මේ සතියේ දී, බි‍්‍රතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය (සකප), “සටන් දිගට ඇදී යන තාක් දුරට, විදේශීය බලවේග විප්ලවය සිය ග‍්‍රහනයට ගැනීම පිනිස මැදිහත්වීමේ අන්තරාය ද වැඩි වනු ඇත” යනුවෙන් අනතුරු ඇඟවීය.

ව්‍යාජ-වාම සකප මෙම හැකියාව නිරතුරුවම සමච්චලයට ලක් කල අතර දැන් පවා එය කොහෙත්ම පැහැදිලි නොකරන කාරනාව නම්, එවන් “ග‍්‍රහනයට ගැනීමක්” කල හැකි වන්නේ, අසාද්ට එරෙහි විපාර්ශ්වයට නායකත්වය දෙන පන්ති බලවේග සහ කම්කරු පන්තියේ ස්වාධීන බලමුලූගැන්වීමක් නොමැතිවීම හේතු කොටගෙන ය යන්නයි.

සකප නායක ඇලෙක්ස් කැලනිකොස් තවත් දුර යයි. “ස්වාධීන කම්කරු පන්තික කි‍්‍රයාවක් නැතිකම ගැන අප දුක් වනවා විය හැකිය” යනුවෙන් නරුම ලෙස ප‍්‍රකාශ කරන අතරම, ඔහු මෙසේ අවධාරනය කරයි, “සිරියාව “යලි විජිතකරනයට” ලක් කෙරෙමින් පවතී යන අදහස මගින් ගම්‍ය වන්නේ අසාද් තන්ත‍්‍රය ඉවත් කිරීම දිගු කාලීනව පැවති බටහිර ප‍්‍රමුඛතාවක් බවයි. එහෙත් එයට කිසිදු සාක්ෂ්‍යයක් නැත. . . . සිරියානු විප්ලවයට එරෙහිව තමන් පිහිටුවීම පිනිස ස්වයං-සිද්ධ හා අඥාන “අධිරාජ්‍ය විරෝධයට” ඉඩ දෙන බටහිර වමේ කොටස් හුදෙක් තමන්ගේම බංකොලොත්කම පාපොච්චාරනය කරයි.”

කැලනිකොස් ද හිටපු වාම ප‍්‍රවනතා තුල සිටින ඔහුගේ වර්ගයේ අය ද දේශපාලන බංකොලොත්කමට එහා යති. ඔවුන් සහයෝගය දෙන “විප්ලවය” දක්ෂිනාංශික අධිරාජ්‍ය-ගැති ස්වභාවයක් දරන එකකි -- ඔවුහු එය දනිති.

අධිරාජ්‍යවාදයට “ස්වයං-සිද්ධ” විරුද්ධත්වය හෙලාදැකීම එන්නේ බි‍්‍රතාන්‍යයේ පාලක ප‍්‍රභූවට ද මුස්ලිම් සහෝදරත්වය වැනි මැද පෙරදිග දක්ෂිනාංශික ධනේශ්වර බලයන්ට ද සමීප පුද්ගලික හා දේශපාලනික බැඳීම සහිත පුද්ගලයකු වෙතිනි. ඔහු නායකත්වය දෙන්නේ, සිය සමාජ හා දේශපාලනික දැක්ම ගාර්ඩියන් පුවත්පත විසින් පෝෂනය කෙරෙන සමාජ ස්ථරවල දැක්මට අතිමූලිකව සමාන වරප‍්‍රසාදිත සුලූ ධනේශ්වර සාමාජිකත්වයක් සහිත පක්ෂයකට ය. කෙටියෙන් කියතොත්, ඔහුගේ හඬ ප‍්‍රතිවිප්ලවයේ තථ්‍ය හඬකි.

කි‍්‍රස් මාස්ඩන්

Share this article: